theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පැටියා ඔබට ආදරේ බව පෙන්වන අපුරු ක්‍රම 5 ක්

3 අවම කියවීම
පැටියා ඔබට ආදරේ බව පෙන්වන අපුරු ක්‍රම 5 ක්පැටියා ඔබට ආදරේ බව පෙන්වන අපුරු ක්‍රම 5 ක්

"දරුවන්ගේ මේ නිකැළැල් ආදරය අම්මලට වෙන කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. එක ඒ තරම්ම අහිංසක සුන්දර ආදරයක් වන්නේ ඒ නිසයි. ඒ නිසා ඒ ආදරය හැමදාම පරිස්සම් කරගන්න. අපේ පැටව් ආදරෙන් බලාගන්න."

මේ ලෝකෙට අමාරුවෙන් එලියට ආපු පුංචි දරුවා ඒ එක්කම ඔබට දරුවාගේ ආදරය පෙන්වයි කියලා නම් බලාපොරොත්තු වෙන්න බැහැ.

හැබැයි ඇත්තම කතාව නම් ඔබ ඔහු ඔබේ කුස තුළට ආ දා පටන් ඔබ කුස පිරිමදින වාරයක් පාසා, ඔහුට කියූ ගී සිංදු ඇසුණු දා පටන් බබාගේ ආදරය පටන් අරගෙන ඉවරයි.

ඔහුට ඔබේ හදවත ගැහෙන රාවය හොඳින් දැනෙන්නේ ඒ හින්දයි. ඉතින් ඔබේ හඬට ඔබේ ඡායාවට ඔහුගේ දෙඇස කැරකෙන්නේ ඒ ආදරය නිසායි. ඒ දරුවා ඔබට මුලින්ම ආදරය ප්‍රකාශ කරන අවස්ථාවයි.

දරුවා ලැබුණු දා ඉඳන් ඔහු ගැන වෙහෙසෙන ඔබත් පැටියාත් අතර බැඳීම අරබෙනවා. එදා සිට ඔහු ඔබට ආදරය කරන්න පටන් ගන්නවා.

දරුවාගේ ආදරය ඔබට පෙන්වන්නේ මෙහෙමයි:

බබාලා ආදරය පෙන්වන ක්‍රම

බබාගේ ආදරය

1.සිනහව

හිත ආදරෙන් සතුටින් පුරවන කිරි සිනා දකින විට ඔබට දැනෙන සතුට අනන්තයි. ඒ සිනහවට ඔබේ සිතේ ඇති සියලු දුක් කරදර පහවෙලා යන්නේ ඒ ආදරය නිසාමයි.

මේ බැඳීමේ අරම්භයත් සමග ම  පුංචි පැටියා දන්නවා ඔහු වෙනුවෙන් ම ඇප කැප වූ කෙනෙක් මේ ලෝකේ එයාට ම වෙන් වෙලා ඉන්න බව.

එතැන් පටන් නෙතට නෙත යා වෙන  හැම මොහොතකම ඔහුගේ මුණ සිනා කටකින් පිරෙන්නේ මොන දේ වුනත් ඔහු වෙනුවෙන් වෙන්වූ අසම සම ආදරයක් ඔහුට ඇති ආඩම්බරයත් හිතින් දරාගෙනමයි.

 2.ඉල්ලීම් කරයි

මාස 3 ක් විතර ගත වෙද්දී බාහිර ලෝකය සමග ඔහු සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. එතැන් සිට ඔහු ඔබෙන් ඉල්ලීම් කරන්න ගන්නවා.

පැටියා දන්නවා එයා මොනදේ ඉල්ලුවත් අම්මා එයා වෙනුවෙන් ඒ ඉල්ලීම් ඉටු කරන බව.

ඔවුනට හරි හැටි තමන් ට උවමනා දේ කියාගන්න බැරි වුනත් ඉල්ලන දේ ලැබෙන බව නම් ඔවුන් දන්නවා. මෙය සැබවින් ම හොඳ ලකුණක් බව සිතන්න.

ඔබ ඔහුව හොඳින් වටහාගෙන ඇති බව හැගෙන විට ඔහු ඔබෙන් කරන ඉල්ලීම් වැඩිවෙනවා.

එමඟින් ඔබ ගැන පැටියාට ඇති විශ්වාසය හා ආදරය හොඳින්ම කියාපානවා.

 3.අම්ම දැක්කම දඟ කාරකම් වැඩියි

ඔබ නැති වෙලාවක පැටියාගේ රැකවරණයට ඉන්න කවුරු වුවත් ඔබ පෙරලා නිවසට පැමිණෙද්දී ඔහුගේ හැසිරීම ගැන ඉතා හොඳ දේවල් දකින්න ලැබුනත් ඔබ දුටු මොහොතේ පටන් ඒවා අනිත් පැත්තට හැරෙනවාද?

ඒ කියන්නේ ඉතා කුඩා දෙයටත් ඔහු ඔබට ඇවිටිලි කරමින් කරදර වෙන ලෙස හැසිරෙන්න පටන් ගන්නවද?

මේක ඔබට කරදරකාරී වුවත් ඔහු මග බල සිටියේ ඔබේ අවධානය දිනා ගන්නයි.

දැන් ඊට උපරිමයෙන් ප්‍රතිචාර දක්වන්න පැටියා වග බලාගන්නවා. මෙය පැටියා ඔබට ආදරය පෙන්වන තවත් විදිහක් ලෙස හඳුන්වන්න පුළුවන්.

වෙනත් අයෙකු සමග ඉතා හොඳින් හැසිරුනත් අම්ම ආවහම  පැටව් ඔවුන්ට කැමැති කැමති දේ කරන්න ගන්නේ අම්මා ළඟ ඔවුන්ට ඇති නිදහස දයාව ගැන දැනෙන නිසයි.

බබාගේ ආදරය

අම්මිව දැක්කම පැටියා තවත් දඟ වෙනවද? ඒ බබාගේ ආදරය නිසයි!

4. දරුවාගේ ආදරය දනවන ආදර කතාවල් ගොඩයි

ඔබේ පුංචි පැටියා තොරතෝංචියක් නැතිව ඔබත් එක්ක සිනහසුන කාලය ගෙවෙත් ම පුංචි පුංචි ශබ්ද දාලා ඔබේ අවධානය ගන්න හදනවා නේද?

මහා ලොකු කතාවක් ඔබත් එක්ක සුරතල් වේවි කියමින්, නිකමටවත් ඔබේ අවධානය වෙනතකට ගියොත් පැටියාගේ හඬ හරි හයියෙන් ඇහෙනවා නේද?

ඔබ හරියටම නිරීක්ෂණය කලොත් ඔබ දක්වන ප්‍රතිචාර වල ශබ්ද ඔවුන් ඒ පරිද්දෙන්ම අනුකරණය කරන්න උත්සහ කරනවා දකින්න පුළුවන්.

මේ ඔහු ඔබට ආදරය කරන තවත් විදිහක්.

ඔබට ඇහුම්කන් දෙමින් ඔබ කතා කරන ශබ්ද අනුකරණය කරමින් බොහෝ දිග කතාවල් ඔබත් එක්ක කියන්න ඔහු හරි කැමතියි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මන්ද දැන් ඔහුට මේ ලෝකේ ඉන්න හොඳම යාළුවා ඔබයි. ඉතින් කතා කරන්න කොයිතරම් දේවල්ද.

මේ ආදරය දිහා බලාගෙන ඔබ නිතරම පැටියාට කතා කරන්න. ඔහුගේ කතාව ඉක්මනින් වැඩි දියුණු වේවි.

බබාගේ ආදරය

බබාගේ ආදරය: “අපේ පැටව් ආදරෙන් බලාගන්න”

5. හාදු වරුසාවක් එක්ක ඔබව හුරතලේට හපාවි

පැටව් හැමදේම ඉගෙන ගන්න හරි කැමතියි. එය ශාරීරිකව ඔවුන් ඔබ සමග නිතර රැඳෙන හා ගැටෙමින් ඔවුනගේ ස්පර්ශය විඳිමින් ඔවුන් රස විඳිනවා.

ඔබ ළඟ දැවටෙමින්, ඔබව පිරිමදිමින් ඔහු හරි මිහිරි සතුටක් ලබනවා. ඔබේ සුවඳට පවා ඔවුන් හරිම ඇලුම් කරන්නේ ඒ නිසයි. අම්ම එනවා නොදැක්කත් සුවඳින් ඔවුන් අම්ම හඳුනා ගන්නේ ඒ නිසයි.

මුහුණ පුරා කෙළ තවරමින් ඔවුන් ඔබට හාදු පුදන්නේ මේ ඉහිලුම් නොදෙන ආදරය ඔබට පෙන්වන්නයි.

දරුවන්ගේ මේ නිකැළැල් ආදරය අම්මලට වෙන කාගෙන්වත් ලැබෙන්නේ නැහැ.

එක ඒ තරම්ම අහිංසක සුන්දර ආදරයක් වන්නේ ඒ නිසයි. ඒ නිසා ඒ ආදරය හැමදාම පරිස්සම් කරගන්න.

අපේ පැටව් ආදරෙන් බලාගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • පැටියා ඔබට ආදරේ බව පෙන්වන අපුරු ක්‍රම 5 ක්
බෙදාගන්න :
  • ගොඩාක් දරුවන් තමන්ගේ තාත්තාට වඩා අම්මාට කැමති ඇයි කියලා දන්නවාද? 

    ගොඩාක් දරුවන් තමන්ගේ තාත්තාට වඩා අම්මාට කැමති ඇයි කියලා දන්නවාද? 

  • ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

    ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

  • ගොඩාක් දරුවන් තමන්ගේ තාත්තාට වඩා අම්මාට කැමති ඇයි කියලා දන්නවාද? 

    ගොඩාක් දරුවන් තමන්ගේ තාත්තාට වඩා අම්මාට කැමති ඇයි කියලා දන්නවාද? 

  • ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

    ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it