theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ පැටියාට මේ තෙල් වර්ග සම්භාහනය සඳහා යොදාගෙන තියෙනවද?

3 අවම කියවීම
ඔබේ පැටියාට මේ තෙල් වර්ග සම්භාහනය සඳහා යොදාගෙන තියෙනවද?ඔබේ පැටියාට මේ තෙල් වර්ග සම්භාහනය සඳහා යොදාගෙන තියෙනවද?

ඔබත් දරුවන්ට සම්භාහනය කරන්න හොඳම තෙල් වර්ගයක් ගැන සිතනවා නම් මේ ලැයිස්තුව ඔබට ඊට පිළිතුරු සපයාවී.

ඔබත් දරුවන්ට සම්භාහනය කරන්න හොඳම තෙල් වර්ගයක් ගැන සිතනවා නම් මේ ලැයිස්තුව ඔබට ඊට පිළිතුරු සපයාවී. ඒ වගේම ඉන් ලැබෙන පෝෂණයත් ඉහළයි.

හොඳම මසාජ් (සම්භාහනය) ඔයිල් එක මොකද්ද?

පැටියට ඉතා මෘදු සොඳුරු සමක් හා ශක්තිමත් අස්ථි ලබාදීමට සම්භාහන තෙල් වර්ගයක් ගැන ඔබ සිතනවා නම් ඒ ගැන හුඟක් සැලකිලිමත් වන්නට වෙයි.

ආමන්ඩ් ඔයිල්

ආමන්ඩ් ඔයිල් වල අඩංගු මේදය, විටමින් E, පොටෑසියම්, ප්‍රෝටීන් හා සින්ක්, ඛණිජ ලවන අඩංගු වන නිසා පැටියාගේ සමට ඉතාම ගුණදායකයි. එය හිසටත් සෞක්‍යටත් හොඳයි. දරුවන්ගේ සමට පෝෂණය ලබාදෙන්න වගේම දරුවන්ට සුව නින්දක්ද ලබාදෙනවා.

පොල් තෙල්

පොල් තෙල්

පොල් තෙල් වල සුවඳට සමහර අය අකමැති වුනත් තෙල් වලින් පෝෂණීයම තෙල් වර්ගය පොල් තෙල් ලෙස හඳුන්වනවා. විශේෂයෙන් තායි සම්ප්‍රදාය තුළ පොල් තෙල් වලට විශේෂ තැනක් ලැබෙනවා වගේම හිරු කිරණින් වන හානි වැළකීමටත් පොල් තෙල් ඉතාම ගුණදායකයි.

එහි විටමින් E අඩංගු වන අතර ෆැටි ඇසිඩ් හෝ මොයිචර්රයිසින් අඩංගු නිසා ඩයපර් රෑෂ් වැනි දේවල් සඳහාද ඉතාම හොඳයි. ඒ වගේම වියළි සමටත් ඉතා ගුණදායකයි. පොල් තෙල් ආලේප කළ පසු ඔබට ඒ ගැන නැවත සිතිය යුතු වෙන්නේ නැත්තේ එහි ඇති බැක්ටීරියා නාශක ගුණයෙන් සමට ආසාදනයක් ඇති නොකරන නිසයි. ඊට අමතරව දරුවන් සන්සුන් කරන අතර සුවදායි නින්දක් ලබාදෙනවා. හිස්කබලේ වන පොතු ගැලවීම හා වියළි බවටත් එය ඉතාම හොඳයි.

ඔබේ පැටියාට මේ තෙල් වර්ග සම්භාහනය සඳහා යොදාගෙන තියෙනවද?

දෙසි ගී

බටර් ලෙස ලොව පුරා හඳුන්වණු ලැබුවත් දෙසි ගී බටර් නිෂ්පාදනයේදී ඉවත් කරන මේදමය කොටස ලෙස හඳුන්වන්න පුළුවන්. ඉන්දියාවේ නම් දෙසි ගී නැති ගෙයක් හොයාගන්න බැරි තරම්. හුඟ දෙනෙක් දිනපතා දෙසි ගී භාවිත කරනවා. එහි විටමින් A, D, E අඩංගු වෙනවා.

දෙසි ගී වලින් දරුවෙකු සම්භාහනය කිරීමෙන් අස්ථි ශක්තිමත් කරන අතර මොළයත් නිරෝගීව තබනවා. මේ නිසා අස්ථි වල ඇතිවන රෝග හා සංකූලතාද වළකනවා.

ඔබේ පැටියාට මේ තෙල් වර්ග සම්භාහනය සඳහා යොදාගෙන තියෙනවද?

ඔලිව් ඔයිල්

ඔලිව් ඔයිල් හෘදය සුවෙන් තබනවා වගේම ඉතා හොඳ සම්භාහන තෙල් වර්ගයක්. ඒ මගින් විටමින් D ශරීරයට උරා ගැනීම ඉක්මන් කරනවා. ඒ වගේම ඉන් අස්ථි වල වර්ධනයට අවශ්‍ය ඛණිජ ලවන, පොස්පරස්, කැල්සියම් ආදිය ලබාගැනීමටත් උදවු වෙනවා. ඒ වගේම අස්ථි වල බිඳීම්, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග වලින්ද දරුවන්ට ආරක්ෂාව ලබා දෙනවා. ඔබේ දරුවන්ගේ සමේ ඉරි තැලීම් හෝ කැළලි ඇත්නම් ඔලිව් ඔයිල් ඊට සුදුසු පිළියමයි.

අබ තෙල්

අබ තෙල් විවිධ කෑම වර්ග සාදාගන්න යොදාගන්නවා. අබ ඇට වලින් සාදාගන්න අබ තෙල් වල ඔමේගා, ඇල්ෆා 3 හා 6 අඩංගු වෙනවා. ෆැටි ඇසිඩ්, විටමින් E, ඇන්ටිඔක්සිඩන්ට් ඇති නිසා එය ඉතා හොඳ තෙල් වර්ගයක්.

ශිත කාලවල රත් කරන ලද අබ තෙල් දරුවන්ගේ ශරීරයේ ගැල්වීමෙන් සිරුර උණුසුම්ව තබනවා. මීට කොටාගත් සුදුලූනු බික් දෙක තුනක් හා කරාබු නැටි දෙකක් පමණ එක් කිරීමෙන් තවත් ප්‍රයෝජන ලැබෙනවා. වෛරස් හා සටන් කිරීමේ ගුණය හා බැක්ටීරියා සමග සටන් කිරීමේ ගුණය සුදුලූනු වලට ඇති නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.

තල තෙල්

තල තෙල් සමට ඉතාම ගුණ දායක තෙල් වර්ගයක්. විටමින්, ඛණිජ ලවන හා එහි ඇති ස්වභාවික ගුණ දරුවන්ගේ ප්‍රතිශක්තියට වැදගත් වෙනවා. සාමාන්‍ය සම්භාහනයට අමතරව හිරු එළියට නිරාවරණය වන්නට පෙර සම මත ආලේපයෙන් සමට ආරක්ෂාව ලැබෙන අතර ආතතියෙන් හා නොසන්සුන් භාවයෙන් ඉන්න දරුවන්ගේ හිසට තල තෙල් සම්භානය ඉතාම ගුණදායකයි.

එදා ඉඳන්ම තෙල් වර්ග වලින් ලැබෙන උසස් ප්‍රයෝජන හා පෝෂණීය බව අපි දැනගෙන හිටියත් මේ එක් එක් තෙල් වර්ග ගන්නා විට දැන් ඔබ වඩාත් දැනුවත් වෙතැයි theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය විශ්වාස කරනවා.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ .

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • ඔබේ පැටියාට මේ තෙල් වර්ග සම්භාහනය සඳහා යොදාගෙන තියෙනවද?
බෙදාගන්න :
  • ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

    ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

  • බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

    බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

  • ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

    ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

  • බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

    බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it