theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට නමක් තේරීමේදී මේ කාරණා මතක තබාගන්න

5 අවම කියවීම
බබාට නමක් තේරීමේදී මේ කාරණා මතක තබාගන්නබබාට නමක් තේරීමේදී මේ කාරණා මතක තබාගන්න

ඔබේ දරුවා ජිවිත කාලයම භාවිතා කරන්න සුදානම් වන නම පරිස්සම‌ෙන් ‌තෝරමුද?

බබාට නමක් තබන්නේ ඇයි? බේබි සපත්තු ඇදුම් වගේ මාස කිහිපයක් භාවිතා කර ඉවත් කිරීමද?
නැතිනම් තොටිල්ල, කාර් සීට් එක වගේ අවුරුදු කිහිපයක් භාවිතා කර ඉවත් කිරීමද? ඔබ ඔහුට නමක් තබන්නේ මුළු ජිවිත කාලයටම ඇමතීමේ සුදානමින් නේද?
එසේනම් ඔබේ දරුවා ජිවිත කාලයම භාවිතා කරන්න සුදානම් වන නම ඔබ ඔහු වෙනුවෙන් එදිනෙදා අවශ්‍යතා  ඉස්තරම් අයුරින් තෝරනවා සේම තෝරා ගත යුතුයි.
නම ලියාපදිංචි කර උප්පැන්න සහතිකය ඔබේ දෝතට ලැබුන පසු ඔබට පහසුවෙන් දෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එසේ ඔබ නම වෙනස් කරනවා නම් එය නිතීමය පද්ධතියක් තුල සිදුවෙන ක්‍රියාවලියක් වෙනවා.
අනුන් තෝර දෙන දෙයක් කෙනෙක් වැඩිම කාලයක් භාවිතා කරනවා නම් ඒ තමයි නම,
බොහෝ දෙනා උප්පැන්න සහතිකයෙන් පටන් ගත් නම මරණ සහතිකයෙන් ජිවිතය අවසන් කලත් මරණයෙන් මතු වුවද ඔහුව හදුනා ගනු ලබන්නේ නමෙනි.

බබාට නමක් ‌ය‌ෙදීමේදී එය සාමාන්‍යයෙන් කොටස් කිහිපයකින් යුක්තයි.

  • පරම්පරා නාමය (පෙළපත් නාමය) අපිට ලැබෙන්නේ අත්තා, මුත්තා, නත්තා, පනත්තාටත් එහා ගිය කාලයෙන් , සාමාන්‍යයෙන් පරම්පරා නම නම් විශේෂ හේතුවක් නැතුව වෙනස් වෙන්නේ නැහැ.
  • මෙය බොහෝ විට නමේ ඉදිරියෙන් නිරූපනය වෙනවා.
  • ඊලගට යොදන, දෙවන අම්මාගේ තාත්තාගේ මනාපය අනුව තෝරා ගන්න පුළුවන්. ඒ ගැන අපි තව ඉදිරියට විස්තරාත්මකව කතා කරමු.
  • ඊලගට බොහෝ දෙනාගේ නමේ අවසානයේ පෙළපත් නාමයෙන් කොටසක් හෝ පියාගේ නමෙන් කොටසක් භාවිතා කරනවා.

බබාට නමක් තෝරා ගැනීමේදී  සාමාන්‍යයෙන් සැලකිලිමත් වෙන කාරණා

1. බබාට නමක්: උපන් වේලාව

දරුවෙක් උපදින විට මෙලොව එලිය ලබන මොහොත වින්නඹු අම්මා හෝ වෛද්‍ය කාර්‍ය මණ්ඩලය සටහන් කර ගනු ලබයි.
එම වේලාව දරුවාගේ දෙමාපියන් අතට පත් වු පසු ඔවුන් පළමුව එම වේලාව දෛවඥයෙකු වෙත ගෙන යයි. ඒ නමක්  තැබීමේ මුලික කටයුත්ත සදහායි.

2. සුභ අකුර

උපන් වේලාව අනුව දරුවාගේ කේන්දරය සකස් වන අතර ඒ මඟින් දරුවාට නමක් තැබීමට සුදුසු සුභ අකුරක් ලබා දෙයි.

3. තේරුමක් සහිත නමක්

සුභ අකුර හෝ අකුරු ලද පසු අර්ථවත් නමක් තියන්නේ කෙසේදැයි දෙමාපියන් කරදර වෙනවා.
දැන් නම් ඒ සේවාවන් ලබාගන්න පුළුවන් ආයතන වගේම නොමිලයේ සේවාව ගන්න පුළුවන් වෙබ් පිටුත් තියෙනවා.
ඒ අනුව දරුවාට නමක් යෙදීමේදි එහි අර්ථය ගැන බොහෝ සැලකිලිමත් වෙන්න. දරුවාගේ අනාගතයේ හැසිරීම් කොයි වගේද වේයැයි නොදන්නා නිසා ඊට ගැලපෙන නමක් නම් තියන්න බැරි වේවි. ඒත් නොමනා අර්ථයක් ඇති නමක් ඔබේ රත්තරන් පැටියාට තියන්න පුළුවන් නේද?

4. ගණ පිහිටවීම

සමහරු නම් නමට ඝන පිහිටුවීම කරනවා. එමගින් දරුවාට යහපතක් වෙන බව ඔවුන් විශ්වාස කරනවා. එහෙත් එය අද සමාජයේ බහුලව සිදුවෙන්නේ නැහැ.

5. පරම්පරා නමට ගැලපෙනවාද?

පරම්පරා නම් නැත්තම් පෙළපත දරුවාට අනිවාර්යයෙන්ම උරුම වෙනවා. ඒ නිසා ඊට පසුව යෙදෙන නම ඊට අනුකූලව යෙදීමෙන් නමට ආකර්ෂණීය බවක් ලැබෙනවා.

6. ආගමට සංස්කෘතියට අනුකූලද?

අපේ රට බහු ජාතින් මෙන්ම ආගමිකයන් ඉන්න රටක්, ඒ නිසා නම් යෙදීමේදී එක් එක් ආගමට , ජාතියට ගැලපෙන නම් තියෙනවා.
උදාහරණයක් විදියට බෞද්ධ දරුවෙකුට මොහොමඩ් ඇන්තනී වගේ නමක් යොදන්නේ නැහැ වගේම අන්‍ය ආගමික දරුවෙකුට දහම් වගේ නමක් යොදන්නේ නැහැ. ඒ ගැන බබාට නමක් තෝරන කොට ඒ පිළිබද සැලකිලිමත් වීමත් වැදගත්.

7. පවුලේ සමාජිකයින්ගේ  නම් වලට ගලපන්න පුළුවන්ද?

දැන් පුංචි රැල්ලක් වගේ යන දෙයක් තමයි සහෝදර සහෝදරියන්ගේ නම් වලට ගලපලා බබාට නමක් යෙදීම. ඒ වගේම තවත් අවස්ථා වලදී මේ තබන නම දෙමාපියන්ගේ නම් වලට පවා ගලපනවා. එහි වරදක් නැහැ . කාලේ වෙනස් තාලේ අලුත්නේ.

බබාට නමක්: ඊට අමතරව සැලකිලිමත් විය යුතු කාරණා

8. නම විසුළු ස්වරූපයක් ගනිද?

නමක් යෙදීමේදි එය විසිලු ස්වරූපයක් තිබේදැයි සැලකිලිමත් වෙන්න. දරුවා මේ නම ජීවත කාලයම භාවිතා කරන්න යන නිසා ඔහු අන් අයගේ විහිලුවක් වෙනවාට ඔබ අකමැතියි නේද?

9. බබාට නමක්: වෙන භාෂාවකින් එයට අසැබි තේරූමක් තියෙනවාද?

අපි නොදන්නවා වුනාට සමහර නම් උච්චාරණය කරද්දී එන ශබ්දය වෙනත් භාෂාවක වචනයක උච්චාරණයට සමාන වෙන අවස්ථා තියෙනවා.
එය එසේ වෙද්දී වෙනත් භාෂාවකින් අසැබි වදනක උච්චාරණය යෙදෙන නමක් යෙදුවොත් නම අපේ බසින් කොච්චර ලස්සන වුනත් ඵලක් වෙන එකක් නැහැ. දරුවාට ලංකාව තුල නම් සමහර විට බලපෑමක් නොවෙන්න පුළුවන්.
එහෙත් ඔහු දවසක රටින් පිට ගියොත් ඔහු නම නිසා අසරණ නොකරන්න. ඒ නිසා දරුවාට නමක් තැබීමේදී මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

10. නම කෙටි කර හැදෙන්න පුළුවන් කෙටි නාම මොනවාද?

නම කෙටි කරලා හැදෙන්න පුළුවන් නික් නේම්ස් ගැන අනිවාර්යයෙන්ම හිතන්න. මම හොඳ උදාහරණයක් කියන්නම්කෝ. මගේ පුතාට නමක් තියන්න තෝර ගෙන ආපු නම් ලිස්ට් එකේ තිබුනා
ටොමිත කියලා නමක් .. බැලු බැල්මට වරදක් නැහැ . " ඔය නම දැම්මොත් නම් මෙයා ඉස්කෝලේ යද්දී ටොමියා වෙනවා ", කියලා හස්බන්ඩ් කියද්දී තමයි මටත් ඒක තේරුනේ.
ඒ නිසා අනිවාර්යයෙන්ම දරුවාට යොදන නම් කෙටි වීමෙන් දරුවා විහිලුවක් වෙන නම් ඇතිවෙනවා දැයි සැලකිලිමත් වෙන්න.

11. බබාට නමක්: නම කාලීනද?

නමක් කාලීන වෙන්න ඕනී. ඉස්සර වගේ බබාට සෝමපාල, සීලවතී වගේ නම් දැන් දාන්න බැහැ නේද? මොකද ඒවා අපේ ආච්ච්ලාගේ කාලේ නම්,, එතකොට නලීන්, නයනා වගේ නම් දාන්නත් බැහැ.
මොකද ඒවා දරුවාගේ අම්මා තාත්තාගේ කාලේ නම්, ඒ නිසා ඔබ දරුවාට නමක් යොදන්න කලින් අනිවාර්යයෙන්ම දැන් රැල්ල ඒ කියන්නේ නම් යොදන ආකාරය ගැන පුංචි අවබෝධයක් ගන්න.

12. උච්චාරණ කරන්න පහසුද?

මම නම් නමක ගොඩාක් වැදගත් කොටසක් විදියට මේක දකිනවා. උච්චාරණය කරන්න අපහසු නමක් දරුවාට යෙදීම ඔබට එච්චර ප්‍රශ්නයක් නොවේවි.
මොකද ඔබ ඔබේ දරුවාට නමින් කතා නොකරන නිසා. යහලුවන් හා සහකරුවන් නම් කොහොමත් නම කියන්න බැරි නම් නික් නේම් එකක් දාගනිවි. ඒත් දවසක අමාරුවේ වැටිලා දිව උලුක් කරගන්න වෙන්නේ දරුවාගේ ගුරුවරුන්ට නැත්නම් රැකියා ස්ථානයක පිරිසට.
අන්න ඒක නිසා ඔබේ දරුවාව දිනක නමින් අමතන පිරිසට ගරු කිරීමක් වශයෙන් වත් උච්චාරණය කරන්න පුළුවන් නමක් යොදන්න.
ඔබට අපේ වෙබ් අඩවියෙන් දුවට හා පුතාට නම් තේරූමත් එක්කම ගන්න පුළුවන් පහසු ඔප්ෂන් එකක් තියෙනවා. ඒක තමයි ළදරු නාම උත්පාදකය.
ඊට අමතරව පහත ලින්ක් වලට පිවිසෙන්න:
ආදරණිය දියණියට ලස්සන නම් 293ක්
පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?
ඉහත කරුණු වලට අමතරව ඔබේ දරුවාගේ නම යෙදීම සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු තවත් කරුණු තියෙනවා නම් කමෙන්ට් කරගෙනම යන්නකෝ.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • බබාට නම්
  • /
  • බබාට නමක් තේරීමේදී මේ කාරණා මතක තබාගන්න
බෙදාගන්න :
  • පුතාට නම් 2018: චූටි පුතාට ‘න’ අකුරෙන් පටන්ගන්නා නමක් බලමුද?

    පුතාට නම් 2018: චූටි පුතාට ‘න’ අකුරෙන් පටන්ගන්නා නමක් බලමුද?

  • ඔබේ දුවට පුතාට ලස්සන නමක් තියමුද?

    ඔබේ දුවට පුතාට ලස්සන නමක් තියමුද?

  • පුතාට නම් 2018: චූටි පුතාට ‘න’ අකුරෙන් පටන්ගන්නා නමක් බලමුද?

    පුතාට නම් 2018: චූටි පුතාට ‘න’ අකුරෙන් පටන්ගන්නා නමක් බලමුද?

  • ඔබේ දුවට පුතාට ලස්සන නමක් තියමුද?

    ඔබේ දුවට පුතාට ලස්සන නමක් තියමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it