දරුවාට ෆෝන් දෙන්න එපා කියලා ලොවක් හඩ ගා කියද්දි කෑම කවන්න දරුවාගේ අතට ෆොන් එක දෙනවාද?
ඇත්තටම දරුවාට කෑම කැවීම ලොව තියෙන අමාරුම කාර්යයන් ගෙන් එකක් කියලා අපිත් දන්නවා.
ඒත් ඒ අමාරූ කාර්යය ඉටු කරගන්න ඔබ යොදා ගන්නේ අවදානම් දෙයක් නම් එය ඔබේ දරුවාටම හානියක් කරන්න පුළුවන්.
කෑම කව කව පස්සෙන් දුවනවාට වඩා ෆෝන් එකේ ගේම් එකක් විඩීයෝ එකක් දාලා දෙන එක පහසුයි තමයි.
මුලින් විනාඩි 5 හෝ විනාඩි 10 කින් ආරම්භ වෙන මේ වීඩියෝ බැලීම අවසානයේ පැය ගානක් දිව යන්නක් වෙන්නේ නොදැනීමයි.
බබා කෑම කෑමෙන් පසුත් සමහර අම්මලා නිදහසේ වැඩක් කරගන්න මේ ක්‍රමය භාවිතා කරනවා.
ඇත්තටම දරුවාට ෆෝන් එකක් දීම හරිද?

නිදහසේ අන් අය සමග ආදරයෙන් ආහාර ගැනීමට කියා නොදී දරුවා ෆොන් එක තුල අතරමං කර ඔබ කරන්නේ වැරැද්දකි.
එපමණක් නොව දරුවාට දීර්ඝකාලීනව ඇතිවෙන බලපෑම් රැසකට මෙය වගකිව යුතු වෙයි.
දරුවාට ෆොන් ලබාදීම හානියක් වන්නේ මෙහෙමයි
1.ඇබ්බැහි වීමක් ඇති කරනවා
බොහොමයක් දරුවන්ට වයස දෙකක් වීමට පෙර ෆොන් අතට දෙනවාලු. ඒ අධ්‍යනයක් කල හෙලිදරව්වක්.
මෙම වයසේ දරුවන්ගේ මොළය වර්ධනය වීම හා ඔවුන්ගේ නිර්මාණශිලිත්වය ඇතිවෙමින් පැවතීම නිසා මෙලෙස දුරකථනය දරුවාට ලබා දීමෙන් එයට වන්නේ සුළුපටු හානියක් නම් නොවේ.
මුලදී පුංචි වීඩියෝ එකකින් පටන් ගත්තත් දරුවා කල් යත්ම එයට ඇබ්බැහි වෙනවා. ඉන්පසු ඔවුන්ට එයින් මිදීමට අවශ්‍ය නැහැ.
ඒ නිසා දරුවා දුරකථනයෙන් ඈත් කර ආහාර කැවීමට වෙනත් විකල්ප ක්‍රම භාවිතා කරන්න.
2.ආහාර ගන්නා ප්‍රමාණය අඩු හෝ වැඩි වීම
දරුවාගේ අවධානය ෆොන් එක උදුරා ලන්නා විට දරුවා ආහාර ගන්නා වේගය අඩුවෙන්න පුළුවන්.
සමහර දරුවන් කම්මැලි වෙන්න පුළුවන්.
අවධානයෙන් තොරව දරුවාට ගන්නා ආහාර ප්‍රමාණය පිළිබද හැගීමක් නොමැති බැවින් ඔහු වැඩිපුර ආහාර ගැනීම හෝ අඩුවෙන් ආහාර ගැනීම කරන්න ඉඩ තියෙනවා.
දරුවාට කෑම මේසය මත පවුලේ අය සමග ආහාර ගැනීමට කියාදෙන්න.
3.කෑම හපන්නේ නැතුව ගිලිනවා

දුරකථනය නිසා දරුවාට අවධානය නැහැ. ඔහු කෑම හැපීමෙන් තොරව ගිලදමනවා.
එවිට ආහාර අජීරණය ඇතිවීම මෙන්ම ආහාර හිරවීමටද හැකියාව තියෙනවා. ඒ වගේම ආහාර ජීර්ණය වීමේ ගැටලු ඇතිවීමට ඉඩ තියෙනවා.
ඒ නිසා දරුවා ගෙන් දුරකථනය ඈත් කර සිහියෙන් ආහාර ගන්නත් ඒවා හොදින් හපා ගිලින්නත් කියාදෙන්න.
4.පවුලේ සාමාජිකයන් සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය අඩු වෙනවා.
කෑම මේසය අසල දුරකථන භාවිතයෙන් එකිනෙකා හා කතාබහක් සිදුවෙන්නේ නැහැ.
සාමාන්‍යයෙන් එවිට එකිනෙකා අතර අදහස් හුවමාරුව සිදුවෙන්නේ නැති අතර එය දුරකථන වල අතරමං වු පිරිසක් සිටින හුදකලා ස්ථානයක් බවට පත්වෙනවා.
ඒ නිසා ආහාර ගන්නා කාලයේදි දරුවා ගෙන් දුරකථනය ඈත් කර මිහිරි කතා පිරි ආදරණිය මොහොතක් කරන්න.
පවුල එකට ගත කරන ගුණාත්මක කාලය වැඩි වීමෙන් පවුලේ එකිනෙකා අතර බැදීම ශක්තිමත් වෙනවා.
දරුවාට ෆොන් එක නොදි ආහාර ගන්නා වේලාව රසවත් කරන්නේ මෙහෙමයි
1) ආහාරය රසවත් කරන්න:
- සමබර ආහාර වේලක විවිධත්වය එක් කරන්න:
දරුවාට සාමාන්‍යයෙන් ඒකාකාර ආහාර ලබා දෙන එම ආහාර ඒකකාර වී දරුවාටම එපා වෙනවා.
ඒ නිසා ඉක්මනින් අවසන් කිරීමට හෝ ආහාර ප්‍රතික්ෂේප කිරීමට හේතුවෙනවා.
ඔවුන්ට සමබර මෙන්ම විවිධත්වයෙන් යුත් ආහාර වේලක් ලබා දෙන්න. එය හිතන තරම් අමාරු නැහැ.
පිෂ්ඨය, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛනිජ ලවන යන ප්‍රධාන පෝෂක නියෝජනය වෙන පරිදි වෙනස් රසයෙන් යුත් ආහාර දරුවාට ලබා දීමට කල්පනාකාරී වෙන්න.
දරුවාගේ ආහාර නිර්මාණශිලිව ඉදිරිපත් කිරීමෙන් දරුවා තුල රුචිකත්වයක් ඇති කරන්න පුළුවන්.
ආහාර වලින් විවිධ නිර්මාණ සකස් කරන්න පුළුවන්. සතුන් , හිනා මූනු හා යම් යම් දේවල් ලස්සනට නිර්මාණශිලීව ඉදිරිපත් කරන්න.
දරුවාට ආහාර සදහා රුචියක් ඇතිවෙනවා මෙන්ම ඔබටත් විනෝදයක් ලැබේවි.
- ඔවුන්ගේ ආහාර පුරුදු නියම නොකරන්න:
ඔබ ඔබේ දරුවන්ට ‘ ආහාර අවසන් කරන්න’ හෝ ‘එළවළු අනුභව කරන්න’ කියා අණ නොකරන්න. එවිට ඔවුන් කොහොමත් එය නොකරාවි.
ඒ නිසා ඔවුන් කැමති ආකාරය විමසා ඒ අනුව ආහාර සකස් කර දෙන්න.
- ආහාර සැකසීමට ඔවුන් සම්බන්ධ කර ගන්න:

එළවළු සහ අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සහ පිසීමේ ක්‍රියාවලියේදී පවා ඔබේ දරුවා සම්බන්ධ කර ගන්න.
දරුවා කුඩා නම් ආහාර වර්ග තෝරාගන්න ඔහුට ඉඩ දෙන්න. තරමක් ලොකු දරුවෙක් නම් ආහාර සෝදන්න.
බදුන් පිරිසිදු කරන්න ඉඩ දෙන්න පුළුවන්. පිහි වැනි තියුණු ආයුධ වලින් දරුවා ඇත් කර තබන්න. තමන් පිසින ආහාර කන්න දරුවා කැමති වේවි.
ඔබේ දරුවා ජංගම දුරකථන හෝ රූපවාහිනිය භාවිතා නොකර හොඳින් ආහාර ගන්නා සෑම අවස්ථාවකම ඔවුන්ට අර්ථවත් යමක් ලබා දෙන්න. පුංචි දරුවන් තෑගී ලබාගන්න හරි කැමතියි.
2) ආහාර වේල මතක හිටින එකක් කරන්න:
දරුවාට ෆෝන් එක දෙනවා වෙනුවට කතන්දරයක් කියලා දෙන්න. දරුවා ඒ මගින් යමක් ඉගෙන ගන්නා අතර එය හානිකර නොවේවි.
- ආහාර වේලෙහි ඔබේ දරුවා සමඟ කතා කරන්න:
කෑම ගන්නා වේලාවේදි ඔබේ දරුවා හා කතා කරන්න. දරුවා කැමති දේවල් අහන්න. දරුවාට කතා කරන්න ඉඩ දෙන්න.
- ආහාර වේලෙහි පීඩාකාරී මාතෘකා වලින් වළකින්න:
දරුවා අකමැති නැතිනම් පීඩාකාරී මාතෘකා කතා කරන්න එපා. ඒ මගින් දරුවාටද පීඩනයක් ඇතිවෙන්න පුළුවන්.
ඔබේ දරුවා අනුභව කරන සෞඛ්‍ය සම්පන්න ආහාර ඔබත් අනුභව කරන්න. ඔබත් ෆොන් භාවිතයෙන් වළකින්න.
ඔබ ඔබේ දරුවාට දුරකථන භාවිතා කිරීම හෝ රූපවාහිනිය නැරඹීම හෝ ආහාර ගැනීමේදී වීඩියෝ ක්‍රීඩාවක් කිරීම සීමා කිරීමට යන්නේ නම්, දරුවා කලබල වෙන්න පුළුවන්.
නමුත් ඔබ ආදර්ශවත් වෙන විට දරුවන්ද එසේ වේවා.ජංගම දුරකථන සහ රූපවාහිනිය නොමැතිව ඔබේ දරුවාට ආහාර ගැනීම අපහසු නැහැ.
ඔබේ දරුවාට ආහාර කවන්න ජංගම දුරකථනය භාවිතා කරන්න එපා. ඉහත උපදෙස් ඔබට වැදගත් වේවි කියා හිතනවා. ඔබට ගැටලුවක් ඇතිනම් පහතින් සටහනක් යොදන්න.
මුලාශ්‍ර
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.