theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ කක්කි වල පාට කියන දේවල්

5 අවම කියවීම
බබාගේ කක්කි වල පාට කියන දේවල්බබාගේ කක්කි වල පාට කියන දේවල්

මේ මඟ පෙන්වීම දරුවාගේ කක්කී වල පැහැය ගැන ගැටළු තියෙන අම්මලාටයි.

කොළ, කහ, රතු සහ කළු කියන්නේ බබාගේ කක්කි වල දකින්න පුළුවන් වර්ණ කිහිපයක් විතරයි.
මේ කක්කි වල වර්ණ ඔබට කියන දේ මොනවාද කියලා දැනගන්න අපි ඔබට මඟ පෙන්වන්නම්.
ගැහැනියක් මවක් වු පසු ඇයගේ පුංචි පැටියාගේ සියල්ල දැනගන්න උනන්දුවක් හා ආශාවක් ඇතිවෙන්නේ නියැතින්. ළදරුවාගේ බර, උස / දිග, ආහාර සහ කිරි පරිභෝජනය සහ වගේම කක්කී ගැනත් දැන ගන්න කැමතියි.
කක්කි නම් සිත් ඇදගන්නා සුළු දෙයක් වන්නේ අම්මා කෙනෙකුට විතරයි. එහි ස්වභාවය , සුවඳ, අනුකූලතාව සහ වර්ණය ඉතා වැදගත් කරුණක් සේ හදිසියේම උනන්දුවක් ඇතිවෙනවා.
බබාගේ  කක්කී වලින් ඔහුගේ සෞඛ්‍යයට ගැන මදක්  අනාවරණය කරනවා. ඔබේ දරුවාගේ කක්කී වල ස්වභාවය තේරුම් ගැනීම ඇත්තෙන්ම සංකීර්ණ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්.
මේ මඟ පෙන්වීම දරුවාගේ කක්කී වල පැහැය ගැන ගැටළු තියෙන අම්මලාටයි. විශ්ලේෂණය කිරීමට පහසු කරවීම සඳහා බබාගේ කක්කී වල පින්තූර පවා මෙහි අඩංගු වෙනවා.

1. බබාගේ කක්කි: කළු පැහැ නම්

බබාගේ කක්කි වල පාට කියන දේවල්

ඔබට සාමාන්‍යයෙන් අලුත උපන් බිළිඳකු  කළු පැහැති තාර වැනි මළපහ පිට කරනු දකින්න පුළුවන්.
මෙම ද්‍රව්‍යය මෙකෝනියම් ලෙස හැඳින්වෙනවා.
ගර්භාෂයේ සිටියදී ඔබේ දරුවා සමේ සෛල, ශ්ලේෂ්මල සහ ඇම්නියොටික් තරලය වැනි ආහාරයට ගත් දේවල් වලින් මෙකෝනියම් සකස් වෙනවා.
මෙකෝනියම් (meconium) නම් කළු පැහැ කක්කි ගැන නම් කිසිසේත්ම ඔබ කලබල වීම අවශ්‍ය නැහැ. එය දින කිහිපයකින් පහව යයි. ඔබේ දරුවාගේ කක්කි වලට රුධිරය එකතු වීම එය කළු පාට වීම තවත්  හේතුවකි. දැන් ඔබ එකපාරටම කලබල වෙන්න එපා.
මෙය මව්කිරි දෙන විට ඔබේ පුපුරා ඇති වේදනාකාරී තනපුඩු වලින් දරුවාට ගිලුණු රුධිරය විය හැකි බවත්  මතක තබා ගන්න.
ඔබ අලුත්  අම්මා කෙනෙක් නම් මව්කිරි දීමට අළුත් නම්, ඔබේ දරුවා නිවැරදි ලෙස තබාගෙන මව්කිරි දීමට වගබලා ගන්න.
වේදනාකාරී, පුපුරා ගිය තනපුඩු සහ ලේ තැවරුණු මව්කිරි වලට ප්‍රධාන හේතුවක් වන්නේ බබා තබාගන්නා ආකාරයයි.
තොරතුරු හා මව්කිරි දෙන ඉරියව් ගැන දැනගැනීමට ඒ සම්බන්ධ උපදේශකයෙකු හමුවෙන්න. කෙසේ වෙතත්, ඔබ සැබවින්ම සැලකිලිමත් වන්නේ නම් හෝ ඔබේ මව්කිරි වල ඇති රුධිරය නිසා කළු පැහැ කක්කි ඇති වෙන බවට  සැකයක් ඇත්නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු හමුවෙන්න.
බබාගේ කක්කි වල යකඩ තිබීම එය කළුපාට වීමට අවසාන වශයෙන් ‌හේතු වෙන්න පුළුවන්.
ඔබ ඔබේ කුඩා දරුවාට යකඩ අතිරේකයක් ලබා දෙන්නේ නම්, තද කොළ හෝ කළු පැහැති කක්කී දැක පුදුම වෙන්න එපා.
එහෙත්  ඔබේ දරුවාට යකඩ අතිරේකයක් ලබා නොදෙන්නේ නම්, කළු පැහැ කක්කි වලට හේතුව ජීර්ණය වූ රුධිරයෙන් නොවන බවට තහවුරු කරගැනීමට වෛද්‍යවරයා හමුවෙන්න.

2. බබාගේ කක්කි: අබ කහ පැහැ නම්

බබාගේ කක්කි වල පාට කියන දේවල්

ඔබේ දරුවා  මව්කිරි පමණක්  ලබා දෙන්නේ නම්, ඔහුගේ කක්කී අබ කහ පැහැ ක්‍රීම් චීස් වගේ වෙන්න පුළුවන්.
එය බඩ බුරුල් වී යාමක් ලෙසත් ඔබට පෙනෙන්න පුළුවන්. නමුත් ඔබේ දරුවා වෙනත් රෝග ලක්ෂණ (උදා: උණ, වෙනදාට වඩා වේදනාව) පෙන්වන්නේ හෝ අත්විඳින්නේ නැත්නම්  කලබල විය යුතු නැහැ.
මව්කිරි දෙන ළදරු මළපහ මෘදු ලෙස පෙනුනද එහි දරුණු ගන්ධයක් නැහැ. එහි පෙනුම දරුවා අවසන් වරට ආහාර අනුව වෙනස් වෙනවා. උදා. නිවිති = කොළ පැහැති-කහ කක්කි.

3. බබාගේ කක්කි: කහ දුඹුරු පැහැ නම්

ප්‍රේස්ටි ස්වභාවය  (රටකජු බටර් වැනි) සමඟ මෙම පැහැය පිටිකිරි පානය කරන ළදරුවනගේ මළපහ වල බහුලව දක්නට ලැබෙනවා.
මව්කිරි දෙන ළදරුවන්ට වඩා ඔවුන්ගේ කක්කි වඩාත් සකස් වී ඇති අතර වැඩි ගන්ධයෙන්ද යුක්තයි.
සාමාන්‍යයෙන්, කිරිපිටි  ලබාදෙන දරුවන්ගේ මළපහ දුඹුරු වර්ණ වර්ණාවලියට අයත් වෙනවා. එය කොළ දුඹුරු සහ කහ දුඹුරු පැහැයේ සිට වඩාත් තද දුඹුරු පැහැය දක්වා වෙනවා.

4. බබාගේ කක්කි: සුදු පැහැ නම්

බබාගේ කක්කි වල පාට කියන දේවල්

සුදු කියන්නේ බබාගේ කක්කි වල අසාමාන්‍ය වර්ණයක්,  නමුත් සුදු පැහැය ඇතිවෙන්නේ කලාතුරකිනි.
කක්කි වලට එහි වර්ණය බයිල් වලින් ලැබෙන අතර ඒවා කක්කි වල නොමැති වීමෙන් එය සුදු පැහැයක් ගනී. සුදු කක්කි යනු පිත්තාශයේ හෝ අක්මාවේ ඇති ගැටලුවක් පිළිබඳ ඇඟවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙම වර්ණය කක්කි වල ඔබ දුටුවහොත් ඔබේ දරුවා වෛද්‍යවරයා වෙත ගෙන යන්න.

5. බබාගේ කක්කි: රතු පැහැ නම්

බබාගේ කක්කි

ඔබේ දරුවාගේ කක්කි වල රතු පැහැය ට හේතුව එහි රුධිරය තිබීමයි. නැතිනම් අධික බීට්රූට් ආහාරයට ගැනීමයි. දැන් ඔබ කලබල වෙන්න එපා. එයට පොදු හේතුවක් වන්නේ මව්කිරි සමඟ ඔබේ රුධිරය දරුවාගේ ශරීරගත වීමයි.
තනපුඩු  පුපුරා තිබීම හෝ වෙනත් ගැටළු නිසා මෙය සිදුවෙනවා . මව්කිරි සම්බන්ධ උපදේශකයෙකු හෝ වෛද්‍යවරයකු සමඟ කතා කර මෙය විසදාගන්න. එවිට  ඔබේ දරුවාගේ කක්කි වල රතු පැහැය මැකී යන බව ඔබට පෙනේවි.
කෙසේ වෙතත්, මව්කිරි හරහා පැමිණ  ඔබේ ජීර්ණය වූ රුධිරය නිසා බබාගේ කක්කි රතු පැහැ වෙන බවට සැකයක් ඔබට ඇත්නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
ඒ වගේම රතු පාට කක්කි වලට ආසාත්මිකතාවයක්(උදා: කිරි ප්‍රෝටීන්)  බැක්ටීරියා ආසාදනයක් හේතු වෙන්න පුළුවන්. නැතිනම් මල බද්ධය නිසා ඔබේ දරුවාගේ ගුදය වටා සිදුරු වෙලා වෙන්න පුළුවන්.

6. දීප්තිමත් කොළ සහ පෙණ සහිත

බබාගේ කක්කි

ඔබේ මව්කිරි බොන දරුවාගේ කක්කි කොළකැද එකක් වගේද? බොහෝ විට ඔහු ඕනෑවට වඩා මුල්කිරි පානය කරන අතර ප්‍රමාණවත් තරම් පසුකිරි ලැබීම  සිදු නොවීම එයට හේතු වෙනවා.
මුල් කිරි යනු අඩු කැලරි සහිත, පිපාසය සංසිඳවන කිරි වන අතර එය මව්කිරි දීමේදී පළමුව පැමිණෙනවා. පසු කිරි යනු කුසගින්න සංසිඳවන කැලරි අධික කිරි වෙනවා.
එබැවින් ඔබේ දරුවාගේ කක්කි  පෙණ හා කොළ පාට නම්, ඔහු එක් එක් පියයුරෙන් වැඩි කාලයක් මව්කිරි පානය නොකරන බව ඉන් පැහැදිලි වෙනවා. මෙම ගැටළුව විසඳීම සඳහා, ඔබ අවසන් වරට මව්කිරි දුන් පියයුරෙන් ඊලග වර මව්කිරි දීම  ආරම්භ කරන්න.

7.  වතුරමය කහ / කොළ / දුඹුරු

බබාගේ කක්කි

ළදරුවන්ගේ  බඩබුරුල් වීම කක්කි වතුරමය ස්වභාවයක් ගන්නවා. එය වතුරමය කහ / කොළ / දුඹුරු පැහැයක් ගන්නා අතර බොහෝ විට ඔබේ දරුවාගේ ඩයපර් එකෙන් කාන්දු වෙනවා.
ළදරුවෙකුගේ බඩ බුරුල් වී යෑම තරමක් බැරෑරුම් ලෙස ගත යුතුයි. එය නියමිත වේලාවට නතර නොකළහොත් විජලනය ඇතිවෙන්න පුළුවන්. එය සාමාන්‍යයෙන් ආසාදනයක හෝ ආසාත්මිකතාවයේ සලකුණක් වෙනවා.
ඔබේ දරුවාට බඩ බුරුල් වී යෑමට  සිදුවෙනවා නම්, ඔහුව ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයකුට ඉක්මනින්ම  පෙන්වන්න.

8. වර්ණ කිහිපයක් නම්

බබාගේ කක්කි

එය ඔබේ දරුවාගේ අක්කි වල  දීප්තිමත් තැඹිලි පාට කැරට් කෑල්ලක්  තියෙනවාද? ඒ මුං ඇට වෙන්න බැහැ.
ඔබේ දරුවාගේ කක්කී දීප්තිමත් වර්ණ කැබලි වලින් පිරී ඇති බව ඔබ දුටුවහොත්, කලබල වෙන්න එපා.
මෙය ඉඳහිට සිදු වන්නේ ඇතැම් ආහාර වර්ග අර්ධ වශයෙන් ජීර්ණය නොවීම නිසායි.
නැතිනම් ආහාර ඔබේ දරුවාගේ බඩවැල් හරහා වේගයෙන් ගමන් කරන නිසා ඒවා සම්පූර්ණයෙන්ම බිඳී නොවැටෙයි.
ඔබේ පුංචි පැටියා ඔහුගේ ආහාරයට ගොඩාක් කැමති නිසා ඔහු හපන්නේ නැතුවම ගිලිනවා.
කෙසේ වෙතත්, ඔබේ දරුවාගේ කක්කි තුළ අර්ධ වශයෙන් ජීර්ණය වූ ආහාර නිතර  දකිනවාද?
එසේ නම් ඔබේ දරුවාගේ බඩවැල් නිසි ලෙස ක්‍රියාත්මක වනවාද යන්න පරීක්ෂා කිරීමට වෛද්‍යවරයා හමුවෙන්න.

 9. බබාගේ කක්කි: තද දුඹුරු

බබාගේ කක්කි වල පාට කියන දේවල්

තද දුඹුරු පැහැති කක්කි  පිටවෙනවා නම්  ඔබේ දරුවා ඝන ආහාර පටන්  අරගෙන ඇති අතර එය නිසි ලෙස ජීරණය වෙනවා.
ඔහු  ඝන ද්‍රව්‍ය ආරම්භ කරන මොහොතේම, ඔහුගේ කක්කි වල වෙනසක් ඔබට දකින්න පුළුවන්. විශේෂයෙන් ඔහු මව්කිරි බොනවා නම් එය දකින්න පුළුවන්.
ඝන ආහාර නිසා පිටවෙන කක්කි තාම මෘදු, නමුත් රටකජු බටර් වලට වඩා ඝන වෙනවා. එයන් තරමක් ගන්ධයක් වහනය  වෙන්න පුළුවන්.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • බබාගේ කක්කි වල පාට කියන දේවල්
බෙදාගන්න :
  • දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?

    දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?

  • මගේ බබාගේ කකුල් බකල් වගේ, මම ‌මොකද කරන්නේ?

    මගේ බබාගේ කකුල් බකල් වගේ, මම ‌මොකද කරන්නේ?

  • දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?

    දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?

  • මගේ බබාගේ කකුල් බකල් වගේ, මම ‌මොකද කරන්නේ?

    මගේ බබාගේ කකුල් බකල් වගේ, මම ‌මොකද කරන්නේ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it