theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ජොන්සන් බේබි පවුඩර් වල අඩංගුව තිබු ඇස්බැස්ටෝස් සොයා ගනී

3 අවම කියවීම
ජොන්සන් බේබි පවුඩර් වල අඩංගුව තිබු ඇස්බැස්ටෝස් සොයා ගනීජොන්සන් බේබි පවුඩර් වල අඩංගුව තිබු ඇස්බැස්ටෝස් සොයා ගනී

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් සිය බේබි පවුඩර් නිෂ්පාදනය ආපසු ගෙන්වා ගත්තේ ඇයි?

පසුගියදා  ආහාර හා ඖෂධ පිළිබඳ ඇමරිකානු පරිපාලනය (FDA) විසින් බේබි පවුඩර් වල අඩංගුව තිබු ඇස්බැස්ටෝස්  සොයා ගත්තා.

ආපසු කැද වු බේබි පවුඩර් 

බේබි පවුඩර්

ඒ අනුව ඇමරිකානු බහුජාතික වෙළඳ නාමයක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් සිය බේබි පවුඩර් නිෂ්පාදන ‌තොගය ආපසු ගෙන්වා ගත්තා. 

පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ඖෂධ ක්ෂේත්‍රයේ පතාක යෝධයා කියා සිටියේ,  FDA විසින් “ඔන්ලයින් සිල්ලර වෙළෙන්දෙකුගෙන් මිලදී ගත් තනි බෝතලයක සාම්පලවල ක්‍රයිසෝටයිල් ඇස්බැස්ටෝස් අඩංගු (0.00002% ට නොවැඩි) උප අංශු මාත්‍රයක් සොයා ගත්” බවයි.

තවද ඉතා සුළු ප්‍රමාණයක් සොයා ගත්තද FDA සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත් පරීක්‍ෂා කරන ලද නියැදිය ලබාගත් ජොන්සන්ගේ බේබි පවුඩර්  නිෂ්පාදන තොගය ස්වේච්ඡාවෙන් යලි කැඳවීම ආරම්භ කල බවත් ඔවුන් පැවසුවා.

ඇස්බැස්ටෝස් අඩංගු වීම හේතුවෙන් ජොන්සන් සහ ජොන්සන් පසුබෑමට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ.

මේ වසර  ආර්ම්භයේදීම , මේ බහුජාතික සමාගම විසින් ඔවුන්ගේ බේබි පවුඩර් නිෂ්පාදනයේ අඩංගු ඇස්බැස්ටෝස් තමන්ට පිළිකාවක් ඇති කල බව කියු කාන්තාවකට ඩොලර් මිලියන 29 ක වන්දියක් ගෙව්වා.

මෙම සිදුවීම් දෙකම එක්සත් ජනපදයෙන් වාර්තා වුවත් බොහෝ රටවල දෙමව්පියන් තම රට වල විකුණන නිෂ්පාදන පිළිබඳව අවධානය යොමු කර තියෙනවා.

බොහෝ මව්වරුන් මෙවැනි විශාල නිෂ්පාදකයෙක් මෙසේ කිරීම ගැන පුදුම වෙනවා. කෙසේ වෙතත් අප නිෂ්පාදන මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.

බේබි පවුඩර් : ම‌ොනවාද මේ ඇස්බැස්ටෝස් කියන්නේ?

111

ඇස්බැස්ටෝස් යනු තන්තුමය ඛනිජයකි.

එය ඉදිකිරීම් ද්‍රව්‍ය හා මෝටර් රථ කොටස් සෑදීම සඳහා භාවිතා කරනු ලබනවා.

ඒ වගේම මේවා පෙනහළු වලට දැඩි හානි සිදු කරන ඇස්බැස්ටෝසිස් සහ මෙසොතලියෝමා පිළිකා ඇති කරනවා.

 ඇස්බැස්ටෝස් කුඩු  ඔබගේ හෝ ඔබේ දරුවාගේ ශරීරගත වු විට හෝ ආශ්වාස කල විට, ඛනිජ තන්තු ඔබේ සිරුර තුල සිර වෙනවා.

එවිට ශරීරයේ  දැවිල්ල, හානි සහ සෛල වල ජානමය හානි ඇති කරනවා.

Asbestosis රෝග ලක්ෂණ:

  • වියළි කැස්ස
  • හුස්ම හිරවීම
  • ආහාර රුචිය නැතිවීම
  • අත් හා පා වල ඇඟිලි තුඩු  වෙනදාට වඩා රවුම් හැඩයක් ගැනීම 
  • පපුවේ තද බව

Mesothelioma පිළිකා රෝග ලක්ෂණ:

  • පපුවේ වේදනාව
  • වේදනාකාරී කැස්ස
  • හුස්ම හිරවීම
  • ඔබේ පපුව මත සම යට පටක වල අසාමාන්‍ය ගැටිති
  • අසාමාන්‍ය  බර අඩු වීම
ජොන්සන් බේබි පවුඩර් වල අඩංගුව තිබු ඇස්බැස්ටෝස් සොයා ගනී

ඔබේ දරුවා රැකගන්න

කුඩා දරුවන් ගේ පෙනහළු හා ශ්වසන පද්ධතිය සම්පුර්ණයෙන්ම වැඩී අවසන් නැහැ .

ඒ නිසා ඔවුන්ට  ඇස්බැස්ටෝස් ආසාදනය වීමේ වැඩි අවදානමක් තියෙනවා.

ඇස්බැස්ටෝස් වලින් ඔබේ පවුල ආරක්ෂා කර ගැනීම සඳහා, ඕනෑම නිෂ්පාදනයක් මිලදී ගැනීමට ප්‍රථම එහි අඩංගු  අමුද්‍රව්‍ය ගැන හොඳින් සොයා බලන්න.

බේබි පවුඩර් වලට  අමතරව, පාටකූරු හා රූපලාවන්‍ය නිෂ්පාදන  වල ඇස්බැස්ටෝස් සොයා ගෙන තියෙනවා.

කෙසේ වෙතත්, දෙමව්පියනි, ඇස්බැස්ටෝස් වලට නිරන්තරයෙන් නිරාවරණය වීමෙන් ඇතිවෙන මෙම රෝග හඳුනාගැනීමට වසර ගානක් ගතවෙනවා. ඒ බව මතක තබාගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ජොන්සන් බේබි පවුඩර් වල අඩංගුව තිබු ඇස්බැස්ටෝස් සොයා ගනී
බෙදාගන්න :
  • බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

    බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

  • ඔබේ හිතෙත් දරුවෙකු දරුකමට හදා ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවද?

    ඔබේ හිතෙත් දරුවෙකු දරුකමට හදා ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවද?

  • බබාගේ තරහා නොසලකා හැරියොත් මේ වැරදීම් 3 වෙන්න පුළුවන්

    බබාගේ තරහා නොසලකා හැරියොත් මේ වැරදීම් 3 වෙන්න පුළුවන්

  • බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

    බබාගේ රෙදි සාමාන්‍ය සේදුම් දියර/කුඩු දාලා වොෂින් මැෂින් දානවාද?

  • ඔබේ හිතෙත් දරුවෙකු දරුකමට හදා ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවද?

    ඔබේ හිතෙත් දරුවෙකු දරුකමට හදා ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවද?

  • බබාගේ තරහා නොසලකා හැරියොත් මේ වැරදීම් 3 වෙන්න පුළුවන්

    බබාගේ තරහා නොසලකා හැරියොත් මේ වැරදීම් 3 වෙන්න පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it