theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබා පෙරලීම ගැන මවක් ලෙස ඔබ දැනගත යුතු සියලු කාරණා

7 අවම කියවීම
බබා පෙරලීම ගැන මවක් ලෙස ඔබ දැනගත යුතු සියලු කාරණාබබා පෙරලීම ගැන මවක් ලෙස ඔබ දැනගත යුතු සියලු කාරණා

බබාට ‌පෙරලීමට ඔබට සහය දක්වන්න පුළුවන්. ‌මේ ඒ සදහා උපදෙස්.

බබා පෙරලීම කියන්නේ බබාගේ සංවර්ධනයේ එක්තරා සංධිස්ථානයක්. ඇත්තටම එය බාබාගේ සංචලනයේ ආරම්භක අවස්ථාවයි. 

අම්මලා විදියට අපි කොයි කවුරුත් බබා පෙරළෙනකම් බලා ගෙන ඉන්නවා. ඊලගට බබා බඩ ගා ගෙන යනවා, දණ ගානවා, අල්ලගෙන නැගිටිනවා. ඔව් අන්තිමට ඇවිදිනවා.

මේ හැම වර්ධන සංධිස්ථානයක්ම අපිව සතුටට පත් කරනවා.

බබාගේ සිරුර  කුඩා වුනත් පෙරළීම පහසු නැහැ. ඒ නිසා  ඔබේ කුඩා දරුවාට එය විශාල ජයග්‍රහණයක් වෙනවා.

එයට බෙල්ලෙන් ප්‍රමාණවත් ශක්තියක්, හිස හොඳ පාලනයක් සහ ශක්තිමත් අත් වල  මාංශ පේශි අවශ්‍ය වෙනවා.

ඒ නිසා බබා පෙරලීම ගැන දැනුවත් වෙන්න මේ ලිපිය කියවන්න.

බබා පෙරලීම ආරම්භ කරන්නේ මුනින් අතට සිටින විටයි. මුලින්ම හිස කෙලින්ව තබා ගන්නා අතර පසුව අත් වලින් සිරුරේ උඩ කොටස ඔසවා ගන්නවා.

එම පියවර වලදී බබාගේ ඊලග වර්ධන විශාල පිම්ම සදහා දෑතේ මාංශ පේශින් ශක්තිමත් වෙනවා.

මෙසේ සුදානම් වෙන දරුවා මුලින් මුනින් අතට සිට උඩුකුරුව පෙරලෙනවා. මාසයක් පමණ ගත වෙන විට බබාට උඩුකුරුව සාට මුනින් හැරෙන්නත් පුළුවන්.  

බබා  තම පළමු පෙරලීම පෙන්වන්නේ  මාස දෙකේ සිට පහ දක්වායි.

උඩුකුරුව සිට පැත්තට පෙරලීම මාස හතරක් හෝ පහහමාරක් අතර  කාලයේදිත් , උඩුකුරුව සිට මුනින් අතරට පෙරලීම මාස පහහමාරක් සිට හතහමාර දක්වාත් කාලය තුල ආරම්භ කරනවා.

සමහර අලුත උපන් දරුවන් ආරම්භක දිනවල ඔවුන්ගේ දෙපැත්තට පෙරළෙනවා.

නමුත් මාස දෙකත් පහත් අතර කාලය තුළ ඔවුන් තම උඩු කයට ප්‍රමාණවත් ශක්තියක් ලබා ගන්නා අතර ඔවුන්ගේ දෑතින් උදරයේ සිට පසුපසට තල්ලු වෙනවා.

මාස හතක් වන විට, ඔවුන් මුනින් අතට සිට උඩුකුරු අතට පෙරළීම පමණක් නොව, මුනින් අතට සිටියදි පසුපසට බඩ ගා යන්නත්  දක්ෂ වෙනවා.

බබා පෙරලීම වෙද්දි ඔබ ගත යුතු සරල පූර්වාරක්ෂක ක්‍රම

බබා පෙරලීම ගැන මවක් ලෙස ඔබ දැනගත යුතු සියලු කාරණා

බබා කිසිදු ඇගවීමකින් තොරවඑකවරම පෙරළෙනවා.  ඒ නිසා බබා උස් තැනක තබා තිබියදි සැලකිලිමත් වෙන්න. බබාට පෙරළෙන්න යන්නේ ඉතාම සුළු කාලයක් නිසා බබාව බිමට වැටෙන්න පුළුවන්. දරුවා පෙරළීමේ සලකුණු පෙන්වන විට බිම තැබීමට පුරුදු වෙන්න.

ඔබේ දරුවා පෙරළීම ඉගෙන ගන්නේ කෙසේද?

පළමු මාසය

  • සුළු වේලාවකට හිස ඔසවා සිටින්න පුළුවන්
  • උඩුකුරුව සිටියදී හිස දෙපැත්තට හරවයි.

දෙවන මාසය

  • මුනින් අතට වැතිරී සිටින විට හිස ඔසවා සිටීමට හා  ඉහළට තල්ලු කිරීමට පුළුවන්.
  • අත් සහ කකුල් වලින් මෘදු චලනයන් සිදු කරයි.
  • වාඩි වී සිටියදී හිසට ඉදිරියට ගෙන හරවන්න පුළුවන්

තෙවන  මාසය

  • කකුල් දෙකේන්  ඔසවා තබා ගෙනි සිටියදී සුළු බරක් දරා ගත හැකියි.
  • වාඩි වී සිටියදී හිස ඉහළට පාලනය කළ හැකියි.
  • මුනින් අතට වැතිර  සිටියදී අංශක 45 සිට 90 දක්වා කෝණයකින් හිස සහ උරහිස් ඔසවා තැබිය හැකියි.
  • අතේ යට කොටස මත බර උසුලන්න පුළුවන්.

සිව්වන මාසය

  • සහාය ඇතිව වාඩි විය හැකියි.
  • හොඳ හිස පාලනයක් සහිතයි.
  • කකුල් මත කෙළින් සිටින විට තරමක  බරක් ගෙන යා හැකියි.
  • හිස සහ පපුව අංශක 90 කෝණයකින් ඔසවා ගත හැකියි.
  • මුනින් අතට සිට පැත්තට පෙරළෙයි.

පස්වෙනි මාසය

  • වාඩි වී සිටියදී හිස ඔසවා තබා ගත හැකියි.
  • උඩුකුරුව  සිට මුනින් අතට පෙරළෙයි.

සයවෙනි මාසය

  • මුනින් අතට වැතිරී සිටියදී පපුව සහ බඩේ කොටසක් ඔසවා තැබිය හැකියි.
  • වාඩි වී සිටින විටදි හිස ඔසවන්න පුළුවන්.
  • උඩුකුරුව සිට මුනින් අතට පෙරළෙයි.

පෙරළීමට ඔබේ දරුවාට උගන්වන්නේ කෙසේද?

බබා පෙරලීම ගැන මවක් ලෙස ඔබ දැනගත යුතු සියලු කාරණා

ඔබේ දරුවා බිම සිටීමට කැමති  වීමත් එහා මෙහා චලනය වීමට උනන්දුවක් දක්වන බවක් පෙනේ නම්, ඔබට දරුවාට පෙරළෙන්න උදව් කරන්න පුළුවන්.

මේ ඒ සදහා පියවර කිහිපයකි.

පියවර 1:

බබාව මුනින් අතට තැබීමට ආසන්න වෙද්දි බිම තබන්න.

ඔබේ දරුවා හිස කෙළින් තබා ගැනීමට බෙල්ලේ මාංශ පේශි භාවිතා කරන බැවින් එය සුවපහසු වෙනවා.

පියවර 2:

බිම බැලැන්කට් එකක් අතුරා එහි වම් පැත්තට බබාගේ වම් පැත්ත සිටින සේ හරවා තබන්න.

මද වේලාවක් එසේ තබා බබාට තත්පර කිහිපයක් තම හිස ඔසවා තබා ගත හැකිදැයි බලන්න.

ඇය එසේ කිරීමට අපොහොසත් නම් තවම බබා පෙරළීමට සුදානම් නැහැ.

පියවර 3:

බබාට මදක් ඈතින් සෙල්ලම් බඩුවක් තබාන්න. එය බිම තැබීමට පෙර සොලවා සහ සෙල්ලම් කිරීමට උත්සාහ කරන්න.

ඊලගට  ඔබේ දරුවා එය ලබා ගැනීමට උත්සාහ කරන්නේ දැයි බලන්න.

ඇය තම දෑත් ඉවතට තබා ගත හැකි අතර, නව පිහිටීම නිසැකවම අසහනයක් ඇති කරයි.

පියවර 4:

ඔබේ දරුවා සෙල්ලම් බඩුවට ළඟා වීමට උත්සාහ කරන විට, බ්ලැන්කට්ටුවේ දාරය ඔසවන්න, එවිට ඇගේ දකුණු පැත්ත එසවෙනවා.

අඟලක් වඩා ඔසවන්න එපා.

ඇය එහිදි කලබල වෙනවා නම් බැලැන්කට් එක බිම තබා ඇයව සැනසීමට උත්සාහ කරන්න. මෙය ඇයට ප්‍රසන්න අත්දැකීමක් කරන්න.

පියවර 5:

එක් අතක් බබාගේ බඩ මත තබා බ්ලැන්කට්ටුවේ දාරය ඔසවන්න.

ඔබේ අත මත බබාව  ස්ථාවර කර ඇගේ බබාව නලවන්න.

බබා උඩුකුරු අතට පෙරළෙන තුරු බ්ලැන්කට් එක ඔසවන්න. පෙරළීමෙන් චලනය වී සෙල්ලම් බඩුවට ළඟා විය බබාට දැනෙන්න දෙන්න.

බබාට තනිවම පෙරළීමට පහසු වන තෙක් සෑම දිනකම මේ බ්ලැන්කට් ක්‍රියාකාරකම් නැවත කරන්න.

බබා මුනින් අතට සිටින විට අඩනවා නම් පෙරළීමට උදව් කිරීමට කලින් බබාව සංසුන් කරන්න.

බබා පෙරලීම ඉගෙනීම  සදහා ඉගි

බබා පෙරලීම ගැන මවක් ලෙස ඔබ දැනගත යුතු සියලු කාරණා

බබාව පෙරලීම සදහා යොමු කිරීමට පෙර බබා ඒ සදහා සුදානම් දැයි සැලකිලිමත් වෙන්න. මෙන්න ඒ සදහා උපදෙස් කිහිපයක්.

  • උපන් අලුත සිට ඔබේ අධීක්ෂණය යටතේ දරුවා මුනින් අතට සිටීමට හුරු කරන්න.
  • පළමු මාසයේදි බබා මුලින්ම එයට අකමැති වෙන්න පුළුවන්. ඉන්පසු සුළු කාලයක් තබා ටිකින් ටික එම කාලය වැඩි කරන්න
  • ඔබත් දරුවා හා බිම වාඩි වී දරුවා මුනින් අතට තබන්න. දරුවා ප්‍රිය කරන සෙල්ලම් බඩුවක් තබා ඒ දෙසට දරුවාට බඩ ගා යන්න පොළඹවන්න
  • තුන්වන මාසයේදි මුනින් අතට තැබු විට දරුවා  දෑත් ආධාරයෙන් හිස සහ උරහිස් ඔසවනවා. මෙම කුඩා තල්ලුව ඇයට පෙරළීමට ශක්තිය ලබා දෙනවා.
  • සෙල්ලම් බඩුවක් ඇගේ හිස මට්ටමට ඉහළින් තබා තල්ලු වීමට ඔබේ කුඩා දරුවා දිරිමත් කළ යුතුය. ස්වයංක්‍රීයව ඇගේ දෑත් කෙළින් කර ගැනීමට පෙළඹෙනවා. සෙල්ලම් බඩුවක් ඇගේ අක්ෂි මට්ටමට මඳක් ඈතින් තබන්න.
  • මාස පහක් හෝ හතක් පමණ වන විට, ඔබේ කුඩා දරුවාට ඇගේ හිස ඔසවා, දෑත් ඉහළට ඔසවා, පිටුපසට නැවී තම පපුව බිමෙන් ඔසවා ගන්න පුළුවන්. දරුවා සිය දෑත් දෙපසට විහිදුවමින්  හා පාද වලින් පයින් ගසන්නට පුළුවන්. ඇයගේ මාංශ පේශි ශක්තිමත් කරන බැවින් මේ සියලු ක්‍රියා කිරීමට ඔබ දරුවා දිරිමත් කළ යුතු අතර, ඇය දෙපැත්තටම පෙරළීමට ඉගෙන ගන්නවා.
  • ඔබ ඔබේ දරුවා බිම තබන විට, ඇයව එක් පැත්තකට පෙරළා තනිවම ආපසු හැරීමට ඇයව දිරිමත් කරන්න. ඔබේ දරුවා ඔසවා සිටින විටත් එයම උත්සාහ කරන්න.
  • ඇය පැත්තක හැරී වැතිර  සිටින විට ඇයට සෙල්ලම් බඩුවක්, කැඩපතක් හෝ ආරක්ෂිත වස්තුවක් දෙන්න. ඇයට ඒ පැත්තට සිටිය නොහැකි නම් ඇයට යම් සහයක් දෙන්න.
  • ඔබේ කුඩා දරුවාගේ කකුල් සහ අත් ඇඹරීමෙන් ඇගේ ඉහළ සහ පහළ ශරීරය කරකවන්න ඉඩ දෙන්න. 
  • ඔබේ කුඩා දරුවා ගෙම්බා වැනි ඉරියව්වකට තබා ගන්න.
  • ඔබ ඇයව ඇවිදින්න ගෙන යන විට ට්‍රක් ඉරියව්වෙන් රැගෙන යන්න.

  • ඔබේ දරුවාට දිගු වේලාවක්  ළදරු උපකරණ මත රැඳී සිටීමට ඉඩ නොදෙන්න. 
  • සියලුම ප්‍රධාන චලන කුසලතා ලබා දෙන බැවින් සෑම දිනකම ප්‍රමාණවත් වේලාවක් ඔබේ අධික්ෂණය යටතේ මුනින් අතට තබන්න. 
  • ඔබේ දරුවාට උඩුකුරුව  විවේක ගැනීමට යම් කාලයක් ලබා දෙන්න. ට්‍රක් ඉරියව්ව ඒ සදහා වැදගත් වන්නේ එය ඇගේ දණහිස, කඳ සහ උකුල් මාංශ පේශි නැමීමට ඉඩ සලසන බැවිනි.
  • ඔබේ දරුවාට එකම ස්ථානයක රැඳී සිටීමට ඉඩ නොදෙන්න. සෑම මිනිත්තු 15 කටම ස්ථානය වෙනස් කිරීමට උත්සාහ කරන්න. 
  • ශරීරයේ මධ්‍යයේ ඇති අදෘශ්‍යමාන රේඛාව වටා ගමන් කිරීම සඳහා මැද රේඛාව මත සෙල්ලම් කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. පෙරලීමේ හැකියාව රඳා පවතින්නේ ඔබේ දරුවාට එම මැද රේඛාව තරණය කිරීමේ හැකියාව මතයි.

පෙරළීමට ඔබේ දරුවා දිරිමත් කරන්නේ කෙසේද?

  • ඔබේ දරුවාට පෙරලීම පුරුදු කිරීමට  දරුවා සමග ඔබත් සෙල්ලම් කරන්න..
  • ඇගේ ප්‍රියතම සෙල්ලම් බඩුවක් විහිදුවන්න, එවිට ඇය ඒ දෙසට ගමන් කිරීමට උත්සාහ කරනවා.
  • මේ සදහා ඔබේ දරුවා වැඩිපුරම කැමති සෙල්ලම් බඩුවක් භාවිතා කරන්න.
  • බබාට පෙරළි ඔබ ලගට සමීප විය හැකි ආකාරයට ඇය ලගම වැතිර සිටින්න.
  • ඇය සෙල්ලම් බඩුව ගැනීමට ඔබ වෙත ළඟා වන්නේ නම්, ඇයව සිනහවෙන් සතුටු කරන්න. එවිට ඇය පෙරළීමට ඇය වඩාත් උද්යෝගිමත් විය හැකිය.
  • දෙපැත්තටම පෙරළීමට ඇයව දිරිමත් කරන්න. සමබර මාංශ පේශි වර්ධනය කිරීමට එය උපකාරී වෙනවා.

බබා පෙරලීම සහ ආරක්ෂිත නින්ද:

ඔබේ දරුවා නිදා සිටියදී පෙරළීම ගැන ඔබ කරදර වෙන්න එපා. 

පළමු වසර තුළදී, හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (SIDS) වළක්වා ගැනීම සඳහා ඔබ ඇයගේ උඩුකුරුව පමණක් තබන්න.

නින්දේදී ඔබේ දරුවා පෙරළෙන බව ඔබ දුටු විට, ඇයව උඩුකුරුව තැබීමට  උත්සාහ කරන්න.

මාස හතරකට පසු ඔබේ දරුවා සඳහා SIDS අවදානම අඩු වෙනවා. ඔබේ දරුවා වසරක් සම්පූර්ණ වූ පසු එම අවදානම නැත.

ඔබේ දරුවා නිදා සිටියදී පෙරළී ගියහොත් ඔබට කුමක් කළ හැකිද?

  1. බබා පෙරළීම පටන් ගත් විටම 

ඔබේ දරුවා පෙරළෙන විට, ඇයව උඩුකුරුව සුපුරුදු නින්දට පත් කරන්න. ඇය නොසංසුන් නම්, විනාඩි 15 ක් පමණ රැඳී සිටින්න.

ඇය තවමත් කනස්සල්ලට පත්ව සිටී නම්, ඇයට මෙම අලුත් ඉරියව්ව ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබා දී ටික වේලාවකට පසු ඇයව පෙරළන්න.

  1. මොහොතකට පෙරලීම:

ඇයගේ පෙරළීම ඔබ දුටුවහොත්, ඇයව සුපුරුදු නිදාගැනීමේ ඉරියව්වට පෙරළීමට උත්සාහ කරන්න.

ඇය නොසංසුන් වී ඇති බව ඔබ දුටුවහොත්, නින්දට යන තෙක් ඇයව සනසන්න. ඇය මධ්‍යම රාත්‍රියට පෙර පෙරළී ඇත්නම්, ඇයට නව ඉරියව්වේ නිදා ගැනීමට ඉඩ දෙන්න.

නැතහොත් සුපුරුදු ඉරියව්වට පෙරළන්න.

  1. දිවා කාලයේ පෙරලීම:

දිවා කාලයේදී ඔබේ දරුවාට පෙරළීමට ඉඩ දෙන්න. ඇයගේ මුනින් අතට විනාඩි 15 ක් තබන්න. එය ඇගේ කොන්ද ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා.

ඔබට ඇයව උඩුකුරුව සිට මුනින් අතට පෙරළීමට උත්සාහ කරන්න. නින්දට යාමේදී එය නැවත කරන්න.

නව ඉරියව්ව ගැන ඇය කෝපයට පත් වුවහොත් සුපුරුදු නින්දේ ඉරියව්වට පෙරලන්න.

මේ ලිපිය ඔබට වැදගත් ‌වේවි යැයි අපි හිතනවා.

මුලාශ්‍ර - www.momjunction.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • බබා පෙරලීම ගැන මවක් ලෙස ඔබ දැනගත යුතු සියලු කාරණා
බෙදාගන්න :
  • බබා නිරෝගිද කියලා මේ ලක්ෂණ 8 බලන්න

    බබා නිරෝගිද කියලා මේ ලක්ෂණ 8 බලන්න

  • හවසට ‌‌තේ ‌බොන ‌කොට කන්න රසම රස රෝල්ස් රෙසපි 2 ක්

    හවසට ‌‌තේ ‌බොන ‌කොට කන්න රසම රස රෝල්ස් රෙසපි 2 ක්

  • බබා නිරෝගිද කියලා මේ ලක්ෂණ 8 බලන්න

    බබා නිරෝගිද කියලා මේ ලක්ෂණ 8 බලන්න

  • හවසට ‌‌තේ ‌බොන ‌කොට කන්න රසම රස රෝල්ස් රෙසපි 2 ක්

    හවසට ‌‌තේ ‌බොන ‌කොට කන්න රසම රස රෝල්ස් රෙසපි 2 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it