ඔබේ සොදුරු පොඩිත්තාට අනිවාර්යයෙන්ම ප්‍රගුණ කල යුතු චර්‍යාවන්

සමහර ස්ථීර චර්‍යාවන් ඔබේ දරුවා සතුටටත් ආදරණීය බවත් ලබා දීමට අත්වැලක් වේ....

දරුවන් ලෙස හදුන්වනු ලබන පුංචි ප්‍රාණින්ගේ පුරුදු සදහා චර්‍යාවන් වැදගත් වේ.දරුවා ,මව සහ පියා අතර හොද සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට කදිම අවස්තාවක් හොද චර්‍යාවන් ලබා දෙන අතර එම නිසා ආදරය ,සැනසීම වැනි හැගීම් ඒ තුල ක්‍රියාත්මක වෙනවා.

ඔබ සැමවිටම දරුවා වෙතට පැමිණ ඔහු වෙනුවෙන් සිටිවි යැයි කියන සැනසීම ,බලාපොරොත්තුව ස්ථීර චර්‍යාවන් මගින් ඔබේ දරුවාට උගන්වනු ලබනවා.ඒ බලාපොරොත්තුව තේරුම් ගැනීම  විසින් ඔබ හා දරුවා අතර ජීවත කාලය පුරාවටම පවතින විශ්වාසයක් සදහා අත්තිවාරම් දමාවි.

ස්ථිර චර්‍යාවන් කාර්‍යබහුල දෙමාපියන්ගේ ජීවිත මදකට සැහැල්ලු කරන අතර  ඒ මගින් දරුවා කේන්ද්‍ර කර ගැනීමත් එදිනෙදා නිවසේ වැඩකටයුතු  කරගැනීමත් අතර සමබරතාවයක් පවත්වා ගැනීමට අත්වැලක් වෙනවා.

ආරම්භයක් විදියට දරුවෙකු තුල වර්ධනය කිරීමට ඉතා වැදගත් යැයි අපි සිතන චර්‍යාවන් හතරක්  මෙහිදී ඉදිරිපත් කරන්නෙමු .

නින්දට යැවීමේදී

 අලුත උපන් දරුවා  නින්ද පිලිබඳ චර්‍යාවන් සදහා කුඩා වැඩි බව මතක තබා ගන්න. අලුත උපන් දරුවා ස්ථීර නිදන චක්‍රයක්  සදහා කුඩා වැඩි වේ.ඔහුට ඇත්ත වශයෙන්ම දහවල හා රාත්‍රියේ වෙනස නොතේරෙන අතර මව්කිරි ,උණුසුම හා දෙමාපියන් සමග ඇති සම්බන්ධතාවය ඔහුගේ එකම අවශ්‍යතාවය වේ.

 නමුත්  ඔහු වයසින් වැඩෙත්ම  ඔහුව නින්ද පිලිබඳ චර්‍යාවන් වර්ධනය  සදහා ඔබ විසින් පියවර ගත යුතුය . කල් යත්ම දරුවා ඔහු නින්දට යායුතු වෙලාව අවබෝධ කර ගනිවි.දරුවාගේ  සෞඛ්‍යයට ,වර්ධනයට මෙන්ම ඔබගේ සුභ සිද්ධිය සදහා දරුවා හොද නින්දක් ලැබීම වැදගත් වේ.

ඔබට කල හැක්කේ කුමක්ද ?

දරුවා නිදිකිරීමට ඔහු මහන්සියට හා අපහසුතාවයට පත්වන තුරු නොසිටින්න.දරුවා වෙහෙසට පත්ව ඇත්නම්,ඈනුම් අරියි නම් නැතිනම් නාසය පිරිමදියි නම් ඔබ දකින එම සලකුණු දරුවා නින්දට යැවීමට සුදුසු වෙලාව ඔබට දැනුම් දේවි.

ඒ වගේම දරුවාගේ කුස පිරවීම,ඔහුව සැහැල්ලුවෙන් තැබීම,උණුසුම් නෑවීමක් සමග සම්බාහනයක්, සුරතල් කර නැලවීම,පොතක් කියවීම,මෘදු සංගීතය ඇසීමට සැලැස්වීම හෝ විදුලි බල්බයේ දීප්තිය අඩු කිරීම  වැනි  ක්‍රියාකාරකම් මගින් නින්ද සදහා සුදානම් කල හැකිය.ඉන්පසුව ඔබේ දරුවා ඉක්මනින්ම නින්දට වැටෙනවාදැයි  තහවුරු කර ගන්න.

දරුවා ඉපදී මුලික දින කිහිපය පසුකරන විට ටිකෙන් ටික මෙම පුර්ව නිදාගැනීමේ ක්‍රියාකාරකම් දවල් ලබා ගන්නා නින්දට පෙර සවස නිදා ගැනීමට පෙර යොදා ගත හැක.

ඔබ නොකල යුත්තේ මොනවාද ?

ඔබේ දරුවා නින්ද පිලිබඳ  චර්‍යාවන්ට හුරුවීමට කල් ගතහොත් ඒ පිලිබඳ ආතතියට පත් නොවන්න. ඒ වගේම දරුවන් ඔබේ ළමැදේ හා ඔබේ දෑතේ නින්දට වැටීම සාමාන්‍ය දෙයක් වේ.ඒ පිලිබඳ සිතා කලබල නොවන්න.දරුවාට ඔබ ආසන්නයේ ආරක්ෂාව දැනීම එයට හේතුව වේ.

වයසින් වැඩෙත්ම මෙම ගති ලක්ෂණ ඔහු ඉගෙන ගන්නා අතර අනිවාර්යයෙන්ම ඔබට පුදුම හිතෙන විදියේ පුංචි නිදන්නෙකු හිමි වේවි.

කිරි දීමේදී

ස්ථාවර කිරි දිමේ චර්‍යාවක් පිහිටුවා ගන්නා තුරු  අලුත උපන් දරුවාට අවශ්‍යතාවයේදි පමණක් කිරිදීම ඉතා හොද වේ.

අලුත උපන් දරුවන්ට අවශ්‍යතාවයේදි කිරි දීම  නිර්දේශ කරන අතර  දරුවා වර්ධනය වත්ම ඔහුට කිරි ලබාදීමට අවශ්‍ය රටාව ඔබට පැහැදිලි වේවි.

කිරිදීමේදි සැහැල්ලු චර්‍යාවන් අනුගමනය කිරීම මගින්  ඔහුට කුස ගිනි වු විට රසවත් කිරි ලබා දීමට ඔබ සුදානම් බව වටහා ගන්නා ඔබේ දරුවා සතුටට පත්වේවි. ඒ වගේම  දරුවා වයසින් වැඩෙත්ම ඔබට හැකිනම් නිත්‍ය චර්‍යාවන් අනුගමනය කිරීමට ඔබගේ මව්කිරි සැපයීම නොකඩවා හා ක්‍රමවත් වේවි.

මොනවාද ඔබ කල යුත්තේ ?

කලබලකාරී ස්වභාවය, මුව විවර කර නාසය කැසීම, ඔබගේ ළමැද දෙස බැලීම වැනි සලකුණු මගින් ඔබේ දරුවාගේ කුස ගින්න හදුනා ගන්න.

ඒ වගේම  වතුර වීදුරුවක් පානය කිරීම,කිරී දීම පහසු කරන කොට්ටයක් භාවිතා කිරීම ,මෘදු සංගීතය ඇසීමෙන් කිරිදීමට සුදානම් වෙන්න.

මොනවාද ඔබ  නොකල යුත්තේ ?

දරුවාට කිරී දීම සදහා ඔහුට බඩගිනි වී හඩන තුරු නොසිටින්න .ඇඩීමෙන් වෙහෙසට පත් වීම හෝ එම අවස්තාවේදි ඔබේ ළමැදේ නින්දට පත්වීම නිසා ආහාර ගැනීමේදී දරුවා වික්ෂිප්ත වීමට පුලුවන් .

ඒවගේම දරුවා සැම පැය දෙක තුනකට වරක් කිරී නොබීම නිසා නොසංසුන් වෙන්න එපා.කාල සටහනක් මත නොරැදි චර්‍යාවන් ගැන අවධානයෙන් සිටින්න .දරුවාගේ කුසගින්න පිලිබඳ ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න .

ක්‍රීඩා කිරීමේදී

සුන්දර සම්බන්ධතාවයක් සදහා දරුවා සමග ක්‍රීඩා කරන්න .

ඉතා කුඩා වුවත් දරුවන් ක්‍රීඩා  කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලබා ගනී.ක්‍රීඩා  කිරීම මගින් ඔවුන් නව අත්දැකීම් ලබා ගන්නා අතර ඔවුන්ගේ පරිසරය හා ඔබ හා ඇති සම්බන්ධතාවය ඉගෙන ගනියි. .ඔබේ පොඩිත්තන් මදක් කුඩා කාලයේදී  සිට දිනකට ක්‍රීඩා චර්‍යාවන් කිහිපයක් ලෙස ක්‍රියාත්මක කරන්න.

ඔබ කල යුත්තේ මොනවාද ?

ඔබේ කුඩා දරුවා සමග මෘදු හා කුඩා ප්‍රමාණයෙන් ක්‍රීඩා කරන්න .ඔබේ පොඩිත්තා වයසින් වැඩෙත්ම ඔහුගේ අවධානය වඩාත් දිනාගත්  කෑමට පසු  වැනි  අවස්ථා වල ක්‍රීඩා වාර ගණනක් සුදානම් කිරීමට උත්සහ කරන්න . ඔහුට කියවන්න .ඔහුට කිචි කවන්න.

ඔහුත් සමග "This little piggy " වැනි පුංචි ක්‍රිඩාව කරන්න. මෙම අවස්තාවේ දී ඔබගේ සම්පුර්ණ අවධානය දරුවාට ලබා දීමෙන් ඔහු ඔබ සත්‍ය වශයෙන්ම ක්‍රීඩාව තුල සිටින බව ඔහු තේරුම් ගනිවි.

ඔබ නොකල යුත්තේ මොනවාද ?

මුලික ක්‍රීඩා වාර විනාඩි පහත් දහයත් අතර කෙටි ඒවා විය යුතුය . එලි විහිදෙන එලි සහිත විදුලි බුබුලු ,පාට සහ විශාල ශබ්ද ඇති නාගරික පරිසර මේ සදහා තෝරා නොගන්න.ඔබගේ කාලසටහනේ අවසානය නින්ද නම්අනවශ්‍ය ලෙස උත්තේජනය කිරීම  ඔබේ දරුවාගේ නින්දට බාධාවක් විය හැක.

ඒ වගේම ක්‍රීඩා වාරය අවසානයේදී ඔබ බලාපොරොත්තු වෙන්න කුමක්ද යන්න ඔහුව පීඩනයට පත් කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම දරුවාගේ අඩු අවධානය පිලිබඳ කනස්සල්ලට පත් නොවන්න. ඒය සාමාන්‍ය දෙයක් වන අතර වයසින් වැඩෙත්ම ඔහුගේ අවධානය වැඩි වීම හා ඉලක්ක ගත වීම වැඩිදියුණු වේවි.

නැවීමේදි

නිවැරදිව සකස් කල චර්‍යාවන් තුල ඔබේ දරුවා නාන වෙලාව වෙනුවෙන් බලා හිදිවී. ඒ වගේම කිසිම විටෙක දරුවා නාන බේසම ලග හෝ වතුර අසල තනි නොකිරීමට මතක තබා ගන්න .

උදෑසන නාවන්නේ නම් දරුවාට ශක්ති ජනක ආරම්භයක්ද නිදාගැනීමට පෙර නාවන්නේ නම් සුවබර නින්දක්ද ලගා කරයි.( හෝ ඒ දෙකම සිදුවිය හැක).නෑවීම සදහා සම්බන්ධතාවයන් හා සෙල්ලම් කිරීමට අවස්ථා ලබා දෙන්න.ඒ වගේම මෙම නාවන අවස්ථාව දරුවාගේ මදුරු දෂ්ටන හා බිබිල පරීක්ෂා කිරීමට අවස්ථාවක් කර ගන්න .

ඔබ කල යුත්තේ මොනවාද ?

දරුවාගේ නාන අවස්ථාව  ඔබ තෝරා ගත යුත්තේ ඔබ කාර්‍යබහුල හෝ පීඩනයට පත්ව නැති අවස්ථාවක වේ.ඒ වගේම ලිස්සන සුලු දරුවා නැහැවීමේදි ඔබගේ සම්පුර්ණ අවධානය ඒ සදහා යොමු කල යුතුය .පිස දැමීමට අවශ්‍ය රෙදි කැබැල්ලේ සිට නෑවිමට අවශ්‍ය සියලු දෑ නැවීම පටන් ගැනීමට පෙර ලගට ගැනීමට මතක තබා ගන්න .

දරුවා නෑවිමෙන් පසු ඇදුම් ඇන්දවීමට පෙර ඔහුව මෘදු ලෙස සම්භාහනය කරන්න .

ඔබ නොකල යුත්තේ මොනවාද ?

කිසිම විටෙක ඔබේ දරුවා එක තත්පරයකටවත් නාන අවස්ථාවේදී තනි නොකරන්න .දරුවන් අගල් දෙකක ජලයේ වුවද ගිලී අනතුරක් විය හැක.නාන අවස්ථාවේදී දරුවා වෙත ඔබේ සම්පුර්ණ අවධානය යොමු කිරීම සදහා ඔබේ දුරකථනය ඕෆ් කිරිම හෝ සයිලන්ට් අවස්ථාවට පත් කරන්න .ඒ වගේම  නිවසේ කවුරුත් නැත්නම් දරුවා නාවන විට දොර සීනුව නාද වුවහොත් දරුවා හොදින් ඔතාගෙන ඔහුද සමග ගොස් ඒ ගැන පරීක්ෂා කරන්න .

අලුත උපන් ඔබේ දරුවා දිනපතාම නෑවීමට අවශ්‍ය නොවන අතර පෙකණි වැල වැටීමට පෙරද එසේ වේ. සාමන්‍ය තෙත මාත්තු කිරීම මේ අවධිය සදහා ප්‍රමාණවත් වේ.

මව්වරුනි, පියවරුනි ඔබේ දරුවා රෝගී වු විට හෝ වේගයෙන් වර්ධනය වන විට (හෝ වෙනත් හේතුවක් මත)  පිහිටුවන ලද චර්‍යාවන් වෙනස් විය හැක.එහි ගැටලුවක් නැත .

අවසාන වශයෙන් , ඊලගට වෙන්නේ මොකද්ද යැයි දැන සිටීමෙන් ඔබේ දරුවාට ආරක්ෂාකාරී හැගීමක් ඇතිවීමට චර්‍යාවන් උපකාරී වේ.ඒ වගේම ඔබට ඔබේ දවස සැලසුම් කර ගැනීමට හා ඒ මගින් ඔබ වෙනුවෙන් වෙලාවක් සැලසුම් කර ගැනීමට චර්‍යාවන් උදව් වේ.

ඒ වගේම කිසිම දෙයක් ළමා වියේදි ස්ථීරව පිහිටුවිය නොහැක. චර්‍යාවන්ද එසේ වේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී