චේන්ජින් ටේබල් එකකදී මාස තුනක දරුවෙක් මිය යයි. හේතුව ඇහුවොත් ඔබේ හදවත හඬා වැටේවි

lead image

ඇඳුම් මාරු කරන මේසය මත මේ පුතාව තියලා අම්මා ටිකකට කිරි බෝතලය ගේන්න ගියා. ඊට පස්සේ වුණ දේ ඉතාම ශෝචනීයයි...

ඇඳුම් මාරු කරන මේසය මත මේ පුතාව තියලා අම්මා ටිකකට කිරි බෝතලය ගේන්න ගියා. ඊට පස්සේ වුණ දේ ඉතාම ශෝචනීයයි. ඇය ආයිත් එනකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි. එයාට එයාගේ දරුවා නැති වුණා. ලේසි ලීන්ගේ පුංචි පැටියා ඇයට නැතිවුනේ මහා නරක අනතුරකින්. නමුත් ඇය ඉන් වැටිලා නැහැ.

මේසය මතම ඇය ලොකු වේදනාවක් විඳලා තිබුණා. ඇගේ අම්මා ඇයව තබා ගියාට පස්සේ රෝල්වෙලා වැටුන ඇයගේ බෙල්ල හිඩැසක සිරවී ගෙල සිරවී හුස්ම ගන්න බැරි වුණ නිසා ඇය මරණය කරා ගියා. මේ මරණය වෙනුවෙන් ඇගේ මව වග උත්තරකාරියක ලෙස සිරගත වුණා.

ඇගේ සැමියා මෙය හදිසි අනතුරක් ලෙස කිව්වත් උසාවියේ මතය වුණේ දරුවා රෝල්වී වැටෙන්නට හැකියාව ඇති බව ඔබ දැනසිටි නිසා එය වරදක් බවත් එලෙස දරුවා තනිකර තැබීම නුසුදුසු වෙනවා. මේ අම්මා හිතාමතා එහෙම නොකළත් දැන් ඒ දරුවා ජීවතුන් අතර නැහැ. දැන් ගිය දේවල් කිසිවක් නැවත ගන්න බැහැ. ඒ වගේම ඇගේ අතින් මේ අත්වැරැද්ද වුණා කියන හැඟීමෙන් ඇයටත් ඇගේ පවුලටත් සාදාකාලික නිදහසක් ලැබෙන්නේ නැහැ.

සමහර අනතුරු අපට වළකා ගන්න හැකියාව තිබුණත් නොසැලකිල්ලෙන් එය මග හැරෙන්න පුළුවන්. දරුවන්ගේ අනාරක්ෂාව එතරම් භාරදුර කටයුත්තක් බව නොසිතුනත් සමහර විට ඉතා සියුම් අතපසු වීමක් ඛේදාන්තයක් කරා යන්න පුළුවන්. මේ අම්මට දරුවා වඩාගෙන නැතිනම් තවත් කෙනෙකුට එහි රැඳෙන ලෙස කියන්න තිබුණා.

මේ ඉඟි වලින් මෙවැනි අනතුරු අවම කර ගන්න ඔබත් උත්සාහ කරන්න.

බබා නවන විට ප්‍රවේසම් වෙන්න

  • බබා නාන බේසමේ නැවීමට පෙර උෂ්ණත්වය පරික්ෂා කර බලන්න.
  • කරාම වලට ආරක්‍ෂිත කවර යොදන්න.
  • නාන බේසම වටා ලිස්සන්නේ නැති ඇතුරුම් යොදන්න.
  • දරුවාගේ අත සිර නොවන දොරලොක් සවි කරන්න.

දරුවාගේ කාමරය තුළ ආරක්ෂාව

  • අනුමත හා නිර්දේශිත ආකාරයට කාමරය සකසන්න.
  • දරුවාගේ තොටිල්ල හැකි තරම් සරල කර කොට්ට හා රෙදි දරුවාගේ ඇඟේ එතීමට ඇති ඉඩ අහුරන්න.
  • නාසය හා බෙල්ල තදවන ආකාරයේ රෙදි දමන්න එපා.

හනය තුළ බබාට ආරක්ෂාව

  • අවුරුදු 11/2 පමණ වන විට අසුන දෙසට හැරුණු කාර් සීට් එකක් යොදාගන්න.
  • කාර් සීට් එක පිටුපස අසුනේ මැදට වෙන්න සවි කරන්න.
  • උරහිස හා සම්බන්ධ වන පටි උරහිස ඉහළින් හෝ පහළින් තිබීම වැදගත්.
  • නාසය හෝ බෙල්ලට සිරවෙන පටි හෝ බ්ලැන්කට් තබන්න එපා.

පිළියම් හා ප්‍රථමාධාර  

  • ඔබ නිවසේ පඩිපෙලක් ඇත්නම් ඊට ගේට්ටුවක් සවි කරන්න.
  • කුකර් හා විදුලි උපකරණ දරුවාට ළඟාවිය නොහැකි තැන්වල තබන්න.
  • නිවාස තුළ තබන ශාඛ ඈත්කර තබන්න.
  • දරුවාට ළඟාවිය හැකි දුරක රූපවාහිනිය සවි කරන්න.
  • තියුණු කොන් ඇති ගෘහ උපකරණ වල කොන් ආවරණය කරන්න.

නිතරම විමසිල්ලෙන් ඉන්න එක එතරම් පහසු නැතත් දරුවාට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමෙන් ඔබට ඇති පීඩනය අඩු කර ගන්නත් දරුවාට ඇති ආරක්ෂාව වැඩි කරගන්නත් පුළුවන්.ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් theAsianparent Sri Lanka මේ තොරතුරු සොයා ගත්තා.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ