සීයත් එක්ක ළදරුවෙක් නාන්න ගිය අවස්ථාවක වුන අවාසනාවන්ත සිදුවිමක්

lead image

ඔබේ දරුවා කිසි විටකත් අන් අය ළඟ තනිව තියන්න එපා. මෙම ලිපිය දැන්ම කියවා ඇයි කියලා දැනගන්න.

දෙමාපියන් හැරුණු විට දරුවන්ගේ වගකීම වෙනත් අයෙකුට බාරදුන් පසු ඔවුන්ගෙන් වන වැරදි අතපසු වීම් අපිට කියන්න බැහැ.

එය සිතා මතා නොවුනත් දරුවෙකුට වන අත්වැරදීමක් ආයේ හදන්න බැහැ. සමහර දෙමාපියන් දරුවෙකු නැවීම ඉතා සුළුවෙන් හිතුවත් පුංචි අත් වැරදීමකින් අපිට ඔවුන්ව සදහටම නැතිවෙන්න පුළුවන්.

නවසීලන්තයේ වෙලින්ටන් වල හෝටලයකදී මාස 24 ක් වයස දරුවෙක් නාවන්න ගිහිල්ලා වුන අත් වැරදීමකින් දරුවා ජිවිතක්ෂයට පත් වුණා.

ෆනෑන්ඩෝ රිකෙල්මි  හුඟක් වෙලාවට මිනිපිරියන්ව බලා කියා ගත්තා. ලෙයිලා එයාගේ එක් මිනිපිරියක්. ඇයව උණු වතුරෙන් නාවන්න මේ සීයට පවරලා දරුවාගේ දෙමාපියෝ ටිකකට පිටතට ගිහින්.

නාන බාත් ටබ් එකට වතුර පුරවලා සීයා දරුවාව ඒ තුළ තියලා එතනම අල්ලපු කාමරයට ගියේ මිනිත්තු දෙක තුනකට. සීයා එනකිට එනකොට දරුවාව පැත්තකට වැටිලා නහය, කට වතුරේ ගිලිලා.

සීයා දරුවාව අරගෙන ඇගේ මුහුණ වතුරෙන් මෑත් කරලා ඇයට සිහිය ගන්න බැලුවා. ඊට පස්සේ දරුවාව ඇඳ මත තියලා දරුවාගේ නාඩි වැටීම බැලුවා. ඒත් ඵලක් නැති තැන උදවු ඉල්ලලා විමසීම් අංශයට කතා කළා.

ප්‍රථමාධාර හා අනෙකුත් සියලු දේ කළත් උත්සාහයන් අසාර්ථක වුණා. පුංචි මල් කැකුළ ජිවිතයෙන් සමු අරගෙන තිබුණා. සීයාගේ නොසැලකිල්ල හා අනතුර ගැන නොදැනුවත්කම හා වළක්වා නොගැනීම නිසා මේ වරද සිදු වූ බවට නිත්‍යානුකූල පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුණා.

ඔබේ දරුවා නහවන්නේ කෙසේද ?

නාන වෙලාවට දෙමාපියන්ට වගේම දරුවන්ටත් රසබර අත්දැකීමක් විය යුතුයි. එය කලබලයෙන් නොකළ යුත්තක් නිසා නොසැලකිල්ලෙන්  හා සුදානමක් නැතිව කිරීමෙන් අනතුරු ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසාම මේ කරුණු ගැන සිතා බලන්න.

  • බිළින්දන් නිතර සේදීම අවශ්‍ය නැහැ.තෙත මාත්තු කිරීම සමහර විට ප්‍රමාණවත්.විශේෂයෙන් ඔවුන්ගේ බෙල්ල, ඉකිළි, අත්යට ඉක්මනින් තෙත වෙලෙන්නේ නැති නිසා ඒ ගැන සැලකිලිමත් වීම වටිනවා.
  • පුරුද්දක් ඇත්නම් උදේ, දවල්, රාත්‍රී කියලා වෙනසක් නැහැ. උදේට නෑමෙන් දරුවන්ට හුඟක් විනෝදයෙන් ගත කරන්න ලැබෙනවා. සවසට නෑමෙන් හොඳ නින්දක් ලැබෙනවා.
  • බාත් ටබ් එකට වතුර අඟල් 1-3 දක්වා උණුසුම් වතුර දැමීම ප්‍රමාණවත්. ඔවුන්ව උණුසුම්ව තබන්න දිගටම උණුසුම් වතුර වත් කරන්න.

theAsianparent Sri Lanka අපි පුංචි අත්වැරදීම් ගැන දිගින් දිගටම මතක් කරන්නේ ඔබේ හොඳම මිතුරිය ලෙස ඔබේ දුක සතුට අපිට හරියට වටිනා නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ