තත්පර කිහිපයකින් පැටියා නින්දට යවන මේ තාත්තා කරන පුංචි ශබ්දය ගැන දැනගන්න

ඔබටත් මේ තාත්තා එයාගේ පුංචි පැටියා නින්දට යවන්න යොදාගන්නා මේ පුංචි ශබ්දය ගැන අත්හදා බලන්න පුළුවන්.

දෙමාපියන් හැමෝම දන්නවා දරුවන් නින්දට යවන්න කොයිතරම් අමාරුද කියලා. ඔබේ පැටියා වැඩිපුර අවදිවෙලා ඉන්න කැමති කෙනෙක් නම් මේ තාත්තා යොදාගන්න උපක්‍රමය ඔබත් අත්හදා බලන්න.

ඩැනියෙල් එයිසන්මන් කියන්නේ අළුතින් පිය පදවිය ලැබූ කෙනෙක්. ඔහු උනන්දුව ඇතිකරවන ආකාරයේ දේශනා පවත්වන කථිකයෙක් වගේම කතෘවරයෙක්. මෑත දිනයකදී ෆේස්බුක් හරහා ඔහු ඔහුගේ පුංචි දියණියව තත්පර 15ක් තුළ නින්දට යවන්න කළ වීඩියෝ ක්ලිප් එකක් ෆේස්බුක් වෙත ඒවා තිබුණා.

ඩැනියෙල් විසින් දියණිය හඬන්න පටන්ගත් මොහොතේ පටිගත කිරීම අරඹා තිබුණා. තාත්තා නිසොල්මනේ පැටියා දිහා බලාගෙන ‘ඕම්’ කියන වචනය ඉතා අධ්‍යාත්මික ස්වරයකින් කියන්න පටන් ගන්නවා.

ටිබෙට් බුද්ධ දර්ශනයට අනුව ශුද්ධ වූ මන්තරයක් ලෙස භාවිතයට ගයනා ස්වරයක් ලෙසත් මේ ඕම් යන වචනය විශ්වාස කරනවා. හරි පුදුමයක් කියන්නේ මේ තාත්තා මේ ස්වරය පටන් ගන්නා තැන සිට ඉතා කෙටි වෙලාවකින් මේ පැටියා සන්සුන් වෙලා නින්දට යනවා.

දහස් ගණන් දෙනා අතර මේ වීඩියෝව ෂෙයාර් වෙලත් මිලියන 35ක වාතාවක් මෙය බලලත් තියෙනවා.

‘ඕම්’ ශුද්ධ වචනය

මෙම ශබ්දය තුළ සන්සුන් කරවීමේ ධ්වනි ශක්තියක් ඇති බවට විශ්වාස කෙරෙනවා. එය වාතලයට මුසු වන විට 432 H2 වාර ගණනකින් යුතු බවටත් පරිසරයේ ඇති ස්වභාවික ස්පන්දනයන් මීට සමාන බවත් Mind BodyGreenට අනුව ස්පන්දනයන් හි මෙවැනි ශබ්ද තුළින් ස්නායු පද්ධතිය සන්සුන් කරමින් පුද්ගලයන් සමාධි ගත කරන බව පවසනවා.

ඉතින් පුංචි දුව දිවිනාත් නින්දට යාමේ රහස එය වෙන්න පුළුවන්. ඔබත් මේ අපුර්ව ක්‍රමය අත්හදා බලා ඔබටත් පැටියාටත් සුව නින්දක් ලබාගන්න.

theAsianparent Sri Lanka වෙතින් තවත් අලුත් පණිවිඩයක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ