theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?

4 අවම කියවීම
දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?

ළදරුවන්ගේ ගෙරවීම සාමාන්‍ය සිදුවීමක්ද? එය අසාමාන්‍ය විය හැකි අවස්ථා හඳුනාගන්නේ කෙසේද? දරුවා නින්දෙන් ගෙරවීම ගැන දෙමාපිය ඔබට වැදගත් මගපෙන්වීමක් මේ.

දරුවා නින්දෙන් ගෙරවීම: අපේ පොඩිත්තො ඉපදුනු වෙලාවෙ ඉඳන් කරන්නේ එක් එක් ආකාරයේ අමුතුම දේවල් තමා.

ඇහැරිලා ඉද්දි විතරක් නෙමෙයි නින්දේදීත් අමුතුම හඬ ශබ්ධ නිකුත් කරනවා. කොටින්ම එම හඬ ශබ්ධ වලට කලබල වි‍ය යුතුද නැද්ද  කියලවත් හිතාගන්න බැහැ.

දරුවන් නින්දෙන් ගෙරවීම විතරක් නෙවෙයි ගොර ගොඩ හඬ නැගීම, තොල් එකිනෙකට වද්දවමින් තලුමරන ශබ්ධ නිකුත් කිරීම වගේම වේගයෙන් හුස්ම ගැනීම ආදිය කරනනේ දෙමාපිය අපේ හිතෙත් චකිතයක් ඇති කරමින්.

ඒ විතරක් නෙවෙයි සමහර බබාල නින්දෙන් සිහින් සිනා පානවා විතරක් නෙවෙයි, කැකිරිත් පලනවා. ඒ වගේම තමා එයාලගෙ මිහිරි, සොඳුරුතම ගෙරවිල්ල.

ඉතින්, ඔබේ දරුවා දරුවා නින්දෙන් ගොරවනවා නම්, එය තැතිගැනීමට කාරණාවක්ද?

දරුවා නින්දෙන් ගෙරවීම සිදු කෙරෙන්නේ ඇයි?

අලුත උපන් දරුවන් නින්දෙන් ගොරවන්නේ ඔවුන්ගේ හුස්මගැනීමට භාවිතා වන වාමඟ තවමත් වර්ධනය වෙමින් පවතින සිහින් ඒවා වන බැවිනි.

කුඩා ළදරුවන්ගේ නාස්පුඩු ද බොහෝ විට බුබුලු වැනි ස්‍රාවයන්ගෙන් පිරී ඇති බව දක්නට ලැබෙනවා.

මේ නිසා දරුවා ආශ්වාස ප්‍රශ්වාස කරන විට, වාතය මෙම  ස්‍රාවයන් හරහා ගමන් කරන බැවින් ඒ හරහා ගමන් කිරීමේදී විවිධ කම්පන ශබ්ද ඇති කෙරෙනවා.

දරුවන්ගේ ගෙරවීම මෙහි ප්‍රතිඵලයක්!

ඔවුන් වැඩෙත්ම, ඔවුන්ගේ වා මාර්ග පුළුල් වන අතර, දරුවා අතිරික්ත කෙළ නොහොත් ඛේටය ගිල දැමීමට හුරු වනවා.

මේ නිසා දරුවන්ගේ නින්දෙන් ගෙරවීම් ඔවුන් වැඩෙත්ම කෙමෙන් අඩු වී යනවා.

කෙසේ නමුත්, දරුවන් නින්දෙන් ගෙරවීම අඩු වන්නේ නැතිනම් හෝ, ගෙරවීම දිටගටම පැවතුනහොත්, එය දරුවන්ට සාමාන්‍ය ලෙස හුස්ම ගැනීමට විශාල බාධාවක් ඇති විය හැකියි.

දරුවා නින්දෙන් ගෙරවීම පාලනය කරගන්නේ කෙසේද?

1. අතිරික්ත ස්‍රාවයන්ගෙන් අවහිර වූ නාස්පුඩු  පිරිසිඳු කරගන්න

දරුවාගේ නාසයේ අවහිරතා බැහැර කොට නාස්පුඩු පිරිසිඳු කිරීමට වෛද‍යවරුන් හමුවන්නට අවශ්‍ය වන්නේ නැහැ. එය ඔබට පහසුවෙන්ම නිවසේදීම කරගන්නට පුළුවන්.

ඔබ කළ යුත්තේ දිනකට වරක් හෝ දෙවරක් නාස්පුඩු වලට ලුණු වතුර කුඩා ප්‍රමාණයක් ස්ප්‍රේ කරගැනීමයි.

මෙම ලුණු සහිත දියරය ඔබට මෙය ෆාමසියකින්ද ලබාගන්නට පිලිවෙනි. ඉන්පසු අතිරික්ත ස්‍රාවයන් උරා ගැනීමට පිපට්ටුවක් ​​භාවිතා කරන්න.

2. වාෂ්ප භාවිතා කරන්න

හොඳ උණුසුම් වතු‍රෙන් ජල ස්නානය කරන වේලාවක ඔබට වඩා පහසුවෙන් හුස්ම ගත හැක්කේ කෙසේදැයි ඔබ දන්නවාද? ඔබේ පැටියාටත් එම අත්දැකීමම දෙන්න.

පැටියා සමඟ උනුවතුරින් ස්නානය කරන්න. ශ්වසන මාර්ගයෙ සිරවුනු අතිරික්ත ඛේටය වාෂ්පය නිසා ඉවත් කරගන්නට හැකිවේවි.

විකල්පයක් ලෙස, ඔබට උණුසුම් මීදුම් වාෂ්පකාරකයක් (warm-mist vaporizer) භාවිතා කළ හැකිය.

3. නිදන කාමරයෙන් අසාත්මිකතා ඇතිකරන දෑ ඉවත් කරන්න

දරුවාගේ නාසය අවහි‍ර වීමට තවත් හේතුවක් විය හැක්කේ  දූවිල්ල හා ආසාත්මිකතා ඇතිකරන වෙනත් ද්‍රව්‍යයන් වේ.

දරුවා නිදිකරවීම

දුහුවිලි එකතු කරන වස්තූන් වන පාපිසි, සෙල්ලම් බඩු, ටෙඩි බෙයාර් ලා ආදිය කාමරයෙන් ඉවත් කිරීමෙන් ආසාත්මිකතා ඇතිකිරීමේ අවදානම අවම කළ හැකියි.

ඔබේ දරුවාගේ නාසය තුළ ස්වභාවයෙන්ම අන්තර්ගත වූ  මාර්ග අවහිර වීමට එක් හේතුවක් විය හැක්කේ දූවිලි හා වෙනත් අසාත්මිකතා නිසා විය හැකිය.

දූවිලි හා අපිරිසිදුකම අඩු කිරීම සඳහා කාමරයෙන් රග්, මෘදු සෙල්ලම් බඩු සහ සත්ව දූවිලි වැනි දූවිලි එකතු කරන්නන් ඉවත් කරන්න.

4. වායු පවිත්‍රකාරකයක් (air purifier) භාවිතා කරන්න

ඇතැම් වායු සමීකරණ ඒකක තුළ වාතය පවිත්‍රකාරකයක් අන්තර්ගත කර තිබෙනවා,  නමුත් ඔබේ දරුවා වායුසමීකරණය සහිත කාමරයක නිදා ගන්නේ නැතිද?

එසේනම් කාමරය තුළ සංසරණය වල වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ස්වයංක්‍රීය වායු පවිත්‍රකාරකයක් ලබා ගැනීම උපකාර වනවා. දැන් කාලයේ ඇතම් විදුලි පංකාද වායු පිරිසිදු කිරීමේ අංගයන්ගෙන් සමන්විත වනවා.

5. ඔබේ දරුවාගේ නිදාගැනීමේ ඉරියව් වෙනස් කරන්න

දරුවා නින්දෙන් ගෙරවීම් සිදුවීමට තවත් හේතුවක් තමා දරුවා නිදාගන්නා ඉරියව්ව. මෙය දරුවන්ගේ ගෙරවිල්ලට බොහෝ දුරට දායක වනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දරුවා නින්දෙන් ගෙරවීම

ඇතම් දරුවන් මුනින් අතට සිටීමේදී වැඩිපුර ගොරවන බව දක්නට ලැබෙනවා.  නමුත් උඩුබැලි අතට නිදාගැනීමේදී මෙලෙස ගෙරවීම ඉතා අඩු මට්ටමක පවතිනවා.

කෙසේ නමුත් දරුවා උඩුබැලි අතට නිදිකරවීම මගින් හදිසි ළදරු මරණයට ගොදුරු වීමේ අවදානම බොහෝ අඩුකරන්නටද හැකිවනවා.

දරුවා නින්දෙන් ගෙරවීම ගැන ඔබේ අවධානය යොමු කළ යුත්තේ කවර අවස්ථා වලදීද?

ඔබේ දරුවා වයසින් වැඩෙත්ම ඔහු හෝ ඇයගේ ගෙරවිල්ල ක්‍රමයෙන් අඩුවනු ඇත.

කෙසේ වෙතත් දරුවන්ගේ ගෙරවිල්ල දිගින් දිගටම අඩු නැතිවම පවතින්නේ නම් එය නොපමාව වෛද්‍යවයෙකුට පෙන්විය යුතු වනවා.

වෛද්‍යවරයා දරුවාගේ උගුර පරීක්ෂා කර බලාවි. එහි ව්‍යුහමය හා  වෙනත් අසාමාන්‍යතා නැති බවට තහවුරු කරගැනීමටයි. මෙම පරීක්ෂාව polysomnogram නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා.

තවද, ඇතැම් විට, දරුවන්ගේ නාස්පුඩු දෙක බෙදෙන අස්ථියේ ව්‍යාකූලතා නිසාද ඇතිවන්නට පුළුවන්. ඒ එමගින් නාසයේ ඇතිවිය හැකි අවහිටරතා වල ප්‍රතිඵලයක් ලෙසයි.

තවද වෛද්‍යවරයා විසින් ළදරුවාගේ උගුර, අසාමාන්‍ය චලන හා ව්‍යුහාත්මක අසාමාන්‍යතා වලටද පරීක්ෂා කරනු ඇති.

වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කරනු ලබන තවත් දෙයක් නම්, ඔබේ දරුවාට laryngomalacia නැතහොත් හුස්ම ගැනීමෙදී මදක් විශාල ශබ්ධයක් නිකුත් කිරීමේ තත්වයට මුහුණ දෙනවාද යන්නයි.  මෙය සිදුවන්නේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමට අවශ්‍ය නාල සම්පුර්ණයෙන් වර්ධනය වී නොතිබීම හේතුවෙන්ය.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලූෆ පෙ‍රේරා
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දරුවන් නින්දෙන් ගෙරවීම සාමන්‍ය දෙයක්ද?
බෙදාගන්න :
  • පුංචි පැටියාගේ කිරිදත් හොඳින් රැකබලා ගන්නේ කොහොමද?

    පුංචි පැටියාගේ කිරිදත් හොඳින් රැකබලා ගන්නේ කොහොමද?

  • බබාගේ කක්කි වල පාට කියන දේවල්

    බබාගේ කක්කි වල පාට කියන දේවල්

  • පුංචි පැටියාගේ කිරිදත් හොඳින් රැකබලා ගන්නේ කොහොමද?

    පුංචි පැටියාගේ කිරිදත් හොඳින් රැකබලා ගන්නේ කොහොමද?

  • බබාගේ කක්කි වල පාට කියන දේවල්

    බබාගේ කක්කි වල පාට කියන දේවල්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it