theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

5 අවම කියවීම
වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපාවැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

ප්‍රවේශමෙන්, ඔබ ‌නොසිතනා ‌දෙයකින් වුවත් ඔබේ දරුවාට අනතුරක් ‌වෙන්න පුළුවන්.

ඩයිපර් එක මාරු කරන මේසයත් මාරක ස්ථානයක් බව ඔබ කිසිදා නොසිතාවි. නමුත් මෙම 26 හැවිරිදි මවත් කවදාවත්ම එලෙස හිතුවේ නැහැ.

ඇය දරුවා මෙම ඩයිපර් එක මාරු කරන මේසය මත තබා දරුවාගේ බෝතලය අරගෙන එන්න ගියා. ඒ වනවිටත් ඇයගේ පුංචි දියණියගේ හුස්ම හිර වී තිබු බව ඇය දැන සිටියේ නැහැ.

එසේ දැන සිටියා නම් තවත් ඛේදවාචකයක් මෙසේ අවසන් නොවන්න තිබුනා.

අම්මේ, තාත්තේ, ඔබේ දරුවා තොටිල්ලක හෝ ලොකු ඇඳක තනිව තබන විට ඔබ පරෙස්සම් විය යුතුය.

එහි අනතුරු ගැනත් හොඳින් දැන සිටිය යුතුය. නමුත් ආරක්ෂිත යැයි පෙනෙන ස්ථාන පවා අනතුරුදායක වෙන්න පුළුවන්.

තවත් මවකගේ ඇග කිළිපොළා යන මේ අත්දැකීම ළදරුවන්ගේ  හුස්ම හිරවීමේ සලකුණු සහ ඔබේ දරුවා අධීක්‍ෂණයෙන් තොරව තැබීමේ හෝ ඩයිපර් වෙනස් කිරීමේ මේසය මත තනි කිරීමේ අවදානම පිළිබඳව යලි යලිත් මතක් කරනවා.

වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

ඩයිපර් එක මාරු කරන මේසයේ ඛේදවාචකය තුලින් අප උගත යුතු පාඩම: දරුවන්ගේ  හුස්ම හිරවීමේ සලකුණු 

 KCCI 8 Des Moines නම් ප්‍රාදේශීය පුවත් සේවයට අනුව, මාස තුනක ළදරුවාගේ 26 හැවිරිදි මව වන  ලැසී ලින් ටේලර්ට මරණයේ ප්‍රතිඵලයක් වු අන්තරායක් ඇති බවට චෝදනා එල්ල වී තියෙනවා.

දෙදරු මවක් වන ලැසී  ඇයගේ මාස තුනක දියණිය ඩයපර් මාරු කරන මේසයක් මත අධීක්ෂණයකින් තොරව තබා ගොස් ඇති බව වාර්තා හෙළිදරව් කරනවා.

මේ අම්මා කාමරයෙන් පිටතට ගිය පසු, ඇයගේ දරුවා මුනින් අතට පෙරළී තියෙනවා. එහිදි ඇයගේ බෙල්ල මේසයේ කෙළවරට හිරවුනා.

එහි ප්‍රතිඵලය වුනේ, ළදරුවාගේ ශ්වාසනාලය හිර වී ඇයගේ හුස්ම හිර වීමයි. මෙය සාපරාධී වරදක් බව සැලකීමට හේතුව වන්නේ මෙම අම්මා විසින් දරුවාව දිගු කලක් අදීක්ෂනයෙන් තොරව තැබීමයි.

එපමණක් නොව, තම දරුවා ඉන් ඉවතට පෙරළී වැටෙන්න පුළුවන් බව මේ අම්මා නොදැන සිටියා යැයි කව නොහැකිය.

එසේ තිබියදීත්, දරුවාගේ තාත්තා විසින් තමන් සිදුවූ දෙයට තම බිරිඳට දොස් නොකියන බව පවසනවා.

ළදරුවාගේ තාත්තා වු ඩොන් ටේලර් පවසන්නේ “මම බින්දුවක් වත් මගේ බිරිඳට දොස් පවරන්නේ නැහැ” කියායි. 

තම දරුවාට බෝතලයක් රැගෙන ඒම සඳහා තම බිරිඳ කාමරයෙන් පිටව ගිය ආකාරය ඔහු සිහිපත් කරනවා.

“අපි දෙදෙනාම ඇය ගැන නොසිතන එක් දවසක්වත් ගෙවුනේ නැහැ. ඒ දවසේ මතකයන් තවමත් අපේ ඔළුවේ තියෙනවා” යැයි ටේලර් ප්‍රාදේශීය පුවත් සේවයට පැවසුවා.

අපේ ශෝකය මේ කුඩා දරුවාගේ පවුල වෙත පුද කරනවා. ඉදිරි දුෂ්කර දින ගෙවා ගන්න ඔවුන්ට ශක්තිය සහ සැනසීම ලැබේවා.

අම්මලා තාත්තලා, මේ ළදරු හුස්ම හිරවීමේ සලකුණු ගැන දැනුවත් වෙන්න

මෙම පුංචි දැරියට සිදුවූ දෙය සැබවින්ම හද කම්පා කරවන සුළුයි. ඊටත් වඩා කනස්සල්ලට කරුණ නම් මෙය ඕනෑම දෙමාපියෙකුට සිදුවිය හැකි වීමයි. 

වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

ඔබ ඔබේ දරුවාගේ තොටිල්ල සහ යහන ආරක්ෂා කිරීමට ඔබ උපරිම උත්සාහයක් ගන්නවා නේද?

නමුත් ඕනෑම මතුපිටක් භයානක වෙන්න පුළුවන්. මුනින් අතට හැරීම දරුවාගේ වර්ධන සංධිස්ථානයකි.

එහෙත් මෙම ඛේදවාචකයෙන් පෙන්නුම් කරන පරිදි, එහිද හුස්ම හිරවීමේ අවදානමක් තියෙනවා.

ඉහත කථාවේ සඳහන් කළ පරිදි, ඒ පුංචි ළදැරිය මුනින් අතට බඩ පෙරළී මේසයේ දාරයකට තද වී හුස්ම හිර වුනා.

එබැවින් නිවසේ ඕනෑම මතුපිටක් අනතුරුදායක විය හැකි බව දැන සිටීම වැදගත් වෙනවා.

ඩයිපර් එක මාරු කරන මේසයේ ඛේදවාචකය: අවධානයෙන් සිටිය යුතු ළදරු හුස්ම හිරවීමක සලකුණු

යාන්ත්‍රික හුස්ම හිරවීම හෝ ඇඳ ඇතිරිලි හෝ ප්ලාස්ටික් බෑග් මගින් ශ්වාසනාලය හිර වීමෙන් වාතය අවහිර වීම එක්සත් ජනපදයේ පමණක් සිදුවන තුවාල හා සම්බන්ධ ළදරු මරණවලින් 80% කට හේතු වෙනවා. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  • හුස්ම හිරවන ළදරුවෙකුගේ ලක්ෂණ
  • හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම
  • නිල් පැහැවීම
  • මුහුණේ සහ ඇස්වල රතුපාට ලප ඇතිවීම

 මෙලෙස හුස්ම සිරවීමක් සිදු වු විට , ළදරුවාගේ ශ්වාසනාලය අවහිර වීම ඉවත් කිරීමට වග බලා ගන්න.

එය අවහිර කරන දෙයක් තිබේ නම්, එය එලියට ඇද දමන්න. ඔබට කල යුතු දේවල් ගැන අපැහැදිලි නම් ඔබේ දරුවා ළඟම ඇති රෝහල වෙත ගෙන යන්න.

ඔබේ දරුවාට සිදුවන මෙවැනි අනතුරු වළක්වා ගන්නේ කෙසේද?

වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

ප්‍රධාන දෙය නම්  ඔබේ දරුවා මොහොතකටවත් නොසැලකිලිමත් ලෙස තනි නොකිරිමයි. මිනිත්තු කිහිපයකින් බොහෝ දේවල් සිදුවෙන්න පුළුවන්.

 නිවස අවට සිදුවන අනතුරු වළක්වා ගැනීමට ඔබට යොදා ගත හැකි තවත් පූර්වාරක්ෂාවන් මෙන්න.

  • නෑමේදි හෝ නාන බේසමේදි
  1. ඔබේ දරුවා බේසම තුළට දැමීමට පෙර ඔබේ වැලමිට ඒ තුලට දමා ජල උෂ්ණත්වය පරීක්ෂා කරන්න.
  2. ටැප් හෝ ෆියුස් සඳහා ආරක්ෂිත ආවරණ සවි කරන්න.
  3. ඔබේ නාන කාමරය ටබ් එක අසල හා පිටත ලිස්සා නොයන පාපිසි යොදන්න.
  4. තුවාල වැළැක්වීම සඳහා ඔබේ වැසිකිළි ආසනවලට ළමයින්ට ඇරිය නොහැකි අගුල් යොදන්න
  • තොටිල්ලේදි
  1. ඔබේ දරුවාගේ තොටිල්ලෙන් අන්තරාදායක සෙල්ලම් බඩු ඉවත් කරන්න.
  2. ගෙල සිර කිරීම හෝ හුස්ම හිරවීම වැළැක්වීම සඳහා මෘදු කොට්ට, සෙල්ලම් බඩු, තොටිල්ලට යොදන බම්පර් සහ බ්ලැන්කට් වැනි උපාංග තබන්න එපා.
  3. ඔබේ දරුවාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රැහැන් රහිත ළදරු මොනිටරයක් තබන්න.
  • කාරය තුලදී
  1. දරුවාට වයස අවුරුදු දෙක පසුවෙන තුරු හෝ ඔහු ආසනයේ උස හා බර අවශ්‍යතා ඉක්මවා යන තුරු පසුපස කාර් ආසනයක‌ ගෙන යන්න.
  2. කාර් සීට් එක  පිටුපස අසුනේ මැදට සවිකර නිසි පරිදි අගුලු දමන්න.
  3. හුස්ම හිරවීම වැළැක්වීම සඳහා උරහිස් පටි ඔබේ දරුවාගේ උරහිස්වල හෝ පහළින් තබන්න.
  4. කිසිම හේතුවක් නිසා පටි යට බ්ලැන්කට්ටුවක් තබන්න එපා.
  • නිවසේදි
  1. ඔබට නිවසේ පඩි පෙළක් ඇතිනම් එහි ළමා ආරක්ෂිත ගේට්ටුවක් සවිකරන්න
  2. ඔබේ රූපවාහිනීය දරුවාට ලගාවිය නොහැකි ලෙස සවිකරන්න. සම්බන්ධතාවය ස්ථාවර බව සහතික කරගන්න.
  3. ගෙල සිරවීම වැළැක්වීම සඳහා රැහැන් රහිත ජනෙල් තිර භාවිතා කරන්න.
  4. රාක්ක, කෝපි මේස සහ ඒ හා සමාන දේවල් වල තියුණු දාරවලට ආරක්ෂිත ආවරණ යොදන්න.

සුපරික්ෂාකාරි වීමෙන් නිවසේ අනපේක්ෂිත අනතුරු වලින් පවා ඔබේ දරුවාගේ ජීවිතය බේරා ගන්න පුළුවන්.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා
බෙදාගන්න :
  • බබා වඩා ග‌ෙන ඇවිදීමේදි ඔබ සැලකිලිමත් විය යුතු කාරණා 3 ක්

    බබා වඩා ග‌ෙන ඇවිදීමේදි ඔබ සැලකිලිමත් විය යුතු කාරණා 3 ක්

  • අම්මායි තාත්තයි එක්ක නින්දට ගිය අලුත උපන් පුංචි පැටියා මිය ගියේ කොහොමද?

    අම්මායි තාත්තයි එක්ක නින්දට ගිය අලුත උපන් පුංචි පැටියා මිය ගියේ කොහොමද?

  • බබා වඩා ග‌ෙන ඇවිදීමේදි ඔබ සැලකිලිමත් විය යුතු කාරණා 3 ක්

    බබා වඩා ග‌ෙන ඇවිදීමේදි ඔබ සැලකිලිමත් විය යුතු කාරණා 3 ක්

  • අම්මායි තාත්තයි එක්ක නින්දට ගිය අලුත උපන් පුංචි පැටියා මිය ගියේ කොහොමද?

    අම්මායි තාත්තයි එක්ක නින්දට ගිය අලුත උපන් පුංචි පැටියා මිය ගියේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it