theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔයාගේ බබාට නින්දෙන් දහඩිය දානවාද? එහෙනම් මෙන්න ඒ ගැන

5 අවම කියවීම
ඔයාගේ බබාට නින්දෙන් දහඩිය දානවාද?  එහෙනම් මෙන්න ඒ ගැනඔයාගේ බබාට නින්දෙන් දහඩිය දානවාද?  එහෙනම් මෙන්න ඒ ගැන

නින්ද‌ෙන් බබාට දහඩිය දානවාද? කලබල ‌ව‌ෙන්න එපා අම්මේ, සැලකිල්ල‌ෙන් ‌මේ ලිපිය කියවන්න.

බබා නින්දෙන් දහඩිය පිට කරන්නේ ඇයි? ඒක ඔබට ප්‍රශ්නයක් නේද?  එහෙනම් අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න.

ඔන්න ඔබේ රාත්‍රී කාලයේ චර්‍යාවන් සේරම  සම්පූර්ණයි. එහ‌ෙම නේද? බබාව සෝදලා, උණුසුම් ඇදුමක් අන්දලා සුරතල් ළදරු ගීතයක් එක්ක ඔබේ පුංචි  පැටියා නින්දට වැටිලා.

ඒත් ඔබ කාමරයෙන් පිට වෙලා පැයකට විතර පස්සේ ආපහු එනකොට බබා දහඩියෙන් තෙත් වෙලා. මෙය සැමවිටම සිදුවෙනවා.

ඒත් ඒ ඇයි කියලා ඔබට ජිවිතයට තේරුම් ගන්න  බැහැ.

හැමදාම රෑට මම ඒසී එක දැම්මත් බබාට නින්දෙන් දහඩිය දානවානේ. ඒ  ඇයි? මේක සාමාන්‍යයිද? නැත්නම් මම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනිද? එයට මොනවා  හරි සැගවුන හේතුවක් තියෙනවාද?

මව්වරුනි , පියවරුනි විශේෂයෙන් මේ ඔබේ පළමු දරුවා නම්, ඔබේ දරුවාගේ දහඩිය තරම් හානි කර නොවු  දෙයකින් පවා ඔබ සැවොම කලබලයට පත්වෙන්න පුළුවන්.

සමහර විට ඔබ ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත දුවගෙන යන්නත් පුළුවන්.

ඒනිසා ඔබ එහෙම කරන්න කලින් දැනගන්න ඕනී මූලික කාරණ කිහිපයක් තියෙනවා.

දරුවා නින්දෙන් ගෙරවීම

බබා නින්දෙන් දහඩිය දාන්න හේතු 

බොහෝ අවස්ථාවන්හීදී, ඔබේ දරුවා නිදා සිටින විට හිසට යටින් තියෙන දහඩිය පැල්ලම ගැන කලබල වෙන්න එපා. ඒක අහන්නත් සතුටුයි නේද?

මෙන්න මේ දහඩිය දැමීම පිටුපස ඇති හේතු කිහිපයක්.

  1. බබා නින්දෙන් දහඩිය: නොමේරූ ස්නායු පද්ධතිය

මොකද්ද මේ ස්නායු පද්ධතිය යනු කියන්නේ? 

එය මොළයේ හා සුෂුම්නාවේ සිට ශරීරයේ අනෙකුත් කොටස් වෙත පණිවිඩ ගෙන යන ස්නායු හා සෛලවල සංකීර්ණ ජාලයකි. 

අපගේ ස්නායු පද්ධතිය අපගේ ශරීර උෂ්ණත්වය ද පාලනය කරනවා.

කොහොම නමුත් අලුත උපන් බිළිඳුන්ගේ ස්නායු පද්ධතිය තවමත් සම්පූර්ණයෙන් සංවර්ධනය වෙලා නැහැ .

ඒ නිසා අලුත උපන් බිළිඳකුගේ ශරීර උෂ්ණත්වය වැඩිහිටියකුගේ සේ  පාලනය කරන්න ස්නායු පද්ධතියට බැහැ. බබා නින්දෙන් දහඩිය දාන්න මෙය හේතු වෙන්නේ අන්න ඒ නිසයි 

දරුවා තනිවම නිදා ගැනීම

  1. බබා නින්දෙන් දහඩිය: ගැඹුරු නින්දේ ඇතිවෙන දහඩිය

මොනවාද මේ  ගැඹුරු නින්දේ ඇතිවෙන දහඩිය කියන්නේ? 

එනම්  විශේෂයෙන් ළදරුවන් සහ ළමුන් නිදාගෙන සිටින විට ඔවුන්ට  අධික ලෙස දහඩිය දැමීමයි.

බබාගේ කොට්ටය උඩ නැත්තම් ඔහු හිස තබන තැන ඔබ බොහෝ විට දකින තෙත දහඩිය  පැල්ලමට හේතුව මෙයයි.

බබාලා ගොඩාක් වේලාවට ගැඹුරු නින්දට වැටෙනවා. සෑම රාත්‍රියකම 20 වතාවක් විතර  ඔවුන් ඔබව අවදි කරන විදියට මෙය විශ්වාස කරන්න අමාරුයි නේද?

ඒත් එවිට පවා, දවසේ හොද කාලයක්  ඔවුන් මේ ගැඹුරු නින්ද පසු වෙනවා. වැඩිහිටි දරුවන් හා වැඩිහිටියන්ට වඩා වැඩි කාලයක්  ඔවුන් මේ ගැඹුරු නින්දේ පසුවෙනවා.

ඔබේ දරුවා ගැඹුරු නින්දේ පසුවීම මේ දහඩිය දැමීමට හේතු වෙනවා.

ගැඹුරු නින්දේ සිටින විට ඔවුන් බොහෝ දුරට එහා මෙහා නොයන චලනය නොවන නිසා දහඩිය ඇති ඇතිවෙනවා.

  1. බබා නින්දෙන් දහඩිය: දහඩිය ග්‍රන්ථි වල පිහිටීම

වැඩිහිටියන් වු අපගේ දහඩිය ග්‍රන්ථි අපගේ ශරීරයේ එක් කොටසකට සීමා වෙන්නේ නැහැ. නමුත් ළදරුවන්ගේ තත්වය මීට වෙනස් වෙනවා. 

ඔවුන්ගේ කිහිලි ප්‍රදේශයේ  දහඩිය ග්‍රන්ථි වැඩි ප්‍රමාණයක් නැහැ. ඔවුන්ගේ වඩාත් ක්‍රියාකාරී දහඩිය ග්‍රන්ථි ඔවුන්ගේ හිස මත පිහිටා තියෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මෙය ඔවුන්ගේ අධික  දහඩිය දැමීමට හේතු වෙනවා. විශේෂයෙන් රාත්‍රියේදී ඔවුන් බොහෝ විට ඔවුන්ගේ හිසේ පිහිටීම වෙනස් කරන්නේ නැහැ.

දරුවාගේ  හිසෙහි ඇති දහඩිය ග්‍රන්ථි වලට අමතරව  ඔබේ දරුවා නිදා සිටියදී හිස චලනය නොවීම  මෙසේ දහඩිය පිටවීමටත් දහඩිය පැල්ලම් ඇති වීමටත් හේතු වෙනවා.

දරුවා නිදිකරවීම

  1. බබා නින්දෙන් දහඩිය: අධික උණුසුම

බොහොම සරලයි. බොහෝ විට අපිට උණුසුම දැනෙන විට දහඩිය දමනවා.  ඒ වගේම ඔබේ දරුවා නිදා සිටියදී දහඩිය දැමීමට හේතුව සරලයි වගේම  පැහැදිලියි.

කාමරය අධික ලෙස උණුසුම් වීම හෝ ඔවුන් අධික ලෙස උණුසුම් කිරීම ඊට හේතුවයි. 

සමහර දෙමව්පියන් තම ළදරුවන්ගේ හිසේ සිට පාදාන්තය  දක්වා ආවරණය වන ඝන, ලොම් සහිත නිදි ඇඳුම් අන්දවනවා.

ඊට අමතරව, ඔවුන් බබාව හොදින් ඔතලා සනීප පොරවනයකින් වහනවා.

මේ රටේ කාලගුණය මදක් උණුසුම් නිසා සැහැල්ලු රෑ ඇදුම් දරුවාට අන්දවන්න. සමහර පිජාමා ඇදුම්  කොච්චර සුරතල් වුනත් ඔබගේ දරුවාගේ සුවපහසුව ගැන සිතීම හුගාක් වැදගත් වෙනවා.

බබා නින්දෙන් දහඩිය දැමීම  ගැන සැලකිලිමත් විය යුත්තේ කුමන අවස්ථාවේදීද?

කලින් විස්තර කළ පරිදි, ගොඩාක්  වේලාවට නිදා සිටියදී බබාට දහඩිය දැමීම සාමාන්‍යයි.  ඒ ගැන කලබල වීමට කිසිවක් නැහැ. නමුත් අධික ලෙස දහඩිය දැමීමට හේතුවෙන තත්ව කිහිපයක්ද තියෙනවා.

  1. උපතින්ම එන හෘදයාබාධ

ඔබේ දරුවාට නිදා සිටියදී දහඩිය දැමීමට අමතරව ආහාර ගැනීම වැනි සරල ක්‍රියාකාරකම් වලදී  අධික ලෙස දහඩිය දානවාද? එය උපතින්ම එන හෘදයාබාධ තත්වයක ලක්ෂණයක් නිසා ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයකු හමුවෙන්න.

උපතින්ම එන හෘදයාබාධ  කියන්නේ කලල කාලයේ ඇති වු හදවතේ වර්ධනයේ ගැටළු නිසා ඇතිවෙන තත්වයකි. මෙම තත්වය ඇති බබාලාට  අනෙක් බබාලාට වඩා දහඩිය දානවා. ඒ ඔවුන්ගේ හදවතට රුධිරය කාර්යක්ෂමව පොම්ප කිරීම සඳහා ගොඩාක්  වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවෙන නිසයි.

  1. හයිපර්හයිඩ්‍රොසිස් ( Hyperhidrosis )

සීතල, ඒසී කළ කාමරයක වුවද, ඔබේ දරුවාට  අධික ලෙස දහඩිය දමනවා නම් එය හයිපර්හයිඩ්‍රොසිස් ලෙස හැඳින්වෙන තත්වය වෙන්න පුළුවන්.

සාමාන්‍ය ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා බබාගේ  සිරුරට වැඩිපුර දහඩිය දැමීම හයිපර්හයිඩ්‍රොසිස් තත්වය වෙනවා. දහඩිය දමන අත්ල හා පතුල් ඇති අයටද මෙම තත්වය ඇතිවීම සාමාන්‍ය දෙයක් වෙනවා.

මේ සදහා ඖෂධ අවශ්‍ය නැහැ. එය ඒ තරම් බරපතල  තත්වයක් නෙමෙයි. දරුවා වයසින් වැඩෙත්ම ඔහුට දහඩිය කළමනාකරණය  කර ගන්නා අයුරු ඔබට කියාදෙන්න පුළුවන්.

  1. Sleep Apnea ( නින්දේදී ගෙරවීම , හුස්ම නතර වීම, නාසය හිරවීම ඇතිවෙන බරපතල තත්වයකි.)

නොමේරූ ළදරුවන් තුළ බහුලව දක්නට මෙම තත්වය  නින්දේදී දහඩිය දැමීමට තවත් හේතුවකි. 

සමේ නිල් පැහැ වීම, හුස්ම හිරවීමේ ශබ්දය සහ තත්පර 20 ක් දක්වා විරාමයක් හුස්ම ගැනීමේදී  ඇති වෙනවා. එමඟින් දරුවාගේ ශරීරයට ආශ්වාස ප්‍රශ්වාස කිරීම අපහසු වෙනවා.

  1. හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (SIDS)

ළදරුවෙකු පමණට වඩා උණුසුම් කිරීමේ අවදානම බොහෝ අය නොසලකා හරිනවා. එසේ උණුසුම් කිරීමෙන්  ඔවුන් ඉතා තද නින්දකට වැටෙනවා. ඉන් අවදි වීමට අපහසු අතර ඒ නිසා SIDS ඇති වෙන්න පුළුවන් .

  1. වෙනත් තත්වයන්

නිදා සිටියදී ළදරුවෙකු දහඩිය දැමීම සාමාන්‍ය දෙයක් බවත් එය සැලකිලිමත් වීමට හේතුවක් නොවෙන බව ඇත්තයි. එහෙත් දහඩිය දැමීම අධික නම්, අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. එය ස්නායු පද්ධතයේ ගැටළු , ශ්වසන ගැටළු, තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය හෝ ජානමය ආබාධයක් පිළිබඳ සලකුණක් වෙන්න පුළුවන්.

ඔබට සැකයක් ඇත්නම්, වැඩි ආරක්ෂාව සදහා දරුවා පරීක්ෂා කරවාගන්න.

නමුත් මව්වරුනි , පියවරුනි  ඉහත සඳහන් සියලු තත්වය්න් අතිශයින් දුර්ලභයි.  අන්න ඒ නිසා ඊළඟ වතාවේ නිදා සිටියදී ඔබේ බබා දහඩිය දැමීම දුටු විට කලබලයෙන් කටයුතු කරන්න එපා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔයාගේ බබාට නින්දෙන් දහඩිය දානවාද? එහෙනම් මෙන්න ඒ ගැන
බෙදාගන්න :
  • නිදා සිටියදී පුංචි පැටියාට දහඩිය දමනවාද? මෙන්න ඔබ ඒ ගැන දැනගත යුතු දේ

    නිදා සිටියදී පුංචි පැටියාට දහඩිය දමනවාද? මෙන්න ඔබ ඒ ගැන දැනගත යුතු දේ

  • ඉක්මණින් දරුවා නිදි කරවන්න පුළුවන්ද? මේ අපූරු අම්මාගේ විශ්මිත උපක්‍රමය

    ඉක්මණින් දරුවා නිදි කරවන්න පුළුවන්ද? මේ අපූරු අම්මාගේ විශ්මිත උපක්‍රමය

  • නිදා සිටියදී පුංචි පැටියාට දහඩිය දමනවාද? මෙන්න ඔබ ඒ ගැන දැනගත යුතු දේ

    නිදා සිටියදී පුංචි පැටියාට දහඩිය දමනවාද? මෙන්න ඔබ ඒ ගැන දැනගත යුතු දේ

  • ඉක්මණින් දරුවා නිදි කරවන්න පුළුවන්ද? මේ අපූරු අම්මාගේ විශ්මිත උපක්‍රමය

    ඉක්මණින් දරුවා නිදි කරවන්න පුළුවන්ද? මේ අපූරු අම්මාගේ විශ්මිත උපක්‍රමය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it