theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

4 අවම කියවීම
බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

ළදරු එන්නත් ලබා දීමේදී වඩාත් සුදුසු වන්නේ රජයේ රෝහලින් එන්නත් දීමද නැතහොත් පුද්ගලික රෝහලෙන් දීමද යන්න ගැන මෙතැනින් දැනුවත් වන්න.

ගොඩාක් අම්මලා අතර කසු කුසුවක් යන අම්මලා ඉන්න ගොඩාක් සමූහ වලත් උණුසුම් වචන හුවමාරු වන මාතෘකාවක් තමයි බබාට එන්නත් නැතිනම් බබාට බෙහෙත් විදින එක.

අම්මා කෙනෙක් ඇසුවොත් එහෙම ප්‍රයිවට් බෙහෙත් විද්දාට කමක් නැද්ද කියලා බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා අර අම්මාට බනින්න.

ළදරු එන්නත්

ප්‍රයිවෙට් ක්ලිනික් එකෙන් බබාට එන්නත් විද්දහම තිබෙන කසු කුසු

  • රජයෙන් නොමිලයේ බෙහෙත් එක විද්දිඩි ප්‍රයිවට් විදින හේතුව අහනවා
  • ප්‍රයිවට් විද්දාම බබාට බෙහෙත් එක ඇඟට අල්ලන්නේ නෑ කියනවා
  • ප්‍රයිවට් විද්දාම උණ එන්නේ නැති නිසා ඒ බෙහෙත් එකේ ක්‍රියාකාරීත්වයක් නෑ කියනවා
  • රජයෙන් දීලා ගමේ ක්ලිනික් එකේ විදින බෙහෙත තමයි හොඳම බෙහෙත කියලා කියනවා
  • ප්‍රයිවට් විදිද්දි වගකීම නෑ කියලා කියනවා

....ඔය වගේ එක එක දේවල් කියනවා.

ඇත්තම කාරණාව තමා නිසි ආකාරයට පවත්වාගෙන යන පහසුකම් සපිරි පෞද්ගලික රෝහලකින් බබාගේ එන්නත් දුන්නාට කිසිම ගැටලුවක් වෙන්නේ නෑ.

ඒවා ලබා දෙන්නේ ගොඩාක් වෙලාවට බබාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින්මයි. ඒ වගේමයි ගුණාත්මක බවේ කිසිම අඩුවක් නෑ.

ඒ වගේම තමා ගමේ ක්ලිනික් එක. ඒකෙනුත් බබාට එන්නත් ලබා දුන්නා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ.

ගමේ ක්ලිනික් එකෙන් බබාගේ එන්නත් නොමිලයේම ලබා ගන්න පුලුවන්. අධික මුදලක් වැය කරන්න අපහසු, ගමේ ක්ලිනික් එකෙන්ම බබාට බෙහෙත් එක විදින්න කැමති අම්මලා ඉන්නවා.

එයාලාට පුලුවන් ගමේ ක්ලිනික් එකෙන් විද ගන්න. මොකද ගමේ.ක්ලිනික් එකෙන් ලොකුසේවාවක් සපයනවා. එතනත් බබාට බෙහෙත් විදින්නේ වෛද්‍යවරයෙකු විසින් බබාව බලලා. ගුණාත්මක බවේ කිසිම අඩුවක් නෑ.

ගමේ ක්ලිනික් එකෙන් බබාට එන්නත් කරන බෙහෙතයි ප්‍රයිවට් විදින බෙහෙතුයි අතරේ වෙනසක් තියෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම තියෙනවා.

වෙනස තමයි ගමේ ක්ලිනික් එකේ සහ රජයේ සායන වල විදින්නේ පෙන්ටා කියන එන්නත.

පෞද්ගලික අංශයෙන් විදින්නේ හෙක්සා කියන එන්නත.

බබාට එන්නත්: පෙන්ටා සහ හෙක්සා එන්නත් අතර වෙනසක් තියෙනවාද?

තියෙනවා.

  • පෙන්ටා එන්නතින් රෝග 5 ක් ආවරණය කරනවා. ඒවා තමයි;
    1.ඩිප්තීරියා
    2.කක්කල් කැස්ස
    3.පිටගැස්ම
    4.හිමෝෆිලස් ආසාදන
    5.හෙපටයිටීස් බී
  • පෝලියෝ එන්නත වෙනම ලබා දෙනවා.

හෙක්සා එන්නතේ පෝලියෝ එන්නතත් අන්තර්ගත නිසා රෝග හයක් ආවරණය කරණ තේරුම ඇතිව හෙක්සා කියලා නම් කරලා තියනවා.

බබාට එන්නත්

මේ නිසා පෞද්ගලික අංශයෙන් හෙක්සා එන්නත ලබා ගද්දි පෝලියෝ එන්නත වෙනම ලබා දීමේ අවශ්‍යතාවක් නැහැ.

ගමේ ක්ලිනික් එකෙන් විදින පෙන්ටා එන්නතයි පෞද්ගලික අංශයෙන් විදින හෙක්සා එන්නතයි අතර වෙනස මොකද්ද?

  • පෙන්ටා හා හෙක්සා අතර අනෙක් ප්‍රධාන වෙනස තමයි කක්කල් කැස්ස එන්නත.
  • පෙන්ටා එන්නතෙහි අජීවී (killed) කක්කල් කැස්ස බැක්ටීරියාව (Bordetella pertusis) අන්තර්ගතයි.
  • හෙක්සා එන්නතෙහි එම බැක්ටීරියාවෙන් උකහා ගත්ත ප්‍රෝටීන පමණක් අන්තර්ගත වේ. (acellular pertusis vaccine).

හෙක්සා සහ පෙන්ටා කියන එන්නත් දෙකේ වෙනසක් තියෙනවාද? අතුරු ආබාධ එහෙම තියෙනවාද?

ප්‍රතිශක්තිකරණ හැකියාව අතින් එන්නත් දෙකෙහි වෙනසක් නොමැත.

වෙනස ඇත්තේ අතුරු ආබාධ ප්‍රමාණයේය. පෙන්ටා එන්නතින් පසු ඇතිවන අතුරු ආබාධ සියල්ලටම පාහේ හේතු වන්නේ කක්කල් කැස්ස එන්නතය.

ප්‍රධාණම, සුලබම අතුරු ආබාධය අධ්ක උණයි. මෙතනදී උණ කියලා කියන්නේ එන්නතක් ලබා ගැනීමෙන් පස්සේ ඇති වෙන අතුරු ආබාධයක්.

බබාට එන්නත්

ඒ වගේම තමයි පෙන්ටා එන්නතට බබාට දවස් දෙකක් තුනක් යනකල් අමාරුයි. එන්නත ලබා දුන්න කකුල්, අත් එහෙම සෙලෙව්වත් බබාට රිදෙනවා. ඒ සියල්ලක්ම එන්නතින් පසුව ඇතිවන අතුරු ආබාධ.

ඒවා අඩු වැඩිවශයෙන් එන්න පුලුවන්.

හෙක්සා එන්නතින් පසුවත් ඇතැම් අතුරු ආබාධ ඇති විය හැකි මුත් සාමාන්‍යයෙන් පෙන්ටා වලින් තරම් ඒවා ප්‍රබල වෙන්නේ නැහැ.

මඳ උණක් එන්න පුලුවන් නමුත් බබාට පෙන්ටා එන්නතට සාපේක්ෂව ගත්තාම අපහසුවක් නෑ. බබා වෙනදා වගේම ක්‍රියාශීලීව ඉන්න වැඩි ඉඩක් තියෙනවා. අම්මලාට අත්දැකීම් පවා ඇති මේ ගැන.

ප්‍රතිශක්තිකරණය ලබා දීම වෙනුවෙන් මේ එන්නත් දෙකෙන් කවරක් ලබා දුන්නත් කම් නැත.

ගමේ ක්ලිනික් එකෙන් හෝ පෞද්ගලික අංශයෙන් හෝ එන්නත් නිසි ආකාරයට ලබා දීමයි වැදගත් වෙන්නේ.

ඔබට වියදම් දරා ගත හැකි නම් හෙක්සා එන්නත ලබා දෙන්නට ඔබට පුලුවන්. පෙන්ටා වලින් පසු සැළකිය යුතු සංකූලතා ඇති වුවහොත් හෙක්සා වලට මාරු වෙන්නට ඔබට පුලුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එහෙම නැත්නම් මං දෙන්නේ හෙක්සා එන්නතයි කියලා හිතනවා නම් ඒ එන්නත ලබා දෙන්නට පුලුවන්. ඒකේ කිසිම ගැටලුවක් නෑ.

නෑ මං දෙන්නේ ගමේ ක්ලිනික් එකෙන් කියලා හිතනවා නම් එහෙම දෙන්නත් පුලුවන්. ඒ සම්බන්ධයෙන් වාද විවාද වලට ගිහින් කෙස් වලු පටල ගන්න හොඳ නෑ.

ඒ වගේම තමයි තමන්ගේ මතයට අනිත් හැමෝම එකඟ වෙන්න ඕනි කියලා එකක් නෑ. පෞද්ගලික අංශයෙන් හරි රජයෙන් හරි එන්නත් ලබා දීමයි වැදගත් කියලා හිතන්න.

එය ලබා දෙන්නේ කොහෙන්ද කියන එක බබාගේ අම්මාගේ තාත්තාගේ තීරණය බවත් සිහියේ තියා ගන්න.

බොහෝ දියුණු රට වල ලබා දෙන්නේ හෙක්සා එන්නත වන අතර, ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනට එය ඇතුලත් කිරීමට ඇති ප්‍රධාන බාධකය වන්නේ ඒ සදහා වැය කිරීමට වන අධ්ක පිරිවැයයි.

මුල් ලිපිය: අම්මාවරුන්ගේ සමූහය

බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??මෙම ලිපිය ලියූවේ අපගේ හිතවත් පාඨක ඈන් නිර්මාණි විසින්. මෙහි මුල් ලිපිය අම්මාවරුන්ගේ සමූහය නම් ඇයගේම ෆේස්බුක් සමූහයේ පළ වුනා. ඈන් උපාධිධරිනියක් මෙන්ම ගුරුවරියක් වන අතර ඇයගේම ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන කාර්‍යබහුල මෙන්ම ආදරණීය මවක්.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • එන්නත්
  • /
  • බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??
බෙදාගන්න :
  • ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ

    ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ

  • ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

    ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

  • ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ

    ළදරු එන්නත් ගැන ඔබ දැන ගත යුතු දේ

  • ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

    ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it