theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රෑ අතර මැද සිඟිත්තා අවදියෙන්ද?

4 අවම කියවීම
රෑ අතර මැද සිඟිත්තා අවදියෙන්ද?රෑ අතර මැද සිඟිත්තා අවදියෙන්ද?

වයසෙන් අවුරුද්දකට වැඩි ඔබේ පැටියා තවමත් රෑ අතර මැද කිහිපවරක් අවදිවෙනවද? එහෙනම් මේ ලිපිය කියවන්න...

පැටියට අවුරුද්දක් වෙනකොට ඔබට පුංචි සැනසීමක් හිතට එනවා. ඔබ දන්නා තොරතුරු, පොත් පත් වලට අනුව රැය  පුරා ඔවුන්ට නිදාගන්න දැන් පුළුවන්. එත් ඔබේ පුංචි පැටියා එහෙම නැහැ. රැය අතර වාරයේ දරුවා රෑ නින්දෙන් අවදිවීම ගැටළුවක් වෙලා. අවුරුදු දෙක, තුන මේ වයසේත් ඒක එහෙමමයි. ඇයි මගේ දරුවා විතරක් මෙහෙම කරන්නේ? ඔබට පසු තැවිල්ලක් එන්න පුළුවන්.

දරුවා රෑ නින්දෙන් අවදිවීම ට හේතු ගොඩක් තියෙන්න පුළුවන්

1. තාමත් මව් කිරි බොනවා නම්

පුංචි පැටියා මුල් කාලේ වගේ ම තාමත් දරුව ට පුරුදු රස, උණුසුම අත්හරින්න කැමැත්තක් නැහැ.

නමුත් වයසත් එක්ක මව් කිරි බොන වාර ගණන අඩු විය යුතුයි. වයස 3 – 4 කාලය වන විට මෙය කෙමෙන් අඩු කල හැකියි.

විශේෂඥයන්ගේ අදහස් වලට අනුව, රෑට මව් කිරි දීම නින්ද ලැබෙන මවකට නම් එතරම් හේතුවක් නොවුනත් දරුවන්ගේ හිත සැනසෙන්න මව් කිරි ටිකක් දීමෙන් දරුවා නින්දට යැවීම සුදුසු බව කියවෙනවා.

clever-child-featured

බබාට බඩගිනි නිසාත් රෑ මැද ඇහැරෙන්න පුළුවන්

2. බඩගිනි වෙන්නත් පුළුවන්

දරුවා මව් කිරි නොබිව්වත්  ළදරු අවදියේ ශක්තිය දහනය වන වේගය වැඩිහිටියෙකුට වඩා වැඩියි.

මන්ද ඔවුන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි නිසයි.

වැඩිහිටියෙකුගේ මොලය මෙන් දෙගුණයක් බිලිඳු දරුවෙකුගේ මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා.

ඉතින් රෑ මැද ඇහැරිලා ඔවුන් මොනවා හරි කෑමක් ඉල්ලන එක පුදුමයක් නොවේ.

ඔබේ දරුවා මෙලෙස බඩගිනි බව කියමින් රෑ මැද ඇහැරෙනවා නම් නින්දට පෙර දරුවාට මේදය පිරි කෑමක් දෙන්න.

උදාහරණයක් ලෙස ගන්නවා නම් රටකජු බටර් තවරුමක් සහිත පාන්, අලිගැටපේර

3. පණු අමාරුවක් වෙන්නත් පුළුවන්

වයස අවුරුදු 10 ට අඩු දරුවන්ට වැළඳෙන නොයෙකුත් පණු රෝග නිසාත් ඔවුනගේ නින්දට බාධා ඇති වෙන්න පුළුවන්.

රෑ අතරමැද දී ඔවුන් පිටුපස ප්‍රදේශය කසමින් ඇහරෙනවා නම් ඒ ගැන සොයා බැලිය යුතු වෙනවා.

මෙය සුලබ තත්වයක් වුවත් ඔබේ දරුවා වැසිකිලි ගිය පසු නූලක් වැනි පණුවෙක් ඇඟ පිටුපස ප්‍රදේශයේ හෝ වැසිකිලියේ දක්නට ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

4. දරුවා රෑ නින්දෙන් අවදිවීම: දත් එනවා වෙන්නත් පුළුවන්

අවුරුද්දක් ගත වෙද්දී දරුවාගේ දත් ඇවිල්ල ඉවරයි කියල හිතන්න එපා.

සමහර දරුවන්ගේ හකු වල මෝදු නොවූ දත් තවමත් තියෙන්න පුළුවන් . රතු වූ විදුරුමහ ඉදිමී තිබීම වැනි දේවල් වලින් ඔබට මෙය හඳුනාගන්න පුළුවන්.

ඉතින් මේ වේදනාව දරුවට නින්ද නොයන්න හේතුවක් වෙන්න පුළුවන්.

පිළියමක් ලෙස: දරුවා නින්දට පෙර සීනි රහිත ටීතින් ජෙල් එක්කක් විදුරුමහේ හි අලේප කරන්න.

උණ හෝ වෙනත් අපහසුතාවයන් සමග නොනිදා සිටින්නේ නම් අනුමත ළමා වේදනා නාශකයක් දරුවාට ලබා දෙන්න.

night-waking-teeth

අවුරුද්දක් ගත වෙද්දී දරුවාගේ දත් ඇවිල්ල ඉවරයි කියල හිතන්න එපා…

5. රාත්‍රී සිහින දකිනවා විය හැකියි

දරුවන්ගේ සිතුවිලි විවිධාකාර නිසා ඔවුන් දහවල් කාලයේ දකින රුපවාහිනී වැඩසටහන්, එහි ඇති භයංකර සිදුවීම් රාත්‍රී කාලයේ සිහින ලෙස පෙනෙන්න පුළුවන්.

අවුරුදු දෙකට වැඩි දරුවන් සිහින ලෙස මෙය යම් තරමින් අවබෝධ කරගන්න හැකි වුවත් ඊට අඩු දරුවන් ඉන් බිය වෙන්නට ඉඩ තිබෙනවා වගේම රෑ අතරතුර බියවී කෑගස හඬන්නට පුළුවන්.

පිළියමක් ලෙස: ඔවුන් සිහින දකින එක ඔබට නවත්තන්න නොහැකි වුවත් ඔවුන් නින්දට සූදානම් වන මොහොත බොහෝ නිස්කලංක එකක් කිරීමට කටයුතු කරන්න.

භයංකර දේ කතා කිරීමෙන් වළකින්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවා තනිව කාමරයක නිදන්නේ නම් ඔහුට ඔහුගේ තනියට ඔහුගේ සුරතල් සෙල්ලම් බඩුවක් දෙන්න.

නැතිනම් රාත්‍රී දැල්වෙන කුඩා බල්බයක් පාවිච්චි කරන්න.

 6. දරුවා රෑ නින්දෙන් අවදිවීම රාත්‍රියේ දැඩි ලෙස බියට පත්වීම නිසා වන්නට පුළුවන්

සිහින දැකීමෙන් බිය වීමට වඩා මෙය වෙනස් වන්නේ මෙහි දී දරුවා අවදි නොවී බියෙන්  කෑගසිමයි (night terrors). සමහරවිට ඔහු සිහිනෙන් ඇවිදීම පවා සිදුවිය හැක. නමුත් ඊළඟ දවසේ දරුවට මේ කිසිවක් මතක නැහැ.

ඔබට කල හැක්කේ කුමක්ද?

ඔහු ඔහුගේ බිය ප්‍රකාශ කර අවසන් වන තුරු ඔබට ඉන්නට සිදුවේවි.

එය මිනිත්තු 10-30 දක්වා කාලයක් විය හැකයි. ඔහු නැවතත් තනිව එලියට යාම මග හැරෙන්නට ඔහු ළඟ සිටින්න.

ඔහු අවදි කිරීම හෝ සැනසීම නොකළ යුතුයි. පසුදින ඔහුට මේ කිසිවක් මතක නැහැ.

ඊට අමතරව මෙය නිරන්තරයෙන් සිදු වන්නේ නම් රාත්‍රියේ ඔහු බය වීමට පෙර ඔබට ඔහුව අවදි කල හැකියි.

ඔබට දරුවා සමග රාත්‍රියට රැඳෙන්න නොහැකි  දිනක දී ආරක්ෂාවට සමීප අයෙකු සිටීම බොහෝ වැදගත්.

දරුවා රෑ නින්දෙන් අවදිවීම

දරුවා යම් කිසි පීඩනයකින් පසු වෙනවාද?

7. ඔවුන් යමක් පිලිබඳ නොරිස්සුමෙන් ඉන්නවා වෙන්න පුළුවන්

දරුවා යම්කිසි පීඩනයකින් පසු වෙනවා වෙන්න පුළුවන්. ඔහුගේ අලුත් පන්තිය, අලුත් දිවා සුරැකුම් මධ්‍යාස්ථානය, ගුරුතුමිය හෝ ඔබේ අවිවේකි බව හේතුවෙන්න පුළුවන්.

පිළියම් ලෙස: නිතරම ඔහු තුල විශ්වාසය ගොඩනැගිය යුතුය. ඔහු සමග ඔබ මොනදේ වුවත් සිටින බව පවසන්න.

සමහර විටෙක ඔහුට වෙනදාටත් වැඩි ආදරය පෙන්වමින් සිප තුරුල් කරගන්න. ඉන් ඔහුට සහනයක් දැනෙයි.

දෙමාපියන් ලෙස ඔබට රෑට නින්දක් ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා දුක් වෙන්න පුළුවන්.

නමුත් මෙය ක්‍රමයෙන් පහව යන තත්වයක්.

ඒ නිසා අප සඳහන් කල උපායන් සැලකිල්ලට ගෙන බලන්න.

මෙම කාලය ඔවුන්ට සතුටෙන් ගෙවන්න ඔබේ රැකවරණය ආදරෙන් ලබා දෙන්න.

theAsianparent Sri Lanka ඔබ වෙනුවෙන් නිතැතින්ම උදවු වෙන්න සුදානම්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • දරුවාගේ නින්ද
  • /
  • රෑ අතර මැද සිඟිත්තා අවදියෙන්ද?
බෙදාගන්න :
  • සැර අම්මෙක්‌ගේ ලක්ෂණ 12 ක්

    සැර අම්මෙක්‌ගේ ලක්ෂණ 12 ක්

  • පුතෙක් පිළිසිඳගන්න ඕනීද?එහෙනම් මෙන්න මේ පලතුර කන්න   

    පුතෙක් පිළිසිඳගන්න ඕනීද?එහෙනම් මෙන්න මේ පලතුර කන්න  

  • සැර අම්මෙක්‌ගේ ලක්ෂණ 12 ක්

    සැර අම්මෙක්‌ගේ ලක්ෂණ 12 ක්

  • පුතෙක් පිළිසිඳගන්න ඕනීද?එහෙනම් මෙන්න මේ පලතුර කන්න   

    පුතෙක් පිළිසිඳගන්න ඕනීද?එහෙනම් මෙන්න මේ පලතුර කන්න  

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it