theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට baby walker එක සුදුසු නැහැ කියන්නේ ඇත්තද?

6 අවම කියවීම
බබාට baby walker එක සුදුසු නැහැ කියන්නේ ඇත්තද?බබාට baby walker එක සුදුසු නැහැ කියන්නේ ඇත්තද?

පුංච් බබාට ඇවිදින්න baby walker එකක් ‌ද‌ෙන්න කලින් ‌මේ ලිපියත් කියවන්න. ඇයි ළමා ‌රෝග විශේෂ විශේෂඥයින් බබාට baby walker ද‌ෙන්න එපා කියන්නේ?

Baby walker එක බබාට  දරුණු තුවාල සිදුකරන්න පුළුවන් වගේම බබාගේ චලන කුසලතා වලට බාධාවක් බව  ඔබ දන්නවාද? 

සෑම තැනකම ගවේෂණය කිරීමට කැමති කාර්යබහුල ළදරුවෙක් එක්ක දෙමාපියන්ට චුට්ටක් ගැටළු සහගතයි නේද?

ඒ සදහා Baby walker එක  විසදුමක් වෙනවා. ඔබේ දරුවාට Baby walker එක ලබාදෙන්න සුදුසුම වේලාව කුමක්ද කියලා ඔබ දැන් කල්පනා කරනවා නේද?

එහෙත් ළමා රෝග විශේෂඥයින් පවසන්නේ Baby walker එක කිසිසේත්ම දරුවාට සුදුසු නැති බවයි.

මෙම උපකරණයෙන්  දරුවන්ට යහපතට වඩා හානියක් විය හැකි වීම එයට හේතුවෙනවා. 

Baby walker එක කිසිසේත්ම දරුවාට සුදුසු නැහැ. එය  ළදරු සංවර්ධනයට දායක වන්නේ නැහැ.

ලොව පුරා රෝහල් වල හදිසි අනතුරු අංශයේ  ළදරුවන් දහස් ගණනක් මේ උපකරණය නිසා තුවාල ලබා ප්‍රතිකාර ලබනවා.

පසුගිය වසරේ හොංකොං වලින් මරාන්තික වු අවස්ථාවක් පවා අසන්න ලැබුනා.

සැප්තැම්බර් 17 වෙනි සඳුදා  ප්‍රකාශයට පත් කරන ලද ළමාරෝග  පිළිබඳ සඟරාවේ අධ්‍යයනයක් ගැන සදහන් වුනා.

එහි 1990 සිට 2014 දක්වා Baby walker  නිසා හිස් කබල, අස්ථි බිඳීම්, හා වෙනත් තුවාල ලැබුවන් ගැන සදහන් වුනා. ඒ කාලය තුල එක්සත් ජනපදයේ රෝහල් හදිසි ප්‍රතිකාර අංශවල මාස 15 ට අඩු ළමුන් 200,000 කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබාගෙන තියෙනවා.

මෙම වළක්වා ගත හැකි තුවාල සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන්  ආතතියට පත් වු ළමා රෝග විශේෂඥයින් Baby walker තහනම් කරන ලෙස ඉල්ලා සිටිනවා.

baby walker

Baby walker එකක කාර්යය 

Baby walker එක නිර්මාණය කර ඇත්තේ ඇවිදින්න අපහසු දරුවෙකුට සහයක් දෙන්නයි.  

මෙම  උපකරණය සාමාන්‍යයෙන් දීප්තිමත් ලයිට්ස් වලින් හා චලනයට රෝද වලින් සමන්විතයි.

නමුත් දරුවන් තමන්ගේ පාද නොතබා රෝද හතරෙන් පාලනයකින් තොරව ගමන් කිරීම නිසා අනතුරු වෙන්න පුළුවන්. 

මෙසේ ගමන් කිරීම් බොහොමයක් අවසන් වන්නේ බිත්තිවල හෝ ගෘහ භාණ්ඩවල තියුණු දාරවල ගැටීමෙනි. නැතිනම් පඩිපෙල පහලට පෙරළිමෙනි.

2010 දී එක්සත් ජනපද පාරිභෝගික නිෂ්පාදන සුරක්ෂිතතා කොමිෂන් සභාව විසින්   Baby walker සදහා තිරිංග වැනි ආරක්ෂිත උපාංග ඉල්ලා සිටියා.

එය තුවාල වු ළදරුවන් සංඛ්‍යාව අඩු කිරීමට  උපකාරී වූවත්, දරුවන් දහස් ගණනක් තවමත් රෝහල් ගතවෙනවා.

“Baby walker නිසා වසරකට ළමුන් 2,000 ක් පමණ  තුවාල ලබන අතර එයින් බොහොමයක් බරපතල තත්වයේ ඒවා වෙනවා," ළමා රෝග අධ්‍යයනයේ ජේෂ්ඨ   කතුවරයෙක් වන වෛද්‍ය ගැරී ස්මිත් පවසනවා.

“ඒනිසා Baby walker විකිණීම හෝ භාවිතා කිරීම නොකළ යුතු බවට ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ ස්ථාවරයට අපිද සහාය දක්වනවා. මෙම නිෂ්පාදන තවමත් වෙළඳපොලේ තිබීමට  කිසිම හේතුවක් නැහැ. ”

ළදරුවාගේ සංවර්ධනයට හානි කරන උපකරණයක්?

Baby walker භාවිතා කරන හෝ ඊට අනුබල දෙන්නෝ  ළදරුවන්ගේ වර්ධනයට, විශේෂයෙන් ඇවිදීමට අදාළව එය උපකාරී වෙන බව විශ්වාස කරනවා.

නමුත් දරුවෙකුගේ සිරුර ඇවිදීමට සූදානම් වීමට පෙර ඒ සදහා  යොමු කිරීම ප්‍රති ලාභවලට වඩා සංවර්ධනයට බාධාවක් වෙන්න පුළුවන්.

ළමා රෝග විශේෂඥ  ඩේවිඩ් ගෙලර්ට අනුව,  Walker එකක් භාවිතා කරන ළදරුවන් එසේ නොකරන දරුවන්ට වඩා  මාසයක් ප්‍රමාද වී ඇවිදින්න පුළුවන්.

ළදරුවෙකු තම මාංශ පේශි, සමබරතාවය සහ සම්බන්ධීකරණය ඇවිදීමට  ප්‍රමාණවත් ‌ල‌ෙස වර්ධනය කර ගත් පසු ඔහු ඇවිදින්න ඉග‌ෙන ගන්නවා. එසේම ඔවුන්ගේ පාද සහ කකුල් චලනය වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් හා අවබෝධ කර ගැනීමෙන්ද එය ඉගෙන ගන්නවා.

Baby walker තුළ සිටින විට, දරුවාට තැටිය නිසා  සිය පතුල් සහ කකුල් දෙස බලන්න බැහැ. ඒ නිසා ළදරුවෙකුගේ චලන  කුසලතා නිසි ලෙස වර්ධනය කිරීමට ද එය බාධා කරනවා.

තුවාල වීමේ ඉහළ අවදානම   සහ ළමා රෝග විශේෂඥයින් මෙයට විරුද්ධ වීමත් ‌ම‌ෙහිදි මතක්ට කරන්න අවශ්‍ය ව‌ෙනවා.

Baby walker එකක් නැතිව ඇවිදින්න  ඔබේ දරුවාට උගන්වන්න

කුඩා දරුවන්ට ඇවිදින්න කියාදෙන විට Baby walker භාවිතයට සුදුසු  කාලයක් නැති බව දැන් පැහැදිලි නේද?

මෙම උපකරණය  භාවිතයෙන් තොරව ඔබේ දරුවාග‌ේ ඇවිදීම දිරිමත් කල හැකි  උපදෙස් කිහිපයක් මෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  • ඇයට කිසිදු උදව්වක් නොමැතිව වාඩි වීමට  ඉඩ දෙන්න

ඔබේ දරුවා පිටුපසින් බලයක් සහ සහාය නොමැතිව පුටුවක වාඩි කරවන්න. නමුත් ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන්  ඔබ ලගම ඉන්න.

ඔබේ දරුවාගේ පතුල් බිම ගැවෙන්න අවශ්‍ය වෙනවා. එමඟින් ඇයගේ ඉණ සහ දණහිසට ලම්බක කෝණයකින් තල්ලු කරන්න  පුළුවන්.

දරුවාට එසේ හිදගන්න හැකි වු පසු, බිම තියෙන  සෙල්ලම් බඩුවක් ගෙන නැවත පුටුව මත වාඩි වන ලෙස ඇයට කියන්න.

ඔබේ පුංචි  දරුවාගේ අනෙක් මාංශ පේශි වර්ධනය සඳහා ඔබට සෙල්ලම් බඩු විවිධ ස්ථාන වල තබා මෙය උත්සහ කරන්න.

මෙම ක්‍රියාකාරකම සිදු කිරීමෙන් ස්ථාවරත්වය හැරුනු කොට    පාද තබා ඇවිදීමටද ඔබේ දරුවා දිරිමත් කරනු ලබනවා.

ඒත් එක්කම  ඇයගේ පාද වලට බර දරාගත හැකි වන අතර, ඇගේ කකුලේ, උරහිසේ සහ පිටුපස මාංශ පේශි  වල වර්ධනයක් සිදුවෙනවා.

  • ඇයගේ උනන්දුව ලබාගත හැකි  දේවල් පෙන්වන්න

මෙසේ කිරීමෙන්, ඔබේ කුඩා දරුවා සිය හිස සහ බෙල්ල චලනය කිරීමට දිරිගන්වනු ලබනවා.

එමඟින් ඇයගේ පිටුපස මාංශ පේශි ශක්තිමත් කරන්න  පුළුවන්. ළදරුවන්ට ඇවිදීමට උපකාර කිරීමේදී පාදයේ මාංශ පේශි හැරුණු විට පිටුපස මාංශ පේශින්ද වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

දරුවන්ගේ පිටුපස මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා දෙමාපියන්ට කළ හැකි තවත් දෙයක් තියෙනවා.

එනම් ඔවුන්ට සිය උදරය මත වැතිරීමට ඉඩ දීමයි. එමගින් ළදරුවන්ට ඔවුන්ගේ මාංශ පේශි පාලනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න පුළුවන් . එවිට ඔවුන්ට ඉක්මනින් ඇවිදීමට පටන් ගනිවි.

  • Push or pull Toys (තල්ලු කරන හෝ අදින සෙල්ලම් බඩු) ලබා දීම

තල්ලු කරන හෝ අදින සෙල්ලම් බඩු සෙල්ලමට වඩා දෙයක් ලබාදෙනවා. ළදරුවන්ට ඇවිදීමට උදව් කිරීමේදී ඒවා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. 

මේ සෙල්ලම් බඩු එක්ක කුඩා දරුවන්ට නැගී සිටීමට, චලනය කිරීමට සහ ඔවුන්ගේ සමබරතාවය පවත්වා ගැනීමට ඉගෙන ගන්න පුළුවන්.

සම්පුර්ණයෙන්ම  විනෝදාස්වාදය සපයන මියුසික්, ලයිට්ස් වලින් මේවා සමන්විත නිසා දරුවන් ඒවා සමග සෙල්ලම් කිරීමට පෙළඹේ. අවම වශයෙන් මෙම සෙල්ලම් බඩු එකක් හෝ දෙකක් දරුවාට ලබා දෙන්න.  එවිට ඔබේ දරුවා උදව් නොමැතිව තනිවම සිටගනිවි. ඒ වගේම ඇගේ විශ්වාසය හා ඇවිදීමේ හැකියාව වැඩි දියුණු කරගනිවි.

  • ඇයට පාවහන් නොමැතිව ඇවිදින්න  ඉඩ දෙන්න

මේස් සහ සපත්තු පොළවේ ඇති සීතලෙන් හා රළු වස්තූන් වලින් ඔබේ දරුවාගේ පුංචි දෙපා ආරක්ෂා කරනවා.

නමුත් ඔබේ දරුවා ඉක්මනින් ඇවිදීන්න පටන් ගන්න ඔබට අවශ්‍ය නම්, ඇගේ දෙපා පාවහන් නොමැතිව තබන්න.

ඔබේ කුඩා දරුවාගේ දෙපා වලට  මතුපිටට තදින් අල්ලා ගත හැකි වීම මෙයට හේතුවෙනවා.  සපත්තු, මේස් දමද්දී එසේ කල නොහැකියි.

එසේම, ඔබේ දරුවා සපත්තු පළඳින විට, ඒවා නිසා ඇයට අපසුතාවයක් ඇත්දැයි   පාද පරීක්ෂා කර බලන්න.

ඔබ එවන් තත්වයක් දුටුවේ නම්, එම සපත්තු ඉවත් කරන්න. සමේ ගැටළු වලට මුහුණ නොදී ඇවිදින්න හැකි  වඩා හොඳ සපත්තු යුගලයක් ඇයට ලබාදෙන්න.

  • ඔබේ දරුවාට ඇවිදින්න  උදව් කරන්න.

ඔබේ දරුවා ඇවිදීමට පටන් ගත් විට, ඇයට උදව් කරන්නේ කෙසේදැයි ඔබ දැනුවත්ව ඉන්න. 

ඇය පිටුපසින් සිටගන්න. ඇගේ අතේ  ඉහළ කොටසින් ඔබ අල්ලගන්න. ඇයගේ එක අතක් ඉදිරියට තල්ලු කරමින් ඇයව නැගී සිටුවන්න.

පියවරක් තැබීමට  ඔබේ දරුවා ඇගේ ඉණ වටා කරකැවූ විට ඇගේ පාද ඉබේම  ක්‍රියාත්මක වෙනවා.

ඔබේ දරුවාට ඔබේ සහාය අවශ්‍ය නොවන තාක් ඇවිදීම පුහුණු  කරන විට මෙම ක්‍රමය භාවිතා කරන්න.

ශ්‍රී ලංකාවේ අපිත් අවදානම නොදැන කොයි තරම් නම් Baby walker පාවිච්චි කරනවාද? theAsianparent sri lanka ඔබ වෙත මේ වටින‌ා පණිවිඩය ගෙනාවේ අන්න ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • බබාට baby walker එක සුදුසු නැහැ කියන්නේ ඇත්තද?
බෙදාගන්න :
  • Baby walker එකෙන් සිදුවූ තවත් අනතුරක්

    Baby walker එකෙන් සිදුවූ තවත් අනතුරක්

  • වෝකර් එක (baby walker) දරුවන්ට භයානකද ?

    වෝකර් එක (baby walker) දරුවන්ට භයානකද ?

  • Baby walker එකෙන් සිදුවූ තවත් අනතුරක්

    Baby walker එකෙන් සිදුවූ තවත් අනතුරක්

  • වෝකර් එක (baby walker) දරුවන්ට භයානකද ?

    වෝකර් එක (baby walker) දරුවන්ට භයානකද ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it