Baby walker එකෙන් සිදුවූ තවත් අනතුරක්

Baby walker එකෙන් සිදුවූ තවත් අනතුරක්

baby walker අනතුරට ලක් වූ තවත් දරුවකුගේ සිද්ධියකින් baby walker දරුවන්ට කෙතරම් ආරක්ෂාකාරීද යන්න ගැන ප්‍රශ්ණයක් ඇති කරයි.

බබාගේ වෝකර් එක අපි පාවිච්චි කරන්නේ ළදරුවන්ට ආධාරකයක් නොමැතිව ඇවිදීමට පහසු කිරීමටයි. නමුත් ළදරු වෝකර් භාවිතා කිරීමට එරෙහිව අවවාද කරමින් බොහෝ උපදෙස් දකින්නට තිබෙනවා baby walker අනතුරු ඇති වීමේ ප්‍රවණතාවක් දකින නිසායි.

හොංකොං හි දෙමව්පියන් දෙදෙනෙකු සඳහා, මෙහි අවධානම පෞද්ගලිකව අත්දැක්කේ වඩාත් වේදනාකාරී හා හද කම්පා කරවන ලෙසයි – cautioning against using baby walkers.

මාස 8 ක් වයසැති දරුවා Walker එකෙන් නොගැඹුරු ජලයට මුහුණින් වැටී අනතුරට ලක් වේ

හොංකොංහි කොකොනට්ස් වාර්තාවකට ( report by Coconuts Hong Kong) අනුව, මාස අටක් වයසැති පිරිමි දරුවා තම දෙමව්පියන් සමඟ හොංකොං හි සිම් ෂා සූයි හි සුඛෝපභෝගී මහල් නිවාසයක බාබකියු සාදයක සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇත.

පිරිමි ළමයා තම Walker එකේ එහෙ මෙහේ ඇවිද ගිය අතර, එය ගැට්ටක වැටුනු විට දරුවා ඉන් ඉවතට වැටුනේ අඟල් දෙකක් පමණ ගැඹුරට නොගැඹුරු වතුර භාජනයක හිස සහ මුහුණත  වදින ලෙසය.

baby walker අනතුරු

මෙම කනගාටුදායක අනතුර ඕනෑම දෙමව්පියන්ට සිදුවිය හැකි ළදරු Walker එකේ අන්තරායන් ඉස්මතු කර පෙන්වයි. | ඡායාරූප: Apple Daily News Video 

දරුවා නැති බව පසක් වීමට මිනිත්තු ගණනක්ම ගිය අතර පසුව දරුවාව බේරාගන්නට තැත් කරමින් සිටි ජීවිතාරක්ෂකයන් සමඟ සිටි දරුවාව සොයාගැනීමට දෙමව්පියන්ට හැකි විය.   සීසීටීවී දර්ශනවලින් හෙළි වූයේ මිනිත්තු හතක පමණ කාලයක් දරුවා දිය යට සිටි බවයි.

සිදු වූ අනතුරින් සිහිසුන් වූ දරුවා ක්වීන් එලිසබෙත් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන්නට සිදු වුණා.

Baby walker එකේ අන්තරායන් ගැන දෙමාපියන් දැනගත යුතු දේ

baby walker dangers

ළදරු ඇවිදීමේ අන්තරායන් ගැන සැලකිලිමත් වන විට, දෙමව්පියන් නිතරම සුපරීක්ෂාකාරීව සිටිය යුතුය. බෙදීම් තත්පරයකින් අනතුරු සිදුවිය හැකිය. | ඡායාරූප: Shutterstock

සමහර දෙමව්පියන් තවමත් Baby walker භාවිතා කිරීමට කැමැත්තක් දක්වන්නේ එය තවමත් ඇවිදින්නේ නැති දරුවන්ට එහා මෙහා යාමට උපකාර වන නිසාත්, විනෝදාස්වාදය සපයන නිසාත්‍ය.

දරුවාට කෑම කැවීමේදීද Baby walker එක දරුවා ස්ථාවරව තබා ගැනීමට උපකාර වනවා.

අතීත අධ්‍යයනයකට අනුව, දෙමව්පියන්ගෙන් තුනෙන් එකක් විශ්වාස කරන්නේ Baby walker එක තම දරුවන් ආරක්ෂාකාරීව තබා ගැනීමට උපකාර වන බවයි.

කෙසේ වෙතත්, සමහර ළමා රෝග විශේෂඥයින් විසින් Baby walker භාවිතය කිරීම නුසුදුසු යැයි නිර්දේෂ කරනවා.

මෙයට හේතුව නම් Baby walker මගින් ළදරු සංවර්ධනය ප්‍රමාද විය හැකි අතර, ඉහත සඳහන් විස්තරයේ මෙන් එය දරුවන්ට අනාරක්ෂිත විය හැකි නිසාත්‍ය.

baby walker

මේ නිසා දෙමාපියන් ලෙස Baby walker එකක අප දැනගත යුතු අන්තරායන් ඇත.

ඔහියෝ වල කොලොම්බස් හි ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ හා තුවාල පිළිබඳ පර්යේෂණ හා ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ගැරී ස්මිත් “ඇවිදින්නන් අනාරක්‍ෂිතයි” යනුවෙන් ඒබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවා.

“Baby walker නිසා ළමයින්ට තවමත් අනතුරු සිදුවෙමින් පවතිනවා. Baby walker විකිණීම හා නිෂ්පාදනය කිරීම තහනම් කළ යුතුයි.” ලෙසයි.

Walker හා සම්බන්ධ වඩාත් සුලභ අනතුරු සමහරක් වන්නේ පඩිපෙලෙන් වැටීම හෝ යම් ගැට්ටක වේගයෙන් ගැටීම නිසා හිසට සහ බෙල්ලට හානි වීමයි.

Baby walker එකක් ගැට්ටක ගැටීම නිසා අනතුරු වීම බොහෝ විට සිදු වන්නේ වයස මාස 8 දරුවන් අතරයි.

දරුවන් සාමාන්‍යයෙන් මාස 9ත් 12 ත් අතර ඔවුන්ගේ පළමු පියවර තැබීමට පටන් ගන්නවා.

නමුත් ඔවුන්ට සහාය නොමැතිව හොඳින් ඇවිදීමට මාස 16 සිට 17 දක්වා කාලයක් ගතවනු ඇත.

තවමත් ඇවිදින්නේ නැති ඔබේ පොඩ්ඩාට Baby walker එකක් තෝරා ගන්නේ නම්, මෙම මතක් කිරීම් සිහි තබාගන්න:

1. දරුවාගෙන් අවධානය මොහොතකට හෝ ඉවතට ගන්න එපා

සෑම විටම ළමයින් ගැන විමසිල්ලෙන් සිටීමේ වැදගත්කම කොතෙක්දැයි කියා නිම කරන්නට බැහැ.

Baby walker එක හා සම්බන්ධ අනතුරක් වන්නට ගතවන කාලය එක් මනිමේෂයක් පමණයි.

විශේෂයෙන්ම දරුවන්ට පියවර කිහිපයක සිට අඩි හතරක් දක්වා වේගයෙන් Baby walker එකේ ගමන් කරන්නට පුළුවන්.

2. වයසට ගැළපෙන Baby walker එකක් තෝරාගන්න

නිෂ්පාදන විස්තරය හොඳින් පරීක්ෂා කරන්න. යම් උසකින් හා බරකින් යුත් ළදරුවන්ට එය ආරක්ෂිතද? (අඟල් 36 ක් පමණ) දොරවල් තුළින්  යාමට බැරි තරමට එය පුළුල්ද?

Baby walker එක ඔබේ දරුවාගේ වයසට සරිලන්නේ නැතිනම්, එය පහසුවෙන්ම දරුවාත් සමඟ පෙර්ළෙන්නට පුළුවන්.

3. Baby walker එකේ අනතුරුදායක වස්තූන් නොමැති බවට වග බලා ගන්න

සමහර Baby walker වල සෙල්ලම් බඩු හා වස්තූන් රැසක් ළදරුවෙකු විනෝදය සඳහා තබා ඇති.

හිරවීම හෝ ගෙල සිර කිරීමේ උපද්‍රව බවට පත්විය හැකි ලිහිල් නූල් හෝ වෙන් කළ හැකි කොටස් සමඟ Baby walker නොපැමිණෙන බවට වග බලා ගන්න.

4. ඔබේ දරුවාගේ දෑත් ආරක්ෂිතව තබා ගන්න

දෙමව්පියන් දැනගත යුතු ළදරු Baby walker එකේ අන්තරායන්ගෙන් එකක් වන්නේ ඇඟිලි හිර වීමයි. Baby walker එකේ ඇවිදින දරුවාට ඇඟිලි හිරවීමේ අවධානමක් සහිත කොටස් නොමැති බවට වග බලා ගන්න.

5. පඩි පෙළ් ඇති ස්ථාන වල ළඟකටවත් Baby walker එක සමඟ යාමට ඉඩ තබන්න එපා

ස්වාභාවිකවම, අපි දරුවන් පඩි පෙළ අසල තැබීම නොකළ යුත්තකි. Baby walker එකක් තුළ කෙසේවත්  තැබිය යුතු නැත. ආරක්ෂාව වැඩි කිරීමට පරිපෙළ් පිවිසුමේ පුංචි ආරක්ෂිත ගේට්ටුද සවි කළ යුතුය.

Baby walker භාවිතා කිරීම හෝ නොකිරීම අවසානයේ දෙමව්පියන්ගේ තේරීම වේ. නමුත් එය සිදුවිය යුතු සියලු අවදානම් දැන ගැනීමෙන් පසුව ගත යුතු තීරණයක් වනවා.

එසේ Baby walker එකක් ගන්නේ නම් ඉහත් කී කරුණු සලකා දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන්න.

 

මූලාශ්‍ර: Coconuts HK, Pediatrics Journal, ABC News, American Academy of Pediatrics

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි