theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේ දකින්නවත් නොසිතූ සමේ ආසාදනය ඇතිවෙන්නෙ කොහොමද?

4 අවම කියවීම
මේ දකින්නවත් නොසිතූ සමේ ආසාදනය ඇතිවෙන්නෙ කොහොමද?මේ දකින්නවත් නොසිතූ සමේ ආසාදනය ඇතිවෙන්නෙ කොහොමද?

ඉපදුන දවසේ ඉඳන් දරුවාගේ මළපහ පිරිසිදු කිරීමේ සිට ටික ටික ලොකු වෙනකොට ඕනෙම පිරිසිදු කිරීමකට බේබි වයිප්ස් යොදා ගන්නවා. මෙය දරුවන්ගේ කටයුතු වලට ඉතාම පහසුයි. ඒත් එමගින් දරුවන්ට ඔබ නොසිතන හානි ඇතිකරන බව දැනගෙන සිටියාද?

පුංචි පැටියෙක් මේ ලෝකෙට බිහිවුන දවසේ ඉඳන්ම අම්මලා තාත්තලා බබාලට හොඳම දේ දෙන්න උත්සාහ කරනවා. ඒ නිසාමයි දරුවන්ට දෙමාපියන් බේබි වයිප් (නැතිනම් පෙර සකසන ලද තෙත ටිෂු වර්ග) යොදාගන්නේ.

ඉපදුන දවසේ ඉඳන් දරුවාගේ මළපහ පිරිසිදු කිරීමේ සිට ටික ටික ලොකු වෙනකොට ඕනෙම පිරිසිදු කිරීමකට බේබි වයිප්ස් යොදා ගන්නවා. මෙය දරුවන්ගේ කටයුතු වලට ඉතාම පහසුයි. ඒත් එමගින් දරුවන්ට ඔබ නොසිතන හානි ඇතිකරන බව දැනගෙන සිටියාද?

සමහර බේබි වයිප් නරක ඇයි?

පරීක්ෂණ වලදී සාදන සමහර ළදරු බේබි වයිප් සඳහා මෙනිලිසොනියාසොලින් (MI) නමැති රසායනිකය යොදා ගන්නවා. සමහර දරුවන්ගේ සමේ රතු පැහැති ලප ආකාරයට මෙම වයිප්ස් නිසා ආසාදන තත්වයන් ඇතිවෙන්න පුළුවන්. මේ වනතුරු MI නිසාම එය ඇතිවේ යැයි සඳහන් නොවුනත් මෙහි හේතුව හරියට හඳුනා නොගැනීම හා සමහර විට හතිය වැනි තත්වයක් වුනත් ඇතිවිය හැකි බව කියනවා. Connecticut වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්ය සම හා ළදරු    හෙද විශේෂඥ මේරි වූ චෑන්ග් මිනිසුන් හිතනවාට වඩා MI නිසා දරුවන්ට ආසාදන ඇතිවීම ඉතා වැඩි බව පවසනවා.

නමුත් අධ්‍යනයන් එය සනාථ කළා.

වෛද්‍යවරයා ඉතා දැඩි ලෙස දද ඇති වූ දරුවන් 6 දෙනෙකු ඇසුරෙන් පර්යේෂණය ඇරඹුවා. පළවෙනි දරුවාගේ මුහුණේ හා පිටුපස දද දකින්න තිබුණා. අවුරුදු 8 ක් වයසැති දරුවාට ස්ටෙරොයිඩ් හා ප්‍රතිජීවක ලබා දුන්නත් බෙහෙත් අවසානයේ එම දද හා ආසාදන නැවත ඉස්මතු වුණා. මෙය ආසාදනයක් නොව ඇලර්ජි තත්වයක් බව වෛද්‍යවරු තහවුරු කළ අතර ඇයගේ සමේ ගල්වන දේවල් ගැන වෛද්‍යවරයා මවගෙන් විමසුවා. ඇගේ දරුවන්ගේ මුහුණේ හා පිටුපස පිරිසිදු කිරීමට වෙට් වයිප් යොදා ගන්නා බව කියා සිටින බෙල්ජියම් හි පුද්ගලයෙකුට ද මෙවැනි ආසාදනයක් MI අඩංගු වෙට් වයිප් භාවිතය නිසා ඇතිවූ බව වෛද්‍ය චෑන්ග් සොයා ගැනුණා. මේ නිසා වෛද්‍යවරිය MI මගින් ඇතිකරන ආසාදන ගැන පරික්ෂා කළ අතර එය උපකල්පනය නිවැරදි බව තහවුරු වුණා.

අර පෙර කියපු අම්මා වෙට් වයිප් භාවිතය නතර කළ පසු ඇයගේ දරුවන්ගේ සමේ ඇතිවූ ආසාදනයන් පහව ගියා. ගෙවුණු වසර දෙක තුළ තවත් දරුවන් දෙදෙනෙකු මෙම ආසාදනය නිසා වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙනඑනු ලැබුණා. හැම අවස්ථාවකම දරුවන් බේබි වයිප් වලින් පිස නොදැමූ විට සමේ ආසාදන ඇතිවුණේ නැහැ.

MI දිගුකල් තබා ගැනීම සඳහා යොදන රසායනිකයක් බැවින් එහි ගුණාත්මක බවක් ඇත්තේ නැහැ. බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන වලත් මෙම රසායනිකය අඩංගු වන බව පැවසෙන අතර 2005 වසරේ සිට සමේ අසාත්මිකතා ඇතිවීමේ වැඩිවීමක් ඇති බව පැවසෙනවා. සිංගප්පුරුවේ පිජන් නමැති නිෂ්පාදනය මෙම අනාරක්ෂිත MI රසායනිකයෙන් තොර ළදරු නිෂ්පාදන නිෂ්පාදනය කරන බව සහතික කරනවා.

නමුත් ඔබට වෙළඳපළේ ඇති මෙම තෙත ටිෂූ පාවිච්චිය වෙනුවට වෙනත් ආදේශක යොදාගන්න පුළුවන්.

පිරිසිදු ජලය - කොයි දෙයටත් විශ්වාස දායක ජලය පුංචිම පැටවුන්ගේ සිට යොදාගන්න පුළුවන්. මෘදු සේදුම් ඛාරකයක් හෝ අලුත උපන් බිළිඳුන් සඳහා තෙත පුළුන් ඇල්මැරුණු ජලයෙන් පොඟවා පිරිසිදු කරන්න පුළුවන්. තරමක් ලොකු බබෙකු ටැප් එකක් ළඟට ගොස් හෝදන්නත් අපිරිසිදු වූ පසුව ටිෂූ එකක් ආධාරයෙන් පිසදමා අස්කර දමන්න පුළුවන්.

රෙදි - කුඩා කැබලි වශයෙන් තබාගෙන අවශ්‍ය විට ජලයේ පොඟවා පිස දමන්න. සමේ ඇතිවන ආසාදන වන නැපි රෑෂ් වලින් වැළකීමට ජලයට ඔලිව් ඔයිල් බිඳිති කිහිපයක්, ටී ට්‍රි ඔයිල් හෝ රසායනික ද්‍රව්‍ය ඇතුලත් කර නැති මෘදු ළමා සේදුම් ඛාරකයක් බිඳිති කිහිපයක් එක්කරන්න පුළුවන්.

පරිසරයේ අමුද්‍රව්‍ය ඇසුරෙන් නිපදවූ ටිෂූ වර්ග.

පාවිච්චිය සමට අවම හානි ඇතිකරන නිසා හැකිනම් මෙවැනි නිෂ්පාදන තෝරාගන්න යොමු වෙන්න. වෛද්‍ය චැන්ග් කියන්නේ දෙමාපියන් සම්පුර්ණයෙන්ම ළදරු වෙට් වයිප් භාවිතය නැවැත්විය යුතු නැති බවයි. ගමන් බිමන් යන විට එය ඉතා වැදගත් බව දරුවන් දෙදෙනෙකුගේ මවක් ලෙස එහි ඇති ප්‍රයෝජන හඳුනනවා.

ඇගේ අවවාදය වන්නේ හැකි තරම් නිවසේ සිටින විට වෙනත් උපක්‍රම භාවිත කළහැකි අතර ගමන් බිමන් යන විට හැකි තරම් MI අඩංගු නොවන වෙට් වයිප් යොදාගන්නා ලෙසයි. නමුත් ඔබේ දරුවාට ඇත්තේ සංවේදී සමක් නම් හැකි තරම් ඇල්මැරුණු ජලය යොදාගන්න.

MI නිසා ඔබේ දරුවාගේ සමේ ආසාදන ඇතිවී ඇතැයි සිතන්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් වෙත යොමු වෙන්න. ඔබ කැමති නම් නිවසේදී සාදාගත හැකි බේබි වයිප් ගැන මේ විඩියෝවෙන් දැනගන්න පුළුවන්.

දියුණු වෙන ලෝකයත් සමග අපට පහසුව සලසන නිෂ්පාදන ලැබුනත් එහි ආරක්‍ෂිත බව ගැන දැනුවත් වීමේ වැදගත්කම පෙන්වා දෙන්න theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • මේ දකින්නවත් නොසිතූ සමේ ආසාදනය ඇතිවෙන්නෙ කොහොමද?
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it