theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොවිඩ් 19 ගැන එය වැළදුන මාස 7 ක දරුවෙකුගේ මවක් ‌පැවසු කතාව

5 අවම කියවීම
කොවිඩ් 19 ගැන එය වැළදුන මාස 7 ක දරුවෙකුගේ මවක් ‌පැවසු කතාවකොවිඩ් 19 ගැන එය වැළදුන මාස 7 ක දරුවෙකුගේ මවක් ‌පැවසු කතාව

දරුවන් ‌කොවිඩ් 19 න් ආරක්ෂා කරගන්න.

කොවිඩ් 19 ගැන ලෝකය දසතින්ම ඇහෙන මොහොතක බබාට කොරෝනා හැදුන මවක් දෙමව්පියන්ට කියන ‌මේ කථාව කියවන්න. 

අපි සංඛ්‍යා ලේඛන දත්ත දිහා බලමින් දෙවියනේ දරු පැටවුන්ට මේ වෛරසය එච්චර හානි කරන්නේ නැහැනේ කියලා සැනසුම් සුසුම් හෙලුවට එයාලව ආරක්ෂා කරගන්න එක වැදගත් ‌වෙනවා.

COVID-19  ආසාදිත දකුණු කැරොලිනාවේ  මාස 7 ක් වයසැති පුතෙකුගේ අම්මා කෙනෙක්ට සමස්ථ දෙමව්පියන් එක්කම බෙදාගන්න පණිවිඩයක් තියෙනවා. 

මාස 7 ක බබාට කොරෝනා ‌වෛරස වැළදෙයි

වැඩිහිටියන්ට වඩා ළමයින්ට COVID-19 සඳහා වැඩි අවදානමක් ඇති බවක් නොපෙන බව රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) පැවසුවත්  තිදරු මවක් වන කෝට්නි ඩොස්ටර්ට මේ වෛරසය දරුවන්ට බලපාන ආකාර ගැන යමක් දෙමව්පියන්ට කියන්න අවශ්‍ය වුනා.

ඩොස්ටර්ගේ මාස 7 ක් වයසැති පුත් එමෙට්ට  COVID-19 වැළදි ඇති බව මාර්තු 17 වන දින තහවුරු වුනා.

කොවිඩ් 19 ගැන එය වැළදුන මාස 7 ක දරුවෙකුගේ මවක් ‌පැවසු කතාව

ඩොස්ටර් සිය පුතු යම් රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් නිසා ඔහුගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කලා.

මුලින් එය අඩු අගයක් වු අතර පසුව ෆැරන්හයිඩ් 103 දක්වා ඉහල ගියා.

උෂ්ණත්වය ෆැරන්හයිට් 104 පනින විට  දරුවාගේ මව සහ පියා සිය බාල දරුවා වු එමෙට්ව වහාම රෝහලකට ගෙන ගියා.

එහිදි දරුවාගේ පපුවේ x-කිරණ පරීක්ෂණයක් කර ඇති අතර දරුවාට යම් නියුමෝනියා තත්වයක් ඇති බව වෛද්‍යවරු තහවුරු කළා.

ඊට පැය 24 පසු කොවිඩ් 19 පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුන අතර ඒ අනුව බබාට කොරෝනා වසංගතය ‌බෝවී තිබුනා.

ඩොස්ටර්ගේ මව එනම්  එමෙට්ගේ ආච්චි අම්මාට  COVID-19 වැළදි තිබු අතර ඇය එය නොදැන  පවුලේ අය ඇසුරු කර තිබුනා.

දැනට ඩොස්ටර්, ඇයගේ සැමියා, එමෙට් සහ ඔහුගේ වයස අවුරුදු 2 සහ 4 ක සහෝදර සහෝදරියන් දෙදෙනා 14 ක් නිරෝධායනය වෙමින් සිටිනවා.

බබාට කොරෝනා

පවුලේ අනෙක් අය කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් ඩොස්ටර් සැලකිලිමත් වෙනවා.

මූලික නිරාවරණයෙන් දින කිහිපයකට පසු රෝග ලක්ෂණ වර්ධනය විය හැකි බැවින්, ඇය සිය පවුලේ සාමාජිකයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටී.

එමෙට්  කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නු බවත් එය ඉතාම බියජනක තත්වයක් බවත් දරුවාගේ මව පැවසුවා.

පවුලේ අනෙක් අයගේ ශරීර උෂ්ණත්වය ඇතුලු ‌රෝග ලක්ෂණ ‌‌කෙරෙහි ඇය අවධානයෙන් සිටින අතර දැනට ගැටලුවක් නැති බව ඇය පවසනවා.

ලෝකය පුරා ආසාදිතයන් මොහොතින් මොහොත වැඩිවෙනවා. 

එය ඉතා භයානක බවත්, එසේ වන්නේ ඇයිදැයි නොදන්නා නමුත් දෙමාපියන් මෙය බැරෑරුම් ලෙස සැලකීම අවශ්‍ය බවත් ඩොස්ටර් පවසනවා.

ඔබේ පුංචි පැටවු නිවසේ තබා ගන්න. ඔබේ අත් සෝදන්න.

ඔවුන් අත කටේ දැමීම වළක්වන්න අසිරුයි. නමුත් දරුවන් සහ දරුවන්ගේ රෝග ලක්ෂණ ගැන ඉතා විමසිල්ලෙන් සිටින ලෙස ඇය පවසනවා.

බබාට කොරෝනා වැළදීම ගැන විශේෂඥයන් දෙමව්පියන්ට පවසන දේ

වයස අවුරුදු 19 ට වඩා අඩු මරණ සංඛ්‍යාව ඉතා අඩු වුනත් කොරොන වයිරසය හේතුවෙන් මුලින් සිතුවාට වඩා වැඩි යෞවනයන්  ප්‍රමාණයක් බරපතල ලෙස රෝගාතුර වන බව වාර්තා පෙන්වා දෙනවා.

ළමුන් තුළ ඇතිවෙන COVID-19  සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් වෙන්කර හඳුනාගත නොහැකි බව කොලරාඩෝ හි ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ෂෝන් ඕ ලෙයරි පවසනවා.

මෙම වෛරසය ළමුන් තුළ සැලකිය යුතු රෝගයක් ඇති කරන බව පෙනෙනන් තියෙනවා. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නමුත් එය සාමාන්‍ය ළමා වියේ ආසාදනවලට වඩා වෙනස් නොවන බව ඔහු පවසනවා.

වෙනත් රටවල දත්ත අනුව  ළමයින්ගෙන් කුඩා ප්‍රතිශතයක් රෝගී වී රෝහල් ගත කිරීම අවශ්‍ය වී තියෙනවා.

නමුත් එය ඇත්ත වශයෙන්ම වෙනත් සාමාන්‍ය ශ්වසන වෛරස් වලට වඩා වඩා වෙනස් වෙන්නේ නැහැ .

වැඩි වැඩියෙන් තොරතුරු එක්රැස් වන බැවින් තත්වය වේගයෙන් වෙනස් වන බව ඕ'ලෙයරි පෙන්වා දුන්නා.

පසුගිය සතියේ චීනයෙන් කරන ලද විශාල අධ්‍යයනයක දී, වයස අවුරුදු 1 දක්වා රෝහල් ගත වීමේ වැඩි අවදානමක් පැවතුන බවත් එය අනෙකුත් ශ්වසන වෛරස් වල ලක්ෂණ වලට බොහෝ සමාන බවත් ඔහු පැවසුවා.

දෙමව්පියනි ඔබ කල යුතු හොදම දේ දරුවන්ට අන් අය ගෙන් අඩි 6 ක් ඈතින් සිටිමේ සමාජ දුරස්ථතාවය ඉගැන්වීමයි.

දරුවන්ව මේ දින වල සමාජගත කරන්න එපා. පුස්තකාල , සෙල්ලම් පිටි, අමතර පංති කිසිවකට දරුවා සහභාගි කරන්න එපා. 

ඔබේ දරුවා   කොවිඩ් 19 හි මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, දරුවා රෝහලට හෝ වෛද්‍ය කාර්යාලයට එකවර රැගෙන යන්න එපා.

ඔබේ දරුවාගේ වෛද්‍යවරයා දුරකථනයෙන් අමතා ඒ පිළිබද උපදෙස් ගන්න.

දරුවා හා දරුවා ස්පර්ශ වු අය සමාජයෙන් ඈත් විය යුතු අතර ඔබේ රටේ ඒ සදහා ලබා දී ඇති දුරකථන අංකයක් අමතා ඒ පිළිබද උපදෙස් ගන්න.

ඔබේ දරුවාට ඇත්තේ වෙනත් රෝගයක් වෙනනත් පුළුවන්.

ඔබේ දරුවා රෝගී වී ඇත්නම්, ඔබේ නිවස පිරිසිදුව හා සනීපාරක්ෂාව සඳහා තබා ගැනීමට වග බලා ගන්න.

නිවසේ එක් පුද්ගලයෙකුට [COVID-19] ඇති පමණින්, සෑම කෙනෙකුටම එය ලැබෙනු ඇතැයි අදහස් කරන්නේ නැහැ. ඒ නිසා අන් අය ආරක්ෂාවීම වැදගත් ‌වෙනවා.

පිරිසක් ගෙදර සැදු මුඛ ආවරණ භාවිතා කලද එය කොතරම් ප්‍රයෝජනවත් දැයි දන්නේ නැති අතර දෙමව්පියන් නිතර පරිසරයේ විෂබීජහරණය කල යුතු බව ඔහු උපදෙස් දෙනවා.

එක් එක් පෘෂ්ඨ වල වෛරසයේ ආයු කාලය වෙනස් නිසා නිතර ස්පර්ශ වෙන පෘෂ්ඨ නිතර විෂබීජහරණය කරන ලෙස ඔ'ලෙයාරි පැවසුවා.

ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය (AAP)විසින් දෙමව්පින්ට ලබා දෙන උපදෙස්

කොවිඩ් 19 ගැන එය වැළදුන මාස 7 ක දරුවෙකුගේ මවක් ‌පැවසු කතාව

1.අවම වශයෙන් තත්පර 20 ක් වත් සබන් හා වතුරෙන් අත් සෝදන්න.

සබන් සහ ජලය නොමැති නම්, අත් 60% හෝ ඊට වැඩි ඇල්කොහොල් මත පදනම් වූ සනීපාරක්ෂක දියරයක් භාවිතා කර පිරිසිදු කරන්න.

2.සමාජ දුරස්ථභාවය පුරුදු කිරීමෙන් අන් අය සමඟ සමීප සම්බන්ධතා අඩු කරන්න.

නිවසේ රැදෙන්න. පොදු ස්ථාන වලින් ඈත් වෙන්න.

3.ඔබේ දරුවන් රෝගී අයගෙන් ඈත් කර තබන්න.

4.කිවිසුම් යන විට ටීෂු එකක් භාවිතයට හෝ වැලමිටින් ආවරණය කිරීමට කියා දෙන්න.

5.නිතිපතා විෂබීජ නාශක භාවිතා කර  සුපුරුදු පරිදි ඔබේ නිවස පිරිසිදු කර විෂබීජහරණය කරන්න.

6.පිරවූ සතුන් හෝ වෙනත් පිර වු සෙල්ලම් බඩු සෝදන්න. 

නිෂ්පාදකයින්ගේ උපදෙස් අනුගමනය කර ඒවා හැකි නම් උණුසුම් ජලයෙන් සෝදා සම්පූර්ණයෙන්ම වියළන්න.

7.ඔබේ මුහුණ ස්පර්ශ කිරීමෙන් වළකින්න; ඔබේ දරුවන්ටද එසේ කිරීමට උගන්වන්න.

8.අධික ආසාදිත ප්‍රදේශවලට යාමෙන් වළකින්න.

9.සංචාරක සීමාවන් පිළිබඳ දේශීය හා රාජ්‍ය මග පෙන්වීම් අනුගමනය කරන්න.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්ති‌යේ වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

මූලාශ්‍ර: www.yahoo.com

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • කොවිඩ් 19 ගැන එය වැළදුන මාස 7 ක දරුවෙකුගේ මවක් ‌පැවසු කතාව
බෙදාගන්න :
  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

    සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

    සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it