ඔබේ පැටියා කුස තුළ හිඳීමෙන් ඔබට ලැබෙන වටිනාකම් හා ආරක්ෂාව ගැන ඔබ දන්නවද?

ඔබේ පැටියා කුස තුළ හිඳීමෙන් ඔබට ලැබෙන වටිනාකම් හා ආරක්ෂාව ගැන ඔබ දන්නවද?

දරුවෙකු කුස තුලින් මෙලොව බිහිවී වෙන්වුනත් ඒ බැඳීම සදාකාලිකයි. නමුත් ඒ බැඳීම ඇරඹෙන්නේ කුස තුළ සිටමයි.

දරුවෙකු කුස තුලින් මෙලොව බිහිවී වෙන්වුනත් ඒ බැඳීම සදාකාලිකයි. නමුත් ඒ බැඳීම ඇරඹෙන්නේ කුස තුළ සිටමයි.

ඔබේ පැටියා කුස තුළ හිඳීමෙන් ඔබට ලැබෙන වටිනාකම් හා ආරක්ෂාව ගැන ඔබ දන්නවද?

ඔබේ දරුවාත් ඔබත් එක් අයෙක් පමණයි

ශරීරය මගින් ගර්භාෂය තුළ පැටියෙකු වැඩෙන විට සෛල නිකුත් වෙනවා. මේ සෛල ශරීරය තුළින් ප්‍රතික්ෂේප වන්නේ නැහැ.

ඒ වෙනුවට ඒවා රුධිරය හරහා ලබා දීමෙන් ජීවියා වැඩෙනවා. ඇරිසෝනා ජාතික සරසවියේ වෛද්‍ය ජේ.ලී නෙල්සන් සෛල විශේෂඥවරිය පවසනවා.

වොෂින්ටන් සරසවියේ ජේ.ලී නෙල්සන් වසර ගණනාවක් කළ පර්යේෂණ වලට අනුව මෙම සෛල අම්මගේ මොලයටත් ගමන් කරන බව පවසනවා. Smithsonian.com අනුව ආවේනික ජෛව සෛල හැම මවක් තුළම උපදින බව. එය සතුන් තුලත් වෙනස් ආකාරයෙනුත් ඇතිවන බව පැවසෙනවා.

ඔබේ පැටියා කුස තුළ හිඳීමෙන් ඔබට ලැබෙන වටිනාකම් හා ආරක්ෂාව ගැන ඔබ දන්නවද?

ඔබේ පැටියාගෙන් ලැබෙන ආරක්ෂාව

මුලදී ඉන් දරුණු ලෙස රෝග වැළඳෙන බවට සැක කලත්  වර්තමානයේ කරන ලද පර්යේෂණ වලට අනුව මවට රෝග රැසකින් ආරක්ෂාව ලැබෙන බවත් සොයාගෙන තියෙනවා. පිළිකාව ඒ අතර විශේෂයි.

Scientific American ට අනුව මවකගේ තුවාල වූ සෛල කරා මෙම බිළිඳු සෛල ගමන් ගන්නා බව පැවසෙනවා. වකුගඩු හා තයිරොයිඩ් වලින් වන හානි මේ නිසා සුව කරන බවද පැවසෙනවා. මේ සෛල වලට නැවත සෛල නිපදවීම හා ශක්තිමත් කිරීමේ හැකියාව තියෙනවා.

මෙම සෛල පටල ආකාරයෙනුත් හමුවෙනවා. විශේෂයෙන් සිසේරියන් සැත්කමකදී වන තුවාලයට සුවය සදනවා. සරලව පැටියා ඉපදුනාට පසුවත් ඔබට වූ තුවාල වලට පැටියාගේ බලපෑමෙන් ඉක්මන් සුවය ලබාදෙනවා.

ඔබේ පැටියා කුස තුළ හිඳීමෙන් ඔබට ලැබෙන වටිනාකම් හා ආරක්ෂාව ගැන ඔබ දන්නවද?

අපි එක ලෙසම වැඩෙන පවුලක්

ආර්මි බොඩිට අනුව වැදෑමහ තුලින් මෙම සෛල පැටියාටත් ගමන් කරනවා. සරලව කියතොත් අපේ අම්මාගේ සෛල අපි හැමෝම තුළ තියෙනවා.

මේ නිසා අම්මගේ ආච්චි අම්මා වගේම වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙනුත් පෙළක් ඊළඟ දරුවාට සෛල වල බලපෑම තිබෙනවා.

මේ අරුම පුදුම ක්‍රියාවලිය ගැන තව දුරටත් පර්යේෂණයන් සිදුවෙන අතර ඉන් ඇති වන බලපෑම් තිබුනත් දැනට අපි මෙහි ඇති අධ්‍යාත්මික බලපෑම ගැන සිතා සතුටු විය යුතු වෙනවා.

අපි හිතනවාටත් වඩා දරුවෙකු හා මවක අතර බැඳීම ශක්තිමත් වන්නේ ඒ නිසයි.

දෙමාපිය දූදරු බැඳීම් ගැන නිරතුරුවම සිතන theAsianparent Sri Lanka මේ ලිපිය ඔබ වෙනුවෙන්ම සටහන් කළා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ