theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මංගල කෙස් කැපීම හෙවත් බබාගේ පළමු කෙස් රොද කැපීම

5 අවම කියවීම
මංගල කෙස් කැපීම හෙවත් බබාගේ පළමු කෙස් රොද කැපීමමංගල කෙස් කැපීම හෙවත් බබාගේ පළමු කෙස් රොද කැපීම

මංගල හිසකෙස් කැපීම හෙවත් බබාගේ පළමු කෙස් රොද කැපීම යනු කුමක්ද?

මංගල හිසකෙස් කැපීම ගැන ඔබ ‌කොයිතරම් දුරට දන්නවාද?

ඔබේ වටිනා පුංචි පැටියාගේ ජිවිතයේ හැම සොදුරු නිමේෂයක්ම උත්සවාකාරයෙන් කරන්න කැමතියි නේද? හැම මංගල සිදුවීමකටම ඔබ පුංචි හරි උත්සවයක් ගන්න කැමති ඒ නිසයි.

1

දරුවාගේ සෑම සුවිශේෂි සංධිස්ථානයක්ම නියමිත කලට වේලාවට හදුන්වා දීම කලට වේලාවට කිරීම දෙමව්පියන්ගේ වගකීමකි.

පළමු බත් පිඩ, පළමු අකුර හදුන්වා දීම වගේම පළමු කෙස් රොද කැපීමත් අපගේ සංස්කෘතිය හා බැදී ආදි අතීතයේ සිටම එන චාරිත්‍රයක් වෙනවා.

මෙම චාරිත්‍ර බොහෝ විට ප්‍රදේශ අනුව සංස්කෘතින් අනුව වෙනස් වන්න ඉඩ කඩ තියෙනවා.

මේ සම්බන්ධව ඔබට සරල අදහසක් ලබා දීම අපගේ එකම අරමුණයි.

ඒ වගේම මේ චාරිත්‍රයද නැකත් හා බැදි පවතින අතර නැකත් පිළිබද දැඩි විශ්වාසයක් නැති අය රාහු කාලය මග හැර දරුවාගේ මංගල කෙස් රොද කපනු ලබනවා.

මේ කටයුත්ත දරුවා බහ තේරීමට පෙර කල යුතු යැයි විශ්වාස කරනවා.

ඔබ නැකතක් විශ්වාස කලත් ‌නොකලත් ඔබගේ ආදරණිය පුංචි පැටියාගේ සෑම මංගල ‌මොහොතකටම සුවි‌ශේෂිත්වයක් එක් කරන්න මවක් පියෙක් විදිය ඔබත් කැමතියි ‌නේද?

දරුවා බහ තෝරන විට හිස කෙස් කැපුවහොත් දරුවා කතා කිරීම නවතා දමන බව පැරන්නන් විශ්වාස කළා. ඒ නිසා රුවකු ඉපදී වසරක්‌ ගතවූ පසුව හිසකෙස්‌ කැපීම ඉතා හොඳයි.

මංගල හිසකෙස් කැපීම හෙවත් බබාගේ පළමු කෙස් රොද කැපීම යනු කුමක්ද?

අද සමාජය අනුව පිරිමින් කොණ්ඩය කැපුවද සාමාන්‍යයෙන් කාන්තාවන් කොණ්ඩව වවනු ලබයි. කොණ්ඩය කොටට කපන කාන්තාවන්ද නැතුවාම නොවේ. තත්වය මෙය වුවද ඔබේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය නොබලා මෙම මංගල හිස කෙස් කැපීම කරනු ලබනවා.

ගැහැණු දරුවන්ට මවගේ උපන් නැකතද පිරිමි දරුවන්ට පියගේ උපන්  නැකතද අශුභ ලෙස සැලකෙන බැවින් මංගල හිස කෙස් කැපීමට ශුභ නැකත් තෝරා ගැනීමට යන විට බොහෝ අය දරුවාගේ හදහනට අමතරව මවගේ පියාගේ හදහන්ද රැගෙන යනු ලබනවා.

මෙම මවගේ පියාගේ උපන් නැකත් ‌මේ සදහා සලකා බැලීම සමහර ප්‍රදේශ වල ප්‍රතික්ෂ‌ේප කරනවා.

ඔත්තේ මාස හෝ වසරවලදී පිරිමි  දරුවන්ගේද, ඉරට්‌ටේ මාස හෝ වසරවලදී ගැහැණු දරුවන්ගේද කෙස්‌ කැපීම සිදු කරයි.

මංගල හිසකෙස් කැපීම සිදු නොකළ යුතු අවස්ථා

  • දරුවකු බහ තෝරන වියේදී එනම් කතා කිරීමට පටන් ගන්නා විට
  • මව ගැබ්ගෙන පස්‌ මසක්‌ ගත වී ඇති විට
  • පුරපසළොස්‌වක පොහොය, අමාවක පොහොය මෙන්ම රාත්‍රී කාලය
  • ආහාර අනුභව කළ විගස 
  •  සෑහෙන කාලයක්‌ නිරාහාරව සිටින විට
  • දරුවා වෙහෙස මහන්සි වී සිටින විට
  • දරුවා අසනීපව සිටින විට

දරුවාගේ පළමු කෙස් රොද කැපීමේදී සිදු කරන චාරිත්‍ර

  • මුලින්ම මංගල කෙස් කැපීම සිදු නොකළ යුතු අවස්ථා ගැන සැලකිලාමත් වෙන්න
  • දරුවාගේ මංගල කෙස් රොද කැපීමට සුභ දිනයක් , නැකතක් සහ දිශාවක් තෝරාගන්න.
  • සමන් පිච්ච මල්, ඊතණ, සුණුසහල්, විලඳ, එලඅබ, සඳුන්, පිනිදිය සහිත පැන් කළයක්‌ සකස් කර ගන්න. ඒ මංගල කෙස් කපන විට කළය දරුවාගේ හිසමත තබා නියමිත නැකතට කෙස්‌ කැපීමෙන් ඉතාම සුබඵල ළඟාකර ගන්න පුළුවන්ලු.
  • කෙස්‌ කපන අවස්‌ථාව ආරම්භ වීමට පෙර හා කෙස්‌ කපන අවස්‌ථාවේදී පිරිත් කීම සුදුසු වෙනවා. වෙනත් ආගමිකයන්ට තමන්ගේ ආගම සිහිකර ඉහත  සදහන් කරන ආකාරයට කටයුතු කිරිම ශුභයි.
  • සුභ දිනයේ  නැකත උදා වු විට සුභ දිශාව බලා දරුවාගේ මංගල කෙස් රොද කපන්න.  මෙසේ කොණ්ඩය කැපීමට පෙර සමහර ප්‍රදේශ වල ඖෂධිය පැන් ස්වල්පයක් දරුවාගේ හිසට ඉසිනු ලබනවා.

මංගල කෙස් කැපීම හෙවත් බබාගේ පළමු කෙස් රොද කැපීම

  • දරුවාගේ ‌කොණ්ඩය කැපීම සදහා පිරිසිදු පනාවක් හා කතුරක් භාවිතා කරන්න. දරුවා සමහර විට ‌මේ සදහා ඉඩ ‌නොදෙමින් දගලන්න ඉඩ ඇති බැවින් දරුවා ‌සංසුන් කර ‌ගෙන සිටීමත් වැදගත් ‌වෙනවා.
  • ඉන්පසුව  ඖෂධීය හිසතෙල් ස්‌වල්පයක්‌ හිසේ ගාන්න.
  • කෙස්‌ කැපීමෙන් පසුව කලින් සකස් කල  කළ ඖෂධ පැන් කළයෙන් දරුවා නහවන්න.
  • හිසකේ කැපීම අවසන් වූ පසුව හකුරු සහිත කිරිබතක්‌ පිළියෙළ කර  බුද්ධ පූජාවක් තබන්න. ඉන්පසු දරුවාට එය කන්න දෙන්න. දරුවාගේ නැදෑයින්ටද මෙය අනුභව කරන්න පුළුවන්.
  • එම හිස කෙස් රැගෙන ගලා යන ජල පහරක් ලගට ගොස් ආපසු එන විට  ජලයට දැමිය යුතුයි. මෙසේ හිසකෙස් යනවිට ජලයට දැමුවොත් කොණ්ඩය යන බවත් එන කොට දැමුවොත් කොණ්ඩය එන බවත් විශ්වාස කළා.

සැලකිලිමත් විය යුතු කාරණා

  • කපන ලද හිසකෙස්‌ පයට පෑගෙන සේ තැනින් තැන දාන්න එපා
  • ඒ වගේම කෙස්‌ සුළඟේ පාවී යැමට ඉඩ දෙන්න එපා
  • කැපු හිසකෙස් වැළලීමෙන් වළකින්න.

 

දරුවාගේ කොණ්ඩය කැපීම ගැන තව දුරටත්

බබාගේ කොණ්ඩය කැපීම කරන එකත් පහසු කටයුත්තක් නෙවෙයි. බබාගේ දගයි. හරිම නොසංසුන්. ඒ වගේම බබාගේ කොණ්ඩය කොටට තබා ගැනීමෙන් බබාට දහඩිය දැමීම අඩු වෙනවා, හිස් හොරි සැදීම වලකිනවා. උකුණන් ඇති වීම වලකිනවා.

බබාගේ කොණ්ඩය අඩු කරන්නේ කොහොමද ?

සැලකිලිමත් විය යුතුය: දරුවා ඇවිදීම පටන් ගන්නා විට කොණ්ඩය ඉතා කෙටි කිරිමෙන් වලකින්න. කොණ්ඩය මගින් දරුවා වැටෙන විට හිස ගැටෙන වේගය අඩාල කරනු ලබයි.

දරුවන්ට හිස් හොරි, උකුණන් බෝ වීම, දරුවන්ගේ හිසට විවිධ රසායනික ද්‍රව්‍ය දැමීම වැනි හේතු නිසා බොහෝ අම්මලා දරුවන් සැලුන් වෙත ගෙන යෑමට මැලිවෙති. එසේ ගෙන යන්නේ නම් දරුවාට වෙනම පනාවක්, කතුරක් හා තුවායක් ගෙන යෑමට වග බලා ගන්න.

කොණ්ඩය කැපීම නිවසේදීම කරමුද?

3

අවශ්‍ය ද්‍රව්‍ය

කතුරක්

පනාව

තුවායක්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ෂැම්පු

මද උණුසුම් ජලය

• දරුවාගේ ගෙල වටා තුවායක් අතුරමින් ඇග ආවරණය කරන්න.

• දරුවාව කෙනෙකු වඩාගෙන දරුවාගේ  අවධානය වෙනස් කරන්න.

•පනාවෙන් හෙමින් පීරමින් කොණ්ඩය පැත්තෙන් පැත්ත අඩු කරන්න. කුඩා දරුවන්ට කෙටි කොණ්ඩයක් පවත්වා ගැනීම කොණ්ඩයේ නිරෝගී කමට හේතු වේ.

• කොණ්ඩය හොදින් කෙටි කරගත් පසු දරුවාට රෝගී බවක් නොමැති නම් ෂැම්පු කර නාවන්න. ඒ මගින් කෙස් කොට ඉවත් වේ.

දරුවාට පනාවක්, කතුරක් හා තුවායක්, ‌වෙනම භාවිතා කිරීම දරුවාගේ සනීපාරක්ෂාව සදහා සුදුසු ‌වෙනවා.

ඉහත තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වේවි යැයි අපි සිතනවා. ඔබ ප්‍රදේශයේ චාරිත්‍ර වෙනස් නම් ඒ තොරතුරු අප හා බෙදාගන්න.

  මුලාශ්‍ර astrologer 

divaina

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • මංගල කෙස් කැපීම හෙවත් බබාගේ පළමු කෙස් රොද කැපීම
බෙදාගන්න :
  • කැපීම් හා තැලීම්වලදී දරුවාට දිය යුතු ප්‍රථමාධාර ගැන මඟපෙන්වීමක්

    කැපීම් හා තැලීම්වලදී දරුවාට දිය යුතු ප්‍රථමාධාර ගැන මඟපෙන්වීමක්

  • වැඩ්ඩෙක් වගේ ගෙදරදීම ඔබේ කොණ්ඩය ලස්සනට කපාගන්නේ මෙහෙමයි!

    වැඩ්ඩෙක් වගේ ගෙදරදීම ඔබේ කොණ්ඩය ලස්සනට කපාගන්නේ මෙහෙමයි!

  • කැපීම් හා තැලීම්වලදී දරුවාට දිය යුතු ප්‍රථමාධාර ගැන මඟපෙන්වීමක්

    කැපීම් හා තැලීම්වලදී දරුවාට දිය යුතු ප්‍රථමාධාර ගැන මඟපෙන්වීමක්

  • වැඩ්ඩෙක් වගේ ගෙදරදීම ඔබේ කොණ්ඩය ලස්සනට කපාගන්නේ මෙහෙමයි!

    වැඩ්ඩෙක් වගේ ගෙදරදීම ඔබේ කොණ්ඩය ලස්සනට කපාගන්නේ මෙහෙමයි!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it