ඔබේ පැටියා මෙලොව එළිය දුටු මොහොතේ සිට ගෙවන පළමු අමරණීය පැය

ඔබේ පැටියා මෙලොව එළිය දුටු මොහොතේ සිට ගෙවන පළමු අමරණීය පැය

ඔබේ පැටියාගේ ජීවිතයේ පළමු පැය ගැන ඔබට නැවත සිතන්න මේ කරුණු කියවා බලන්න. එය ඉතා සුන්දර මතකයක් බව නොඅණුමානයි.

දස මසක් කුසෙහි හොවාගෙන පෙරුම් පුරා ඔබේ දරුවා මෙලොව එලිය දුටු ඒ මොහොත මතක ද? ඔබේ පැටියා ඉපදී ගෙවුණු පළමු පැය ගැන හා එහි සුවිශේෂී බව ගැන ඔබ කොයිතරම් සිතා තිබුණාද? ලෝකයට පිවිසෙන අලුත්ම මනුෂ්‍යයෙකුට පළමුව කුස තුළ සිටම බැඳීම් ඇතිවෙන්නට පටන් ගන්නවා. ස්පර්ශය, සුවඳ හා අම්මගේ උණුසුම හා කිරි රස හරහා පැටියා හුඟක් දේවල් ඉගෙන ගන්නවා. පැටියාගේ පළමු පැය සැබැවින්ම 'රත්තරන් පැයක්'!

පැටියාගේ පළමු පැය

 

මේ ‘රත්තරන් පැය’ ජීවිතය පුරාවටම පැතිරී යන වැදගත් කාලයක්. නව බිළිඳෙකුගේ ජීවිතයේ පළමු පැය තුළ ඇත්තටම සිදුවන්නේ කුමක්ද? අලුත් මානව ජීවියෙකුට මේ පැය දැනෙන්නේ කෙසේද? බිළිඳෙක් එයාගේ අම්මගේ මව් කුසෙන් නික්මිලා ඊළඟට ළංවෙන්නේ එයාගේ අම්මගේ තනපුඩු වලට. අපි මේ ක්‍රියාවලිය මිනිත්තුවෙන් මිනිත්තුව සිතා බලමු.

තොරතුරු හා පර්යේෂණ වලට අනුව මේ සොඳුරු අමරණීය පැය ගෙවී යන හැටි විස්තර කෙරෙනවා.

ඔබේ පැටියා මෙලොව එළිය දුටු මොහොතේ සිට ගෙවන පැටියාගේ පළමු පැය

දරුවා ඉපදෙන මොහොත - හඬාගෙන ඉපදෙන පුංචි පැටියා තමා මේ ලෝකයට ආ බව කියනවා වගේම ඔහුගේ හැඬීම තුළින් පෙනහළු වල ක්‍රියාකාරිත්වය ක්‍රමවත් වෙනවා.

පැටියාගේ පළමු පැය

දරුවා ඉපදී මිනිත්තු දෙකකින් පසු - දැන් අඬලා අඬලා තරමක් විඩා නිවන වෙලාව. හුඟක් වෙලාවට මිනිත්තුවක් විතර අම්මගේ පපුව හරි බඩ උඩ හරි ඉන්න එයා හරි කැමතියි. අම්මගෙ උනුහුමට හුරු වුනු, අම්මගෙ හද ගැස්ම හුරු පුරුදු නිසා මේ කාලය දරුවාට වැදගත් වෙයි.

අධ්‍යනයන් වල නිරත වූවන් වුවද පවසන්නේ මේ නිහඬ කෙටි මොහොත දරුවන්ට ඉතා වැදගත් බවයි.

ඉපදී මිනිත්තු 2.5 කට පසු - පුංචි නින්දකින් පසු පළමු වරට ඔවුන් ඇස් අරිනවා. ඒ වගේම යාන්තමට කට අරින්නත්, ඇස් දෙක, ඔලුව හරවන්නත් හදනවා.

උපතෙන් මිනිත්තු 8 කට පසු - දැන් ඉතින් ඇස් දෙක ඇරලා වටපිට බලලා සියුම් චලනයක් කරලා බඩගිනි වෙන වෙලාව. දැන් අම්මගේ මුහුණ දිහාත් පියයුරු දිහාත් බලලා පුංචි පුංචි ශබ්ද කරලා එයාගේ අත කට ළඟට ළංකර ගන්නවා.

උපතින් මිනිත්තු 18 කට පසු - මේ උත්සාහයන් වලින් පස්සේ ටිකක් විඩා බරයි. ටිකක් විවේක ගන්නයි හිත.

මිනිත්තු 36 ක් පමණ ගතවන විට - දැන් විඩා නිවුනා ඇති වගේ. බඩ පුරවගන්න හොඳම වෙලාව. අම්මගේ සුවඳින් පළමු වතාවට යාන්තමට කට ඇරලා මව් කිරි වල අපරිමිත රස, සතුට, පෝෂණය විඳින්න එයා සැරසෙනවා.

උපතින් මිනිත්තු 62 කට පසු - මොකද්ද මේ ඉමිහිරි රස. අම්මගේ පියයුරු වලට හොඳින් සම්බන්ධ වෙලා මේ රත්තරන් කිරි හෙවත් කොලෙස්ට්‍රම් සහිත මව් කිරි බොන වෙලාව. එහි ඇති පෝෂණය හා ප්‍රතිශක්තිය මේ ක්‍රියාවලිය සමග යෝනි මාර්ගයේ හැකිලීම දිග හැරීමත් එක්ක අම්මගේ කුස පෙර ප්‍රමාණයට එන්න ගන්නවා.

පැටියාගේ පළමු පැය

උපතින් මිනිත්තු 70 කට පසු

බඩ හොඳට පිරිලා. පොඩි නින්දක් හරිම සැපවත් වේවි. ඉතින් මේ පැයකුත් මිනිත්තු 10ක ජීවිතයේ පළමු කාලය ගැන විද්‍යාඥයින් අධ්‍යනය කරලා තියෙනවා.

ඇත්තටම Science News ලිපියේ මෙය දරුවාගෙන් දරුවාට සුළු වෙනස්කම් වලින් යුතු විය හැකි බව පැවසෙනවා. නමුත් ඒ වගේම උපතින් පසු සමට සම ළංවී උණුසුම ලැබීම මව් කිරි දීමේ ක්‍රියාවලිය ඉතා පහසු කරනවා. ඒ වගේම Science News තවත් අධ්‍යනයකට තොරතුරු දක්වමින් කියන්නේ පළමු පැය තුළ දරුවාගේ නිකට අම්මගේ පියයුරු හා ස්පර්ශ වීම මව්කිරි දීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථක කරන බවයි.

මේ අධ්‍යයනයන් මගින් පුංචි පැටියෙකුගේ පළමු පැය ඔවුන්ගේ ජීවිතයේ කෙතරම් සුවිශේෂී සංදිස්ථානයක් පසු කරනවා යැයි අපට කියා දෙනවා.

මේ සොඳුරු අත්දැකීමේ වැදගත්කම තව දුරටත් ඔබට කියා දෙන්නට theAsianparent Sri Lanka සිතුවේ මේ රත්තරන් පැය සැබවින්ම රත්තරන් නිසයි.

 

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

සංස්කරණය - බෝසඳුන් ගුණසේකර 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි