theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුංචි පැටියාගේ සිනහවෙන් එයාගේ වර්ධනය ගැන ඔබට ඉඟි කියාපානවා

4 අවම කියවීම
පුංචි පැටියාගේ සිනහවෙන් එයාගේ වර්ධනය ගැන ඔබට ඉඟි කියාපානවාපුංචි පැටියාගේ සිනහවෙන් එයාගේ වර්ධනය ගැන ඔබට ඉඟි කියාපානවා

සිනහව ජීවිතය සතුටින් පුරවනවා වගේම ඔබේ පැටියාගේ ජීවිතය සතුටින් පුරවන්නත් මේ ලිපිය සකස් කළා.

ඉතාලි සංස්කෘතිය තුළ අලුත උපන් බබාගේ සිනහව දේව දුතයන් ගැන සිහින මැවීමක් ලෙස හඳුන්වන ප්‍රසිද්ධ කියමනක්.

ඉපදුන මොහොතේ ඉඳන් බබාගේ සිනහව සුන්දර වගේම ඉන් හුඟක් දේවල් කියාපානවා. එමගින් පැටියාගේ කායික වගේම මානසික වර්ධනය ගැන ඔබට ඉඟි පවසන බව විශේෂඥයන් පවසනවා.

ඇමරිකා එක්සත්ජනපදයේ ජොන්සන් ස්ටේට් විද්‍යාලයේ සංවර්ධනය පිළිබඳ මනෝ වෛද්‍යවරුන් කුඩා දරුවන්ට හඬ අසා ප්‍රතිචාර දක්වමින් සිනාසීමට හැකියාවක් නැති බවත්, ඔවුන්ගේ දෙමාපියන් ඔවුන් ඉදිරියේ සිටින විට ඔවුන් ඊට සිනාසීම සිදුවිය හැකි බව පැවසෙනවා.

නමුත් ඔවුන්ගේ පරිකල්පනයට වඩා වෙනස් යමක් ඔවුන්ට දකින්නට ලැබුණා. මාස 5 ක් වයසැති දරුවෙකුට යම්කිසි හාස්‍ය ජනක සිදුවීමකට සිනාසීමට හැකියාව ඇති බවට උදාහරණයක් ලෙස යමෙක් හිස මත පොතක් සමබරව තියාගෙන යන ආකාරය දකින විට සිනාසීම වැනි දෙයකට වෙන කවුරුත් සිනා නොවුනත් ඔවුන්ට සිනාසීමට හැකි බව සොයා ගැනුණා.

නිරන්තරයෙන් මතුවන සිනහව “දේවදුතයන් සමග සිනාසීම”

අම්මලා ආසාවෙන් බලාගෙන ඉන්නේ පුංචි පැටියාගේ පළවෙනි සිනහව බලන්නයි. හුඟක් වෙලාවට අලුත උපන් පුංචි පැටවුන් නින්දේදීත් අවදියේදීත් මේ වගේ හිනාවෙනවා.

මන්ද ඔවුන් මේ කාලයේ ලෝකය හා ඍජුව සම්බන්ධ වන්නේ නැහැ. මේ සිනහවන්ට හේතුවක් කියන්න බැහැ. මියාමි ජෝකින්ග්ලි සරසවියේ මහාචාර්ය වෛද්‍ය මෙසින්ජර් පවසනවා. සමහරුන් කියන්නේ කිරි බීම, බඩේ ගෑස් ඇතිවීම වැනි දේවල් හා මෙම සිනහව අතර සම්බන්ධයක් නැති බවයි.

හුඟක් වෙලාවට මොලයේ ප්‍රකෘති කොටසින් ආවේගයක් හා සිනහවක් ඉපදීමට සමත් වුනත් මේවා මගින් එකිනෙකට සබඳතාවයක් ඇතැයි දක්වන්න බැහැ. ඒ නිසාම ඉතාලි ව්‍යවහාරය තුළ මෙය දේවදුතයන්ගේ හා ළදරුවන්ගේ සිනාසීම ලෙස හඳුන්වනවා.

සමාජයේ අනෙක් සමග සිනාසීම

ඔබේ පැටියට සති 6 ක සිට 8 ක් පමණ වන විට ඔබේ හඬට වගේම මුහුණ දුටු විට සිනාසෙන්න ගන්නවා. ඒ වගේම තනිව ඉන්න විට හෝ හුඟක් දෙනෙක් ඉන්න විටත් ඔහු වැඩිපුර සිනාසෙන්නේ නැහැ. නමුත් ඔහුගේ ප්‍රියතම චරිතය වන අම්මා තාත්තා වැනි අය ඉන්න විට ප්‍රතිචාර වෙනස් වෙනවා.

මාස 3 ක් පමණ වන විට බබා එක්ක වැඩිහිටියෙකු සිනාසෙමින් ඉඳලා එකවර එය නැවතුන විට බබා දුක්වෙනවා. ඒ වගේම මේ වයසේදී දරුවන් දෙමාපියන් එක්ක සිනාසෙමින් ඉඳලා එකවරම ඉවත බලාගන්න පුළුවන්. ප්‍රවිණයන් කියන්නේ ඔවුන් විවේකයක් ගැනීම පිණිස එකම අයෙකු අතර ඇති සම්බන්ධය කැඩීමට මෙය කරන බවයි.

බබාගේ සිනහව: කම්මුල් දල්වා සිනාසීම

මාස 2-6 දක්වා කාලය තුළ කම්මුල් විදහා සිනාසෙන්න ගන්නවා. විශේෂයෙන් දෙමාපියන්ට දරුවන් මෙලෙස ප්‍රතිචාර දක්වනවා. මේ සිනහවෙන් දරුවාගේ හැඟීම් කියාපාන බව විශේෂඥයන පවසනවා.

කට ඇරලා විනෝදයෙන් සිනාසීම

මාස 8 ක් පමණ වන විට පැටියව මෘදු ලෙස කිචි කැවීමෙන් එයා කට ඇරලා කම්මුල් විදහාලා ඉතා ප්‍රබෝධයෙන් සිනාසෙනවා. මෙලෙස සිනාසෙන්නේ දරුවා සතුටින් සිටින විටත් ඔහු කැමති දෙයකට වැඩිහිටියන් එක්ව ක්‍රීඩා කරන විටත් බව විශේෂඥයන් පවසනවා. 

කලින් සිතා සිනාසීම

දරුවන් මාස 6 ක් පමණ වන විට මිනිසුන් සමග වගේම ඔවුන්ගේ සෙල්ලම් බඩු සමගත් සබඳතා ගොඩනගා ගන්නවා. උදාහරණයක් ලෙස වෙලාවකට ඔවුන් සෙල්ලම් බඩු සමග සිනාසීම හා සිනාසෙන්නේ නැතිව ඉන්නවා. මෙයින් කියන්නේ දැන් ඔවුන් හැඟීමක් ඇතිව අවශ්‍ය විට සිනාසීමට දන්නා බව යැයි වෛද්‍ය මෙසින්ජර් පවසනවා.

මෙවැනි සිනහවකින් දරුවෙකුගේ වර්ධනයේ ලක්ෂණයක් බව 1990 දී පරීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබුවා. පරීක්ෂකයන් එය මාස8-12 දක්වා දරුවන් සෙල්ලම් බඩු සමග සෙල්ලම් කිරීමටත් ඔවුන්ගේ අම්මලාට පසෙකින් සිටීමටත් සලස්වා තිබෙනවා. සෙල්ලම් බඩු වලින් හඬ නිකුත්වන විට දරුවන් සිනාසුන බවත් තරමක් වයසින් වැඩි දරුවන් පසුපස හැරී තම අම්මා සමගත් සිනාසුන බව කියවෙනවා.

හඬ නගා සිනාසීම

දරුවන් කතා කිරීමට පෙර හාස්‍ය ජනක සිදුවීම් වලට සිනාසෙන්න දන්නා බව පර්යේෂකයන් සඳහන් කරනවා. එක්සත් රාජධානියේ පෝට්ස් මවුත් සරසවියේ සංවර්ධන මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය වාසුදේවී රෙඩි පවසන ආකාරයට මාස 9 ට අඩු සමහර දරුවන් වැඩිහිටියන් සමග සමහර හාස්‍ය ජනක අවස්ථාවන් වලට හඬ නගා සිනාසෙනවා.

එසේ හාස්‍ය ජනක ක්‍රියාකාරකම් වලට ඔවුන් මෙලෙස ප්‍රතිචාර දක්වන්න පුළුවන්. පුංචි දරුවන් මේ කාලය තුළ තමන් අවට සිටින අය ගැන අවබෝධයක් ලබාගන්නා අතරම එසේ ඔවුන්ගේ වර්ධනය කියාපාන ලක්ෂණයක්. සමහර දරුවන් මාස 7ක් පමණ සිට හාස්‍ය ජනක සිදුවීම් වලට සිනාසෙන අතර වැඩිහිටියන් ඊට ප්‍රතිචාර නොදක්වන විට සිනාසීම නැවැත්වීමටත් දන්නවා.

විශේෂඥයන් පවසන ආකාරයට එතරම් කුඩා කාලයේ සිටම දරුවන් මිනිසුන්ගේ හැඟීම් වලට ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් ඇති බවත් අවස්ථාවන් අනුව හැඟීම් ප්‍රකාශ කිරීමට හැකියාවක් දක්වන බවද පැවසෙනවා.

නමුත් ඔබේ පැටියා මේ කියන ආකාරයෙන් අවධීන් වල සිනාසුනේ නැතත් ඔබ කලබල විය යුතු නැහැ. මහාචාර්ය මෙසෙන්ජර් ට අනුව සතුටින් සන්සුන්ව ඔවුන් සමග ගෙවන මොහොත ගත කරන්නැයි ඔහු පවසනවා.

සිනහව ජීවිතය සතුටින් පුරවනවා වගේම ඔබේ පැටියාගේ ජීවිතය සතුටින් පුරවන්නත් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • වර්ධනය
  • /
  • පුංචි පැටියාගේ සිනහවෙන් එයාගේ වර්ධනය ගැන ඔබට ඉඟි කියාපානවා
බෙදාගන්න :
  • පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

    පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

  • බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

    බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

  • ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

    ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

  • පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

    පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

  • බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

    බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

  • ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

    ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it