theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ජංගම දුරකථනය බිලිගන්න සැදු පුංචි ඇස් දෙක

5 අවම කියවීම
ජංගම දුරකථනය බිලිගන්න සැදු පුංචි ඇස් දෙකජංගම දුරකථනය බිලිගන්න සැදු පුංචි ඇස් දෙක

තායිලන්තයේ එක් පියෙක් තම දියණියට තම ජංගම දුරකථනය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දුන්නා. අවසානයේ ඔවුන්ට අත් වුන ඉරණම නම් සොඳුරු වුනේ නැහැ .

ජංගම දුරකථන අපේ ළදරුවන්ට සුදුසු නොවන බව අපි දන්නවා. ඒත් මේ තරම්ම නරක බව අපි දැනගෙන හිටියේ නැහැ. තාක්ෂණයේ හිස එසවීමත් එක්කම ළමයින්ගේ සමාජ සංවර්ධනය පිලිබඳ ගැටළු ඇතුලුව පවුල් තුලින් නව ගැටළු රාශියක් මතු වෙමින් පවතිනවා.
සමාජ විරෝධී ළමයින් ඔවුන්ගේ අතේ ඇති උපාංගය භාවිතා කරන ආකාරය ඔබ දැකලා තියෙනවා නේද? ඒ වගේම ළමයින්ගේ ජංගම දුරකථන භාවිතයේ තවත් නරක බලපෑමක් තියෙනවා. එය ඔබට සිතාගන්නවත් බැරි තරම් බරපතලයි.
මෑතකදී තායිලන්තයේ එක් පියෙක් තම දියණියට තම ජංගම දුරකථනය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දුන්නා. අවසානයේ ඔවුන්ට අත් වුන ඉරණම නම් සොඳුරු වුනේ නැහැ. ඔහු සිය අත්දැකීම් ෆේස්බුක් සටහනකින් බෙදාහදා ගත්තා.
විශේෂයෙන් ළදරුවන්ට අධික ලෙස ජංගම දුරකථන භාවිතා කිරීමේ භයානක කම ගැන ඔහු මෙලෙස  දෙමව්පියන්ට අනතුරු අඟවනවා.
ජංගම දුරකථන

කුඩා දරුවන් ජංගම දුරකථන භාවිතයේ අහිතකර ප්‍රතිඵල 

තම ෆේස්බුක් සටහනේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනවා. ඔහු තම දෙහැවිරිදි දියණියට සෙල්ලම් කිරීමට ජංගම දුරකථනය ලබා දීමට පටන් ගෙන තියෙනවා.
ඔහුට අවශ්‍ය වෙලා තිබුනේ තමන් වැඩ කරන අතරතුර ඇයව කාර්යයක නිරත කර  තබා ගැනීමයි.
නමුත් වැඩි කල් යන්නට මත්තෙන්, සෞඛ්‍ය ගැටලු මතුවීමට පටන් ගත්තා. ඒ ඔහු වහාම සම්බන්ධ නොවු  ඇයගේ අධික ජංගම දුරකථන භාවිතය එක්කයි.
සියල්ල ඇරඹුනේ ඇයගේ ඇසේ ගැටළු එක්කයි. ඇයට කණ්නාඩි පැළඳීමට පවා සිදු වුනා. නමුත් ඇගේ ඇස් පෙනීම ක්‍රමයෙන් පිරිහී ගිය අතර වයස අවුරුදු හතරේදී දරුවාට ශල්‍යකර්මයකට භාජනය වීමට සිදු වුනා.
ඒ වන විට ඇයගේ පෙනීම නරක අතට හැරී තිබීම එයට හේතු වුනා. ඇයගේ දීර්ඝ හා පාලනයකින් තොර ජංගම දුරකථන භාවිතය මෙයාට හේතුව බව ඔහු අවසානයේදී සොයාගත්තා.
ළමයින් විසින් ස්මාර්ට් ජංගම දුරකථන අධික ලෙස භාවිතා කිරීමෙන් ඔවුන්ට බරපතල සෞඛ්‍ය ගැටළු  ඇතිවිය හැකි බව මේ තාත්තා දැන් නම් තේරුම් අරගෙන තියෙනවා.

අලුත්ම තොරතුරු :

දැරියගේ පියාගේ ෆේස්බුක් පිටුවෙන් පෙනෙන පරිදි  දැරිය  දැනට ඇස් කණ්නාඩි පැළඳ සිටින නමුත් සැත්කමෙන් සම්පූර්ණ සුවය ලබා ඇති බව දකින්න ලැබෙනවා.

බැංකොක් වල ළමා රෝග පිළිබඳ මහාචාර්යවරයකු වන වෛද්‍ය රාවට් සිචැන්සිරිකාර්න් පවසන පරිදි  ජංගම දුරකථන අපගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති බවයි. තවද ඒවා අපගේ දෛනික ජීවිත වල ස්වරූපය වෙනස් කිරීමේ කාර්යභාරයක් ඉටු කරන බවත් ඔහු පවසා සිටියා.
ඉක්මනින්ම නව තොරතුරු ලබා ගැනීමට සහ සන්නිවේදනයට ජංගම දුරකථන තරුණ හා මහලු යන සියල්ලන්ටම ප්‍රයෝජනවත් තමයි. ඒත් හානිකර අතුරු ආබාධත් තියෙන නිසා එය හොඳ හා නරක ප්‍රතිඵල  ලබාදෙන්නක් වෙනවා.
වැඩිහිටියන් තම කුඩා දරුවන්ට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට් වැනි ස්මාර්ට් තාක්‍ෂණය දිගු කාලයක් තිස්සේ භාවිතා කිරීමට ඉඩ දෙනවා නම් මෙය බොහොම දරුණු තත්වයකි.  සීමා රහිත, අධික තිර කාලය දරුවාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට බරපතල තත්වයන් ඇති කරන්න  පුළුවන්.
නොදන්නා ඇප්ලිකේෂන් සහ අන්තර්ජාලයට පිවිසීමට ලැබෙන අසීමිත නිදහස නිසා දරුවන් අවදානමට පත්වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔවුන් භයානක හා නුසුදුසු සමාජ ජාල වෙත පිවිසිම පෙන්වා දෙන්න පුළුවන්.
නැතිනම් දරුවා අසභ්‍ය වෙබ් අඩවි වලට සහ අන්තර්ජාලය ඔස්සේ දරුවන් ගොඳුරු කරන්නන් සහ ළමයින්ට කැමති කාමුයින්ට නිරාවරණය වෙන්න පුළුවන්.

ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක භාවිතය දරුවෙකුගේ වර්ධනයට බලපාන්නේ කෙසේද?

ස්මාර්ට් උපාංගයක් වැඩි කාලයක් භාවිතා කිරීම දරුවෙකුගේ ශාරීරික, මානසික සහ චිත්තවේගීය යහපැවැත්ම යන සියල්ලටම විවිධාකාරයෙන් බලපෑම් කරනවා.

ශාරීරික සෞඛ්‍යය

ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංග  වල තිර දිගු කාලයක් තිස්සේ  නැරඹීම නිසාmyopia නම් තත්වය හා ඇස් තෙහෙට්ටුව ඇතිවීමේ අවදානම වැඩි කරනවා. දරුවන්ටගේ නින්ද හා අවධානය යොමු කිරීමේ හැකියාව අඩුවෙන්න පුළුවන්.
ළමයින් දිවා කාලයේ වැඩිපුරත්  රාත්‍රියේ අඩුවෙන් නිදාගන්නා බැවින් ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න නොවන නිදාගන්නා චක්‍රයක් ඇති වෙනවා. දරුවෙක් ස්මාර්ට් උපාංගයක් භාවිතා කරන සෑම විනාඩි 15 කටම ඔවුන්ගේ නින්දෙන් විනාඩි 60 ක්  අහිමි වෙන බව ඔබ දැන සිටියාද?
දීර්ඝකාලීන ලෙස තිර නැරඹීමෙන් දරුවන්ගේ කථන ප්‍රමාදයන් ඇති කරනවා. බර අඩුවීම / වැඩිවීම (චලනය අඩු කම සහ තිර දෙස බලා සිටීම නිසා ), නින්ද නොයාම, හිසරදය, දුර්වල පෝෂණය සහ ඇස් පෙනීමේ ගැටළු වැනි විවිධ ශාරීරික ගැටලු කුඩා දරුවන් අත්විඳින්න පුළුවන්.

මානසික සෞඛ්‍යය

දෙමව්පියන් තමන්ට ස්මාර්ට් ෆෝන් හෝ ටැබ්ලට් පරිගණක භාවිතා කිරීමට නොදෙන විට මානසික සෞඛ්‍ය ගැටලු සහ චර්යාත්මක වෙනස්කම් සහ මානසික අවපීඩනයෙන් පෙළෙන දරුවන් ආක්‍රමණශීලී මෙන්ම පහසුවෙන් කෝපයටත් පත්වෙන්න පුළුවන්.
විශේෂයෙන් විධායක ක්‍රියාකාරිත්වය, සංයමය, චින්තනය සහ චිත්තවේගීය පාලනය වගේ වෙනත් කුසලතාවන් කෙරෙහි නුරුස්නා බව  බලපානවා. මෙම කුසලතා අනාගත සාර්ථකත්වයට පදනම සකස් කරනවා.
කාංසාව, තනිකම, වරදකාරිත්වය, ස්වයං හුදකලාව, මානසික අවපීඩනය,  හැඟීම් දෝලනය  වීම සහ උද්ඝෝෂණ වැනි විවිධ මානසික ගැටලු දරුවන්ට ඇතිවෙන්න පුළුවන්. ස්මාර්ට් උපාංග වලට නිරාවරණය වීමෙන් ළමුන් තුළද අවධානය හිඟ අධික්‍රියාකාරී තත්වය හා ඔටිසම් ඇතිවීමේ අවදානමක් තියෙනවා.

සාමාන්‍ය කුසලතා

දීර්ඝ කාලයක් තිස්සේ ස්මාර්ට් ගැජට් වලට නිරාවරණය වන දරුවන්ට අනෙක් මූලික, වැදගත් කුසලතා වර්ධනය කර ගැනීම සඳහා ඇති තීරණාත්මක අවස්ථාවන් අහිමි වෙනවා.
උදාහරණයක්  ලෙස, ඔවුන් ස්වාධීනව හෝ ඔවුන්ගේ සම වයසේ මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට, ස්වාධීනව සිතීමට, පුළුල් ලෙස කියවීමට සහ නිතර ලිවීමට ඉගෙන ගන්නේ නැහැ. මේවා අනාගත වර්ධනයට  ඉතා වැදගත් වන සමාජ කුසලතා වෙනවා.

ළමයින්ට ජංගම දුරකථන ඇතුළු තිර කාල මාර්ගෝපදේශයක් තියෙනවාද?

ඔබට  තිර කාලය ශුන්‍ය කිරීමට අවශ්‍ය වුවත්, සමහරවිට  එය කළ නොහැකි වේවි. අපට අපේ දරුවන්ට නිවසේදී හැකි තරම්  තිර කාලය  සීමා කරන්න පුළුවන්. නමුත් ඔවුන් ඔබේ නිවෙස්වලින් පිටතදී ඒවාට නිරාවරණය වන අවස්ථා තියෙනවා.
 ඔබ ඔබේ දරුවන්ට නිවසේදී තිරයේ කාලයක්  ලබා දෙන්නේ නම්, කුඩා ළමුන් තිරයට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා AAP විසින් ලබාදෙන ප්‍රයෝජනවත් උපදෙස් කිහිපයක් මෙන්න.
  • මාස 18 ට අඩු ළදරුවන් - වීඩියෝ කතාබස් (පවුලේ සාමාජිකයන් සමඟ) හැර වෙනත් තිර මාධ්‍ය භාවිතා කිරීමෙන් වළකින්න.
  • වයස මාස 18 සිට 24 දක්වා ළදරුවන් - උසස් තත්ත්වයේ වැඩසටහන් තෝරන්න.                දරුවන් දකින දේ තේරුම් ගන්න උපකාර කිරීමට දෙමව්පියන් තම දරුවන් සමඟ එය නැරඹිය යුතුයි.
  • අවුරුදු 2 සිට 5 දක්වා වූ පෙර පාසල් ළමුන් - තිරය භාවිතය දිනකට පැය 1 කට සීමා කරන්න. ඒවා උසස් තත්ත්වයේ වැඩසටහන් පමණක් ලබා දෙන්න.  දෙමව්පියන් දරුවන් සමඟ එක්ව නැරඹිය යුතුයි.
  • වයස අවුරුදු හය සහ ඊට වැඩි ළමයින් - මාධ්‍ය භාවිතය මෙන්ම මාධ්‍ය වර්ග නියමිත වේලාවට ස්ථාවර සීමාවන් තබන්න. සෞඛ්‍යයට අත්‍යවශ්‍ය නින්ද, ශාරීරික ක්‍රියාකාරකම් සහ වෙනත් හැසිරීම් වල ස්ථානය එය ලබා නොගන්නා බවට සහතික කර ගන්න.
දෙමාපියනි, මේ දිනවල ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ ටැබ්ලටයක් නොමැතිව දරුවෙකු ඇති දැඩි කිරීම දුෂ්කර බව අපි දන්නවා. එහෙත් එය කරන්න ක්‍රමත් තියෙනවා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.
ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • ජංගම දුරකථනය බිලිගන්න සැදු පුංචි ඇස් දෙක
බෙදාගන්න :
  • වයස අවුරුදු 5කට අඩු දරුවන්ට පැයකට වැඩියෙන් ජංගම තිර නම් දෙන්නම එපා!

    වයස අවුරුදු 5කට අඩු දරුවන්ට පැයකට වැඩියෙන් ජංගම තිර නම් දෙන්නම එපා!

  • ඔබත් බබාට කෑම කවන්නේ ෆෝන් එක අතට දීලාද?

    ඔබත් බබාට කෑම කවන්නේ ෆෝන් එක අතට දීලාද?

  • වයස අවුරුදු 5කට අඩු දරුවන්ට පැයකට වැඩියෙන් ජංගම තිර නම් දෙන්නම එපා!

    වයස අවුරුදු 5කට අඩු දරුවන්ට පැයකට වැඩියෙන් ජංගම තිර නම් දෙන්නම එපා!

  • ඔබත් බබාට කෑම කවන්නේ ෆෝන් එක අතට දීලාද?

    ඔබත් බබාට කෑම කවන්නේ ෆෝන් එක අතට දීලාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it