theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි

4 අවම කියවීම
අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයිඅපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි

ඇත්තටම මුල්ම කාලයේ අපේ නිදන කාමරය තුළට ආවහම රූපවාහිනී රිමොර්ට් කන්ට්‍රෝල එක නැති එක සංකාවක් වගේ දැනෙන්න ගත්තා.

2016 අවුරුද්දේ අපේ ජීවිත වල වැදගත් දෙයක් වුණ. රූපවාහිනිය ඉවත් කරලා දාන්න හිතුවා. අපි අපේ සැටලයිට් ටීවී සේවය නැවත අලුත් කිරීම නැවැත්වීමටත් කටයුතු කළා. රූපවාහිනිය සහ ජීවිතය ගත් විට, රූපවාහිනිය අපේ ජීවිත වලට බලපාපු ආකාරය නිසාම එය නැතිව අපිට ජීවත් වෙන්න බැරිද කියලා අපි කල්පනා කළා. මුල් කාලයේ අපි මොනවා කරන්නද කියලා කල්පනා කළා.

රූපවාහිනිය සහ ජීවිතය: හොඳ සහ නරක 

රූපවාහිනිය නැති ජීවිතයක් ගැන සිතීම පවා අපහසු වුණා. දරුවන්ට කාටුන්, දිනපතා විකාශනය වන ටෙලි නාට්‍ය, චිත්‍රපට හැමදේම අපිට නැතිව බැරි තරම් වුණා.

නමුත් මේ නිසාම අපේ පවුලේ සම්බන්ධතා වලට එය ඉතා තදින් බලපෑම් ඇති කරන බව අපට වැටහුනා.

අපි මේ රූප පෙට්ටිය මතම යැපෙමින් ආහාර ගන්නත්, සමහර වෙලාවට සති අන්තයේ පවා එයත් එක්කම ගත කරන්නත් පුරුදු වුණා.

අනෙක් අතට අපේ දුව අපේ අවධානය ගන්නට උත්සාහ කරමින් අඬන විටත් අපි කළේ TV එක දාන එක තමයි.

හුඟක් දෙමාපියන්ට වගේම අපිටත් දරුවන් බලාගැනීමේ එකම උපාය වුයේ රූපවහිනියයි.

එයා කෑම කන්න බැහැ කියලා අඬන කොටත් අපි රූපවාහිනිය දාලා සිංදු විකාශනය වන අවස්ථාවකදී සිංදු කියන්න ඇගේ කට ඇරෙන කොට කෑම දාන්න පුරුදු වුණා.

එයාට තරහා ගියහම හැමදේම ගේ පුරා විසිකරනවා. එය ඉතා උපායශීලිව එයා කැමතිම කාටුන් එක දාගන්න මේ නිසා අපිව යොමුකර ගන්නවා. පොදුවේ කිව්වොත් අපේ හුඟක් ගැටළු විසඳා ගන්න අපි යොදාගන්නේ රූපවාහිනිය.

බොහෝ විට අපේ දුවව සන්සුන්ව තබාගන්න. නමුත් රූපවාහිනිය නැති වුණහම අපිට තේරුණා අපේ ගැටළු විසඳා ගන්න දැන් වෙනත් උපායක් සිතිය යුතුයි කියලා. දැන් අපිට ඇත්තටම රසවින්දනයක් ලැබෙන ඒ වගේම ප්‍රශ්නත් විසඳෙන පිළියම් සොයාගන්න සිදුවුණා.

අපි කවදාවත් මේ වෙනස්කම් අපේක්ෂා කළේ නැහැ.

මේ සමගම අපේ ජීවිත වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් තිබුණා.

රූපවාහිනිය සහ ජීවිතය: රූපවාහිනිය ඉවත් කළ විට ජීවිතයට ඇති වූ වෙනස්කම්

අපි එකිනෙකට කතා කරන්න පටන් ගත්තා. රූපවාහිනිය සහ ජීවිතය

ඉස්සරත් අපි කතා නොකළා නෙමෙයි. ඒත් හිතින් භාගයක් තිබුනේ තවත් තැනකයි. දැන් අපේ සම්පූර්ණ අවධානය කතා කරන අනෙක් කෙනාට දෙනවා. ඒ වගේම බබාත් අපිත් එක්ක කතා කරන්න ගත්තා.

මොකද ඇය ඉදිරියේ ඇයට බාධා කරන්න කිසිවක් තිබුනේ නැහැ. අඹුසැමියන් ලෙස අපි දෙන්නත් කෝපි එකක් බොමින් දවසේ සිදුවූ දේවල් කතා කරන්න පටන් ගත්තා.

අපි නිර්මාණශීලි වුණා.

රූපවහිනියක් නැහැ කියන්නේ අපේ දවස් සතුටින් තියන්න උපායක් කල්පනා කළයුතු වුණා.

ඒ වෙනුවෙන් නිර්මාණශීලිව සිතන්නට ඕනේ වුණා. ඇය වෙනුවෙන් වෙනත් තෝරාගැනීම් වගේම එය නිර්මාණශීලිව තේරුම් ගත්තා.

අනෙක් වෙලාවට ජීවිත හා අනෙකුත් දේවල් ගැන කතා කළා. අපිට ඒක ප්‍රයෝජනවත් වුණා. වෙනදාට වඩා දුව කරුණාවන්ත සතුටින් ඉන්න කෙනෙක් වුණා. නිදියන වෙලාවට ඇය අපිටත් ඇහෙන්න පොත් කියෙව්වා.

දුවට අවුරුදු 5 ක් වුනත් ඇය අපේ කාලය වෙනත් යමකට යොමු කරමින් කාලය ගත කරන්න පටන් ගත්තා. 

එකිනෙකාගේ නිහඬ බවට අපි අවධානය දුන්නා.

රූපවාහිනිය තිබෙන කාලේ එක එක ශබ්ධ වලින් අපේ ගෙදර පිරිලා තිබුණා. අපි එකිනෙකාගේ නිහඬ බව ගැන හිතුවෙවත් නැහැ.

නමුත් රූපවාහිනිය නැති විට අපි එකිනෙකාගේ නිහඬ බව තේරුම් ගන්න පුළුවන් නිසා අපි එකිනෙකට කතා කරනවා.

මගේ දුව වුණත් දැන් දන්නවා අම්මා එයාට කතා නොකරන වෙලාවල් හා තාත්තා එයත් එක්ක සෙල්ලම් නොකරන වෙලාවල් මොනවද කියලා.

කෑම කන වෙලාව අපි හුඟක් රස වින්දා.

කෑම වෙලාවල් අපේ ජීවිතයේ වැදගත්ම වෙලාව බවට පත් වුණා. අපි කැමතිම කෑම රසවිඳිමින් සතුටු වුණා වගේම පවුලක් ලෙස සතුටින් එක්වුණා.

අපි පවුලක් විදිහට හුඟක් සමීප වුණා.

කෑම වේලාවෙන් පස්සේ අපි මොනවා හරි සම්ප්‍රදායික ක්‍රීඩාවක් කරන්න පුරුදු වුණා. කැරම්, චෙස්, ලුඩෝ වගේ ක්‍රියාකාරකම්. මේ වෙලාව අපේ ජීවිත වල පීඩනය අඩු කරන වෙලාව වගේම අපි හැමදාම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න මොහොතක් වුණා.

ඉස්සර පැය ගණනක් විකාශනය වන රූපවාහිනි වැඩසටහන් නැරඹීමට පුරුදු වෙලා හිටියා. දැන් අපි පවුල හා එහි සබඳතා ගැන හුඟක් දේවල් අවබෝධ කරගත්තා.

මේ නිසා අපිට අවශ්‍ය වෙන දේවල් ගැන එදා අපිට තැකීමක් නැතත් දැන් ඒ හැමදේම දැනෙන්න ගත්තා.

ඇත්තටම රූපවාහිනිය ඉතාම නරක දෙයක් නොවුනත් ගෙවුණු අවුරුද්ද තුළ රූපවාහිනිය නැතිව ජීවිතයේ හුඟක් දේවල් රසවිඳි බව අවබෝධ කර ගත්තා.

ප්‍රවෘත්ති හා අනෙකුත් ලෝකයේ දේවල් දැනගන්න අන්තර්ජාලයෙන් අපිට පුළුවන් වුණා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

රූපවාහිනිය නැතිව ගෙවුණු වසර අපේ පවුලට සතුට ගෙනාවා වගේම ඉස්සරහටත් අපේ කේබල් TV සම්බන්ධතාවය අලුත් කරන්න අපිට උවමනාවක් නැහැ.

අපි දැන් කාලය රසවින්දනයට යොදාගන්න තවත් අලුත් අලුත් දේවල් හිතමින් ඉන්නවා.

ඔබ ඒ වෙනුවෙන් කරන්නේ මොනවද? ඔබේ ජීවිතයේත් එවැනි අදහස් ඇත්නම් theAsianparent Sri Lanka අපිත් එක්ක බෙදාගන්න.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Avantika Kukreti

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි
බෙදාගන්න :
  • කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

    කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

  • දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට  සුදුසුද?

    දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

  • කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

    කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

  • දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට  සුදුසුද?

    දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it