theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බාලගිරි දෝශය අද නොවේ හෙට

8 අවම කියවීම
බාලගිරි දෝශය අද නොවේ හෙටබාලගිරි දෝශය අද නොවේ හෙට

"බාලගිරි දෝශය අද නෙමෙයි හෙටයි" මේ වදන් පෙළ ඔබ කවරදාක් හෝ දැක ඇති. එහෙමත් නැතිනම් අසා ඇති.

මේ වදන් පෙළ ඔබ කවරදාක් හෝ දැක ඇති. එහෙමත් නැතිනම් අසා ඇති. "බාලගිරි දෝශය අද නෙමෙයි හෙටයි"

සමහර විට ඔබත් ඔබේ දරුවන් කුඩා කල ඔවුන් වෙනුවෙන් මේ වැකිය නිවසට ඇතුළු වන උළුවස්සේ ලියන්නට ඇති.

ගම් වල ඉන්නා, නගර වලට නොඑන බාලගිරි

බොහෝ වෙලාවට ගම්වල, නැත්නම් අර්ධවශයෙන් නාගරීකරණය වූ ප්‍රදේශ වල තමයි මේක සිද්ද වෙන්නේ.

එම පැති වල කාන්තාවකට දරුවෙක් උපන්නාම ඒ ගෙදරට ඇතුළු වන උළුවස්සේ "බාලගිරි දෝශය අද නෙමෙයි හෙටයි" කියලා ලියනවා. අද අපි කතා කරන්නට යන්නේ මෙන්න මේ කියන බාලගිරි දෝශය ගැන අලුත්ම පැතිකඩකින්.

කවුද මේ බාලගිරි?

උළුවස්සේ ලියන වැකියේ සඳහන් වෙන්නේ එක්තරා දේවියක් ගැනයි. ඒ දේවියගේ නම ගිරි ලිය දොලහ කියලයි සඳහන් වෙන්නේ.

බාල ගිරි කියලා කියන්නේ ඇයගේ එක් වේශයක් කියලා ජනප්‍රවාදයේ පැවසෙනවා. ඇය කුඩා දරුවන්ට කරදර කරනවා කියලා ගම්වල මිනිසුන් විශ්වාස කරන නිසා ඇයව පුදන්නට ගම් වල වැසියන් අමතක කරන්නේ නෑ.

ගිරි දේවිය කියලා කියන්නේ කවුද?

මේ කියන් ගිරි දේවිය ගැන ගොඩාක් තොරතුරු ගිරිදෙවි අස්න,ගිරිදෙවි උපත, ගිරිදෙවි කව කියන පොත් වලින් හොයා ගන්නට ලැබෙනවා.

එම ග්‍රන්ථ වල කියන විදියට ඇය දඹදිව දන්තපුරයේ හිටපු සිංහකුමාර රජු සහ ඔහුගේ බිරිඳ වන හංසවතී දේවියගේ දුවෙක්. ඇයට හිටියා දළ කියලා වැඩිමහල් සොයුරෙක්. ඒ සොයුරා එක්ක ගිරි දේවිය ළමා කාලයේදීම අඹු සැමියන් ලෙස එකතු වෙල තියෙනවා.

ගල් කුළක සඟවපු ගිරි දේවිය

මේ සිද්දිය දැන ගත්ත දෙම්ව්පියන් මේ දියණියව ගල් කුළක සඟවලා ආරක්ෂා කරනවා. සොයුරාට පෙන්වන්නේ නෑ.

ගල් කුළක සඟවපු නිසා ගිරි දේවිය කියලා නම් පටබැඳුනා කියලයි කියන්නේ.

කාලය ගෙවිලා දළ කියන කුමාරයා තරුණ වියට ආවාම ගල් ලෙනක සඟවලා ඇති දැඩි කරන ගිරි දේවිය ගැන අහන්න ලැබෙනවා. දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලනවා ඇයව බලන්නට යන්න. නමුත් අවසර ලැබෙන්නේ නෑ.

සිය දිවි හානි කරගත් ගිරි දේවිය

දළ කුමාරයා බොරුවට ලෙඩක් අර ගන්නවා. දුක හිතුන දෙමව්පියන් ඔහුට අවසර දෙනවා නංගීව බලන්නට යාමට.

ගිරි දේවිය දැකලා ඇය වෙනුවෙන් පිස්සු වැටුන දළ කුමරා ඇයව පොළඹවාගෙන ඇය එක්ක ලිංගිකව එකතු වෙනවා. තම සොයුරා නිසා කෙළෙසුන නිසා ඇය ගෙළ වැළලාගෙන සිය දිවි හානි කර ගන්නවා.

පිස්සු වැටුන දළ කුමරා

දළ කුමාරයා මේ බව දැන ගන්නේ පසුව. ඔහු එතනට යන විටත් ශක්‍ර දෙවියා ඇයගේ සිරුර සඟවනවා. කුමරාට සිරුර දැකීමට නිහැකි උන නිසා තරහ යනවා.

ඊට පස්සේ දළ කුමරා පිස්සුවෙන් වගේ මිනිස්සුන්ට, සත්තුන්ට කරදර කරමින්, මරා දමමින්, වතු පිටි පාලු කරමින් ඇවිදිනවා.

බාලගිරි දෝශය

ශක්‍ර දෙවියෝ මැදිහත් උනාලු

මෙම විනාශය දැකපු ශක්‍ර දෙවියා ඇයගේ ගිරි දේවියගේ සිරුර දළ කුමරාට පෙන්නලා ඇයට නැවත පණ දීලා ශක්‍ර භවනට අරගෙන ගියා කියලා ඒ පොත පතේ සඳහන් වෙනවා.

බාලගිරි

ගිරි දේවියගේ අවතාර 12ක් තිබෙන බව ජනප්‍රවාද වල් පැවසෙනවා.

ඒවා නම්;

1.මදනගිරි
2.හපුමල් ගිරි
3.බාලගිරි
4.මෝලන්ගිරි
5.භූතගිරි
6.නීලගිරි
7.රත්නගිරි
8.හඳුන්ගිරි
9.පට්ටගිරි
10.අඳුන්ගිරි
11.කොටගිරි
12.වලියක් ගිරි

බාලගිරි දෝශය කියලා ගම්වල අය කියන්නේ මොකකටද?

ළදරුවන්, විශේෂයෙන්ම අලුත උපන් බිළිඳුන් නිතර නිතර, අධික ශබ්දයෙන්, දිගු වේලාවක් හැඬීම ලංකාවේ ගම්වල මිනිසුන් බාලගිරි දෝශය කියලා හඳුන්වනවා.

දරුවෙක් ඉපදිලා මාස 3ක් යනකල් එයාගේ කලින් අත්මය සිහිනයෙන් පේනවාලු..

කුඩා දරුවෙක් ඉපදිලා මාස 3ක් වෙනකල්ම එයාගේ කලින් ආත්මය සිහිනයෙන් දකිනවා කියලා වැඩිහිටියෝ කියනවා.

ඉපදුන මුල් දවස් වල බිළිඳුන් වැඩිපුරම කරන්නේ නිදියන එක. හීනෙන් හිනා වෙනවා, ඒ වගේම අඬනවා අපි දකිනවා. නිතර ඇස් දෙක උඩට හරවගෙන බලාගෙනත් ඉන්නවා ඒ වයසේ බබාලා.

අලුත උපන් දරුවාගේ මුල් මාස 3 කලින් ආත්මය සිහි වෙලාද බබා එහෙම හැසිරෙන්නේ?

දරුවෙක් මෙලොව එලිය දුටුවාම එයාට පරිසරය අලුත්. දවස ගානෙම අලුත් දේවල් එයා දකිනවා. හීනෙන් හිනා වෙනවා, අඬනවා. ඒ දේවල් බබා ඉගන ගත්තේ අම්මාගේ කුසේ ඉන්න කාලේදිමයි.

බබාට හැම දේම අලුත් නිසා ඇස් උඩට හරවගෙන බලනවා.

බාලගිරි දෝශය

චූටි බබාට මුල් මස වලදී ගොඩාක් දුරට පේන්නේ නෑ. සීමිත දුරක් තමයි පේන්නේ. අවට තියන හැම දේම විමසිලෙන් බලනවා. ඉතින් ඒක අපිට පේන්නේ ඇස් උඩට හරවගෙන ඉන්නවා වගෙයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

අලුත උපන් දරුවෝ ස්න්නිවේදනය කරන්නේ අඬලා.

අනිත් එක තමයි මේ වයසේ දරුවෝ සන්නිවේදනය කරන් ප්‍රධානම් ක්‍රමය තමයි අඬන එක.

  • බබාට බඩගිනි උනාම අඬනවා.
  • නිදිමත උනාම අඬනවා.
  • සීතල/උණුසුම් වැඩි උනාම අඬනවා.
  • පාලු දැනුනාම අඬනවා.
  • තෙමා ගත්තාම අඬනවා.
  • මොකක් හරි වේදනාවක් දැනුනාම අඬනවා.

මේ කාලයේ බබාලා එයාලාගේ අවශ්‍යතාවයන් කියන්නේ අඬලා. ඒක බාලගිරි දෝශයක් නිසා සිදු වන දෙයක් නෙමෙයි.

බබාගේ අවශ්‍යතාවයන් හඳුනා ගන්න. බාලගිරි දෝශය නිසා නෙනෙයි දරුවෝ අඬන්නේ!

එවැනි වගේ වෙලාවට බාලගිරි ගේ ගිණුමට දොස් මුරය බැර නොකර බබාගේ අවශ්‍යතාවයන් හඳුනා ගන්නට උත්සහ කරන්න ඕනි. ටික දවසක් යනවිට අම්මා ඉබේටම හුරු වෙනවා බබාගේ සන්නිවේදන ක්‍රමයට.

නැළවෙන්නේ නැතුව පැය ගණනක් අලුත උපන් බිළිඳුන් හඬන්නේ බාලගිරි දෝශය නිසාලු..

ඉපදිලා දවස් දෙක තුනක් ගියාම බබාලා අඬන්න ගන්නවා මේ කියන විදියට. නැලවෙන්නේම නෑ. හුස්ම අල්ලගෙන,අස් දෙක උඩට හරවගෙන වේදනාවක් වගේ අඬනවා බබාලා පැය ගණන්.

මේ විදියට අඬන්නේ බාලගිරි දෝශය නිසා කියලා ගම්වල වැඩිහිටි ගැහැනුන් කියනවා.

බබා නැලවෙන්නේ නැතුවම අඬන්නේ බාලගිරි දෝශය නිසාද?

අලුත උපන් ළදරුවන් මුල් මාස වල සමහර වෙලාවට නොනවත්වා හඬනවා. නැලවෙන්නේම නෑ. හවස් වෙද්දි තමා ගොඩාක් වෙලාවට මේ ප්‍රශ්නය මතු වෙන්නේ.

කොලික් ද බාලගිරි දෝශය ද?

බාලගිරි දෝශය

අලුත උපන් බබා අම්මාගේ කිරි උරලයි බොන්නේ. අම්මාටත්, බබාටත් හැම දේම අලුත්. කිරි උරලා බොද්දි බබාට අම්මාගේ තන පුඩුව හරියාකාරයෙන් හසු වන්නේ නැති වෙන්න පුලුවන්.

එතකොට බබාගේ චූටි ආමාශයේ වාතය පිරෙනවා. බබාට හැරෙන්න, පෙරලෙන්න බෑනේ මේ කාලයේ. ඉතින් බඩේ දවස පුරාම එකතු වෙච්ච වාතය ගුඩුස් යැව්වා උනත් සම්පූර්ණයෙන්ම පිට නොවෙන්න පුලුවන්. බාලගිරි යක්ෂණියක් නිසා නෙමෙයි එහෙම වෙන්නේ.

බබාට අපහසුයිද බලන්න.

එවිට බබාට හරි අමාරුයි. බඩ රිදෙනවා. කියන්න දන්නෙත් නෑනේ. බබා දන්න එකම දේ ඇඬීම. නැලවෙන්නේ නැතුව ගොඩාක් වෙලා අඬනවා අපහසුව නිසා.

බාලගිරි දෝශය කියලා ඒක බාලගිරි යක්ශණියගේ ගිණුමට බැර නොකර බබාට අපහසුතාවයක්ද යන්න් හොයලා බලන්න.

ලංකාව යක්ෂ,ප්‍රේත,භූත භවනක්ද? බාලගිරි දෝශය දියුණු රටවලත් තියනවාද?

ලංකාවේ මිනිසුන්ට අනුව ලංකාව කියන්නේ යක්ෂ, ප්‍රේත, භූත භවනක්. ඇයි ඉතින් ලංකාවේ තමයි දරුවෙක් ඉපදුන ද ඉඳලාම ඒ වගේ මනඃකල්පිත දේවල් ඔලුවට දාන්නේ.

  • උපන් අලුත බාලගිරි.
  • තරුණ කාලේ කළු කුමාර දෝශ.

ඒ වගේ මවා ගත්ත සංකල්පයක් නිසා මිත්‍යාවට මුලා වෙලා ඇත්ත නොදැක, ඇත්ත නොසොයා නොපෙනෙන දේවල් ගැන බිය වෙනවා.

දියුණු රටවලත් දරුවෝ ඉපදෙනවා. එයාලාත් සෑම දරුවෙක්ම වගේ සන්නිවේදනය කරන්නේ අඬලා. බාලගිරිගේ ගිණුමට බැර නොකර ඔවුන් නිසි දේ නිසි වෙලාවට කරනවා.

කොලික් වලට සහනයක් ගෙන දෙන දේ

ඒ වෙලාවට බබාට යම් සහනයක් ගෙන දෙන දේ කරන්න. කොලික් බබාලාට ගෙදරදීම පහසුව නැති කර ගන්න කරන්න පුලුවන් දේවල් තියෙනවා.

උදාහරණයක් විදියට

  • වාහනයක ගමන් කිරීමෙනුත් එයාලාගේ අපහසුව නැති වෙනවා.
  • පැද්දෙන පුටුවක පැද්දීමෙනුත් යම් සහනයක් ගෙන දෙනවා.

බාලගිරි දෝශය යැයි නොසිතා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

බබාගේ ඇඬීමේ අඩුවක් වෙන්නේම නැත්නම් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් අර ගන්න. මොකද ඔයාලා මේ ඇඬිල්ල, බාලගිරි යකින්නගේ ගිණුමට බැර කරලා කම්මුලේ අත ගහන් අනේ අපොයි කිව්වාට, බබා නොනවත්වා අඬන්නේ අසනීපයක් නිසාද දන්නෙත් නෑ.

ඒ නිසා මිත්‍යාවන්ට වහල් නොවී නිරතුරුව වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

උළුවස්සේ ලියපු වැකිය තේරුම් අරගෙන බාලගිරි යක්ෂණිය යන්න යනවාලු..

මේ විදියට දරුවො අඬන එක වලක්වන්න කියලා වැඩිහිටි ගැහැණු අයගේ උපදෙස් අනුව ගෙදරට ඇතුළු වන උළුවස්සේ "බාලගිරි දෝශය අද නෙමෙයි හෙට" කියන වාක්‍ය ලියනවා.

එහෙම ලිව්වාම එදාට එන යක්ෂණිය ඒ වැකිය බලලා ආයෙම හෙට එන්න හිතාගෙන හැරිලා යනවා කියලා ගම්මු විශ්වාස කරනවා. පහුවදාට ආවත් මේ වැකියම පේන නිසා යක්ෂණියට දරුවාව බය කරන්නට එන්න වෙන්නේ නැති වෙනවා කියලා කියනවා.

උළුවස්සේ ලියපු වැකිය දැකලා බාලගිරි ඇත්තටම යනවාද?

"මේකත් හරියට හිසේ ඇම්මට කොට්ටය මාරු කලා වගේ.." විදියේ කතාවක්. අලුත උපන් දරුවෙක් අඬන්න හේතු තියනවා. ඒ හේතු වලට පිලියම් නොකර මේ විදියේ වැකියක් ගහලා දරුවා නැලවේ යැයි සිතීම විහිළුවක්.

අලුත් පරිසරයට හුරු වූ දරුවා

සාමාන්‍යයෙන් දරුවන්

  • පරිසරයට හුරු වූ පසු,
  • මුනින් පෙරලෙන්නට හුරු වූ පසු,
  • දිවා රාත්‍රී වෙනස හඳුනාගෙන නින්ද කාලසටහනකට අනුව හුරු උනාම,
  • අලුත් අම්මා බබාගේ අවශ්‍යතා හඳුනා ගන්න ඉගෙන ගත්තාම

බබාගේ ඇඬිල්ලත් සාමාන්‍ය වෙනවා. මේ දේවල් වෙන්න මාස 2,3,4ක් යනවා.

මාස 3යි. දෝශය ඉවරයි.

ලංකාවේ ගම් වල බොහෝ මිනිස්සු මේ දේවල් වල විද්‍යාත්මක පැතිකඩ නොදැක මිත්‍යාව පසු පස යනවා. බබා මාස 3න් වගේ පසු කොහොමත් සාමාන්‍ය වෙන නිසා ඔවුන් හිතනවා බාලගිරි දෝශය දැන් ඉවරයි. ගෙදර උළුවස්සේ අර විදියට ගැහුව නිසා තමයි එහෙම උනේ කියලා.

මෙහෙම කලාමත් බාලගිරි දෝශය එන්නේ නෑ කියලා ගම්වල උදවිය කියනවා.

තවත් කරන දෙයක් තමයි රතන සූත්‍රය සජ්ජායනය කරනවා. නැත්නම් රතන යන්ත්‍රය දරුවාගේ කොට්ටයට පළඳනවා.

ඒ වගේම සුවඳ දූපයන් අල්ලනවා.

  • අබ,
  • සුවඳ කොට්‌ටං,
  • පුදාහල මල්,
  • කොහොඹ කොළ,
  • බෙලි කොළ,
  • නයි හැව,
  • සුදු ළුණු යනාදිය
  • පැඟිරි තෙල්,
  • තල තෙල් සමඟ මුසු කර

සූත්‍රය ජපකර දුම් ඇල්ලීමෙන් දරුවාට සහනයක්‌ ලැබේ යැයි ගම්වල අය අදටත් විශ්වාස කරයි.

රතන සූත්‍රය සහ බාලගිරි දෝශය

රතන සූත්‍රය වගේ ආගමික දෙයක් සජ්ජායනය කලාට ගැටලුවක් නෑ. ඒත් ඉතින් ඒකෙන් සුවයක් අත් වෙන්නේ නෑ ඔබ දරුවාගේ අපහසුවට ප්‍රතිකර්ම කරන් තුරු.

නයි හැව සහිත සුවඳ දූපය බබාට හොඳයිද?

ඒත් අලුත උපන් දරුවෙක්ට එක එක සුවඳ දුම් කියලා දුම් වර්ග අල්ලන එක නම් බබාට සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට සමත් වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාවය, සමහර විට ඇදුම වැනි තත්වයන් ඇති වෙන්න පුලුවන්.

බාලගිරි දෝශය හෝ වෙන මොකක් හරි හෝ වේවා, අලුත උපන් දරුවෙක්ට සුදුසුද?

ඒ දුම අල්ලන්නට දූපය හදද්දි නයි හැවත් දාන බව සඳහන්. මෙවැනි දේ අලුත උපන් දරුවෙක්ට කොයි තරම් සුදුසුද කියලා ඔබම සිතන්න.

බාලගිරි දෝශය අද නොවේ හෙට

මේ වගේ විද්‍යාත්මක පදනමක් නැති අහිතක, හර සුන් දේවල් කරලා, මනඃකල්පිත බාලගිරි පන්නනවාද?  ඔබේ දරුවාගේ අවශ්‍යතාවය හඳුනාගෙන එය ඉටුකරනවාද යන්න තියෙන්නේ ඔබේ අතේ.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • ජීවන රටා
  • /
  • බාලගිරි දෝශය අද නොවේ හෙට
බෙදාගන්න :
  • ඔබේ ගෙවත්තේ වැනිලා වගාවක් පටන් ගෙන මුදල් උපයන්නේ මෙහෙමයි

    ඔබේ ගෙවත්තේ වැනිලා වගාවක් පටන් ගෙන මුදල් උපයන්නේ මෙහෙමයි

  • අසාඩ් ඛාන් රාවෝ දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන හැඩයි!

    අසාඩ් ඛාන් රාවෝ දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන හැඩයි!

  • ඔබේ ගෙවත්තේ වැනිලා වගාවක් පටන් ගෙන මුදල් උපයන්නේ මෙහෙමයි

    ඔබේ ගෙවත්තේ වැනිලා වගාවක් පටන් ගෙන මුදල් උපයන්නේ මෙහෙමයි

  • අසාඩ් ඛාන් රාවෝ දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන හැඩයි!

    අසාඩ් ඛාන් රාවෝ දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන හැඩයි!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it