theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: BCG එන්නත ගැන ඔබ දැනගත යුතු දේ

3 අවම කියවීම
ඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: BCG එන්නත ගැන ඔබ දැනගත යුතු දේඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: BCG එන්නත ගැන ඔබ දැනගත යුතු දේ

BCG එන්නත සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු සියල්ල මෙතැනින්.

ඔබ වෙනුවෙන් BCG එන්නත ගැන ගෙනහැර දක්වන පැන වලට මෙසේ පිළිතුරු සපයමින් අපට දායක වන්නේ ළමා වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි.  Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය. ඇය හම්බන්තොට, මඩකලපුව සහ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළමා රෝග වාට්ටු වල වෛද්‍යවරියක ලෙසද සේවය කර තිබෙනවා.

Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය ළමා වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි. ඉතින් එදිනෙදා ජිවිතයේ මවකට පැන නගින ගැටළු වලට ඇය මෙසේ පිළිතුරු සපයන්නේ ඉමහත් සතුටින්.

BCG එන්නත

Dr. Dinu මේ සතියේ අප දැනුවත් කරන්නේ ඔබට ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වනවාට නිසැක BCG එන්නත පිළිබඳවයි.  BCG (Bacillus Calmette-Guerin)  කියන්නේ ක්ෂය රෝගයේ සංකීර්ණ ප්‍රභේධ වලින් ආරක්ෂා වීම සඳහා ලබාදෙන අඩපන කරන ලද  බැක්ටීරියා අඩංගු එන්නතක්.

ප්‍රශ්ණය: BCG එන්නත විදින්නේ ඇයි? 

ක්ෂය රෝගය කියන්නේ සංකීරණ සංකුලතා ඇතිවිය හැකි සමාජයේ ව්‍යාප්ත වූ රෝගයක්. Micobacterium tuberculosis යන නමින් හැඳින්වෙන බැක්ටීරියාව තමයි ක්ෂය රෝගය ඇතිකරන්නේ. BCG එන්නත ලබාදීම මගින් ක්ෂය රෝගයේ සංකුලතාවයන්  වන TB මෙනින්ජයිටිස් (මොලයේ උණ) සහ Milliary TB කියන ව්‍යාප්ත ක්‍ෂය රෝග ප්‍රභේදයෙන් බිලිඳාව ආරක්ෂා කල හැක.

ප්‍රශ්ණය: BCG එන්නත දරුවාට ලබා දෙන්නේ කුමන වයසේදීද? එය ලබා දෙද්දී වේදනාකාරිද?

ලංකාවේ අලුත උපන් දරුවෙකු රෝහලෙන් නික්ම යාමට ප්‍රථම අනිවාර්යයෙන් BCG එන්නත ලබා දෙනවා.  ඉතා කෙටිකාලින සියුම් වේදනාවක් එන්නත විදීමේදී ඇතිවිය හැකි වුවද එය ඉක්මනින් මගහැරී යනවා.

ඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: BCG එන්නත ගැන ඔබ දැනගත යුතු දේ

ප්‍රශ්ණය: එන්නත ලබා දීමෙන් පසු දරුවාට උණ ගනීවිද?

බොහෝවිට BCG එන්නතෙන් පසුව උණ ගන්නේ නැහැ. උණ ගත්තත් මද උණක් තමයි ඇතිවෙන්නේ.

ප්‍රශ්ණය: එන්නත විදින්නේ ශරීරයේ කුමන ස්ථානයටද?

ලංකාවේ සියලුම දරුවන්ට වම අතේ ඉහලම කොටසේ ඇති මාංශපෙශියට යාබදව සමේ ඉහල ස්තරය තුලට තමයි එන්නත විදීම සිදු කරන්නේ.

ළදරු එන්නත්

ප්‍රශ්ණය: එන්නත විදීමෙන් පසු ලොකු බිබිලක් ඒම සාමාන්‍යද?

එන්නත විදීමෙන් පසුව එකවරම කිසිම කැළලක් හෝ ගෙඩියක් නොතිබෙන්න පුළුවන් නමුත් ඒ ස්ථානය අතගා බැලු විට සති 2-6 කින් පමණ පසු සියුම් ගැටිත්තක් අතට දැනේවි. ඉතාමත් සෙමින් මෙම ගැටිත්ත රතු පැහැ ගෙඩියක් බවට පත් වී සැරව  පිරෙනු ඇත. දරුවාගෙන් දරුවාට ගැටිත්තේ ප්‍රමාණය වෙනස් විය හැක. සමහර දරුවන්ගේ 1cm පමණ ගැටිති දැකිය හැක. එය කලබල වීමට කාරණයක් නොවෙයි .

ප්‍රශ්ණය: මෙම බිබිල පිපිරවිය යුතුද?

සැරව පිරුණු ගැටිත්ත කිසි විටක පිපිරීමට තැත් කිරීම, යම් යම් දේ  ආලේප කිරීම, ප්ලාස්ටර් ඇලවීම, සම්බාහනය කිරීම, මිරිකීම  සිදු නොකළ යුතුයි.

ප්‍රශ්ණය: මෙම බිබිල ගැන මා විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ කුමන අවස්තා වලද?

සමහර දරුවන්ගේ එන්නත් කල ස්ථානයේ "බිබලක් ඇතිවීම, පැලීම, සැරව ගැලීම" යන සංසිද්ධිය 2-3 සැරයක් සිදුවිය හැක. එය සාමාන්‍යයි.

ඉතාමත් කලාතුරකින් එන්නතට පසුව වම් කිහිල්ලේ හෝ බෙල්ලේ වම පැත්තේ කුද්දැටි ඇතිවිය හැක. එසේ ඇතිවුවහොත් වෛද්‍ය අවවාද ලබාගැනීම යෝග්‍ය වෙනවා.

ප්‍රශ්ණය: මෙම බිබිල මතු නුවහොත් කල යුත්තේ කුමක්ද?

මාස 6ක් ඇතුලත ගැටිත්තක් හෝ කැළලක් ඇති නොවුවහොත් ලංකාවේ වසංගත රෝග නිවාරණ ඒකකයේ අනුබල පරිදි නැවත දරුවාට BCG එන්නත ලබාදිය යුතුයි. අවුරුදු 5ක් යනතුරු කිසිම අමතර පරීක්ෂණයකින් තොරව නැවත එන්නත් කිරීම සිදු කරනු ලැබේ.

ප්‍රශ්ණය: පසු කාලීනව (දරුවා වැදුණු පසු) මෙහි කැළලක් පෙනීමට නොමැති නම් කල යුත්තේ කුමක්ද?  

වැඩිහිටියන්ගේ කැළලක් නැතිනම් නැවත එන්නත් කිරීමට අවශ්‍ය නැත.

ඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: BCG එන්නත ගැන ඔබ දැනගත යුතු දේ

 BCG එන්නත සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල ළමා වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්. 

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රයකින් වෛද්‍යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

Dr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්‍යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • එන්නත්
  • /
  • ඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: BCG එන්නත ගැන ඔබ දැනගත යුතු දේ
බෙදාගන්න :
ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it