බබා ලස්සන වෙන්න ගැබිණි සමයේ අම්මා කරන්න ඕනී දේවල්

ලස්සන දරුවෙකු ලැබීමට ගර්භණී සමයේදී මෙන්න මේ දේවල් ඔබට විශ්වාසයෙන් කරන්න පුළුවන්.
ළදරු නාම උත්පාදකය
ස්ත්‍රී පුරුෂ භාවය
අකුර
ප්‍රභේදය
සොයාගත් ළදරු නම්
සොයාගත නොහැක
ලස්සන බබෙක් හදන්නේ කොහොමද කියලා හිත හිත ඉන්න අම්මලාටයි. සුභ පැතුම් ඔබ දරුවෙකු පිළිසිඳ ගෙන නේද?
බබා ලස්සන වෙන්න ගර්භණී සමයේදී ඔබ කරන්න ඕන දේවල් දැන ගන්න ඔබට අවශ්‍ය ඇති.
ඔබ ගර්භණීව සිටියදී කරන දේවල් ඔබේ දරුවාගේ පෙනුමට බලන බව අමතක කරන්න එපා.
ගර්භණී සමයේදී බණ්ඩක්කා කන්න එපා, ඔබේ දරුවා කෙට්ටු වෙලා උපදීවී, කුළුබඩු සහිත ආහාර කන්න එපා, නැතිනම් ඔබේ දරුවා දත් සමඟ උපදීවි වගේ දාහක් කතා ඔබ අහලා ඇති.
මෙය එවැනි බොරු මතිමතාන්තර නම් නොවෙයි. බබා ලස්සන වෙන්න ගැබිණි සමයේ අම්මා කරන්න ඕනී දේවල් මොනවාද?
ලස්සන දරුවෙකු ලැබීමට ගර්භණී සමයේදී මෙන්න මේ දේවල් ඔබට විශ්වාසයෙන් කරන්න පුළුවන්.
ලස්සන බබෙක් හදන්නේ කොහොමද? මෙන්න ඔබ කළ යුතු දේවල්
1. ලස්සන බබෙක් හදන්නේ කොහොමද: නැවුම් පලතුරු හා එළවළු බහුල ආහාර වේලක් ගන්න
ඔබට ලස්සන හුරුබුහුටි දරුවෙකු බිහි කරන්න අවශ්‍යයි නේද? එහෙනම් ඔබ ඔබේ ආහාර වේලට පෝෂ්‍යදායී ආහාර ඇතුළත් කරගන්න.
අඹ, පැපොල්, දොඩම්, කෙසෙල්, කොමඩු, තැඹිලි වගේ පලතුරු අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේලෙහි අඩංගු විය යුතුය.
තවත් බොහෝ සෘතුමය පලතුරු තියෙනවා. ඔබට ලස්සන දරුවෙක් අවශ්‍ය නම් ඒවා ආහාරයට එක් කර ගන්න.
මුකුණුවැන්න, කතුරුමුරුංගා නිවිති වැනි පලා වර්ග, පිපිඤ්ඤා ,වට්ටක්කා, කැරට්, තක්කාලි වැනි එළවළු වර්ග , ඇට වර්ග ආහාරයට ගැනීමට වග බලා ගන්න.
මේ පෝෂ්‍යදායී පලතුරු හා එළවළු ආහාරයට ගැනීමෙන් ලස්සන බබෙක් ලබාගන්න පුළුවන්.
2 ලස්සන බබෙක් හදන්නේ කොහොමද: ජලය ගොඩක් බොන්න
හොඳින් ක්‍රියාකාරී වීමට ඔබේ ශරීරයට ප්‍රමාණවත් සජලනයක් අවශ්‍ය වෙනවා.
ඔබේ නූපන් දරුවාටද එසේයි. දිනකට ජලය ලීටර් 2 ක් හෝ වතුර වීදුරු 8 ක් පමණ පානය කල යුතු බව වෛද්‍යවරු නිර්දේශ කරනවා.
ඔබ ගන්නා දියර ප්‍රමාණය ඔබේ සමට, අස්ථිවලට සහ ඔබේ සම්පුර්ණ සෞඛ්‍යයට බලපානවා.
ඔබට වැඩිපුර ජලය පෙවෙන්නේ නැතිනම් ඔබ ජලය දිනපතා ලීටර් 2 ක් පානය කරන්න මෙහෙම පුළුවන්.
උදේම දවසකට අවශ්‍ය ජලය අවශ්‍යතාවය වතුර ප්‍රමාණය ගෙන පානය කරන්න.
ඔබේ ශරීරය මෙසේ ජලය පානය කරන්න හුරු වූ පසු, එම අවශ්‍යතාවයට අනුව ස්වභාවිකව වෙනස් වෙනවා.
එවිට දිනපතා ජලය ගොඩක් පානය කිරීමට තරම් පිපාසය ඔබට දැනේවි.
ලස්සන දරුවෙකු ලැබීමට ගර්භණී සමයේදී කළ යුතු දේ ඔබ සිතනවා නම් ජලය ගොඩක් බොන්න.
3. ලස්සන බබෙක් හදන්නේ කොහොමද: ඔබේ පරිසරය පිරිසිදුව තබා ගන්න
පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වා ගැනීමෙන් ඔබට ඔබේ ගර්භණී සමය රෝග සහ ආසාදන වලින් තොර කරගන්න පුළුවන්.
එය ලස්සන ළදරුවන් බිහි කිරීමට උපකාරී වෙනවා. ඔබේ නිවස අතුගා පිරිසිදු කරන්න.
වාතය පිරිසිදු වීමට ඔබේ කාමරවලට වාතය ඇතුල් වෙන්න ඉඩ දෙන්න.
ඔබේ නිවස වටා ඇති වල් පැලෑටි ඉවත් කර පුළුස්සා දැමීමට වග බලා ගන්න.
මදුරුවන් සහ වෙනත් රෝග ගෙන යන කෘමීන් වැළැක්වීමට හොඳම ක්‍රමය මෙයයි.
4. ලස්සන බබෙක් හදන්නේ කොහොමද: මධ්‍යස්ථ ලෙස ව්‍යායාම ලබාගන්න
5. ලස්සන බබෙක් හදන්නේ කොහොමද: වරින් වර පරීක්ෂා කිරීම සඳහා යන්න
ලස්සන බබෙක් හදන්නේ කොහොමද: ගර්භණී සමයේදී වැළකී සිටිය යුතු දේවල්
1.දුම්පානය කිරීම
2. මත්පැන්
3. ආතතිය
4. අධික ලෙස ආහාර ගැනීම
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.