theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි

5 අවම කියවීම
පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයිපිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි

"පිළිවෙල පුරුදු වීම මහලොකු දෙයක් කියලා කවදාවත් හිතන්නේ නෑ. ඒ නිසාද දන්නේ නෑ මට මහන්සියක් දැනෙන්නේ නෑ. මම මේ හැමදේම කරන්නේ රස්සාවක් කරන අතරයි..."

අනූෂා ජීවනී කියන්නේ අපට නිතරම මහත් සේ වටිනා  ලිපි සපයන ශ්‍රී ලන්කන් මම්ස් සමුහයේ ලිපි කමිටුවේ ලේඛිකාවක්. ඇය නිපුනතා දස්කම් වලින් පිරුණු මවක් වන අතර ඉවුම් පිහුම්, පිළිවෙල පුරුදු වීම, අත්කම් විස්කම් අතින් නිතරම අපු මන දොළ පිනවනවා පමණක් නොව අප සැම දෙනාවත් ඒවා ආශ්‍රයෙන් දැනුවත් කරනවා.

සැම විටකම ඇගේ නිවසත් ඉතා පිළිවෙලට සහ ලස්සනට තබාගන්නා අකාරය මා විස්මිත කළා. පිළිවෙල පුරුදු වීම සහ නිවාස ලස්සනට තබා ගැනීම ට ආශා කරන සෑම මවකටම අනූෂා ජීවනීගේ දින චර්යාව තුලින් නව බලාපොරොත්තුවක් ඇති වනවා නියතයි.

අලුත් අව්ව්රුද්දේ හොඳ පුරුදු ඇති කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අප සැමට මෙම ලිපිය ඉතා කාලෝචිත යැයි සිතු බැවින්, ඇගේම වචන වලින් ඇගේ අදහස් ගෙනහැර පාන්නෙමි.

අද ලියන්නේ කෑම ගැන නම් නෙවෙයි...

මම අද මේ ඔයාලත් එක්ක මේ කතා කරන්න යන්නේ කෑම සම්බන්ධව නෙමෙයි.. ගොඩාක් අයට තිබුනු ප්‍රශ්නයක් තමයි මම මේච්චර කෑම හදන්න කොහොමද වෙලාවක් වෙන් කරගන්නේ කියන එක.. කිප දෙනෙක්ම මට කිව්වා මම වැඩ කරන පිළිවෙල පෝස්ට් එකක් හදලා දාන්න කියලා..

මම වැඩ කරන පිලිවෙල කියන්න කලින් තව දෙයක් කියන්න කැමතියි.. මම මේ හැමදේම කරන්නේ ගොඩාක් සැහැල්ලුවෙන්.

මම මේවා මහලොකු වැඩක් කියලා කවදාවත් හිතන්නේ නෑ ඒ නිසාද දන්නේ නෑ මට මහන්සියක් දැනෙන්නේ නෑ. මම මේ හැමදේම කරන්නේ රස්සාවක් කරන අතරයි.. මගේ හොබි එක තමයි නොයෙකුත් අත් වැඩ කරන එක.

එකක් කියලා නෑ හිතෙන හැමදේම කරන්න ආසයි කෙටියෙන්ම කියනවානම්.. මිට වඩා ලියන්න ගියෝත් ඔයාලට කියවන්නත් එපා වෙයි මම උවමනා දේ කොටන්නම් පහලින්

මගේ දවස ගෙවන්නේ මේ විදියටයි

"සතියේ දවසක් කියලා අපි හිතමු හොඳේ...

මම 6:30 නැගිටිනවා. මුහුන චුට්ටක් හෝදගෙන කෙලින්ම යන්නේ කුස්සියට ලමයගේ මොන්ටිසෝරියට ගෙනියන්න ලන්ච් බොක්ස් එක ලෑස්ති කරන්න. රෑට හාල් එක සෙට් කරලයි නිදාගන්නේ රයිස් කුකර් එකේ.

7:00 වෙනකොට කෑම එක රෙඩි..දැන් ලමයව ඇරවලා එයාගේ මුහුන සෝදලා එයාට උදේ කෑම එක දෙනවා ලේසි කෑමක් තමයි උදේට දෙන්නේ. බනිස් බිත්තර ඔම්ලට් කිරි මේ වගේ දේවල් තමයි එයා උදේට කන්න ආස.. එයා තනියම කනවා

මම ඒ අතර රෙදි ටික හොදන්න මැශිමට දාලා ඇඳ අස් කරලා ගේ වැකුම් මැශිමෙන් ගේ පිරිසිදු කරනවා මේ ටික කරලා ඉවරවෙනකොට ලමයත් කාලා ඉවරයි.

වෙලාව 7:45 වගේ. ඉතින් අපි දෙන්නම ඇඳ ගන්නවා 8 වෙනකොට.. ගෙදර තියන හැම වැඩක්ම මම උදේට කරනවා.

8:30 ලමයගේ බස් එක එන්නේ. රෙදි ටික හේදෙනකන් මම ඉතින් චුට්ටක් fb එකේ ඉන්නවා.. පස්සේ රෙදි ටික වේලෙන්න දාලා මම ලමයව 8:30 බස් එකට දාලා මමත් එහෙමම යනවා වැඩට.

මම කැම්පස් එකට යන ලමයි නැවතිලා ඉන්න හොස්ටෙල් එකේ රෙස්ට්ටුරන් එකක වැඩ. උදේට පැය 3 හවසට පැය දෙකාමාරයි.

8:30 වැඩට ගිහින් මම ගෙදර එන්නේ 11:30. ගෙදරට එහා පැත්තේ රෙස්ට්ටුරන් එක තියෙන්නේ. ගොඩාක් ලඟයි.

11:30 ගෙදර ආවාම මට ගෙදර කරන්න කිසිම වැඩන් නෑ හබි වැඩට ගිහින් ලමයා ඉස්කොලේ ගිහින් මම ගෙදර ඇවිත් එක එක දේවල් හදනවා.

මේ දවස්වල නම් මම ආසම ක්‍රෝස්ටිච් එකක් මහනවා ලොකු . යූ ටියුබ් එකට ෆිල්ම් එකක් දාගෙන මම මහනවා..

ලමයා එන්න හවස 3:00 වෙනවා. එකන්ම මහනවා. ලමයා 3 ආවම දෙන්නම එකතු වෙලා තේ එකක් එක්ක මොනාහරි කනවා 3:30 ලමයා ටිකක් නිදාගන්වා මහන්සිට.

මම ආයේ මහනවා 4:30 වෙනකන්.

5:00 ඩිනර් එක ලෑස්ති කරලා මමත් ලෑස්ති වෙනවා වැඩට යන්න 6 වැඩ 5:50 ගෙදරින් යනවා.ලමයත් වැඩියේ නිදාගන්නේ නෑ.

මම යන්න කන් එයා නැකිටිනවා. එයාගේ කෑම එක ලෑස්ති කරලා පහල නැන්දම්මා ඉන්නවා මම උ තට්ටුවේ ඉන්නේ ලමයා රෑට කන්නේ අච්චිත් එක්ක එයාගේ.

මම 6:00 ගිහින් 8:30 ඕෆ් වෙනවා. මම ගෙදර ඇවිත් ලමයව හෝදලා අස් කරලා මමත් වෝශ් එකක් දාගෙන නිදා ගන්නවා. මම රෑට වැඩි වෙලා ඇහැරන් ඉන්නේ නෑ.

 

පිළිවෙල පුරුදු වීම: සති අන්තය සහ නිවාඩු දවස් ගෙවෙන්නේ මෙහෙමයි.

නිවාඩු දවස්වලට ගෙදර දුවීලි පිහලා අස් කරනවා. ගෙදර හැමෝම මගේ විදියට හැඩ ගැහිලා. ලමයා සෙල්ලම් කලත් එයාගේ බඩු එයාමයි අස් කරගන්නේ.

එයා අස් කරකන් මම අස් කරන්න යන්නේ නෑ. මම එයාට ගොඩාක්ම තුන්වේල තමයි බඩ පිරෙන්න කන්න දෙන්නේ එයා ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ එක පාරයි මොනහරි කන්නෙත්.

තුන්වේල කන නිසා එයාට අනම් මනම් කන්න කාලයකුත් නෑ බඩගිනිත් නෑ.

මම කලින් කිව්වා වගේ මම මේ හැමදේම කරන්නේ ගොඩාක් සැහැල්ලුවෙන්. මම මගේ ගේ මම කොහොමද පිලිවෙලට තියාගන්නේ කියලත් ෆොටෝ ටිකක් දැම්මා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මොකද මම ලිව්වට ඔයලත් ආස ඇතිනේ මම මොන විදියටද ගේ තියන් ඉන්නේ කියලා බලන්න. වසන්ත කාලේට මගේ වත්තේ රෝසමල් මම වෙලලා හදපු මල් කූඩ දෙකකුත් තියනවා.

මම හැලිලා යනනිසා මම වේලලා හදනවා. තම මල් ජාතියකුත් තියනවා බලන්නකෝ. ඔන්න ඔයාලා ඉල්ලපු පෝස්ට් එක මම පොරොන්දු වේච්ච විදියට දැම්මා."

පිළිවෙල පුරුදු වීම

පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි

පිළිවෙල පුරුදු වීම

පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි

පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි

පිළිවෙල පුරුදු වීම

පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි

ඒ අනුෂාගේ දින චර්යාව සහ ඒ සම්බන්ධ ඇගේ නිවසේ අලංකාර පින්තුරු පෙළක්.

පිළියෙළ පුරුදු වීම තුළින් මවකගේ ජිවිතය ගොඩක් ලස්සන වනවා. අනුෂාගේ  ජිවන රටාවෙන් පසක් වන දේවල් කිහිපයක්.

1.  පිළිවෙල පුරුදු වීම තවත් ජිවන රටාවක්. විශේෂ ආයාසයක් නොයොදා එය දෛනික ජිවිතයේ පුරුද්දක් කරගත හැකියි.

2.  කෙතරම් කාර්යබහුල කෙනෙකුට වුවත් පිළිවෙල පුරුදු වීම කරන්නට පුළුවන්.

3.  පිළියෙළ පුරුදු වීම තුලින් තව තවත් දේවල් දවසක් ඇතුලත කරන්නට පුළුවන්.

4.  ආශාව තිබේ නම්, ගේදොර වැඩ විනෝදයක් සේ දකින්නේ නම් පිළිවෙල පුරුදු වීම ඉතාම සාමාන්‍ය දෙයක් වනු ඇත.

5.  හැකි දේ ගෙදර අන් යට කරන්නට හුරු කරවන්න. සියලු දේ තනිව බදාගෙන කිරීමට අවශ්‍ය නොවේ.

වැඩ අධ්කයි කියා නිතර කණු කුණු ගැන මව්වරුන්ට සතුටින් කාර්යබහුල ජිවිතයක් ගත කරන අනුෂාගේ කතාව සැබවින්ම ආදර්ශයක්.

ඉතින් ළඟ එන අලුත් අව්රුද්දේ මේ අකාරයෙන් දෛනික ජිවිතයට හුරු වීම තුළින් නිවෙස් ලස්සන කරගැනීම පමණක් නොව නිවැසියන්ගේ හදවත්ද සතුටින් පිරුණු එකක් කිරීමට සැම අම්මි කෙනෙක්ටම හැකි වේවි!

පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි

ඉතින් මේ අනගි ජිවන රටාව  අප හා බෙදාගත්තාට අනුශාට නැවත වරක් අපගේ ආදර ස්තුතිය පුද කරන අතර ඇය විසින් නිර්මාණය කල පොඩිත්තන්ට අගනා තවත් නිර්මාණශීලි අහාර රටා සැකසුම් රැසක් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වනවා.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • කලඑළිය සහ පිළිවෙල
  • /
  • පිළිවෙල පුරුදු වීම තුළින් මගේ නිවස ලස්සනට තියාගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

  • දියණියගේ හිස පැලී නතර වුණු තාත්තගෙයි දුවගෙයි සෙල්ලම්

    දියණියගේ හිස පැලී නතර වුණු තාත්තගෙයි දුවගෙයි සෙල්ලම්

  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

  • දියණියගේ හිස පැලී නතර වුණු තාත්තගෙයි දුවගෙයි සෙල්ලම්

    දියණියගේ හිස පැලී නතර වුණු තාත්තගෙයි දුවගෙයි සෙල්ලම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it