theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවුන් දරු උපතකින් පසුත් ලස්සනට නිරෝගීව සිටින ඇයගේ රහස

6 අවම කියවීම
නිවුන් දරු උපතකින් පසුත් ලස්සනට නිරෝගීව සිටින ඇයගේ රහසනිවුන් දරු උපතකින් පසුත් ලස්සනට නිරෝගීව සිටින ඇයගේ රහස

දරු උපතින් පසු ලස්සන ගැනත් උනන්දු වෙන්න.

දරු උපතින් පසු රුව රැක ගැනීම අපේ කාන්තාවන් අතින් ගිලිහෙනවා.

ඒ ඇයට ලැබෙන අලුත් පදවිය වන මාතෘත්වය තුල ඇයට කරන්නට නියමිත අපමණ කැපවීම් එක්කයි.

බබාගේ වැඩ , ගෙදර වැඩ එක්ක බබා ලැබෙන්න ගිහින් හැඩ වැඩ ඉවත් වුන සිරුර ලස්සන කරගන්න එකත් අභියෝගයක්.

ඒත් දීලිෂා ධර්මකිර්තී කියන අම්මා නිවුන් දරුවන් දෙදෙනෙක් ලැබුනට පස්සේත් ලස්සනට නිරෝගීව ඉන්න හැටි ඇයගේ කථාව තුලින් අනෙක් මව්වරුන් හා බෙදාගත්තා.

ඇයගේ ඒ ලිපිය ඇයගේ අවසරය සහිතව අපි ඔබ වෙනුවෙන් යලිත් පල කරනු ලබනවා. මෙම ලිපිය පල කිරීමට අවසර දීම සම්බන්ධව දීලිෂා ධර්මකිර්තී මහත්මියට අපි ස්තතුවන්ත  වෙනවා.

දරු උපතින් පසු රුව රැක ගැනීම ගැන දිලීෂා මහත්මියගේ කථාව

ඔබ මම නොවේ. මම ඔබ නොවේ. විය යුත්තේ ඔබ ඔබේ හොදම නිර්මාණය ඉස්මතු කර ගැනීමයි.

තමන්ගේ සුවය වෙනුවෙන් විනාඩි 15 ක් හොයාගන්න පුලුවන්ද බැරිද තමන්ට ආදරය කරන්න ?

ඔබ ඔබට බෑ කියන හැම වේලාවකම සමාජයත් ඔබත් එක්ක එකතුවෙලා බැ  කියලා තමයි කියන්නේ.

තම තමන්ට ආදරය කරන්න පටන් ගන්න . මෙන්න මෙහෙම කියමනක් තියෙනවා
"ඔබ ඔබේ ආත්මයට ආදරය නොකරන්නේ නම්, ඔබ සැමවිටම ආදරය නොකරන පුද්ගලයින් පසුපස හඹා යනු ඇත".

ඔව් මට මේ සම්බන්ධයෙන් පරණ මතකයන් තියෙනවා. හරිම කටුකයි .

එත් අද මම සතුටු වෙනවා මම මගේ ආත්මේට ආදරය කරන්න ගත්ත එක ගැන .

මෙයට සම්පූර්ණ යෝගා තමා උදව් උනේ .මම අවුරුදු 37 දී අමාරු ආසන පුහුනු වෙන්න ගත්තේ .

ඒ ගමනේ අවසානයක් නැහැ. ඒ වගේම මම ඉගෙන ගන්නෙ අන්තර්ජාලයෙන්. මගේ මහන්සියෙන්.

මොන බාධක ආවත් healthy life style එක අතාරින්න නැතුව ඉන්න එක ලොකු ජය ග්‍රහණයක්.

ජීවීතය ,පින්තූර තරම් ලස්සනට ගලා යන්නෙ නෑ බාධක එමටයි.

එයින් නොනැවතී ඉදිරියට යාම තමා කල යුත්තේ. ඔබලා අතර  single moms ලා ඉන්නවා . එයලා හැමෝටම හිස නමා ආචාර කරනවා.

ඒ වගේම කියන්න ඕනේ කාන්තාවන් වන අපි හරිම ශක්තිමත්.

බර උස්සන අයටවත් 10 kgs බඩේ තියන් මාස නමයක් ඉන්න පුලුවන්ද?

කවුද කියන්නෙ ගැහැනියට බර උස්සන්න බැහැ. ශක්තිමත් මදි කියලා?

පවුලක් විදිහට ලොකු හීන මවන කොට හිතන්නැති කඩා වැටීම් වෙනවා.

ඒ වගේම අපි දෙන්නටත් ඒ වගේ දේකට මුහුන දෙන්න උනා බබලා ලැබෙන්න ඉද්දිම.

මාස එකොලහක් බබලා ලැබුනටත් පසුවත් ඒ තත්වය ඒලෙසම තිබ්බා.

ඉතින් මුලින් අපි දෙන්නම ලොකු stress එකක හිටියත් දෙන්නම කතාවෙලා හැම වේලාවකම සතුටින්ට ඉන්න උත්සහා කළා.

මේ අතර බබලාත් එක්ක  අපි ලංකාවට දෙපාරක් ගියා   .

මාස තුනක බබලා දෙන්නෙක් එක්ක travel කරපු එක  දෙන්නටම කිරි දුන් එක ගැන  මට අදටත් හිතාගන්න බැහැ.

එතරම්ම ඒ කාර්යය අමාරුයි.

එහෙත් මායි මහත්තයයි ඒ කාලෙ ගතකරා.  නිදි නැහැ .

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

පැය දෙකෙන් දෙකට කිරි දීම , පුංචි කලේ දෙන්නම මාව ඔනෙ .

මගෙ සුවද හොයනවා.

ගෙදර වැඩ , රෙදි හම්මො මතක් වෙද්දි මේ අවුරුදු දෙක හමාර කොහොමද ගෙවුනෙ කියලා ඇඩෙනවා .
මීට වඩා අමාරු කාල ඔබට ඇති .හැමදාම අමාරු කාල තියෙන්නෙ නැහැැ.

ඒහෙම හිත හදාගෙන මේ ගමන යමු.

එ වගේම කියන්න ඕන මුල් මාස හතර අමාරු උනා. ඒ කාලෙ තමා මම meditation වලට යොමු උනේ.

නිවුන් දරු උපතකින් පසුත් ලස්සනට නිරෝගීව සිටින ඇයගේ රහස

දිලීෂා මහත්මියගේ ජිවන මගේ වෙනස් වීමක්

ඔය මොනදේ උනත් අපි දෙන්නගේ ව්‍යායාම ( ශරීර ක්‍රියාකාරීත්වය ) නතර කරේ නැහැ.

ඒක අපේ ජීවන චරියාවේ කොටසක් නිසා. ඒ වගේම අහාර සම්බන්ධවත්.

(වයස 32 දි )බබාලා දෙන්නා සති 36 ලැබුනේ. ඒ වෙනකොට මගේ target එක උනෙ හරියටම 18 kg ක් වැඩිකරගන්න විතරයි.

සාමාන්‍ය බබලා දෙන්නෙක් නම් බර kg 18 වගේ යන්න පුලුවන් .

මගෙ කලින් බර 62 kgs 79 kg. ඒ සේරම බර තිබ්බෙ බඩ හරියේ . මම අත් කකුල් වලට මේදය එන්න නොදි පුලුවන් තරම් active උනා.

මම භාවනා කරා .ඒ වෙනකොට මට කිසිම contact sport (basketball etc )එකක් කරන්න තහනම් .

ඒක තමා අමාරුම හිත හදාගැනීම .හැමදාම වගේ 20 විනාඩි ඇවිද්දා. මහන්සිනම් rest කරා.

මට community gym එක තිබ්බ නිසා අත්දෙකට අවශ්‍ය බරත් එක්ක ව්‍යායාම  කරා.

නිවුන් දරු උපතකින් පසුත් ලස්සනට නිරෝගීව සිටින ඇයගේ රහස

කකුල් වලට වෙනම කරන්න ගියෙ නැ Twins pregnancy එකක් නිසා. ඒකට තමා ඇවිද්දේ. ගෙදර ව්‍යායාම  කරා.

මුල ඉදන් ව්‍යායාම  කරලා කොන්ද අනිකුත් ප්‍රදේශ ශක්තිමත් කරගත්ත හින්දම කිසි කරදරයක් නැතුව බබලා දෙන්න ලැබුනා.

එහෙත් සමාජය කිව්වේ ඔවා කරන්න එපා කියලා.

එත් මම ශක්තිමත්ව එක තීරණයක ඉදන් ඒ කිසිම Negativity energy එකක් ගෙදර ඇතුලට එන්න දුන්නෙ නැ හැ. pray කරා .

බබාලා දෙන්න ලැබුනත් හම්බුන දවසට පහුවදා ඉදන් ඉස්පිරිතාලේ ඉදන්ම ඇවිද්දපු හින්දා හැමදාම ඇවිද්දා.

මේක ලේසි නැහැ .කැපවීම අනිවාර්යයි .කිසිම supplement එකක් පාවිච්චි කරේ නැහැ . Fat burn නැහැ.

ඉතින් ඔයාලට කියන්නෙ මේ short turn journey එකක් නොවේ .

active වෙන්න සල්ලි ගොඩක් ඔනෙ නැහැ.  ගුණ දේවල් කන්නත් සල්ලි ඕනෙ නැහැ.

ඇයි අපි මෙච්චර මහන්සි වෙන්නෙ නිරෝගීව ඉන්න නේද?

ඉතින් ඒකට මහන්සි වෙන්නෙ නැතුව ඉබේ ලැබෙනවා නම් හරිම වාසනාවන්තයි .

එත් අපි බොහෝ අය ඒ ගොඩට අයිති නැහැ. බබාලා හදන්න ඉන්නා අම්මලා අදම ව්‍යායාම හා ආහාර රටා නිවැරදිකරගන්න.

ඇග හදාගන්න බබලා ලැබෙනකම් ඉන්න එපා.

ගැඹුරට මම යෝගා පටන් ගත්තෙ බබාලත් හම්බුනාට පස්සෙයි.

මේ ගමන ලේසි නැහැ .අමාරු හින්දම කට්ටිය නිදහසට කාරණා කියනවා.

තමන් ලග තියෙනදේ එකතු කරන් අදම ව්‍යායාම පටන් ගන්න.

අන්තර්ජාලයේ ඕන තරම් වීඩියෝ තියෙනවා.

ඕන තරම් motivate වෙන group තියෙනවා. අදම ආහාර රටාව වෙනස් කරන්න පුංචි අඩියක් හරි ඉස්සරහට තියන්න.

.විනාඩි පහෙන් ඇවිදින්න පටන් ගන්න .ලෙඩක් තියෙන කෙනෙක් Doctor advice අරන් ව්‍යායාම  කරන්න . මෙය hobby එකකට වඩා අත්‍යාවශ්‍ය දෙයක්.

පසුව විනෝදාන්ශයක් විදිහට එකතු කරගන පුලුවන් .

නටන , ව්‍යායාම .ඕනම දෙයක් ඇග ක්‍රියාකාරී කරන දේකට යොමු වෙන්න .

දැන් කට්ටිය කියන්න පුලුවන් අපිට කෝ  gym කියලා.

මම පුංචි කාලෙ ඉදන් ක්‍රියාකාරී කෙනෙක්. කොයිම වෙලාවකවත් ඒක මග ඇර ගත්තේ නැහැ.

මුලින් ගම වටේත් දිව්වා. පසු කාලෙක gym එකක් හම්බුනේ .එත් දැන් ආපහු ගෙදර

ජිවන රටාවට මෙය එකතු කර ගත්තහම අපහසු නැහැ.

පවුලම එකතු කරගන්න එතකොට ගමන තවත් ලේසියි.

නිවුන් දරු උපතකින් පසුත් ලස්සනට නිරෝගීව සිටින ඇයගේ රහස

ඔබ බැහැ කියන කියන්න තවත් දේවල් අමාරු වෙනවා. පුලුවන් කියලා පටන්ගෙන ඉදිරියටම යමු.
සමහර විට ඔයාලට කාගෙවත් සහයෝගයක් නැති වෙන්න පුලුවන්.  ඒ කාට කාගෙන් හරි motivate වෙන්න විධි ගොඩක් තියෙනවා.
මට හිනා උන සමාජයට මම අතවනලා මගේ ගමන යනවා.එනවද මාත් එක්ක එකතු වෙන්න.
සමහර විට ඔබ වැටෙන්න පුලුවන් නැගිටින්න හැම වෙලේම අලුත් ආඩම්බරයක් දෙන්න.

අපි හැම මොහොතකම හිනාවෙලා ඉන්න උත්සාහ ගත්තා.

එත් දෙන්නම එකට අඩපු අවස්ථා එමටයි.එතරම් මහන්සි මේ ගමන පොඩ්ඩො දෙන්නත් එක්ක. ඒත් අද හැරිලා බලද්දි වචන නැහැ කියන්න.

අම්මා කෙනෙක් විදියට සිය අසීරු ගමන් මග ගැන අත්දැකීම් බෙදාගත් දිලීෂා මහත්මියට අපි ස්තුතිවන්ත වෙනවා.  ඇයගේ සුන්දර පවුලට ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

දරු උපතින් පසු රුව රැක බලා ගැනීම ගැන ඔබේ අත්දැකීම් ගැනත් අප හා බෙදාගන්න.

මුල් සටහනට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • නිවුන් දරු උපතකින් පසුත් ලස්සනට නිරෝගීව සිටින ඇයගේ රහස
බෙදාගන්න :
  • දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

    දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

  • දරු ප්‍රසුතියෙන් පසු පැන නැගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු 7ක්

    දරු ප්‍රසුතියෙන් පසු පැන නැගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු 7ක්

  • දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

    දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

  • දරු ප්‍රසුතියෙන් පසු පැන නැගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු 7ක්

    දරු ප්‍රසුතියෙන් පසු පැන නැගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු 7ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it