theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්

4 අවම කියවීම
මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්

මවක් වීම යන්නෙහි ඔබ සියල්ල ම නවතා දමා විසිහතර පැයම, දවස් හතම දරුවා ළඟට වී සිටීම අදහස් කරන්නේ නැහැ...

මවක් වීම යන්නෙහි ඔබ සියල්ල ම නවතා දමා විසිහතර පැයම, දවස් හතම දරුවා ළඟට වී සිටීම අදහස් කරන්නේ නැහැ.

අපි එකඟයි. ශ්‍රී ලංකාව මව්වරුන්ට අනෙක් දේවල් පසෙකලා දරුවන් හා පවුල වෙත අපමණ කැප කිරීමක් කිරීමට බලපෑමක් තියෙනවා.

කොහොම නමුත් එය මේ යුගයේ සත්‍ය නොවන අතර  බලය අතින් කාන්තාවන්  පුරුෂයන් හා කරට කර සිටින අතර නිවෙසේ කටයුතු, ඉපයීම සඳහා පුරුෂ පාර්ශවය මෙන් ම දායක වෙනවා. අනෙක් අතට විවාහ වීම දරුවන් ලැබීම යන්නෙන් ඔබ ඔබගේ  ජීවිතය නතරකර දරුවන්  කර දරුවන් හා පවුලේ කටයුතුවලම නිරත වීම අදහස් වන්නේ නැහැ.

පළමුවෙන් ම සෑම මවක්ම කාන්තාවක් බැවින් මවක් බිරිඳක් ලේලියක්  වීමට අමතරව අපි කැමති දේවල් කිරීමට කාලයක් ඉතුරු කර ගැනීමද වැදගත් වෙනවා. මාව ප්‍රීතියට පත් කරන දේවල් 5 ක් අත් නොහරින්න මෙන්න මේ නිසා තීරණය කළා.

1. මම මගේ විනෝදාංශ අත් හරින්නේ නැහැ.

මම නර්තනයට ගොඩක් ඇලුම් කරනවා. නමුත් මගේ උසස් අධ්‍යාපන කටයුතු හා පීඩනය නිසා මම එය දහයෙ පංතියෙදි අත්හැර දැමූවා. කොහොම නමුත් දැන් මගේ ජීවිතේ පොඩි ස්ථාවර භාවයක් තියෙනවා. මම නැවත මගේ ආශාවන් කරා ගොස් පසුගිය වසරේ  නර්තන පාඩම් ආරම්භ කළා. මම දැන් එහි දෙවැනි වසරේ සිටින අතර නර්ථන පුහුණු වීම් මට මගේ මානසික පීඩනය නැති කර කර ගැනීමට සහාය වුවා සේම ඒ මගින් මගේ විනය ඇති කරමින් මට නව අරමුණු ලබා දුන්නා.

ඒ වගේම මගේ දියණියත්  මා සමග නර්තන පංති යෑමට පටන් ගත් අතර ඇයටත් නර්තන ඉගෙනීමට අවශ්‍ය බව පැවසුවා. ඒ මගින් මට සතුටක් ඇති වුන අතර අපි දෙන්නටම බෙදාගන්න පුළුවන් නර්තනය නමැති පොදු ආශාවක් තියෙනවා. මට වගේම ඔබටත් ආශාවන් තිබේ නම් එය හඹා යන ලෙස මම ඉල්ලා සිටිනවා.ඔබව සතුටු කළ හැක්කේ එයට පමණයි.

2. මම මගේ රැකියාව හා මගේ බලාපොරොත්තු අත් හරින්නේ නැහැ

මවක් වීම යන්නෙහි සියලු දේ පසෙකලා  පැය විසි හතරම දවස් හතම දරුවා පසෙකින් සිටී ම අදහස් වෙන්නේ නැහැ. සෑම කාන්තාවක් ම මවක්,බිරිඳක්, ලේලියක් වීමට අමතරව තවත් හඳුනා ගැනීමක් ඇති බව වටහා ගත යුතු වනවා. මට මගේ හීන බලාපොරොත්තු  ඉටු කර ගන්න අවශ්‍ය නිසා මම රැකියාවක් කරන අතර මගේ දියණිය  දිවා සුරකුම් සුරැකුම් මධ්‍යස්ථානයක තබනවා. එය අමාරු දෙයක්  නොවෙයි. හැම දෙයක්ම හොඳින් සිදුවෙනවා. මාව විශ්වාස කරන්න.

අනෙක් අතට මුළු දවසම රූපවාහිනිය නරඹනවාට වඩා ඇයට ඇයගේ විනෝදය බෙදාගන්න කාලය ගත කරන්න ඇගේ වයසේම යාලුවෝ ඉන්නවා. ඒ වගේ ම ඇය විශ්වාසනීය හා සමාජශීලී වෙනවාට අමතරව ඇය අලුත් දේවල් විශාල  ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. එමනිසා  මම මගේ රස්සාවට ආදරය කරන නිසාත් එයට කැමැත්ත දක්වන නිසාත් මට මගේ දුව  දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යැවීමට සිදුවීම ගැන දෙවනුවද වරදකාරී හැඟීමක් දැනෙන්නෙ නැහැ.

3. මම  මගේ යහළුවන් අත් හරින්නෙ නැහැ

බොහෝ කාන්තාවන් ඔවුන් විවාහ වූ විට දරුවන් ලැබූ පසු මිතුරන් සියල්ල අතහැර දමනවා. යාලුවෝ ඔබ සතුටට පත් කරනවා පමණක් නොවේ නොවෙයි ඔවුන් ඔබගේ ප්‍රශ්න විසදීමට උදව් වෙන අතර අපිව පීඩනයෙන් මුද වන්නත් දායක වෙනවා. මට මගෙම යෙහෙළියන් පිරිසක් සිටින අතර මට හැකි සෑම විටම ඔවුන් සමග ගත කරමින් යහපත් සෞඛ්‍යයක් මෙන්ම මානසික ඒකාග්‍රතාව ද ලබා ගන්නවා.

4. මම ලස්සනට අඳින එක අත් හරින්නෙ නැහැ.

ලස්සනට අඳින්න මම කැමැතියි. ඔබ මවක් වූ පමණින්  ඇගට නොගැලපෙන ඇඳුම් ඇඳිය යුතු වීම හෝ ඒ සදහා කාලය  නොමැති වීම අදහස් කරන්නේ නැහැ.  ඔබ වෙලාව හොයා ගන්නේ කොහොමදැයි අසන සමහර පිරිස සිටින අතර ලස්සන ඇඳුම් ඇඳ ඔබ ඔබවම සතුටු කරන්න. නවීන විලාසිතා කරන්න.  අඳින ඇඳුම් මිලදී ගැනීමට යන්න. රටාවකට දේවල් කරන්න උත්සාහ කරන්න. මෙවැනි දේවල් ඔබ කිරීම කිසිවකු නැවැත්විය යුතු නැහැ.

ඔබේ පවුල හා ඔබ වටේ ඉන්න අය ප්‍රමෝදයට පත්වන ලෙස ලස්සනට අඳින්න. සුදානම් වන්න. සාදයක් වුවත් මිතුරු හමුවක් වුනත් ප්‍රසංසා ලබන්න කවුද අකැමැති?

5. මම මගේ නිරෝගීකම අත් හරින්නේ නැහැ.

අවසාන වශයෙන් පවුලම රැකබලා ගන්නා වශයෙන් මවගේ යෝග්‍යතාව හා සෞඛ්‍ය කවදාවත්ම  අත්නොහැරිය යුතුය.  මම මගේ දෛනික ව්‍යායාම කිරීමටත්, සෞඛ්‍යමත් ආහාර වේලක් පාලනය කිරීමටත්, සහතික කර ගන්නවා. එම නිසා මම මගේ දුව ඇතුළු පවුල රැකබලා ගැනීමට යෝග්‍ය වෙනවා.

මෙය බර අඩු කරගැනීම හෝ ලස්සන වීම ගැන නම් නොවේ. එය ඔබේ ශාරීරික යෝග්‍යතාවය හා දක්ෂතාව ගැන වෙනවා.  ඔබට ඔබවම රැකබලා ගැනීමට නොහැකි නම් ඔබව රැකබලා ගැනීමට කිසිවෙකු නොමැති බවද මතක තබාගන්න.

ඔබ සතුටින් නම් විතරයි ඔබට පවුලක් සතුටින් තියන්න පුලුවන්. ඒ බව ආදරයෙන් මතක් කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්
බෙදාගන්න :
  • අම්මාගේ දින පොතෙන් දවස් හතක්

    අම්මාගේ දින පොතෙන් දවස් හතක්

  • මාතෘත්වය තුල ඔබට අමතක වෙන සෞඛ්‍යට හිතකර දේවල් ගැනයි මේ

    මාතෘත්වය තුල ඔබට අමතක වෙන සෞඛ්‍යට හිතකර දේවල් ගැනයි මේ

  • අම්මාගේ දින පොතෙන් දවස් හතක්

    අම්මාගේ දින පොතෙන් දවස් හතක්

  • මාතෘත්වය තුල ඔබට අමතක වෙන සෞඛ්‍යට හිතකර දේවල් ගැනයි මේ

    මාතෘත්වය තුල ඔබට අමතක වෙන සෞඛ්‍යට හිතකර දේවල් ගැනයි මේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it