theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මවක් වීම තුල ආරම්භයන්ගෙන් හා අවසානයන්ගෙන් සපිරුණු යථාර්ථය

4 අවම කියවීම
මවක් වීම තුල ආරම්භයන්ගෙන් හා අවසානයන්ගෙන් සපිරුණු යථාර්ථයමවක් වීම තුල ආරම්භයන්ගෙන් හා අවසානයන්ගෙන් සපිරුණු යථාර්ථය

ළමා කාලයේ සෑම අවසානයක්ම තවත් දෙයක ආරම්භයක් වේ. මේ සියල්ලේම  සුන්දරත්වය වන බොහොමයක් ආරම්භයන් හා අවසානයන් අතර සීමාවන්ගේ වෙනසක් නොපෙන්වාම ඒවා බැඳුණු ,වටිනා , හැඟීම්බර වූ මතකයන්ගෙන් බැදී පවතිනවා.

මවක් වීම. මම දන්නවා මේක වෙනවා. මවක් වීම, දරුවන් ලැබීම තුළ එයයි යථාර්තය. 

මගේ පළමු පුතා ලැබුණු විට බොහෝ පළපුරුදු මව්වරු මට අනතුරු ඇඟවීමක් කලා. " කාලය ඉගිල යාවි" ඔවුන් මට මෘදුව  පවසමින් එය තහවුරු කළා. "ඔබ දැන ගන්නත් කලින් ඔහු ඉස්කෝලේ යාවි." ඔවුන් කිව්වා.

මමත් ඔවුන් සමඟ හිස සැලුවා. නමුත් කාලය එතරම් ඉක්මනින් ගෙවී යන බව විශ්වාස කරන්න මම  කැමති වුනේ නැහැ. සියලු ම ආරම්භයක් මාව ප්‍රීතිමත් කරන බව ඔවුන් පවසන විට මම ඔවුන්ව විශ්වාස කළා. සෑම අවස්ථාවකම ආදරයෙන්  රැක බලා ගැනීම යන ඔවුන්ගේ වචන පරම සත්‍යයකි.

පිවිතුරු අහිංසක සිනහාවෙන් පිරි මගේ දරුවන්ගේ පළමු  ළදරු සිනහව මම කෙසේ අමතක කරන්නද? ඔවුන් පළමු වරට මා දෙස බලා මාව අම්මා යැයි හඳුනාගත් පළමුවන මොහොත  කෙලෙස අමතක කරන්නද?

දරුවා එසවීම

පළමු වැළඳ ගැනීම, ඔවුන් පළමු වරට පෙරලුනු මොහොතක්ම, ඔවුන්ගේ පළමු පියවර, පළමු වචන, පළමු දත්,  පළමු වරට ඔවුන්  මට සතුටු කඳුළු නැංවු මොහොත,  දුක, ආඩම්බරය, කෝපය ඇති කළ මොහොත , ආරම්භයන්ගේ ලයිස්තුව කවදාවත් අවසන් නොවන අතර ඒ සෑම එකක්ම මගේ හිතේ තැවරිලා තියෙනවා.

නමුත්  එක දවසක මේ සිතුවිල්ල මගේ හදවතටම  දැඩි පහරක් දේවි. මේ ආරම්භයන්  එහි අවසානයකට පැමිණ අවසානයන් විසින් එතැන ගන්න පටන් ගත් බවට විශ්වාසයි.

"නෑ , අම්මේ මම මට ඒක කරන්න පුළුවන්."  මගේ පුංචි පුතුගේ දත් මදින්න  මට අවශ්‍ය විට ඔහු මට එක දවසක් කිව්වා. මම ඒක කරපු අන්තිම අවස්ථාව වුණෙත් එයයි.

"අම්මා මෙතැනින්  නවත්වන්න.  මට දැන් තනියම යන්න පුළුවන්,"  මගේ වැඩිමහලු පුත් දවසක් කිව්වා. ඒ තමයි මං ඔහුගේ පුංචි අතින් අල්ලගෙන ඔහුගේ පන්තිය ඇතුලට ගියෙ අවසාන දවස වුනේ, මේ වගේ අවසාන වූ දේවල් බොහොමයක් අතිතයට එක් වුනා.

මවක් වීම තුල ආරම්භයන්ගෙන් හා අවසානයන්ගෙන් සපිරුණු යථාර්ථය

තවදුරටත් ආරම්භයන් නැති වේ යැයි  මම භීතියට පත් වුණා. මගේ පුංචි පිරිමි දරුවන් මේ තරම් වේගයෙන් වැඩෙන්නේ කොහොමද?  සියලුම ආරම්භයන් අවසානයන් විසින් අත්පත් කරගනීවිද?

සෑම විටකම අවසන් වතාවට සුවපහසු චර්යාවන් හා මතකයන්  ගෙන් ඔබ්බට යමින් මගේ පුතු නිර්මාණයක්   කල විට ඒ සෑම දිනකම ඔහු අලුත් දෙයක් අත්හදා බැලීමට උත්සාහ කළ පළමු අවස්ථාව වුනා. එය ඔහු නුපුරුදු ජලයට පා තැබු පළමු අවස්ථාව වුණා. එය ඔහු පළමු වරට විවිධ චරිත ගොඩ නැඟූ පළමු අවස්ථාව වුනා.

මගේ පුතා තනිව පන්තියට පියනැගු පළමු දවස ආත්ම විස්වාසය ප්‍රකාශ කිරීමේ හා අත්දැකීමේ පළමු අවස්ථාව වුනා. ඒ වගේම ඔහුට පරිසරය තුළ ආරක්ෂාවක් සහතික බව දැනුනා.

මම මගේ පුංචි පුතාගේ දත්මැදපු අවසාන අවස්ථාව ඔහු ඔහුගේ ශරීරය පිළිබඳ වගකීම් ගත් පළමු අවස්ථාව වුනා. ඔහුට තනිව යමක් කරන්න පුළුවන් බව මට පෙන්වා දීමත් සහතික කිරීමත් වුනා. එය පුංචි ක්‍රියාවක් තමයි. නමුත් එය ඔහුට විශාල ක්‍රියාවක් වුනා. මටත් එහෙමයි.

මවක් වීම  තුළ සත්‍ය ලෙසම අවසාන අවස්ථාවක් කවදාවත් නැති බව මම වටහා ගත්තා. සෑම පුංචි අවස්ථාවක්ම, ඔබේ  පුංචි පැටියා තබන සෑම පුංචි පියවරක්ම, ලබන අත්දැකීමක්ම එක් විදියකට ආරම්භයක් වෙනවා.

මව් සෙනෙහස

ඔබේ දරුවා ඔබ දෙස පළමුවරට බලා සිනාසුන බැබලෙන සිත් ඇදගන්නාසුලු සිනහව දුන් හැඟීම, ඔහුගේ පුංචි සුදු පාට දත් කැකුළු දැක්ක දවස, ඔහුගේ පළමු දත වැටුන බව ඔහු ඔබට  කියූ දවස යලිත් නොඑනා බව ඇත්තයි. නමුත් ඔහුගේ වැඩුණු දත් පළමුවරට මතු වූ විට ඔබ ඒ සියල්ලටම වඩා ඉහළින් යමක් ඉතාමත් අළුත් විදියට අත්විඳින්නවා.

ඒ වගේම දරුවා වැඩෙන විට ඔබේ අත්දැකීම් අලුත් ආරම්භයන් හා අවසානයන් සමූහයක අත්දැකීමක් වෙනවා. ඔහුටත් එහෙමයි.

ඔබේ අත ඔහු ප්‍රසිද්ධියේ  අල්ලාගෙන යන අවසන් දවසක් එනවා. ඒ වගේම ඔහු ආදරය කරන තරුණියගේ අත ඔහු අල්ලා ගන්නා පළමු දවසක් උදාවෙනවා.

ඔහු සුපිරි වීරයන්ගෙන් පිරුනු  බිත්ති වලින් වටවූ කාමරයක නිදා ගන්නා අවසාන දවසක් ඒවි. ඒ වගේම ඔහු පුලුල් ලෝකය තුළට ඔහුගේ ගමන  ආරම්භ කරන දවසක් උදාවේවි.

තවදුරටත් ඔහු දරුවෙක් නොවේ. දැන් ඔහු වැඩුණු පුරුෂයෙක් වෙනවා. ඔහු පළමුවරට වෙනත් තැනක නිදාගනිවි. ඔහුගේ පිටවීම සමග ඔබ හෙලන අවසාන කඳුළ ඔහුගේ දිනාගැනීම් වෙනුවෙන්  නිරපේක්ෂ  ආඩම්බරයේ පළමු  කඳුළද වෙනවා.

දෙමාව්පියනි, ළමා කාලයේ සෑම අවසානයක්ම තවත් දෙයක ආරම්භයක් වේ. මේ සියල්ලේම  සුන්දරත්වය වන බොහොමයක් ආරම්භයන් හා අවසානයන් අතර සීමාවන්ගේ වෙනසක් නොපෙන්වාම ඒවා බැඳුණු ,වටිනා , හැඟීම්බර වූ මතකයන්ගෙන් බැදී පවතිනවා.

ඒ අතරම සමහර දේවල් කවදාවත් අවසාන වෙන්නේ නැහැ.  ඔබ ඔබේ දරුවාට ඇති ආදරය

කවදාවත් අවසාන වෙන්නේ නැහැ. ඔබ බෙදාගන්නා මව්දරු බැදීම කවදාවත් අවසාන වෙන්නේ නැහැ. ඔබේ දරුවා දෙමාපියෙක් බවට පත්වූ දවසක ආරම්භයන්ගේ හා අවසානයන්ගේ චක්‍රය නැවත කැරකේවී.

මාතෘත්වය තුළ වූ සුන්දරත්වයේ ඔබ මා දන්නා තිත්ත ඇත්ත එයයි. එය කවදාවත් අවසාන වෙන්නේ නැහැ.

මේ ලිපිය ඔබ තුළ වෙනසක් ඇති කළාද?ඔබට  අපට දැනුනේ කෙසේදැයි අපට කියන්න. පහලින් සටහනක් හදා ඔබේ මාතෘත්වය තුල අවබෝධ කරගත් දෙය අප සමග බෙදාගන්න.

මාතෘත්වයේ වූ තිත්ත ඇත්ත ඔබ වෙත ගෙන ආවේ ඔබගේ හිතවතිය The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • මවක් වීම තුල ආරම්භයන්ගෙන් හා අවසානයන්ගෙන් සපිරුණු යථාර්ථය
බෙදාගන්න :
  • Super Sri Lankan mums: Christina Francké on being a single mum and rocking it

    Super Sri Lankan mums: Christina Francké on being a single mum and rocking it

  • මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

    මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

  • Super Sri Lankan mums: Christina Francké on being a single mum and rocking it

    Super Sri Lankan mums: Christina Francké on being a single mum and rocking it

  • මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

    මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it