theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද?

4 අවම කියවීම
බෙදාගන්න :
•••
අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද?

අලුත උපන් පැටියාගේ පෙකණිය මොනවගේද? එයා රෝහලෙන් ගෙදර ආවට පස්සේ බලාගන්නේ කොහොමද? වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවේද? මේ ප්‍රශ්න වලට පිළිතුරු ඔබට මේ ලිපිය මගින් ලැබේවි.

ඔබ මව් පදවිය ලබන්නට සුදානම් බව දැනගෙන සති හයක කාලයක් කලලයට ගතවෙද්දී පෙකණි වැලෙන් වැදමහට ඔබත් ඔබේ පැටියාත් සම්බන්ධ වෙනවා.  බබාගේ පෙකණිය හරහා තමයි එයාට ඔක්සිජන් හා අනෙකුත් පෝෂණය ලැබෙන්නේ.

පුංචි පැටියා ඉපදුනාට පස්සෙ එයාට තවදුරටත් පෙකණි වැල අවශ්‍ය නැහැ. එතකොට එයාට අවශ්‍ය ආහාර වගේම ඔක්සිජන් ලැබෙනවා.

ඒ වගේම මළපහ කිරීමේ කාර්යයත් ස්වාභාවිකවම සිදුවෙනවා. ඒ නිසා උපතේදී බබාගේ පෙකණිය  කපා ඉවත්කර ගන්නවා.

එහි ස්නායු සම්බන්ධතාවක් නැති නිසා බිළිඳාට ඉන් වේදනාවක් දැනෙන්නේ නැහැ.

නමුත් පුංචි කොටසක් එයාගේ බඩේ මැදට (නාභිය) ඉතිරි වෙනවා. එය දින කිහිපයක් ගිය පසුව වියළී හැලී යනවා.

එය එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නොවුනත් ඒ දක්වා දෙමාපියන් දැනගත යුතු කරණා කිහිපයක් තියෙනවා.

ඉපදුන ගමන්

අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද?

වෛද්‍ය ඩේවිඩ් පර්ල්ස්ටයින් E-Medicine Health හි පවසන ආකාරයට දරුවා ඉපදී පළමු පැය ඇතුළතදී වෛද්‍යවරයා විසින් පෙකණිය විෂබීජ නාශක මගින් පිරිසිදු කරනවා.

මෙය කරන්නේ අසාදන වලින් වළක්වා ගැනීමටයි.

Clamp එක දරුවා ඉපදී පැය 24 ක් තුළ දී පෙකනියෙන් ඉවත් වෙනවා.

වෛද්‍ය ඩේවිඩ් පවසන ආකාරයට clamp එක රෝහලෙන් නික්මීමට පෙර ඉවත් කිරීම හොඳයි. මන්ද එය නැපි මාරු කිරීමේදී හා නැහැවිමේදී නැවත තුවාල වීමට ඉඩ ඇති නිසා.

බබාගේ පෙකණිය කපා ඉවත් කළ පසු මොන වගේද?

බබාගේ පෙකණිය කපා ඉවත් කළ විගස සුදු පාට දිලිසෙන ස්වභාවයක් ගන්නවා. එය තෙත් ස්වභාවයක් ගන්නවා.

Web MD හි විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. ඊළඟ සති දෙක තුන තුළ එය වියළි ඇඹරි යනවා. ඒ සමගම එය සුව අතට හැරෙනවා.

පාටින් දුඹුරු පැහැයක්, කළු තද අළු පාටින් යුතු වන අතර එය ඉබේම හැලී යනවා.

නිවසේදී එය රැකබලා ගන්නේ කෙසේද?

ඉස්සර නම් ගෙදරදී දෙමාපියන්ට විෂබීජ නාශක වලින් එය පිරිසිදු කිරීමට උපදෙස් දුන්නත් දැන් එයට කිසිදු දෙයක් නොගල්වා නිදහසේ තැබීමට උපදෙස් දෙනවා.

මන්ද ඉන් ඉක්මන් සුවයක් ලැබෙනවා.

සිංගපූරුවේ  KK Women’s and Children’s Hospital (KKH) හි හෙද අංශයේ අධ්‍යක්ෂ පෝලීන් වී පවසන ආකාරයට පෙකණිය අවට තෙත මාත්තු කිරීම කළ යුතු අතර එහි සැරව හෝ රතු ගතියක් හෝ ගඳක් ඇත්නම් ආසාදිත ලකුණු කියාපානවා.

ඒ වගේම එහි පුංචි ලේ බිංදුවක් වගේ කබලක් ආකාරයට තිබීම සාමාන්‍යයි.

අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද?

නිතරම වියළිව තබන්න

ළමා රෝග විශේෂඥයන් පවසන ආකාරයට පෙකණිය අවට හැකි තරම් වියළිව හා සුළං වදින ආකාරයට තැබීම වැදගත්.

නැපිය හෝ ඩයපර් එකෙන් පෙකණිය ආවරණය වීම වළකා ගන්න.

උෂ්ණ කාලගුණික තත්වයන් වලදී පැටියට කොට්න් ඇඳුම් අන්දවිමටත් දරුවා තෙමාගත් විගස ඉක්මණින් පිරිසිදු කිරීමෙන් අනවශ්‍ය විෂබීජ පෙකනියට අසාදිත තත්වයන් ඇති කිරීම වළකනවා.

නෑවීමේදී 

පෙකණිය වැටීමට පෙර දරුවා බාත් ටබ් එකක ගිල්වා නැවීමට වඩා තෙත මාත්තු කර තැබීම සුදුසුයි.

නැතිනම් මිරිකාගත් තුවායකින් ඒ අවට හොඳින් මෘදුව පිස දමා වියළි කිරීම අත්‍යවශ්‍යයි.

ඉවසීමෙන් බලාගෙන ඉන්න

මෙය හැලීමට අවසන් අවස්ථාව දක්වා නූලක් ආකාරයෙන් එල්ලෙමින් තිබුනත් එය ස්වභාවිකව වැටීමට සලස්වන්න.

නැතිනම් නැවත ආසාදනයන් ඇතිවිය හැකියි. එය ඇදීමක් සිදු කළහොත් රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්.

බබාගේ පෙකණිය වැටුණු පසු

අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද?

එය වියළී ඉවත් වුනු පසුවත් අවට තරමක් රතු පැහැයට තිබෙන්න පුළුවන්. ලේ බිඳුවක් දෙකක් ඒ මත රැඳී තිබෙන්න පුළුවන්.

එය සාමාන්‍යයි. නමුත් ඉක්මනින් අලුත් සම ඒ මත වර්ධනය වෙනවා. මෙය සති 2 ක් පමණ කාලයක් තිබෙන්නට පුළුවන් වගේම එය සාමාන්‍ය තත්වයක්.

බබාගේ පෙකණිය ගැන ගැටළු මතුවුවහොත් වෛද්‍යවරයා මුණගැසිය යුත්තේ කුමන අවස්ථාවන් වලදීද?

උණ

උණ ගතියක්, 100.4º F/38º C උෂ්ණත්වයක් ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් සඳහා යොමුවෙන්න. 

අසාදිත බවක්

රතු වීම, ඉදිමීම, නාභිය වටා රතුපාට වී තිබීම, දුර්ගන්ධයක් ඇතිවීම නොපමාව දරුවා ළඟම පිහිටි රෝහලකට රැගෙන යන්න.

මන්ද මෙම තත්වය omphalitis නමැති ජිවිත අවධානම් තත්වයේ ලක්ෂණ විය හැකියි.

පෙකණි ගැටිත්ත

ඉහත කියන ලක්ෂණ නැතත් තවමත් කහ සහ කොළ පැහැය මුසු වු පැහැයකින් පෙකණිය වැටුණු අවට දක්නට ලැබෙනවා.

මෙය පෙකණි ගැටිත්තේ ස්වභාවය විය හැකියි. මෙය රෝස පාට පටකයක් නැවත එළියට ආපු ආකාරයක් ගන්නවා.

මේ තත්වය ඔබේ ළමා රෝග විශේෂඥවරයාට ලෙහෙසියෙන් හඳුනාගෙන සුව අතට පත්කළ හැකියි.

ප්‍රතිකාර මගින් එම තත්වය වියළා දමන්න. සුවවීමෙන් පසු අවට කළු පැහැයක් ගත්තත් එය සාමාන්‍යයි. පැටියට වේදනාවක් ගෙන දෙන්නෙත් නැහැ.

රුධිර වහනය

වියලුනු රුධිර බිඳිති එකක් දෙකක් අවට තිබීම සාමාන්‍යයි. නමුත් දිගින් දිගට රුධිර වහනය වීමක් ඇත්නම් පමා වීම සුදුසු නැහැ.

පෙකණි හර්නියාව

Web MD පවසන ආකාරයට මේ තත්ත්ව පෙකණිය අවට ටිෂු එල්ලා වැටීමකින් ඇතිවිය හැකියි.

එය සාමාන්‍යයෙන් පෙකණිය වැටුණු පසු පෙනෙන්නට තියෙනවා. හුඟක් පෙකණි හර්නියා තත්ව ස්වාභාවිකවම සුව වන නමුත් වෛද්‍යවරයෙකුට පෙන්වීම සුදුසුයි.

පෙකණිය වැටුනේ නැත්නම්

සති හතරක් ගතවන තුරු පෙකණිය වැටුනේ නැත්නම් ඒ පිළිබඳ වහාම වෛද්‍යවරයාගෙන් විමසන්න.

එය ප්‍රතිශක්තිය හා ආශ්‍රිත ගැටළුවක් වන්නට පුළුවන්. 

මව් පදවිය සමග හිතේ ඇතිවන ගැටළු වලට theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ලෙස අදත් තොරතුරු ගෙන ආවේ ඔබට සුවදායි නිදහස් මනසකින් පුංචි පැටියා රැකබලා ගන්නා ඉඩ වෙන්කර දෙන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

Nalika Unantenne

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද?
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • අලුත උපන් බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන ඔබ දත යුතු දේ

    අලුත උපන් බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන ඔබ දත යුතු දේ

  • ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

    ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

single
  • අලුත උපන් බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන ඔබ දත යුතු දේ

    අලුත උපන් බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන ඔබ දත යුතු දේ

  • ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

    ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor