theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

3 අවම කියවීම
පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

එකායි! දෙකායි!! ඔට්ටුයි!!! ලෑස්ති වෙන්න පියවරුනි ඔබේ කතන්දර කීමේ හැකියාව තවත් තිවර කරගෙන ලෑස්ති වෙන්න! මොකද මේ ලිපිය කියවීමෙන් පසුව ඔබේ දරුවාට කතන්දර කියා දීමට ඔබ ඉන්නා තැනක සිට දිව යන බැවිනි!

ඇමරිකාවේ හාර්වර්ඩ් සරසවියේ ආචාර්ය එලිසබෙත් ඩියර්ස්මාගේ නායකත්වයෙන් මෑතකදී කල පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මවෙකු විසින් දරුවකුට කතන්දර කියා දෙනවාට වඩා විශාල ලෙස පියෙකු විසින් කතන්දර කියවීම දරුවෙකුගේ වර්ධනය සඳහා වඩා යෝග්‍ය බවයි.

පියවරුන් සහ දරුවන් අතර හොඳ සබඳතාවක් වර්ධනය කරන ඕනෑම දෙයක් අපි මහත් සේ අගය කරමු. ඉතින් මේ නිසාත්, කියවීම කොහොමටත් ඉතාම හිතකර ක්‍රියාවක් නිසාත් පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දිය යුතු බලවත් හේතු පහක් ඔබ වෙත ගෙන එන්නේ සතුටින්.

1. මෙය දරුවන් සහ පියවරුන් අතර සබඳතාව තිවර කරයි

සාමාන්‍යයෙන් දරුවා නින්දට දැමීම, කතන්දර කියවීම වැනි දෛනික ක්‍රියා සිරුවන්නේ මවගේ අතින්. නමුත් ඇත්තවශයෙන්ම සිතා බැලුවහොත් පියෙකු විසින් දරුවන්ට නින්දට පෙර කතන්දර කියා දීමෙන් දරුවන් සහ පියවරුන් අතර සබඳතාව කෙතරම් ශක්තිමත් වේද?

විශේෂයෙන්ම දවස් වැඩි හරියක් පියා නිවසෙන් බැහැරව සිටී නම් මෙය තවත් දරුවාට විශේෂ අවස්ථාවක් වනවා නොවේද?

කතන්දර කියවීමෙන් පසුව තව දුරටත් දරුවා හුරතල් කොට තුරුළු කරගෙන ඔවුන්ගේ දවසේ කටයුතු ගැන කතා බහ කිරීමට සොඳුරු අවස්ථාවකුත් පියවරුන්ට ලැබෙනවා.

මේ සෑම දෙයක්ම දරුවාගේ සමස්ත වර්ධනය සඳහා ඉතා වැදගත් වන බව සමීක්ෂණ වලින් සොයා ගෙන තිබෙනවා.

2. කතන්දරයෙන් ඔබ්බට දුර දැකීමේ හැකියාව පියකු සතු වේ

මව හෝ පියා හෝ කවුරු හෝ වේවා, කතන්දරයෙන් දරුවාට වාසි රැසක් ඇතිවන බවට කිසිදු සැකයක් නැත.

මේ වාසි අතුරින් භාෂා නිපුණතාවය ප්‍රවර්ධනය වීම මූලික වාසියක් වනවා. නමුත් පියෙකු විසින් කතන්දර කියා දීමේදී මීට අමතරව ඔහු සාමාන්‍යයෙන් දරුවාට වඩා වැදගත් යමක් විස්තර කරන්නේ කතාවේ ආඛ්යානය හරහා බව ප්‍රවීණ කතුවරයෙක් වන රොබට් කීම් විසින් (The Telegraph) සඟරාවට පවසා සිටියා.

මේ නිසා කුඩා දරුවන්ට කතන්දර කියවීමේදී මවක් විසින් බොහෝ විට චිත්තවේග හැඟීම් කෙරෙහි අවධානය යොමු කරන අතර, පියෙකු තම දරුවාට අත්දැකීම් තුළින් සම්බන්ධ විය හැකි දෙයක් වෙත කථාව සම්බන්ධ කිරීමට යුහුසුළු වන බව කියවෙනවා.

3. ගැහැණු පිරිමි දරුවන් දෙගොල්ලෝම පියෙකු විසින් කතන්දර කීමෙන් වාසි අත්දකිති

ආචාර්ය ඩියුර්ස්මාගේ අධ්යයනය තුලින් පෙනී ගියේ පියවරුන් කියවන විට එය ගැහැණු දරුවන්ගේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රයෝජනවත් වූ අතර අනෙකුත් අධ්යයනයන් මගින් පෙන්නුම් කෙරුනේ මෙම ක්‍රියාදාමය පියවරුන් හා පුතුන් අතර බැඳීම ප්‍රභල ලෙස ශක්තිමත් කරන බවයි.

4. දරුවන්ට කතන්දර කියා දීමෙන් පියවරුන්ටද සැනසීමක් ගෙන දේ

මානසික හා ශාරීරික ආතතිය වැඩි වුනු අද සමාජයේ නින්ද පෙර දරුවන්ට කථාන්තර කියවීමේ චර්යාව තුලින් දරුවන් සන්සුන් කරනවා පමණක් නොව එය පියවරුන්වද සංසුන් කරන බව පෙන්වා දෙනවා.

සසක්ස් විශ්ව විද්යාලය විසින් කරන ලද පර්යේෂණයන් අනුව කෙම්ප් විසින් අවධාරණය කරන්නේ කියැවීම යනු මානසික ආතතිය දුරු කිරන විශේෂ ක්‍රියාදාමයක් ලෙසයි.

"විනාඩි හයක කාලයක් තුළ පිටු පෙරලමින් කියවීමෙන් මාංශ පේශි සන්සුන් කොට ආතතිය සහ හෘද ස්පන්දනය සන්සුන් ලෙස පවත්වාගත හැකි වූ බව වාර්තා වනවා."

5. දරුවන් තුළ ගැහැණු පිරිමි සමානාත්මතාව  පවත්වාගෙන යාමට කියවීම උපකාර වනවා

මවක් විසින් දරුවන්ගේ සියලුම කටයුතු කර පියා ඉඳහිට පමණක් උපකාර කිරීමේ කාලය දැන් යල් පැන ගොස් ඇත. අද කාලයේ පියවරුන් මව හා සමානව ගේදොර හා දරුවන් රැකබලාගැනීමේ කටයුතු සඳහා දායක වේ.

කුඩා දරුවන්ට නිදන්නට පෙර කතන්දර කියවීම තුලින් පියවරුන් තව දුරට මේ තත්වයට සාක්ෂි දරන්නේ ලෝකය තුළ පවතින පුරුෂාධිපත්‍යය පිළිබඳ ඇති මානසික විශ්වාස වලට නව අර්ථ දැක්වීමක් එක් කරමින්.

පියවරුන් වෙත පැනවෙන සම්ප්‍රදායික චරිතයන් මිදී දරුවා නින්දට දැමීම, නින්දට පෙර කතන්දර කීම වැනි දෛනික චර්යා වල නියැලීම තුලින් ඔවුන් දෙමව්පියගේ සාමුහික ක්‍රියාවලිය  පසක් කරමින් දරුවන්ගේ පරිපූර්ණ වර්ධනය සඳහා විශාල දායකත්වයක් සපයනවා.

ඉතින් අම්මේ, ඔබේ නිවසේ දරුවන්ට කතන්දර කියා දෙන්නේ ඔබද? නැතිනම් ඔබේ ස්වාමි පුරුෂයාද? තාත්තේ, ඔබ දරුවාට කියවූ ප්‍රියතම කතාන්දරය කුමක්ද? ඒ ගැන දැනගන්න අපගේ රසිකයන් කැමැත්තෙන් සිටිනවා නියතයි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්
බෙදාගන්න :
  • පොත්වල නැති පුංචි කතන්දර ගොතලා ඔබේ දරුවා නිර්මාණශීලි දරුවෙකු වන හැටි බලන්න

    පොත්වල නැති පුංචි කතන්දර ගොතලා ඔබේ දරුවා නිර්මාණශීලි දරුවෙකු වන හැටි බලන්න

  • දූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායි

    දූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායි

  • පොත්වල නැති පුංචි කතන්දර ගොතලා ඔබේ දරුවා නිර්මාණශීලි දරුවෙකු වන හැටි බලන්න

    පොත්වල නැති පුංචි කතන්දර ගොතලා ඔබේ දරුවා නිර්මාණශීලි දරුවෙකු වන හැටි බලන්න

  • දූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායි

    දූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it