theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහයෙන් පසු සැමියාගේ නිවසේ නැන්දම්මා ඇතුළු ඥාතින් සමඟ ජීවත් වීමේ වාසි

3 අවම කියවීම
විවාහයෙන් පසු සැමියාගේ නිවසේ නැන්දම්මා ඇතුළු ඥාතින් සමඟ ජීවත් වීමේ වාසිවිවාහයෙන් පසු සැමියාගේ නිවසේ නැන්දම්මා ඇතුළු ඥාතින් සමඟ ජීවත් වීමේ වාසි

නූතන සමාජයේ පවා වැඩි වැඩියෙන් සැමියාගේ නිවසේ ඥාතින් සමඟ ජීවත් වීමට තරුණ පිරිස් පෙළඹෙනවා. විවාහක යුවලක් ඥාතින් සමඟ විසීමෙන් ලැබේ යැයි බලාපොරොත්තු වන වාසි මොනවද කියලා.

මේ ලිපිය මාගේ උපදේශණ වෘත්තියේ අත්දැකීම් වලින් වැඩිපුරම පිරිසක් මුහුණ දෙන ගැටළුවක මුලාරම්භය හා සම්බන්ධවයි. ලංකාවේ බොහොමයක් විවාහක පිරිස් විවාහයෙන් පසු තම දෙමාපියන් සමඟ; විශේෂයෙන් සැමියාගේ පාර්ශවයේ නැන්දම්මා, ඥාතින් සමඟ ජිවත් වීම සාමාන්‍ය දෙයක් ලෙස දක්නට ලැබෙනවා.

මෙසේ නැන්දම්මා ඇතුළු ඥාතින් සමඟ ජීවත් වීමේදී පවුල් දෙකක් එකට යාවී තවත් විශාල විනෝදකාමී පවුල් සංස්ථාවක් ගොඩ නැගීමේ අරමුණින් විවාහක යුවල නව දිවියට අවතීර්ණ වුවත්, විනෝදය සහජීවනය කෙසේ වෙතත්, ඊළඟ දිනයේ බොහෝ අය අවදි වන්නේ ජිවත් වීමේ ආසාව පවා අත් හරිමිනි.

ඉතින් මෙය ලෝක යථාර්තය වුවත්, සෑම දිනකම, නූතන සමාජයේ පවා වැඩි වැඩියෙන් මේ පියවර තවමත් අනුගමනය කරනවා. ඊට හේතු වන බොහෝ හේතු සාධක තිබෙනවා. ඉතින් බලමු විවාහක යුවලක් තම ඥාතින් සමඟ විසීමෙන් ඔවුනට ලැබේ යැයි බලාපොරොත්තු වන වාසි මොනවද කියලා.

නැන්දම්මා එක්ක ජීවත් වීම

විවාහක යුවලක් තම නැන්දම්මා ඇතුළු ඥාතින් සමඟ විසීමෙන් ලැබෙන වාසි

1. නොමිලේම හිසට වහලක් ලැබීම

ඥාතින් සමඟ විසීමට යාමට තුඩු දෙන මුලික හේතුව මෙයයි.  දෙමාපියන් ඉපැයූ දේ දරුවනට ලබා දිය යුතු යයි පවතින මතය නිසා බොහෝ විට මනාලියගේ පාර්ශවයෙන් මනාල යුවල වෙත දෑවැද්දක්  දෙන අතර බොහෝ විට දෙවැනි ගමනෙන් පසුව මනාලිය සැමියාගේ මාපියන් සහ සොහොයුරු සොහොයුරන් සමඟ විසීම සිදු වනවා.

මේ නිසා මනාල යුවලට විවාහයෙන් පසු ඉඳුම් හිටුම් ගැන අමුතුවෙන් වැඩ වන්නට සිදු වන්නේ නැහැ.

2. මිල මුදල් සහ පාරම්පරික දේපල අයිති වීමේ හැකියාව

ඉහත කී පරිදි දෙමාපියන් හරි හම්බකොට ගොඩනගා ගත් දේපළ සහ අනෙකුත් වත්කම් දරුවන්ට දිය යුතු යැයි ප්‍රභල මතකය් ලංකාවේ තිබෙනවා.

මේ නිසා දේපල තමා වෙත පැවරේ යැයි විශ්වාසයකුත්, දරුවන් වෙනම වාසය කළහොත් එම දේපළ පිටස්තරයෙකුට යාවි යැයි බියකුත් දරුවන් තුල පවතින බැවින් ඔවුන් විවාහයෙන් පසුව දෙමාපියන් සමඟ දිගටම ජිවත් වීම බොහෝ විට සුලභ දසුනක් වනවා.

ආච්චි සීයා

3. දරු මල්ලන් බලා කියාගැනීමට ඥාතින්ගේ සහය

දරුවන් බලාකියා ගැනීම ලංකාවේ පමණක් නොව මුළුමහත් ලෝකයේම පොදු ප්‍රශ්නයකි. පෙරදිග රටවල දෙමාපියන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලට දරුවන් යොමු කිරීමෙන් හෝ ගෘහ සේවිකා සහය ලබාගැනීමෙන් බොහෝ විට මෙම ගැටලුවට තනිව මුහුණ දෙන මුත් ලංකාවේ එවන් ප්‍රමිතියකින් යුත් සේවාවන් නොමැති වීම හෙතුවෙන්දෝ දූ දරුවන් බලා කියා ගැනෙන්නේ බොහෝ විට සහකරුවන්ගේ දෙමාපියන් අතින්.

4. දරුවන් ලොකු මහත් කිරීමේදී දැනමුතුකම් ලැබීම

ලංකාවේ බොහෝ දෙනෙකුට තීරණ ගැනීම අභියෝගයක් වන්නේ නිතරම තමා වටා සිටින ඥාති මිත්‍රයින් ආදී සියලු දෙනා පසසෙන අකාරයේ තීරණ ගැනීමට සිදු වන බැවිනි. මේ නිසා විවාහක යුවලට තීරණ ගැනීම අභියෝගයක් වන අතර තම ඥාතින් ඔවුන් වෙනුවෙන් තීන්දු තීරණ ගන්නට සැදී පැහැදී සිටිනවා.

5. ඇතැම් ඥාතින්ගෙන් ගේදොර වියදමට මුදල් හදල ලැබීම

ඥාතින් සමඟ ජිවත් වීමේදී ගේදොර වියදම් බෙදා හදා ගැනෙන නිසා ගෘහ මුලිකය පිට පැටවෙන බර අඩු වන්නට පුළුවන්.

මේ නිසා බොහෝ නිවෙස් වල සැමියා මත මුළුමනින් වගකීමක් පැටවෙන්නේ නැති හෙයින් ඔවුන් දෙමාපියන්ගෙන් යැපීමට හුරු පුරුදු වනවා. ඇතැම් සැමියන් තම රැකියා වලින් ඉවත් වී මුළුමනින්ම යැපෙන්නන් බවට පත් වීමද සුලභ සිදුවීමක් වනවා.

විවාහයෙන් පසු සැමියාගේ නිවසේ නැන්දම්මා ඇතුළු ඥාතින් සමඟ ජීවත් වීමේ වාසි

6. ගේදොර වැඩ බෙදා හදාගෙන කිරීමේ හැකියාව

මුදල් හදල මෙන්ම ගේදොර වැඩ කටයුතුද ඥාතින් අතර බෙදෙන බැවින් ඉවුම් පිහුම්, වතු පිටි වැඩ කටයුතු, දරුමල්ලන් බලා කියා ගැනීම වැනි මෙකී නොකී නිවසක සිදුවන සියලු කටයුතු ඥාතින් අතර බෙදී යනවා.. මෙසේ නමුත් බොහෝ සුලභ තත්වයක් වන්නේ තැලෙන යකඩය තැලෙනවා මෙන් ගෙදර දොරේ සියල්ලන්ගේම වැඩ කටයුතු එක්කෙනෙක්ගේ කර මත පැටවීමයි.

7. දරුවන් ලැබුණු පසු දෙදෙනාටම රැකියාව කරගෙන යාමේ හැකියාව

ඥාතින්ගේ සහය ඇති නිසා ඔවුන් සමඟ වෙසෙන විවාහක යුවලට තමන්ගේ කැමැත්ත පරිදි දෙදෙනාටම රැකියාවක නිරත වීමේ හැකියාව තිබීම විශේෂ වාසියක් වනවා.

ඉතින් මේ සියලු වාසි සඳහා විශේෂ ගෙවීමක් ජිවිතයෙන් සිදු කල යුතු අතර ඉදිරි ලිපියකින් අප ඒ ගැන කරන විශේෂ සඳහන කියවීමට අමතක කරන්නට එපා!

ඔබගේ විවාහගේ හෝ රැකියාවේ ගැටළු සඳහා සහයක් ලබා ගැනීමට අප Gr8Impressions ආයතනය තුලින් හෝ 077 8381498 හෝ අප සමඟ ඔබට සම්බන්ධ වන්නට ඔබට පුළුවනි.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • විවාහයෙන් පසු සැමියාගේ නිවසේ නැන්දම්මා ඇතුළු ඥාතින් සමඟ ජීවත් වීමේ වාසි
බෙදාගන්න :
  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

  • නැන්දම්මට කවදාවත් නොකිය යුතු කාරණා 10ක්

    නැන්දම්මට කවදාවත් නොකිය යුතු කාරණා 10ක්

  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

  • නැන්දම්මට කවදාවත් නොකිය යුතු කාරණා 10ක්

    නැන්දම්මට කවදාවත් නොකිය යුතු කාරණා 10ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it