නිව්ස් ෆස්ට් හරහා දැන් ලැබුණු පුවතකට අනුව දිවයිනේ දිවාසුරැකුම් මධ්‍යස්ථාන 2020 ජූලි මස 1 වැනිදා විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති සෞඛ්‍ය නීති පිළිපදිමින් සෑම විටම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස සියළුම පාසැල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
කාන්තා හා ළමා කටයුතු සහ සාමාජ ආරක්ෂණ අමාත්‍යාංශ නීල් බණ්ඩාඅර හපුහින්න මහතා සඳහන් කළේ මීට අදාළ උපදෙස්, සියළු පෙරපාසැල් හා දිවාසුරැකුම් මධ්‍යස්ථාන වෙත ඉකමනින්ම ලබා දීමට කටයුතු කරන බවයි.
දිවා සුරැකුම් මධ්‍යාස්ථාන වලින් ඔබගේ දරුවාට අත්වන වාසි ගැන සඳහනක් කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.
අලුත් අධ්‍යනයන්ට අනුව වයස අවුරුදු 2-3 දක්වා දිවාසුරැකුම් මධ්‍යස්ථාන (montessori/ daycare/ preschool) වලට යන දරුවන්ගේ හැකියාවන් වැඩි බව වාර්තා වෙනවා.
රැකියාවන්ට යන දෙමාපියන්ට මෙය තරමක අස්වැසිල්ලක් ලැබෙන කාරණයක්. London School of Economics තව දුරටත් අදහස් දක්වමින් පවසන්නේ දරුවන් ගෙදර රැඳෙනවාට වඩා පෙර පාසලට හෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානයට යාම නිසා ඔවුන්ගේ හැකියාවන් වැඩි වන බවයි.

මෙම වාර්තාවේ සම කතෘ වෛද්‍ය ලෝරන්ස් රූප් පවසන ආකාරයට දරුවන් යන පෙර පාසල හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය හොඳ තත්වයේ එකක් දැයි දෙමාපියන් දැනගෙන සිටීම මෙහිලා වැදගත් බවයි.
පෙර පාසල මගින් දරුවාගේ වර්ධනයට හොඳ රුකුලක් ලැබෙනවා. රූප් පවසන ආකාරයට රැකියාවට යාම අතරමග නතර කර හෝ රැකියාවට නොයා සිටීම එක අතකින් ගෙදරට ආර්ථික ශක්තියක් තිබීම වෙන්නත් පුළුවන්.
නැතිනම් දරුවන් සමග හොඳ බැඳීමක් ඇතිකර ගනිමින් ඔවුන් රැකබලා ගැනීමටත් වෙන්න පුළුවන්.

පැහැදිළිවම එහි ප්‍රතිඵල විස්තර කළ හැකි ආකාර තිබෙනවා. එක අතකින් රැකියාවට යාම තුළින් පවුලේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. නමුත් අනෙක් අතට නිවසට එන විට විඩාපත්ව එන දෙමාපියන්ට දරුවන් සමග කාලය ගත කරන්න ලැබෙන්නේ නැහැ.
ඊට හොඳම විසඳුම පෙර පාසල විය හැකියි.
සමීක්ෂණ වලට අනුවත් පෙර පාසලේ වැඩි කාලයක් ගතකරන දරුවන්ගේ හැකියාවන්ගේ විශාල වෙනසක් ඇති බව සඳහන් වෙනවා.
දරුවන් පැය 24 ම එහි සිටිය යුතු බව අප කියන්නේ නැහැ. නමුත් යම් කාලයක් එහි ගත කිරීම ඉතා වැදගත්. වෛද්‍ය රූප් පවසනවා.
මෙම අධ්‍යනය සඳහා මව්වරුන් 800 ක් පමණ සහභාගී වූ අතර ඔවුන්ගේ ආර්ථික මට්ටම අධ්‍යාපනික මට්ටම වැනි දේවල් මෙහිදී අධ්‍යනය කෙරුණා.

පෙර පාසැල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථාන වලදී ක්‍රියාශීලී ලෙස දරුවන් බලාකියා ගැනීම වැදගත්
ගෙදර නැවතී දරුවන් බලාගැනීමට තීරණය කරන දෙමාපියන්ට මේ අධ්‍යනයෙන් ඉගෙන ගත හැකි දේවල් තිබෙනවා.
දරුවන් ගතකරන කාලය තුළ ඉගෙන ගන්නා දේවල් වල වැදගත් කමක් තිබිය යුතුයි. ඒ නිසා ඔවුන් සමග කතා කරන දේ කරන කියන දේ ගැන දෙමාපියන්ගේ දැනුවත් බව සුවිශේෂියි.
ඒ නිසා දරුවන් සමග ක්‍රියාශීලීව හා අන්තර් සබඳතාවය ගොඩනගා ගැනීම හරිම වැදගත්.
අධ්‍යන මගින්ද එවැනි ක්‍රියාකාරකම් සමහරක් ප්‍රතිඵල ඉස්මතු කර තිබුණා.
- සීයා ආච්චි ළඟ දහවල් කාලය තුළ ගතකරන දරුවන්ගේ කුසලතා වල වර්ධනයක් ඉස්මතුවී පෙනෙනවා.
- සහෝදර සහෝදරියන් වැඩියෙන් ඉන්න දරුවන් තුළ ද දක්ෂතා කැපී පෙනෙනවා.
- කියවීම, කතන්දර කීම වගේම සාප්පු සවාරි ගමන් දරුවන් සතුටින් තබනවා.
- සිංදු කීමත් ඉන් තවත් ක්‍රියාකාරකමක්.
- දරුවන් සමග හිතවත් පවුල් හා කාලය ගතකිරීම ඔවුන්ගේ නිවෙස් වලට යාම.
- චිත්‍ර හා ක්‍රියාකාරකම්, අත්වැඩ කිරීම මගිනුත් දරුවන්ගේ බුද්ධිය වර්ධනය වෙනවා.
- දරුවන් සමග නිදහසේ ඇවිදින්න යාමත් ඒ වගේම වැදගත්.
සම කතෘ මහාචාර්ය අනුල් ආනන්ද් ට අනුව ක්‍රියාකාරකම් වල නිරත වෙමින් දෙමාපියන් සමග ගතකරන දරුවන්ගේ ක්‍රියාකාරකම් වලදී වැඩි දක්ෂතා පෙන්වනවා. ඒ වගේම එක් එක් ක්‍රියාකාරකම් වලින් විවිධ දක්ෂතා ගොඩනැගෙනවා.
දරුවන් නිතරම අලුත් දේවල් කරන්න කැමතියි. ඒ වෙනුවෙන් අපට හැකි ලෙස සුදුසු පරිසරයක් නිර්මාණය කරදීම ඉතා වැදගත්.
ඒ දැනුවත් බව ලබාගන්න theAsianparent Sri Lanka මේ ලිපිය ඔබ වෙනුවෙන් සකස් කළා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ
Featured image: West Des Moine Community
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.