theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තත්පර 6ක වැළඳ ගැනීම කින් ඔබේ සබඳතාවයන් කොයිතරම් අලුත් වෙනවා දැයි ඔබ දන්නවද?

3 අවම කියවීම
තත්පර 6ක වැළඳ ගැනීම කින් ඔබේ සබඳතාවයන් කොයිතරම් අලුත් වෙනවා දැයි ඔබ දන්නවද?තත්පර 6ක වැළඳ ගැනීම කින් ඔබේ සබඳතාවයන් කොයිතරම් අලුත් වෙනවා දැයි ඔබ දන්නවද?

අපි නිතරම අපේ ආදරණීයයන් වැළඳ ගන්නවා තමයි. ඒත් අපි ඔවුන්ව වැළඳගන්නා ආකාරය අනුව එහි ප්‍රතිඵල වෙනස් විය හැකි බව ඔබ දන්නවද?

කොහොමත් ආදරණීය වැළඳ ගැනීම කින් පසු දැනෙන සැනසුම් සහගත බව කෙතරම් දැයි ඔබට හැඟී ඇති. නමුත් අවාසනාවකට වැළඳ ගැනීමත් සම්ප්‍රදායකට සීමාවී ඇති නිසා ඔබ සැමියාගෙන් ගේදොරකඩදී සමුගන්නා යාන්ත්‍රික ස්වභාවය ගැන සිතා බලන්න.

පසුගිය වසර ගණනාවක් පුරා වැළඳ ගැනීමක වැදගත්කම පිළිබඳ පර්යේෂණ සිදුවෙන අතර එය තත්පර 6කට වඩා අඩු නම් එය ඉතා වැරදි පිළිවෙතක් බව සඳහන් වෙනවා.

තත්පර 6ක වැළඳ ගැනීම කින් ඔබේ සබඳතාවයන් කොයිතරම් අලුත් වෙනවා දැයි ඔබ දන්නවද?

වැළඳ ගැනීම: තත්පර 6 රීතිය

අපි දරුවන් හා සැමියා වැළඳගන්නා විට ශරීරය තුළින් ඔක්සිටොක්සින් නම් හෝර්මෝනය ශරීරයේ රුධිරය තුළට එක්වෙනවා. ඔක්සිටොක්සින් හෝර්මෝනය ආදරය හා බැඳීම් ශක්තිමත් වීමට නිකුත් වන හොර්මොනයක් ලෙස හඳුන්වනවා. එමගින් සතුට ජනනය කරවනවා.

ඒ නිසා මොලයට වැළඳ ගැනීම ක් සන්නිවේදන වීමට තත්පර 6 ක් කාලයක් ගත වෙනවා. ඒ වගේම එවැනි හොර්මොනයක් වන සේරොටොනින් මගින්ද මේ ක්‍රියාවලියට උත්තේජනයක් ලැබෙනවා.

ඒ වගේම තත්පර 6 ක් ගෙවී යන විට ඉන් මිදිය යුතු යැයි රීතියකුත් නැහැ. ඒ වගේම තවත් පරීක්ෂණයක් මගින් තත්පර 10 ක වැළඳ ගැනීමකදී හදවත් රෝග ඇතිවීමේ අවධානම අඩුවීම, දවස පුරා ඇතිවන ආතතිය අඩුවීම වැනි බොහෝ සාර්ථක ප්‍රතිඵල ඉන් හිමිවෙනවා.

එය තත්පර 20 ක් පුරා පැවතීමෙන් ආතතියෙන් වන නරක ප්‍රතිඵල, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය ක්‍රමවත් කරන බව පැවසෙනවා. ඉතින් මේ කුමන කාල පරාසයක් වුනත් ඔබ ආදරණීයයන් ආදරයෙන් වැළඳගෙන ඔබේ හැඟීම් මුදාහරින්න කාලයක් ලබාගන්න.

ඔවුන්ගේ උණුසුමෙන් ඔබේ හදවත උණුසුම් කර ගන්න. ඔවුන්ගේ හිසකෙස් මත ඔබේ නාසය රඳවන්න. ඔබේ වෙහෙසකර දිනයේ දැනුනු තෙහෙට්ටුව මැකී ගොස් ඔබ දෙදෙනා අතර බැඳීම් තරවන හැටි අත්විඳින්න.

දරුවන්ගේ වර්ධනය මාස 15

වැළඳ ගැනීමකින් ලැබෙන පුදුම හිතෙන වාසි

පර්යේෂණ මගින් වැළඳ ගැනීම් නිසා ඉතා අනගි වාසි රැසක් අපට ලැබෙන බව සනාථ කරනවා. අපි එකිනෙකා වැළඳ ගන්නා විට අපේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යද වර්ධනය වෙනවා.

ඒ වගේම දකුණු කැලිෆෝනියා සරසවිය මගින් කරන ලද පර්යේෂණයකට අනුව තම බිරිඳව නිරන්තර වැළඳ ගන්නා සැමියන් සිටින විට බිරිඳගේ හෘද හා රුධිර පීඩනය හොඳ මට්ටමක පවතින බව පැවසෙනවා.

ඒ වගේම වැළඳ ගැනීමකින් නිපදවෙන ඔක්සිටොක්සින් මගින් අඹුසැමියන් අතර ඉතා හොඳ බැඳීමක් ඇතිවෙන බව සොයාගෙන තිබෙනවා.

මෙය දරුවන්ටත් එලෙසම බලපාන බවත්, ඔවුන්ගේ පීඩනයත් අඩු කරන බවත්, එය වැළඳ ගැනීමකින් පැයකට පමණ පසුවත් පවතින බව අධ්‍යන මගින් තහවුරු කර තිබෙනවා.

ඒ වගේම මව්කිරි දෙන විට ශරීරය තුළින් ඔක්සිටොක්සින් නිපදවෙන අතර ඉන් දරුවා හා මව අතර බැඳීම වැඩිකරන බවද පැවසෙනවා.

කියමනකින් කියවෙන්නේ දිනකට වැළඳ ගැනීමක් මගින් ඔබට වෛද්‍යවරයෙකුගේ අවශ්‍යතාවය පසෙක තබන බවයි.

දරුවාගේ ආදරය

කීර්තිමත්  පවුල් උපදේශකවරියක් වන වර්ජිනියා සාතිර් පවසන්නේ අපට දිනකට වැළඳ ගැනීම් 4 ක් වත් ජීවත් වීමට අවශ්‍ය බවයි. වැළඳ ගැනීම් 8 ක් වත් ජීවිතය පවත්වාගෙන යාමට දිනකට අවශ්‍ය බව පැවසෙනවා. ඒ වගේම වැළඳ ගැනීම් 12 ක් වර්ධනය සඳහා අවශ්‍ය බව පැවසෙනවා.

සරල පිළිවෙත් මගින් ජීවිතයේ බොහෝ සිදුවීම් වෙනස් කරන බව දැන් ඔබට වැටහෙනවා ඇති. ශාරීරික බැඳීම් ඔබ පවුල තුළ පුරුදු වී නැතිනම් මේ ඒ ගැන සිතන්න කාලයයි.

සමුගැනිමකදී, හමුවීමකදී, නින්දට පෙර, දවස අතර තුරදී දිනපතා ඔබ පවුලේ අය හා ආදරය බෙදාගන්න, එකිනෙකා වැළඳගන්න අමතක කරන්න එපා. ඉන් ඇතිවන බැඳීම සුළුපටු නැහැ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • තත්පර 6ක වැළඳ ගැනීම කින් ඔබේ සබඳතාවයන් කොයිතරම් අලුත් වෙනවා දැයි ඔබ දන්නවද?
බෙදාගන්න :
  • තම දෙමව්පියන් ගෙන් විවාහය පිළිබද ලැබුන අවවාද ගැන කථා 15

    තම දෙමව්පියන් ගෙන් විවාහය පිළිබද ලැබුන අවවාද ගැන කථා 15

  • ඔබේ බිරිදට මෙන්න මෙහෙම ලස්සනයි කියමුද?

    ඔබේ බිරිදට මෙන්න මෙහෙම ලස්සනයි කියමුද?

  • තම දෙමව්පියන් ගෙන් විවාහය පිළිබද ලැබුන අවවාද ගැන කථා 15

    තම දෙමව්පියන් ගෙන් විවාහය පිළිබද ලැබුන අවවාද ගැන කථා 15

  • ඔබේ බිරිදට මෙන්න මෙහෙම ලස්සනයි කියමුද?

    ඔබේ බිරිදට මෙන්න මෙහෙම ලස්සනයි කියමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it