theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිග් බෑඩ් වුල්ෆ් (Big Bad Wolf) පොත් ප්‍රදර්ශණය ගැන යන්න කලින් දත යුතු වටිනා දේවල් 25ක්

6 අවම කියවීම
බිග් බෑඩ් වුල්ෆ් (Big Bad Wolf) පොත් ප්‍රදර්ශණය ගැන යන්න කලින් දත යුතු වටිනා දේවල් 25ක්බිග් බෑඩ් වුල්ෆ් (Big Bad Wolf) පොත් ප්‍රදර්ශණය ගැන යන්න කලින් දත යුතු වටිනා දේවල් 25ක්

සෑම වසරේම දැවැන්ත පොත් ප්‍රදර්ශණයක් Big Bad Wolf ඊයේ ඇරඹුනා. පවුලේ හැම එක්ක ගොස මේ මහඟු සල්පිලෙන් ප්‍රයෝජන ගන්න.

බිග් බෑඩ් වුල්ෆ් (Big Bad Wolf) කියන්නේ ලංකාවෙ බාල මහළු කවුරුත් 2017 ඉඳල නොඉවසිල්ලෙක් බලා ඉන්න පොත් ප්‍රදර්ෂණයක්. පොත් කියවන්නෙක් වන උදාර ගුණවර්ධන මහතා විසින් මෙම පොත් ප්‍රදර්ශණය ගැන කර ඇති මනා සවිස්තරාත්මක ලිපියක් ඔබ සැම හා බෙදාගැනීම ඔබට ගොඩාක් වටිනු ඇතැයි සිතූ බැවින් ඔහුගේ ලිපිය එලෙසින්ම පහතින් පල කරනවා. 

මොකද්ද මේ බිග් බෑඩ් වුල්ෆ් (Big Bad Wolf)?

බිග් බැඩ් වුල්ෆ් පොත් කියන්නේ මැලේසියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිවානය, තායිලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිතර පැවැත්වෙන මැලේසියානු පොත් ප්‍රදර්ශනයක්.

ලංකාවේ පැවැත්වෙන බිග් බෑඩ් වුල්ෆ් (Big Bad Wolf)

මේ වෙනකොට ලංකාවේ බිග් බෑඩ් වුල්ෆ් (Big Bad Wolf) ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. 2017 වසරේ ඉදන් පිට පිටම අවුරුදු දෙකක් ලංකාවට ආපු මේ පොත් සල්පිල ලංකාවේ අපිට ඇත්තටම අලුත් අත්දැකීමක්.
 
ඔන්න මේ පාරත් ගිය පාරටත් වඩා විශාල පොත් කන්දකුත් අරගෙන වෘකයා අපිව බලන්න ඇවිත්. ගිය අවුරුද්දේ නම් ජූනි මාසේ වෘකයා ලංකාවට ආපු එක හැමෝගෙම සතුටට හේතුවක් උනා.
 
මොකද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිසා ගොඩක් අයගේ පොකට්ටු සැප්තැම්බර් මාසය අවසන් වෙනකොට හිස් වෙන නිසා. කොහොම උනත් රටේ තිබුන වාතාවරණයත් එක්ක මේ පාර වෘකයා ලංකාවට එන එක ටිකක් ප්‍රමාද වෙලා තියෙනවා.
 
එයා එන බව කලින්ම දැනුම් දුන් නිසා මන් හිතන්නේ ගොඩක් දෙනා සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනයට වඩා වැඩි බරක් මේ වෙනුවෙන් තියන්න ඇති කියලා මට හිතෙනවා.

ඉතින් ගිය පාර වගේම මේ පාරත් Big Bad Wolf බලන්න යන අයට Preview Day එකේම ගිහින් දකින්න ලැබුණු දේවල් සහ වැදගත් වෙන කාරණා ටිකක් තමයි මේ කියන්න හදන්නේ.

බිග් බෑඩ් වුල්ෆ් (Big Bad Wolf) පොත් ප්‍රදර්ශණය ගැන යන්න කලින් දත යුතු වටිනා දේවල් 25ක්

බිග් බෑඩ් වුල්ෆ් (Big Bad Wolf) පොත් ප්‍රදර්ශණයට යන්නන් හට වැදගත් වන කාරණා

  1. ගිය වතාවන් වල වගේම මේ වතාවෙත් ලොකු පොත් කන්දක් අරගෙන තමයි Big Bad Wolf ලංකාවට ඇවිත් තියෙන්නේ. ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේ (SLECC) ඔක්තෝම්බර් 18 සිට 28 වනිදා දක්වා මේ අලවි සල්පිල පැවැත්වෙනවා!
  2. ප්‍රදර්ශනය මෙවර නම් පැය 24ම වීවෘත නැහැ. සතියේ දින වල උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වාත්, සති අන්තයේ පැය 24 පුරාවටත් වීවෘතයි.
  3. ප්‍රවාහණය: තමන්ගේ වාහනේකින් එන අයට කියන්නේ පාර අයිනේ වාහනේ නවත්තල බැහැල එනවට වඩා SLECC එක ලගම තියෙන පාකින් එකෙන් වාහනේ දාල එනවා නම් වඩා හොදයි. මොකද සතියේ දින වල නම් තදබදයක් ඇති වෙන්න පුළුවන් නිසා. (බස් වල එන අයට නම් ගැටළුවක් නැහැ.
    1. කොටුවෙන් එනවා නම් 120, 125, 101 කියන මාර්ග අංක වල බස් එකක ඇවිත් ලේක් හවුස් හරි රීගල් එක ලගින් හරි බැහැල එන්න තියෙන්නේ)
  4. මතක් කරලා යනකොට හොද හයිය බෑග් අරගෙන යන්න. එයාල දෙන බෑග් ගැන කිසිම විශ්වාසයක් නැහැ (රෙදි බෑග් වගේ අරන් යන්න පුලුවන් නම් වඩා හොදයි)
  5. ආරක්ෂාව ගැන බයවෙන්න අවශ්‍ය නැහැ හොද ආරක්ෂාවක් සපයලා තියෙනවා. ඔයාලා ගේන බෑග් මලු තියන්න වෙනම බෑග් කවුන්ටර් එකක් තියෙනවා.
  6. ඇතුල් වෙනකොටම පොත් දාගෙන යන්න ට්‍රොලි සහ බකට්ස් තියෙනවා, ඒකක් අරගෙනම යන්න, නැත්තම් ගන්න පොත් අතේ නම් අරගෙන යන්න බැහැ (දන්නවනේ සිංහල පොත් වගේ නෙවෙයි ඉංග්‍රීසි පොත් සෑහෙන්න බරයි කියල).
  7. පොත් තෝරාගැනීම: පොත් තෝරා බේරාගන්න ලොකු කරදරයක් වෙන්නේ නැහැ පොත් වෙනම වර්ගීකරණය කරලා තියෙන්නේ ගිය වර වගේම (Romance, Fiction, Non Fiction, Young Adult, Literature, Children's, Biographies, History, Art, Health, Sports, Baking, Cookery). මේ වගේ වෙන වෙනම වර්ග කරලා තියෙන නිසා ඔබට අවශ්‍ය පොත් අපහසුවකින් තොරව තෝරාගන්න පුළුවන්.
  8. ඇතුල්වෙන කොටසේම පොඩි අයගේ පොත්පත්, ස්ටෝරි බුක්ස්, පාටකරන පොත් ගොඩ ගහලා තියෙනවා. පොඩි බබාලා ඉන්න අම්මලට ඒ පැත්තේ රවුමක් දැම්මට පාඩුවක් වෙන්නේ නැහැ. Fiction, Young Adult, Romance සහ General යන කොටස් ප්‍රදර්ශනයේ පසු පසට වෙන්න තමයි තියෙන්නේ. 
  9. ඉතිහාසය පොත්: කොටස තමයි මගේ ප්‍රියතම කොටස වෙන්නේ. මේ පාර නම් ගිය වතාවල් වලට සාපේක්ෂව History පැත්තට හොද පොත් එකතුවක් නැහැ කියලයි මට හිතුනේ. ගිය වර දැක්ක පොත් පවා මේ පාරත් තිබුනා. ඇත්තටම ඒක නම් ලොකු බලාපොරොත්තු කඩවීමක්.
  10. ඒ ඔක්කොටම හරියන්න Fiction කාණ්ඩය යට‍තේ හොද පොත් එකතුවක් දකින්න තිබුනා. Fiction යටතේ (Crime,Thriller & Mystery) සහ (Science, Fiction & Fantasy) යන ලෙස වෙනම වර්ගීකරණ අදාලව පොත් විශාල සංඛ්‍යාවක් දැකගන්න පුලුවන්. ප්‍රබන්ධ කතා වලට කැමති අයට සුරපුරයක් කිවුවොත් නිවැරදියි.
  11. රු 530 ට මිලදී ගන්න තියෙන්න අපි සරසවි, විජිත යාපා වැනි පොත් හල් වලින් රු 1500-2500 වැඩි මුදලක් වැය කරලා මිලදී ගන්නා පේපර්බැක් පොත් කල්පැවැත්ම අඩු උනත් ඉංග්‍රීසි පොත පත කියවන අයට මේක හොඳ අවස්තාවක්.
  12. රුපියල් තුන් හාරදහට වඩා වැඩි වෙන Hardcover පොත් රු 630, 670, 730 සහ රු 970 වැනි අඩු මුදලකට මෙවරත් මිලදී ගන්න පුලුවන්. ඒ නිසා හොද පොතක් ගන්න ලැබෙන මේ අවස්තාව නැති කරගන්න එපා.
  13. බෙස්ට් සෙලින් කතා කරුවෝ වෙන Stephen King, Jack Higgins, Jeffry Archer, John Grisham, Nora Roberts, Jojo Moyes, Nora Roberts, Gabriel García Márquez වගේ කට්ටියගේ හොද එකතුවක් මේ පාර තියෙනවා. (ලංකාවේ පරිවර්තනයක් රු 800එහා වෙනකොට ඔරිජිනල් බඩු ගන්න පුලුවන් රු 600 ට)
  14. Thrillers වලට කැමති අයට Mary Higgins Clark ගේ හොද පොත් ටිකක් තිබුනා (පෝස්ට් එකේ පොත් ගැන චායාරූප දාල ඇති බලන්න)
  15. පොත් සිරිස් ගැන කතා කරොත් The Maze Runner සිරිස් එකම රු 2400 තියෙනවා , Roald Dahl කලෙක්ෂන් එක රු 9450, Percy Jackson කතා මාලාව රු 3150, Arthur Conan Doyle ගේ විශිෂ්ට කෘති එකතුවක් සහිත බණ්ඩලය රු 2000, Divergent පොත් එකතුව රු 2400, Diary of a Wimpy Kid පොත් එකතුව රු 5250 වගේම තවත් වටිනා කතා මාලාවන්, පොඩි අයට විශේෂිත වූ ළමා කතා සිරිස් මෙවර ප්‍රදර්ශනයෙන් ඉතා අඩු මිලට මිලදී ගන්න පුලුවන්.
  16. ඔයා හොද කොමික් (Comic) පිස්සෙක් ඔන්න මේ පාරත් තියෙනවා වෙනම කොමික් පොත් සඟරා වලට වෙන්වුන තැනක්. ගිය පාරට වඩා ලොකු කොමික් පොත් සඟරා එකතුවක් තියෙනවා රු 900 ඉදන් ඉහලට මිල වෙනවා මේ පොත්.
  17. වාහන පිස්සන්ට, බයික් පිස්සන්ට ඒවගේ ඉතිහාසය ගැන එක්කම ලියවුනු හොඳ පොත් එකතුවක් තියෙනවා.
  18. විවිධ භාෂාවන් හදාරන අයට හොද පොත් එකතුවක් තියෙනවා Language කොටසට ගියොත් පාඩුවක් වෙන්නේ නැහැ.
  19. Best Sellers කොටස මිස් කරගන්න එපා. එතන බෙස්ට් සෙලින් වෙන පොත් පත් විශාල ගණනක් තියෙනවා.
  20. කලාව, සංගීතය, සෞඛ්‍ය, සැලසුම් නිර්මාණ(Design), සූපවේද වගේ සේෂ්ත්‍ර වල හොද පොත් එකතුවක් තියෙනවා. (අපිට ලංකවෙන් මිලදී ගන්න අපහසු හොද එකතුවක් තියෙනවා ඇත්තටම එතන. ඒ අංශ වල ඉගෙන ගන්න, ඒ ගැන උනන්දුවක් දක්වන අයට නම් කියන්න තියෙන්නේ හිත හිතා ඉන්න එපා.ගිහින්ම බලන්න)
  21. ඉවුම් පිහුම් වලට කැමති යටත් Cookery සහ Baking යටතේ විශාල පොත් එකතුවක් මෙවරත් තියෙනවා.

  22. විශේෂම දේ තමයි මේ පාර Literature පැත්ත හරි පෝසත්. Charles Dickens, Daphne du Maurier, Jane Austin, Emily Bronte කියන ලෝක පුජිත කතුවරුන්ගේ විශාල පොත් එකතුවක් තියෙනවා. ඒ පැත්තට අමතක නොකර යන්න.
  23. මුදල් ගෙවීමටත් කවුන්ටර් 20 වැඩි ප්‍රමාණයක් තියෙනවා ඒ නිසා ඔබට වැඩි වෙලාවක් මුදල් ගෙවීමට බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ.
  24. ඔබ කවුන්ටරය වෙත මුදල් ගෙවීමට යනකොට ඔවුන් ඔබෙන් ඔබේ හැදුනුම්පත් අංකය හෝ දුරකථන අංකය ලබාගනිවී.ඔබ ඔවුන්ගේ සාමාජිකත්වය ලබාගෙන ඇත්දැයි සොයා බලන්න තමයි ඒ විස්තර ලබාගන්නේ. (යන්න කලින් සාමාජිකත්වය අරගෙන යන්න, තව කියක් හරි ඔබේ බිලෙන් අඩු කරගන්න පුළුවන් වෙයි)
  25. සාමාජිකත්වය ලබාගන්න අපහසු නම් ඔවුන්ගේ වෙබ් පිටුව හරහා ඔබට පුළුවන් සල්පිලට ඇතුල් වෙන තැනම ඇති කුඩා කවුන්ටරයෙන් ඔබේ තොරතුරු ලබාදී සාමාජිකත්වය ලබාගන්න.

බිග් බෑඩ් වුල්ෆ් (Big Bad Wolf) පොත් ප්‍රදර්ශණය ගැන යන්න කලින් දත යුතු වටිනා දේවල් 25ක්

පොත් මිළදී ගැනීමේදී වැදගත් වන දේවල්

  • SAMPATH CREDIT කාඩ් තියෙනවා නම් ඔන්න ඒ අයට රු 25,000 වැඩියෙන් පොත් ගන්නවාද?

එසේ නම් ඒවා Installment basis විදිහට කොටස වශයෙන් ගෙවන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර එතැනින්ම දැනගන්න පුලුවන්.

  • BMICH වගේ නෙවෙයි මේ පාර හොද ෆුඩ් කෝට් එකක් දීලා තියෙනවා වෘකයා බලන්න එනවා නම් පොත් අරගෙන බඩ පැලෙන්න කන්නත් බලාගෙන යන්න.
  • ඉදිරි දිනවල අලුතින් පොත් එකතු වෙනවා කියලයි එයාලා නම් කිව්වා. ඒ කියන්නේ තවත් අලුත් පොත් ඉදිරි දිනවල යන අයට මිලදී ගන්න පුළුවන් වෙයි. ඒ ගැන විස්තරත් පහලින් දාන්නම් යන අයට උදව්වක් වෙන්න.
අවසාන වශයෙන් කියන්නේ, කලාතුරකින් ලැබෙන මේ වගේ අවස්තාවක් නැති කරගන්න එපා.
28 වෙනිදා වෙනකල් අවස්තාව තියෙනවා.
 
සිංහල පරිවර්තන වලින් හෙම්බත් උන අයට ඒ පොත් වල මුල් කෘති හොයාගන්න වගේම තමන්ගේ ඉංගිසි දැනුම දියුණු කරගන්න හොද පොත් හොයාගන්න මේක හොඳ අවස්තාවක් !
 
මූලාශ්‍රය: උදාර ගුණවර්ධන ගේ මුහුණු පොතෙන්
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • පුවත්
  • /
  • බිග් බෑඩ් වුල්ෆ් (Big Bad Wolf) පොත් ප්‍රදර්ශණය ගැන යන්න කලින් දත යුතු වටිනා දේවල් 25ක්
බෙදාගන්න :
  • හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

    හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

  • දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්

    දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්

  • හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

    හොඳ අතට හැරවිය හැකි දරුවන්ගේ නරක පුරුදු 5 ක්

  • දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්

    දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it