ඔබත් ඔබේ දරුවා මේ බැටළු පැටියා වගේ බෑගයක වැඩෙන්න දෙනවද?

lead image

මේ නිර්මාණයේ නිර්මාණ කරුවන් සිතන්නේ කවදා හෝ දිනයක නොමේරූ දරුවන්ට වර්ධනයට මෙය යොදා ගත හැකි වනු ඇතැයි කියලයි.

මේ නිර්මාණයේ නිර්මාණ කරුවන් සිතන්නේ කවදා හෝ දිනයක නොමේරූ දරුවන්ට වර්ධනයට මෙය යොදා ගත හැකි වනු ඇතැයි කියලයි.

මෙම රූප පෙළ හරියට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක වන සිදුවීමක් වගෙයි. මෙම බෑග් 8 ද්‍රව හා රුධිරයෙන් පිරි තිබෙනවා. ඒත් එය ඇත්තම සිදුවීමක්.

එහි බැටළු කළල 8 ක් තැම්පත් කර තිබෙනවා. මෙම කෘතිම කළලය තුළ ඔවුන් සති ගණනක් පුරා වැඩෙමින් ඉන්නවා. අම්මාගේ කළලයේ හැකි තරම් කාලයක් වැඩෙන ලෙස ඔවුන් මෙහිත් වැඩෙනවා.

පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ මේ ක්‍රියාවලියේ  වැඩිදියුණු කළ අවධියේදි මිනිස් කළල නොමේරූ තත්වයේදී මෙලෙස නැවත වර්ධනයට යොදා ගැනීමයි.

ජෛව බෑගය (biobag)

මෙය biobag හෙවත් ජෛව බෑගයක් ලෙස හඳුන්වනවා. එය ගර්භයේ තරලයට සමාන තරලයකින් පිරී පවතිනවා. නමුත් එය ස්වභාවික ගර්භාෂයක් ලෙස පෙනෙන්නේ නැහැ.

මෙහි විනිවිද පෙනෙන ප්ලාස්ටික් බිත්ති ගර්භාෂයේ ඇලෙන තරලය සහිත බෑගයට සමාන වන අතර බැටළුවන්ට පිටතින් වන ආසාදන වලින් ආරක්ෂා කරනවා. මෙම තරලය කළල තරලයක් මෙන් ක්‍රියා කරනවා. එය තුළ නිසි රුධිර සංසරණය හා කාබන්ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් හුවමාරුව සිදුවෙනවා.

ෆිලඩෙල්ෆියා හි කළල ශල්‍ය වෛද්‍ය ඇලන් ෆ්ලෙක් ප්‍රධාන නියමුවා ලෙස මෙම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවන අතර මෙය මිනිස් ගර්භාෂයක ආකාරයට මුල් පියවරේ සිට යොදා ගැනීමට අපේක්ෂා නොකරන බව පැවසෙනවා. විශේෂයෙන් අඩු උපත් හෝ නොමේරූ දරුවන් වයස 22 හි කාලයේ වන කළලයක සිට වර්ධනයට අවශ්‍ය පරිසරය මින් නිර්මාණය වන බව පැවසෙනවා.

වර්තමානයේ මෙවැනි වයසකදී උපදින දරුවන් ජීවත්වීමේ හැකියාව ඇත්තේ 50% ක් පමණ වෙනවා. වර්තමානයේ යොදාගන්නා උපත් වර්ධන උපාංග ආදියෙන් සමහර විට බිළිඳාට අතුරු ආබාධ ඇති කිරීමේ අවධානමක් පවතිනවා.

ශ්වසන ආධාරකයක් මගින් නොමේරූ බිළිඳුන්ගේ ශ්වසන පද්ධතියට විශාල පීඩනයක් ඇති කරනවා. ඇමරිකාවේ ළමා රෝග වෛද්‍ය ජෝජ් මයිචලිස්කා පවසන්නේ ඉතා කුඩා කාලයකට වුනත් දීර්ඝ කාලීනව ඉන් බිළිඳාට බලපෑම් ඇතිවිය හැකි බවයි. නමුත් අපිට වෙන පිහිටක් නැහැ. දරුවා ජීවත් කරන්න නම් එය කරන්නම වෙනවා.

තවත් අතකට ඔවුන් දැඩිසත්කාර ඒකක වල රැඳවූවත් ජීවිත කාලයට ඔවුන් විවිධ අතුරු ආබාධ වලට ලක්වීමේ අවධානමක් තිබෙනවා.

මේ බයෝ බෑග් එක නොමේරූ බිළිඳන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට යම් බලාපොරොත්තුවක් ඇති කරනවා. නමුත් මෙම පර්යේෂණයේ ප්‍රතිඵල අතිසාර්ථක වන තුරු අපට තවත් ඉවසීමට සිදුවන්නේ මෙම බැටළු පැටවාගේ ශ්වසන පද්ධතිය ඇතුළු ඉන්ද්‍රියන් හොඳින් ක්‍රියාත්මක වුනත් නියමිත කාලයෙන් පසු සති කිහිපයකට පසු ඔවුන් මරණයට පත්වූ නිසයි.

වෛද්‍ය ෆ්ලෙක්ස් පවසන්නේ මනුෂ්‍යන්ට මෙය අවුරුදු දෙකක තරම් කාලයක් විය හැකි බවයි.

තාක්ෂණය මගින් කළහැකි දේ විශ්මිත බැවින් ඊට තවත් ජීවිත ගණනාවක් බේරා ගන්නට පුළුවන්. නමුත් ඊට තවත් කෙටි කාලයක් අපිට බලාගෙන සිටින්නට සිදු වුනත් ඔබට ඒ ගැන සුබදායි බලාපොරොත්තු තබාගන්න නම් පුළුවන්.   theAsianparent Sri Lanka ඔබට මේ කරුණු ගෙන ආවේ හෙට බිහිවන ඔබේ කිරිකැටියා වෙනුවෙනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ