theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ

3 අවම කියවීම
උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේඋපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ

දිනපතා එකම වෙලාවකදී උපත් පාලන පෙති එක බැගින් දින දර්ශනයක සටහන් තියාගනිමින් බොන්නට නියම කෙරෙනවා.  වඩාත් යෝග්‍ය වන්නේ සැමදා රාත්‍රියට පෙත්ත ගැනීමයි.

මිතුරි උපත් පාලන පෙති (birth control pills) කියන්නේ අද කාලයේ විවාහක යුවලක් හෝ මව් පියවරුන් පමණක් නොව වැඩිවියේ පසුවන ඕනෑම ගැහැණු මෙන්ම පිරිමි දරුවකුද දැනගත යුතු උපත් පාලන ක්‍රමයක්.

අද සමාජයේ නොයෙක් හේතුන් නිසා විවිධ උපත් පාලන ක්‍රම ගැන තරුණ වැඩිහිටි කාවත් දැනුවත් කෙරෙනවා. මේ විවිධ ක්‍රම අතුරින් වඩාත් ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස උපත් පාලන පෙති සලකන්නට පුළුවන්.

උපත් පාලන පෙති

මිතුරි උපත් පාලන පෙති භාවිතා වන්නේ කුමක් සඳහාද?

නමින්ම කියැවෙන පරිදි උපත් පාලන පෙති/ birth control pills භාවිත වන්නේ උපත් පාලනය සඳහායි නැතහොත් එදිනෙදා ඇති විය හැකි ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා භාවිතා වන ඖෂධයකි. විවිධ වර්ගයේ උපත් පාලන පෙති වර්ග තිබෙන අතර දෛනික පාවිච්චියට නම් ප්‍රමිතියෙන් උසස් පෙති වර්ගයක් භාවිත කිරීම වඩාත් සුදුසුය. ගැබ් ගැනීම වැළැක්වීමට අමතරව වෙනත් හෝමෝන අසමතුලිතතා වැනි රෝග වලටද උපත් පාලන පෙති භාවිතා  කෙරේ.

මෙම පෙති මගින් ගැබ් ගැනීමක් වලක්වෙන්නේ කෙසේද?

සරලවම කියනවා නම් මෙමගින් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එකතු වීම පාලනය කෙරෙනවා. මෙම පෙති වල අන්තර්ගත හෝර්මෝන වර්ග දෙකක් අඩංගු අතර එමගින් ඩිම්බ මෝචනය වීම පාලනය කෙරෙනවා.

ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් යන හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති ඇති අතර ප්‍රොජෙස්ටරෝන් පමණක් අන්තර්ගත පෙතිද වෙළඳපොලේ ඇත. මිතුරි පෙති නම් ඊට නිදසුනක්. මේ පෙති මගින් සිරුරේ ස්වභාවික හෝමෝන චක්‍රයට බලපෑමක් ඇති කොට ගැබ් ගැනීමක් වැළැක්වනු ලබනවා.

මෙම birth control pills භාවිතා කරන්නේ කෙසේද?

ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් යන හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වල දවස් 21ක් ගන්නා පෙති මෙන්ම දවස් 28ක් ගන්නා පෙතිද අඩංගු වනවා.

සාමාන්‍යයෙන් මිතුරි පෙති ගැන සැලකුවහොත් එහි පෙති පැකට් එකක පෙති 28 ක් තිබෙනවා. එනම් කාන්තාවකගේ සාමාන්‍ය ඔසප් චක්‍රයේ දින ගණනට අනුව මේ පෙති පෙලගස්වලා තියෙනවා. පැකට්ටුවේ පිටුපස මෙම පෙති ගන්නා අකාරය පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

මේ සඳහා වැඩිපුර දැනුවත් කිරීමක් අවශ්‍ය නම් පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන්විමසන්නට පුළුවන්. දින දර්ශනයක සටහන් තියාගනිමින් බෙහෙත් ගන්නට හැකි නම් අමතක වීම් මග හරවා ගන්නට පුළුවන්.

දිනපතා එකම වෙලාවකදී පෙත්ත බැගින් බොන්නට නියම කෙරෙනවා.  වඩාත් යෝග්‍ය වන්නේ සැමදා රාත්‍රියට පෙත්ත ගැනීමයි.

මෙය දිනපතා මග නොහැර පාවිච්චි කල යුතු අතර වැරදිලා හෝ එක දවසක් අමතක වුනොත් ඊට පහුවදා පෙති දෙකක් බොන්නට යැයි පෙති පැකට් එක පිටුපස හෝ ඖෂධ පත්‍රිකාවේ හෝ සඳහන් වී ඇති. නමුත් මෙසේ අමතක වුවහොත් දවසක් හෝ දෙකක් කොන්ඩමයක් වැනි වෙනත් උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කිරීමද පරිස්සමට හොඳයි.

මෙම පෙති පත්‍රිකාව ඕනෑම දිනක පටන් ගත හැකි මුත් ඔසප් වීම ඇරඹිලා නම් පළමු දින පහ ඇතුළත පළමු පෙත්ත ගැනීම වඩාත් සුදුසුයි. නමුත් පෙති පාවිච්චි කරන්නට පටන් ගත මුල් දින සිට දින හතක්වත් යන තුරු ලිංගික සංසර්ගයේදී කොන්ඩම් භාවිතා කරන්නට යැයි උපදෙස් දෙනවා.

උපත් පාලන පෙති මගින් ඇතිවිය හැකි අතුරු අබාධ

Birth control pills මගින් වඩාත් සුලභ අතුරු ආබාධ වන්නේ ඔක්කාරය, හිසරදය, පියයුරු කැක්කුම, බර වැඩි වීම, අක්‍රමවත් ලේ ගැලීම සහ මනෝගෘත වෙනස්වීම් වේ.

මාස කිහිපයක පාවිච්චියෙන් පසු මෙම අතුරු අබාධ කෙමෙන් මග හැරෙනු ඇත.

කඩින් කඩ අක්‍රමික ඔසප් වීම් සිදුවිය හැකි නමුත් මෙය බොහෝ විට තාවකාලික තත්වයකි

ඉරුවාරදය (migraines) පිළිබඳ ඉතිහාසයක් ඇති කාන්තාවන්ට ඉරුවාරදයෙහි වැඩි වීමක් දැකිය හැක. අනික් අතට, හෝමෝන මට්ටම්වල සමතුලිත වීම හේතුවෙන් උච්ච ඉරුවාරද (migrains) තත්ව වලට මුහුණ දුන් කාන්තාවන්ගේ මෙම තත්වය සමනය වනු ඇත.

කලාතුරකින් ඇති විය හැකි අතුරු අබාධ විය හැක්කේ රුධිර පීඩනය, රුධිර කැටි ගැසීම්, හෘද ආබාධ සහ ආඝාතය වැඩි වීම හා මුඛ පිළිකා තත්වයන් වේ.

වයස අවුරුදු 35ට වැඩි දුම්පානය කරන කාන්තාවන්ටත්, විශේෂයෙන් වකුගඩු රෝගීන් සහ ඇතැම් රෝග තත්වයන් ඇති කාන්තාවන්ට, රුධිර කැටියකට හෝ පියයුරු හෝ එන්ඩෝමෙටික් පිළිකා වැනි රෝගාබාධවලට ගොදුරු වූ කාන්තාවන්ටත් උපත් පාලන පෙති භාවිතයෙන් වැලකි සිටීමට උපදෙස් දෙනවා.

දත්ත එකතුව අනිවා.lk සහ www.plannedparenthood.org වෙතිනි.

ඒ ඒ වයස් වලදී ගැබ් ගැනීම ආශ්‍රයෙන් තවත් ලිපියක් වයස අවරුදු 20, 30, 40 ගනන් වල ගැබ් ගැනීම ගැන ඔබ දත යුතු දේ මෙතැනින්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ
බෙදාගන්න :
  • දරුවන්ගේ තරහ පාලනය කරන්නේ කෙසේද?

    දරුවන්ගේ තරහ පාලනය කරන්නේ කෙසේද?

  • Mum's Strong Warning About Oral Contraceptive Health Risks

    Mum's Strong Warning About Oral Contraceptive Health Risks

  • දරුවන්ගේ තරහ පාලනය කරන්නේ කෙසේද?

    දරුවන්ගේ තරහ පාලනය කරන්නේ කෙසේද?

  • Mum's Strong Warning About Oral Contraceptive Health Risks

    Mum's Strong Warning About Oral Contraceptive Health Risks

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it