theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දුවෙක් බිහි කරනවාට වඩා පුතෙක් බිහි කරන එක අමාරුද?

3 අවම කියවීම
දුවෙක් බිහි කරනවාට වඩා පුතෙක් බිහි කරන එක අමාරුද?දුවෙක් බිහි කරනවාට වඩා පුතෙක් බිහි කරන එක අමාරුද?

පුතෙක් බිහි කිරීම වඩාත් වේදනාකාරී බව අධ්‍යයනයකින් තහවුරු ‌වෙයි. ‌මේ ඒ ගැන ‌‌තොරතුරුයි.

පුත‌ෙක් බිහි කිරිම කල අවස්ථාවේ අත්දැකීම් ගැන මතකය පවා මවුවරුන්ට බියජනක වෙන්න පුළුවන්. ඒ අතරම, ගොඩාක් අම්මලා තමන්ගේ දරුවාට ජීවිතය දෙන්න දරුණු වේදනාවන් විද දරා ගන්නවා.

නමුත් ඔබේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව ඔබේ දරු ප්‍රසූතියේ වේදනාව අඩු වැඩි වීමට බලපාන බව ඔබ දැන සිටියාද?

දියණියක් බිහි කිරීමේදී විදින වේදනාවට සාපේක්ෂව පුතෙක් බිහි කිරීමේදී වැඩි වේදනාවක් ලැබෙන බව අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.

දුවෙක් බිහි කරනවාට වඩා පුතෙක් බිහි කරන එක අමාරුද?

පුත‌ෙක් බිහි කිරිම ගැන පරීක්ෂණය වලින් කියවෙන්නේ මොකද්ද ?

ග්‍රැනඩා විශ්ව විද්‍යාලයේ (UGR) පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ග්‍රැනාඩා හි සැන් සිසිලියෝ සායනික රෝහල කරන ලද අධ්‍යයනයක් කරන ලදී.එය පදනම් කරගත් ලිපියක් ළමා පර්යේෂණ සඟරාවේ පල වුනා.

ජේවියර් ඩයස් කැස්ත්‍රෝ ( Javier Diaz Castro) සහ ජුලියෝ ඔචෝවා හෙරේරා (Julio Ochoa Herrera)මෙම අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂකයන් වුනා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මෙම පර්යේෂණය ඔවුන් දියත් කලේ UGR හි කායික විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්වයි.
ගැහැණු දරුවෙකු බිහි කිරීමට වඩා පිරිමි දරුවෙකු බිහි කිරීම වඩා වේදනාකාරීද යන්න සොයා බැලීම මෙම පරීක්ෂණයේ අරමුණ වුනා.

ගර්භනී, නිරෝගී මවුවරුන් 56 දෙනෙකු පරීක්ෂකයින් අධ්‍යයනය කළා. එම ගැබ් ගැනීම් 56 න් 27 ක් පිරිමි දරුවන්  වු අතර 29 ක් ගැහැණු දරුවන් වුනා. දරු ප්‍රසූතියෙන් පසු  මෙම අම්මලාගේ සිරුරට සිදුවන හානිය වෛද්‍යවරුන් විසින් අධ්‍යයනය කරනු ලැබුවා.
දියණියන් බිහි කළ අම්මලාගේ ජෛව අණු  වල  හානිය අඩු   බව ඔවුන් සොයා ගත්තා.   පුතෙක් බිහි කිරීම වඩාත් වේදනාකාරී බව මේ  අධ්‍යයනයෙන් හෙළි වුනා.
මේ අධ්‍යන නිසා රසවත් අධ්‍යයන ක්ෂේත්‍රයක් විවෘත වී ඇති බව ජේවියර් ඩයස් කැස්ත්‍රෝ ( Javier Diaz Castro)  සහ ජුලියෝ ඔචෝවා හෙරේරා (Julio Ochoa Herrera)  කල්පනා කලා.
ඒ මඟින් අලුත උපන් බිළිඳුන්ගේ ස්ත්‍රී පුරුෂ බව සහ එහිදි ඇති විය හැකි අවදානම් අතර ඇති සහසම්බන්ධය, ආයු අපේක්ෂාව කෙරෙහි ඇති කරන බලපෑම මෙන්ම රෝග වර්ධනය පිළිබඳ කතා කරන්න පුළුවන් බව ඔවුන් දැක්කා.

දියණියක් බිහිකිරීමට සාපේක්ෂව පුත‌ෙක් බිහි කිරිම වඩා වේදනාකාරී වන්නේ ඇයි?

අධ්‍යනයනය අනුව  ඔබේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව දරු ප්‍රසූතියට බලපෑම් කළ හැකි බව පර්යේෂකයන් නිගමනය කළා. ‌‌ ‌ම‌ෙසේ වීමට හේතු ඔවුන් පැහැදිලි කලා.
කාන්තාවන්ට මානසික ආතතිය සමඟ කටයුතු කිරීමට වඩා හොඳ හැකියාවක් තිබීම මෙයට එක් හේතුවක් වෙන්න පුළුවන්. ගැහැණු දරුවන් තුළ තිබෙන  එන්සයිම පද්ධතිය ඔවුන් උපත ලැබීමට සූදානම් වන විට වඩාත් පරිණත වෙනවා.
එය සෛල වලට හානි වීම  වළක්වන බාධකයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ගැහැණු දරුවන්ට පිරිමි දරුවන්ට  වඩා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් තියෙනවා.
මේ නිසා උපතේදී සෛල පටල වලට සිදුවෙන  ඔක්සිකාරක හානිය අඩු වෙනවා. මෙය සෛලීය පරිවෘත්තීය ද කාර්‍යක්ෂම කරනවා. ගර්භනී මවකගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට දරු ප්‍රසුතියේදී ඇතිවෙන දැවිල්ල සහ වේදනාව  අඩු වෙනවා.

පුත‌ෙක් බිහි කිරිම: වෙනත් අවදානම්

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ රොබින්සන් පර්යේෂණ ආයතනයේ වෛද්‍ය පෙට්‍රා වර්බර්ග් මෙසේ පවසනවා:  “දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව හා ගර්භණී සංකූලතා අතර ඍජු සම්බන්ධයක් තියෙනවා.”

පිරිමි ළමයෙකු බිහි කිරීමේදී ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව විවිධ අධ්‍යයනවලින් කියවෙන දේවල් අපි බලමු.

  • පිරිමි දරුවන්  නියමිත දිනට වඩා කලින් උපත ලබන්න පුළුවන් . ඒ මඟින් දරුවාට බොහෝ සංකූලතා ඇති කරනවා.
  • පුතුන් නොමේරූ දරු උපතක් ලැබීමට  බොහෝ  ඉඩ තියෙනවා.
  • ගර්භණී අවධියේ සති  20 සිට 24  දක්වා කාලය තුළ පිරිමි ළදරුවන් බිහිවීමේ අවදානම සියයට 27 කින් වැඩි වෙනවා.
  • ගර්භණී අවධියේ  සති 30 ත් 33 ත් අතර  පිරිමි දරු උපත් සිදුවීමේ සම්භාවිතාව සියයට 24 කින් වැඩි වෙනවා.
  • තවද, ගර්භණී අවධියේ  සති  34 සිට  36  අතර පිරිමි දරුවන් බිහිවීම සියයට 17 කින් ඉහළ වෙනවා.
  • පිරිමි දරුවන් කුස දරා සිටින ගර්භණී මවුවරුන්ට දරු ප්‍රසුතියේදී ගර්භණී දියවැඩියාව, පූර්ව එක්ලම්ප්සියාව (pre-eclampsia) සහ අධි රුධිර පීඩනය (high blood pressure) ඇතිවීමේ අවදානම වැඩි වෙනවා.
පුත‌ෙක් බිහි කිරීම හිතන තරම් ල‌ේසි නැහැ. ඒ පිළිබද වු ‌මේ වටිනා ත‌ොරතුරු theAsianparent sri lanka ව‌ෙතිිිනි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • දුවෙක් බිහි කරනවාට වඩා පුතෙක් බිහි කරන එක අමාරුද?
බෙදාගන්න :
  • මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

    මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

  • නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

    නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

  • මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

    මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

  • නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

    නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it