theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නොසිතූ ලෙස වයස අවුරුදු 8 ක දියණිය බිලිගත් උපන්දින බැලුම

5 අවම කියවීම
නොසිතූ ලෙස වයස අවුරුදු 8 ක දියණිය බිලිගත් උපන්දින බැලුමනොසිතූ ලෙස වයස අවුරුදු 8 ක දියණිය බිලිගත් උපන්දින බැලුම

ජෛනා අවසන් ගමන් ගියාය. නමුත් බැලුම් වල අනතුරුදායක බව ඇය අපට පසක් කර දුන්නාය.

උපන් දින බැලුම් හා සම්බන්ධ ‌මේ කදුලු කථාව ‌කොතනින් පටන් ගන්නද? ‌මෙය ඇත්තටම උපන්දින බැලුම් වලට පමණක් සීමා වන්නක් ‌නොවේ. දරුවන් බොහොම පිරිසකට  බැලුම් නිසා  හුස්ම හිර වී ජිවිතය අහිමි වෙනවා. ඒ ගැන ඔබ දැනුවත්ද?

උපන් දින බැලුම් පිරි සාදයක් අපිට මවන්නේ කොතරම් මනරම් දර්ශනයක්ද? එහෙත් මේ දියණියට එවන් සැමරීමක්  ජිවිතය අහිමි කරමින් අවසන් වුනේ තවත් ඛේදවාචකයක් ලියා තබමිනි.

උපන් දින බැලුම් සමග ‌ජෛනා අවසන් ගමන් යයි 

උපන් දින බැලුම්

ඔන්ටාරියෝහි මයික් මැක්ලොග්ලෝන් සිය උපන් දිනය සිය මිතුරන් හා පවුලේ අය සමඟ සිය නිවසේදී සැමරුවා.

අමුත්තන් විසිර ගියා. මයික් මේසය පිරිසිදු කර, පිගන් සෝදා අවසන් කළා. ඉන්පසු ඔහු ඇවිද ගියේ සිය අට හැවිරිදි දියණිය වු ජෛනාගේ කාමරයටයි. ඒ ඇයගේ සුව දුක් විමසීමටයි. ඇයගේ පාද බ්ලැන්කට්ටුවෙන් එළියට ඇවිත් තිබෙනු ඔහු දුටුවා. මයිලර් බැලූනයක් ඇගේ හිසට උඩින් තිබුනා.

අවාසනාවකට ඇය හුස්ම ගත්තේ නැහැ.වෛද්‍ය නිලධාරීන් පැමිණෙන තෙක් මයික් බැලූනය කපා දමා සිය දියණියට කෘතිම ශ්වසනය ලබා දුන්නා. ඔවුන් මේ ගැහැණු ළමයාගේ දිවි රැකගැනීමට පැයකට ආසන්න කාලයක් උත්සහ කළා. නමුත් ඔවුන් ප්‍රමාද වුවා වැඩිය.  ඒ වනවිටත් සියල්ල සිදුවී හමාරයි.

“මේක සියල්ලන්ටම වේදනාකාරී මොහොතක්. අපිට අතීතයට ගිහින් ඊයේ දවස වෙනස් කරන්න පුළුවන් වුනා නම්,” ජෛනාගේ ආච්චි අම්මා වාර්තාකරුවන්ට පැවසුවා. මේ ඛේදවාචකයට මුහුණ දුන් මයික්ගේ පවුලේ සැමට බැලූන් වල අනතුරුදායක බව ගැන දැනුවත් කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. 

“එය විශාල මයිලර් බැලූනයක්. එහි විවිධ ප්‍රමාණයේ පිරවුම් සිදුරු තිබුනා. ඇය ඉන් එක සිදුරක් විවෘත කර හීලියම් උරා බොමින් හිසට ඉහලින් තබා ගන්නට ඇති බව අපි සිතනවා,” එය සිදු වූ අවස්ථාවේදී නිවසේ සිටි ආච්චි අම්මා  පවසා සිටියා.

ළමයින්ට හුස්ම හිරවීමට ප්‍රධාන හේතුව බැලූන් බව වාර්තා පවසනවා.

දරුවන්ට සිදුවන බොහොමයක් අනතුරුදායක මරණ සදහා හුස්ම හිරවීම හේතුවෙලා තියෙනවා. එසේ වෙද්දී බැලුම් වැනි අනතුරුදායක දේවල් ඔබේ පුංචි දරුවාට සමීප කිරීම භයානකයි. ඔබේ දෙනෙත් කොතරම් සුපරික්ෂාකාරී වුවද ඇහි පිය ගහණ තරම් පුංචි මොහොතක් ඔබේ දරුවාට අනතුරක් කිරීමට ප්‍රමාණවත්. සමහර විට අවසාන ප්‍රතිඵලය ඔබට ඔබේ ආදරණිය දරුවා අහිමිවීම වෙන්න පුළුවන්. ඒ නිසා එවන් ඛේදජනක ඉරණමක් ලගා නොකර ගැනීමට හැකි තරම් ඔබේ දරුවා ආරක්ෂිතව තබන්න.

බැලුමේ සැග වී එන මාරයා

නොසිතූ ලෙස වයස අවුරුදු 8 ක දියණිය බිලිගත් උපන්දින බැලුම

බැලුම් දරුවන්ට අනතුරුදායකයි.

බැලූන් වලින් දෙයාකාරයක අනතුරු වෙන්න පුළුවන්.

සමහර ළමයින් බැලුම් පුම්බන විට පිම්බුවේ නැති බැලුන් ඔවුන්ගේ මුඛය තුලට ඇද ගන්නවා.

මෙය සිදුවන්නේ දරුවෙකු බැලූනය තුලට වායුව පිඹ ඊළඟ වායු ධාරාව සඳහා සූදානම් වීමට හුස්මක් ගන්නා විට, බැලූනය නැවත මුඛය සහ උගුර දෙසට ඇදී යාමෙනි.

බැලූන් කෑලි නිසා දෙවන ආකාරයේ අනතුරු සිදුවෙනවා.

බැලූනයක් පුපුරා ගිය විට සමහර ළමයින් එම කැබලි සමඟ සෙල්ලම් කරනවා.එහිදි බැලූනයේ කෑලි හපමින් හෝ කට තබා  බුබුලු පුම්බන්න හෝ පුපුරවා හැරීමට උත්සාහ කරනවා.

මෙම ඇදෙන සුළු කොටස් උගුරට හා පෙනහලු වලට ඇලෙන අතර හුස්ම ගැනීම සම්පූර්ණයෙන්ම අවහිර කරනවා.

අවුරුදු අටට අඩු ළමයින්ට පුම්බනු නොලැබු බැලූන් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන ලෙස පාරිභෝගික නිෂ්පාදන සුරක්ෂිතතා කොමිෂන් සභාව විසින් දෙමාපියන්ට සහ භාරකරුවන්ට උපදෙස් ලබා දෙනවා. එවැනි ‌දේවල් දරුවන්ට ලබා ‌දෙන්න ඇත්තෙන්ම අවශ්‍ය නැහැ ‌නේද? පුම්බා දුන් බැලුමක් වුවත් දරුවන් ‌සෙල්ලම් කරද්දි පුපුරා ගියහොත් එහි ‌කොටස් ඒ ‌වේලා‌‌වේම ඉවත් කරන්න. දරුවන් බැලුම් වැනි අනතුරුදායක ‌දේවල් සමීපයේ ගැවසෙන විට නැතිනම් ඒවා සමග ‌සෙල්ලම් කරන විට සුපරික්ෂාකාරි ‌වෙන්න.

ඒ තමයි අවූරුදු 8 ක් වුන ජෛනාට ජිවිතය අහිමි කල කදුළු කථාවයි. ඒ දරුවාගේ ජිවිතය ‌මෙලොවින් සමුගන්නේ අන් සෑම ‌දෙමව්පියෙකුටම අනතුරු ඇගවීමක් ඉතිරි කරලා ‌නේද?

ඇත්තට දරුවන්ට හිරවෙන්න පුළුවන් බැලුම් විතරක් නෙමෙයි. නිවස තුල මේ වගේ සැගවුන මාරයින් ඔන තරම් ඉන්න පුළුවන්.

නොසිතූ ලෙස වයස අවුරුදු 8 ක දියණිය බිලිගත් උපන්දින බැලුම

ඔබේ දරුවා ආරක්ෂා කරගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවන්ගේ හුස්ම හිරවෙන්න පුළුවන් දේවල්

  • කොට්ට – දරුවාගේ නිදි යහනෙන් ‌කොට්ට ඉවත් කරන්න.
  • තොටිලි ඇතිරිලි – දරුවාගේ ‌තොටිල්ලට ඇතිරිලි හා බම්පර්ස් ‌යොදන්න එපා.
  • බ්ලැන්කට් – දරුවාගේ නිදි යහනෙන් ‌බ්ලැන්කට් ඉවත් කරන්න.
  • කාසි – දරුවාගෙන් ඈත් කර තබන්න.
  • බොත්තම් – දරුවාගෙන් ඈත් කර තබන්න.
  • පැතලි බැටරි – දරුවාගෙන් ඈත් කර තබන්න.
  • ඇට වර්ග – ‌පොඩිකර ආහාරයට දෙන්න.
  • ෂොපින් කවර – දරුවාගෙන් ඈත් කර තබන්න.
  • ලන්ච්ෂීට් – දරුවාගෙන් ඈත් කර තබන්න.
  • මිදි – කුඩා කැබලි කර ආහාරයට ලබා ‌‌දෙන්න.
  • කැරට් කැබලි – කුඩා කැබලි කර ආහාරයට ලබා ‌‌දෙන්න.
  • රට කජු – කුඩා කැබලි කර ආහාරයට ලබා ‌‌දෙන්න.
  • ජිල් බෝල – දරුවාගෙන් ඈත් කර තබන්න.
  • කුඩා සෙල්ලම් බඩු – දරුවාගෙන් ඈත් කර තබන්න.
  • ටොනික් මූඩි – දරුවාගෙන් ඈත් කර තබන්න.
  • බනිස් – කුඩා කැබලි කර ආහාරයට ලබා ‌‌දෙන්න.
නොසිතූ ලෙස වයස අවුරුදු 8 ක දියණිය බිලිගත් උපන්දින බැලුම

ඔබේ දරුවාට ආරක්ෂිත ‌සෙල්ලම් බඩු ලබා ‌දෙන්න.

පුංචි දරුවන්ට අනතුරු ගැන හැගීම ටිකක් අඩුයි. එයාලා අතට අහුවෙන දේවල් කටේ දාන්න පැකිළෙන්නේ නැහැ. ඒවා බැරි වේලා මුව ඇතුලට ගොස් ආහාර මාර්ගයට ඇතුල් වුවහොත් අනතුරුදායක බව අඩුයි. නමුත් ශ්වසන මාර්ගයට ඇතුල් වුවහොත් මාරාන්තික වෙන්න පුළුවන්.

ඔබේ දරුවා පහත ලක්ෂණ පෙන්වයි නම් හුස්ම හිරවීමක් වෙන්න පුළුවන්.

  • හුස්ම ගැනීමේ අපහසුතාවයක් පෙන්වයි නම්
  • හතිය හෝ අමුතු හඬක් ඇති වේ නම්,
  • කතා කිරීමට හෝ ඇඬීමට නොහැකි නම්,
  •  මුහුණ අතපය නිල් වීමක් පෙනේ නම්,
  •  සිහිමුර්ජා වේ නම්

එවන් අවස්ථාවක බබාට ප්‍රථමාධාර දෙන්න. අවශ්‍ය නම් කෘතිම ශ්වසනය දෙන්න. දරුවා ලගම ඇති රෝහලකට වහාම ගෙන යන්න. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව ‌දෙමව්පියන් වශයෙන් ඔබ වගකීමෙන් කටයුතු කරන්න. ‌දෙයක් සිදු වී පිළියම් ‌සෙවීමට වඩා දරුවන් ආරක්ෂා කරගැනීම සුදුසු ‌වෙනවා.

මේ සම්බන්ධව ඔබට ප්‍රශ්න හෝ පැහැදිලි කිරීම් තිබේනම් පහතින් සටහන් කරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • නොසිතූ ලෙස වයස අවුරුදු 8 ක දියණිය බිලිගත් උපන්දින බැලුම
බෙදාගන්න :
  • Birthday Balloon Kills 8-year-old Girl In Freak Accident

    Birthday Balloon Kills 8-year-old Girl In Freak Accident

  • ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

    ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

  • Birthday Balloon Kills 8-year-old Girl In Freak Accident

    Birthday Balloon Kills 8-year-old Girl In Freak Accident

  • ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

    ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it