theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කරවිල වල ඇති වටිනා ඖෂධීය ගුණ

4 අවම කියවීම
කරවිල වල ඇති වටිනා ඖෂධීය ගුණකරවිල වල ඇති වටිනා ඖෂධීය ගුණ

කරවිල වල ඇති තිත්ත රසය නිසා වැඩි දෙනෙක් කෑමට අකමැති එළවළුවක් වුනත් කරවිල වල ඇති වටිනා ඖෂධීය ගුණ පිළිබඳ ඔබ දැනගෙන හිටියාද?

කරවිල වල ඇති තිත්ත රසය නිසා වැඩි දෙනෙක් කෑමට අකමැති එළවළුවක් වුනත් කරවිල වල ගුණ පිළිබඳ ඔබ දැනගෙන හිටියාද? කරවිල ව්‍යංජනය, බැදුම, කරවිල සම්බෝලය හා කරවිල පානයක් ලෙසිනුත් රසවත් ලෙස සාදාගෙන ආහාරයට එකතු කර ගන්න ඔබට පුළුවන්.

ඉංග්‍රීසියෙන් බිටර් ගෝර්ඩ් (Bitter Gourd) නැතහොත් බිටර් මෙලන් (Bitter Melon) නමින් හඳුන්වන කරවිල වල විටමින් A, විටමින් C, යකඩ, සින්ක්, පොටෑසියම් වැනි සන්ඝටක අඩංගු වෙනවා. එයට අමතරව මෙහි ඇති කැලරි ප්‍රමාණය බොහොම අවම වීමත් වාසි සහගතයි.

කරවිල වල ගුණ

කරවිල වල ගුණ

  1. කොලෙස්ටරෝල් පාලනය

කරවිල මගින් ශරීරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය දහනය කර හෘදයාබාධ හා හදිසි ආබාධ ඇති කිරීම වළකනවා. රුධිර පීඩනය පාලනය කිරීම හා අධික ලෙස ශරීරයට පොටෑසියම් හා සෝඩියම් අවශෝෂණය කර ගැනීම පාලනය කරනවා.

කරවිල වල ගුණ

  1. පිළිකා සෛල විනාශ කිරීම

කරවිල ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර ඒ මගින් අග්න්‍යාශය ආශ්‍රිත පිළිකා, පුරස්ථිති ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, පියයුරු පිළිකා, මහ බඩවැල, අක්මාව, වකුගඩු හා ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවධානම අඩු කිරීමට සමත් වෙනවා.

  1. දියවැඩියාව පාලනය

කරවිල මගින් ශරීරයේ ඇති අතිරික්ත සීනි ප්‍රමාණය අඩු කර දියවැඩියාව පාලනය කරනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදු කරනවා.

  1. සිරුර තුළ පිෂ්ටය දහනය කිරීම

ශරීරයේ තැම්පත් වෙන වැඩිපුර පිෂ්ටය දහනය කිරීමට කරවිල වලට හැකියාව තිබෙනවා. අධික ලෙස පිෂ්ටය තැන්පත් වීම නිසා ඇතිවන තරබාරුව නැතිකර රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග පාලනය කරනවා.

  1. වකුගඩු වල ගල් ඉවත් කිරීම

වකුගඩු වල ගල් ඇති වූ විට කරවිල මගින් ඒවා සුව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ආහාරත් සමග ගැනීමෙන් ශරීරයට පහසුවෙන් උරාගැනීම නිසා ඖෂධ වලින් තොරව සුවකරගන්න පුළුවන්.

  1. ඇස් වල පෙනීමට

කරවිල වල ඇති බීටා කැරොටින් සහ විටමින් වැනි සංඝටක වලින් ඇසේ සුද ඇතිවීම හා දෘෂ්ඨි ආශ්‍රිත රෝග ඇතිවීම වළකනවා.

  1. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට

කරවිල මගින් වෛරස් හා බැක්ටීරියා සමග සටන් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. රෝග කාරකයන්ට එරෙහිව ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින් ලෙඩ රෝග වලින් වැළකී සිටීමට උපකාරී වේ.

  1. අක්මාව පිරිසිදු කිරීමට

කරවිල යුෂ පානයෙන් බඩවැල් පිරිසිදු කරන අතර අක්මාවේ ගැටළු වලටත් සුවදායකයි. එමෙන්ම ඒ මගින් මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වයත් වැඩි දියුණු කරනවා.

  1. සම පැහැපත් කිරීමට හා හිසකෙස් නිරෝගී කර ගැනීමට

    කරවිල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එහි ඇති විටමින් A සහ C මගින් සම පැහැපත් කර සමේ රැළි වැටීම් වළක්වනවා.

    එමෙන්ම එය සම UV කිරණ වලින් ආරක්ෂා කිරීමටත් උපකාරී වෙනවා. කරවිල යුෂ හිස මත ගැල්වීමෙන් හිසකෙස් යාම, රළු කෙස්, ඉස්සොරි සහ හිසෙහි කැසීම් වලට සුවයක් ගෙන දෙනවා.

    කරවිල යුෂ ඍජුවම හිසෙහි ආලේප කිරීමෙන් හිසකෙස් වැටීම වළක්වාගත හැකි අතර එයට මී කිරි ටිකක් එකතු කර ගැනීමෙන් හිස් කබලට සහ හිස කෙස් වලට කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරනවා.

  2.  සිරුරේ බර අඩු කර ගැනීමට

    මෙහි අඩංගු කැලරි ප්‍රමාණය ඉතා අවම බව කලින් සඳහන් කෙරුනා. එයට අමතරව කරවිල වල ඇති තන්තුමය බව (fibrous) නිසා එය ජීර්ණය වීමට ගතවන කාලය වැඩියි. මේ හේතුවෙන් කුසගිනි දැනීම අඩු වීමක් සිදු වෙනවා. මෙය සිරුරේ බර පාලනයට උපකාරී කරගන්න පුලුවන්.

11.  කිරි දෙන මවුන්ට පිළිගැන්වීමට

කරවිල වල ඇති විටමින් K, ලයිකොපීන් (Lycopene) සහ ප්‍රතිඔක්සිකාරක ගුණයන් (antioxidants) නිසා කිරි දෙන මවුන්ට කිරි වඩවන ආහාරයක් ලෙස එය ප්‍රචලිතයි.

 

කරවිල වල ගුණ: දරුවන්ව කරවිල කෑමට කැමැත්තක් ඇති කරන්නේ කෙසේද?

කරවිල වල ගුණ

වැඩිහිටියන් ගුණ ගැන සිතා හෝ කරවිල ආහාරයට ගත්තත් දරුවන්ට කරවිල කැවීම එතරම් ලේසි කාර්යයක් නෙමේ. නමුත් දරුවන් කරවිල වලට කැමැත්තක් ඇති වන ආකාරයට සකසා ගත්තොත් ඔවුනුත් කරවිල ආසාවෙන් කෑමට ගනී.

කරවිල සිහින් පෙති වලට කපා ලුණු දැමු ජලයෙන් සෝදා ගන්න. පසුව ඒවා සාදාගත් පාන් පිටි තැවරුමක ගිල්වා පාන් කුඩු තවරා ඒවා රන් වන් පැහැ වන තුරු ගැඹුරු තෙලේ බැදගන්න.

දැන් කර කර ගා රසට හැපෙන කරවිල පෙති බත් සමග දරුවන්ට පිළිගන්වන්න. ඒවා කරවිල බවවත්, තිත්ත රසයක්වත් නොදැනෙන නිසා දරුවන් ඉතා කැමැත්තෙන් ආහාරයට ගන්නා බව නම් විශ්වාසයි.

ශ්‍රී ලංකාවේ මෙය බොහෝ විට පොල් කිරෙන් පිස ගත් ව්‍යංජනයක් ලෙස හෝ කරවිල පෙති ලෙස කපා තෙලෙන් බැද සම්බෝලයක් ලෙසින් පිලිගැන්වුවද බටහිර රටවල සලාද ක්‍රමයටත්, පිරවීම් වලටත්, බේක් කරගන්නා ආහාරයක් ලෙසත් ගන්නා බවට අන්තර්ජාලයේ කියැවේ.

කරවිල වල ගුණ එසේ වුවද, කොයි දේත් පමණට වඩා ගැනීම හානිකර විය හැකියි. අදි මාත්‍රාවෙන් පරිභෝජනය කිරීම නිසා කලාතුරකින් බඩේ අජීර්ණය, වමනය වැනි තත්ත්වයන් ඇති වෙන්න පුලුවන්. ගර්භනී කාන්තාවන් ටත් කරවිල තරමක් දුරට අගුණ විය හැකි බවට පිලිගැනීමක් තිබේ.

 

මුල් ලිපිය: නිසංසලා ලියනගේ

සංස්කරණය - බෝසඳුන් ගුණසේකර

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මූලාශ්‍ර: Pregnagen.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • කරවිල වල ඇති වටිනා ඖෂධීය ගුණ
බෙදාගන්න :
  • කරවිල කන්න හොර බබාලට කරවිල කවාගන්න: රසම රස කරවිල චිප්ස්

    කරවිල කන්න හොර බබාලට කරවිල කවාගන්න: රසම රස කරවිල චිප්ස්

  • ගැබිණි මව්වරුන්ට ෆෝලික් ඇසිඩ් වල ගුණ

    ගැබිණි මව්වරුන්ට ෆෝලික් ඇසිඩ් වල ගුණ

  • කරවිල කන්න හොර බබාලට කරවිල කවාගන්න: රසම රස කරවිල චිප්ස්

    කරවිල කන්න හොර බබාලට කරවිල කවාගන්න: රසම රස කරවිල චිප්ස්

  • ගැබිණි මව්වරුන්ට ෆෝලික් ඇසිඩ් වල ගුණ

    ගැබිණි මව්වරුන්ට ෆෝලික් ඇසිඩ් වල ගුණ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it