theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කිසි දිනෙක දරුවාගේ සම මත කළු හෙනා රටා අඳින්නට දෙන්න එපා කියන්නේ මේ නිසයි!

5 අවම කියවීම
කිසි දිනෙක දරුවාගේ සම මත කළු හෙනා රටා අඳින්නට දෙන්න එපා කියන්නේ මේ නිසයි!කිසි දිනෙක දරුවාගේ සම මත කළු හෙනා රටා අඳින්නට දෙන්න එපා කියන්නේ මේ නිසයි!

කළු හෙනා රටා සම මත ඇඳීමට ගොස්හැ කුඩා දැරියක් මුහුණ දුන් භයානක ආසාත්මිකතා ප්‍රතික්‍රියාවට තුඩු දෙන මේ කතාව නොයෙක් රුපලාවන්‍ය ආලේපන වල ඇති යම් රසායන ද්‍රවය හා ඒවායේ ප්‍රතික්‍රියා ගැන ඔබට මනාව පැහැදිළි කර දෙනවා.

කළු හෙනා ටැටූ කියන්නේ නව යොවුන් දැරියන් අතරේ බොහොම ජනප්‍රිය විලාසිතාවක්. කුඩා දැරියන් පවා කළු හෙනා ටැටූ එකක් ඇඳගන්න විශේෂයෙන් නිවාඩු දවස් වල  මඟ බලා ඉන්නවා. ඉතින් මේ කතාව කියවූ පසු නම් යලිත් ඔබේ දෝනිට කළු හෙනා ටැටූ අඳින්න කලින් ඔබ දෙවරක් සිතනවා නොඅනුමානයි.

කණපිට පෙරලුන නිවාඩුව

හත් හැවිරිදි මැඩිසන් ගලිවර් තම මව හා පියාත් නව හැවිරිදි සොහොයුරා - සෙබස්තියන් උත් සමඟ සිටියේ ඊජිප්තුවේ නිවාඩුවක් ගත කරමින්. මැඩිසන්ගේ පියා මාටින්ට අනුව නිවාඩුවේ දෙවන සතිය වන තුරු නිවාඩුව ගත වුයේ ඉතා සොඳුරු ලෙස.  

නිවාඩුවෙන් සති දෙකක් ගෙවුණු පසු මැඩිසන්ගේ මව සිල්වියා  උණ්ඩුකපුච්චියේ ආසාදනයක් නිසා වහාම රෝහල්ගත කරන්නට සිදු වුනා. සුව වන තුරු ඇයව දින දෙකක් රෝහල්ගත කෙරුණා.

මෙම කාලය තුළ දරු දෙදෙනාගේ හොඳ හැසිරීම නිසා ඔවුන්ව පුංචි තිළිණයකින්  මවිත කරන්නට මාටින් තීරණය කළා. ඉතින් ඒ වෙනුවට මාටින් කලේ හෝටල් පරිශ්‍රදය තුළ හෝටල් නෙවසිකයින් වෙත ලබා දුන් කළු හෙනා ටැටූ සේවාවට දරු දෙදෙනා ගෙන ගොස් හෙනා ටැටූ එකක් ලබා දීමට තීරණය කිරීමයි.

මුලින්ම ටැටූ රටාව ඇඳගත් පසු සෙබස්තිටියන් තම අතෙහි දැවිල්ල ගතියක් ඇති වන බවට කිවේ වේදනාවෙන්. එසැනින්ම ඔහුගේ ටැටූ එක සෝදා හැරියා. මැඩිසන්ගේ අතට වෙනසක් තිබුනේ නැහැ.

කිසි දිනෙක දරුවාගේ සම මත කළු හෙනා රටා අඳින්නට දෙන්න එපා කියන්නේ මේ නිසයි!

මැඩිසන් ඇගේ මවු රටට යළි පැමිණේ

ජූලි මස ඊජිප්තුවේ ගත කල නිවාඩුවෙන් පසු මැඩිසන් පවුල යලි එංගලන්තයේ තම නිවෙස් වලට ගියා. ඉක්බිති කුඩා මැඩිසන් තම ටැටූ රටාවේ කැසීමක් ඇති බව කියා සිටියා. ඇයව වෛද්‍යවරයකු වෙත ගෙන යාමෙන් අනතුරුව කැසීම අඩු කරවීමට ස්ටෙරොයිඩ් ක්‍රීම් එකක් ආලේප කෙරුනා. නමුත් මෙයින් කිසිඳු සුවයක් ලැබුනේ නැහැ.

තව මොහොතකින් ඇගේ ටැටූ රටාව ඇඳි සම භයංකර ලෙස පිළිස්සුම් තුවාලයක් මෙන් ඉලිප්පෙන විට භියපත් වූ පවුලේ උදවිය තැති ගෙන පිළිස්සුම් සඳහා පාවිච්චි කරන ක්‍රීම් හා ආලේපන වර්ග ඒ මත ආලේප කල මුත් ඒ කිසිවකින් පලක් වූයේ නැහැ.  ගත් ඇගේ මාපියන් වහාම ඇයව රෝහලට ගෙන ගියා.   

පසුව වහාම යළි රෝහල්ගත් කෙරුණු ඈ පිළිස්සුම් තුවාළ ඒකකය වෙත යොමු කෙරුනා. මෙම පිළිස්සුම් දිය බුබුළු වැනි තුවාල තුලින් එලියට එන ශ්‍රාවය පරික්ෂාවට ලක් කළා. එහි PH අගයේ වෙනස්කම් වලින් මෙම තත්වය රසායනික පිළිස්සීමක් නිසා ඇති වූ බව තහවුරු වූයේ වෛද්‍යවරුන් මවිතයට පත් කරමින්. මේ නිසා මෙම තුවාල වූ උඩු හමේ තරලය සහිත ස්තරය ශල්‍යකර්මයක් මගින් ඉවත් කොට තුවාල වූ සමට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් තීරණය කළා.

කිසි දිනෙක දරුවාගේ සම මත කළු හෙනා රටා අඳින්නට දෙන්න එපා කියන්නේ මේ නිසයි!

කළු හෙනා මිශ්‍රණයේ විශකර රසායනික සංඝටකය

ආදර දෙමාපියනි, හෙනා අලෙපනයකින් මෙතරම් හානියක් සිදු කරන්නට තරම් හේතු වූයේ කුමක්ද කියා ඔබ පුදුම වෙමින් හිතනවා ඇති. මෙයට හේතුව තමා ඇතැම් කළු හෙනා ආලේපන වල තිබිය හැකි PPD පරෆෙනිලිනිඩියමින් (paraphenylenediamine) නම් වූ විෂකාර සංඝටකය.

PPD යනු ඇතැම් රුපලාවන්‍ය ආලේපන වලට එක් කල හැකි සංඝටකයක්. හිසකෙස් වර්ණක, හිරු ක්‍රීම් වර්ග ආදිය සඳහා මෙය එක් කිරීමට නීතිමය වශයෙන් බාධාවක් නැති මුත් එය එක් කල යුත්තේ ඉතාමත්ම කුඩා ප්‍රමාන වලින්. කළු හෙනා ආලේපන වල මෙම සංඝටකය වැඩිපුර නොහොත් පාලනයකින් රහිතව යොදා ගැනෙන නිසා සාමාන්‍ය සමට මෙය ඉතා විෂකාර විය හැකි වනවා.

වෛද්‍ය Dr. Chris Flower, director general of the Cosmetic, Toiletry and Perfumery Association in the UK, explains:  

පැවසූ පරිදි PPD යනු සාමාන්‍යයෙන් ඇතැම් රුපලාවන්‍ය ආලේපන සඳහා යොදා ගැනෙන සහ යොදාගැනීමට අවසර දී ඇති සංඝටකයක්. මෙය පාලනයක් සහිතව යොදා ගැනීමෙන් සිරුරට කිසි සේත් හානිකර නැහැ. ආලේපන සඳහා අලේප කළ හැකි උපරිම ප්‍රමාණය ගැන නිෂ්පාදකයින් දැනුවත් කර ඇති අතර එම ප්‍රමාණ නීතියෙන් පාලනය වනවා. කළු හෙනා රටා ආලේපන වල ඇති ප්‍රශ්නය වන්නේ ඉක්මනින් තද පැහැ ගැන්වීම සඳහා ඔවුන් මෙම සංඝටකය පාලනයකින් තොර, වැඩි ප්‍රමාන වලින් යොදා ගන්නවා. මේ නිසා තාවකාලික පච්චාවක් නොහොත් ටැටූ රටාවක් සඳහා මෙය සම මත ආලේප කිරීමෙන් අධික PPD ප්‍රමාණය සම මත පිළිස්සුම් ඇති කර අහිතකර ප්‍රතික්‍රියා ඇති කරනවා.   

විශේෂයෙන්ම ළදරු සම උවමනාවටත් වඩා සංවේදී සහ මෙලෙක් වන බැවින් ඔවුන්ගේ සමට මැඩිසන්ට මෙන් විශාල ලෙස බලපෑම්   ඇති වන්නට පුළුවන්.

සුව අතට හැරීම

මැඩිසන් දැන් සුව අතට හැරෙමින් සිටින බවට වාර්තා වන මුත් ඇගේ හානි වූ  අතෙහි සම සදාකාලික වූ විකෘති කැළලක් ඉතිරි කර ඇති බව ඇගේ පියා මාටින් පවසනවා. “මෙම ටැටූ රටාව අප සිටි හෝටලයේ සැලෝන් එකෙන් ඇඳි එකක්. ඔවුන් කියා සිටින්නේ මෙය ටැටූ ආලේපනය නිසා සිදු වූවක් නොවන බවත්, එය මගේ දියණියගේ හමෙහි සංවේදී බව නිසා ඇති වූ ප්‍රශ්නයක් බවත්ය. මගේ දුවගේ ඇඟිලි තුඩු වලින් පටන් ගෙන වැලමිට දක්වාම තුවාල වී ඇති අතර ඇය සිටින්නේ ඉමහත් වේදනාවෙන්.”

මේ වරදට මමත් වග කියන්න ඕනේ, මොකද මා මේ ගැන දැනුවත් වී සිටියේ නැහැ. එනමුත් මෙම සැලෝන් එකෙන් පවා මෙවැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමේදී ඒ ගැන මිනිසුන්ව දැනුවත් කල යුතුයි. විශේෂයෙන් දරුවන්ගේ සම මත මේවා යෙදීමේදී.

අපි හිතනවා අපේ චාරිකා සංවිධායකයින් මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත් කියා. අපි සිදු වූ දෙයට අලාභ ඉල්ලන්නේ නැහැ. නමුත් අපට අවශ්‍යයි මේ ගැන සියලු දෙනාවම දැනුවත් කරන්න.

අපට දැන් වැඩියෙන් වැදගත් වන්නේ මැඩිසන් ඉක්මන් සුවයත්, එම තුවාලයෙන් වූ කැළල ඉක්මනින් මකා දැමීමට කල හැකි සියලු දේ කිරීමත් වනවා.   

මේ අතර ඔවුන් සිටි හෝටලය ඔවුන්ගේ කනස්සල්ල ප්‍රකාශ කර ඇති අතර හෝටලයේ ටැටූ රටා ඇඳීමේ සේවාව වහාම නවතා දමා ඇති බවට දන්වා තිබෙනවා.

කිසි දිනෙක දරුවාගේ සම මත කළු හෙනා රටා අඳින්නට දෙන්න එපා කියන්නේ මේ නිසයි!

ටැටූ රටා අඳින කළු හෙනා සහ සාමාන්‍ය හෙනා අතර වෙනස

ආදර දෙමාපියනි, ඔබට පැහැදිලිව කිව යුත්තේ මෙම අනතුරු ඇඟවීම් ටැටූ රටා අඳින කළු හෙනා ගැන මිසක හිස ගලවන සාමාන්‍ය හෙනා ගැන නොවේ. සාමාන්‍ය හෙනා වර්ණකය නිපදවෙන්නේ අප්‍රිකාවේ, ආසියාවේ හා ඕස්ට්‍රේලියාවේ වැවෙන විශේෂ පැලෑටියකින්.  මෙම හෙනා වර්ගයෙන් සම තැඹිලි, රතු හෝ ලා දුඹුරු පැහැයක් ගන්වන අතර කළු පැහැ ගන්වන්නේ නැහැ. මෙම සාමාන්‍ය හෙනා වර්ගය දුර්ලභ වන අතර වෙළඳපලේ නිතර සොයා ගැනීමට  අපහසුයි.

මේ නිසා අප තරයේ නිර්දේශ කරන්නේ පුරුද්දක් ලෙස කුමන ස්ථිර හෝ තාවකාලික වර්ණකයක් සම මත අලේප කිරීමට මත්තෙන් patch test එකක් නොහොත් ඔබේ සම මත ප්‍රතික්‍රියා පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • කිසි දිනෙක දරුවාගේ සම මත කළු හෙනා රටා අඳින්නට දෙන්න එපා කියන්නේ මේ නිසයි!
බෙදාගන්න :
  • අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

    අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

  • සමේ ඉන්නන් සහ කළු ලප ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

    සමේ ඉන්නන් සහ කළු ලප ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

  • අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

    අත් යට කළු වීම අඩු කරන ස්වභාවික අමුද්‍රව්‍ය 5 ක්

  • සමේ ඉන්නන් සහ කළු ලප ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

    සමේ ඉන්නන් සහ කළු ලප ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it