theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්න

6 අවම කියවීම
මව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්නමව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්න

මව්කිරි වල ලේ මිශ්‍ර වෙලා කියා දුටුවොත් ඔබ කුමක් කරාවිද? බබාට එය පොවනවද නැතිනම් විසි කරනවද? මව්කිරි වලට රුධිරය මිශ්‍ර වීම ගැන ඔබේ හිතට පැනනගින ගැටළු වලට පිළිතුරු මෙතැනින්

ඉතින් දැන් ඔබ කිසිඳු අභියෝගාත්මක මුල් දවස් පසු කරල, කිසි ගැටළුවක් ලෙස මව් කිරි දෙනවා විතරක් නොවෙයි දොවා ඩබඩා කරනවා වෙන්නත් පුළුවන්. නමුත් කොයි තරම් නිර්භීත අම්මෙක් වුවත් මව්කිරි සමඟ ලේ මිශ්‍රවීම නිසා රත් පැහැ වූ මව්කිරි දුටු විට හොඳටම බියපත් වෙනවා.

මව්කිරි වල රුධිරය! මෙම දර්ශනය ඉතා නිර්භීත අම්මාව පවා බිය ගැන්වීමට ප්‍රමාණවත්ය.

කෙසේ වෙතත්, මව්කිරි සමඟ ලේ මිශ්‍රවීම ඇත්තවශයෙන්ම ඔබ සිතනවාට වඩා බහුලව දක්නට ලැබෙන තත්වයක්, විශේෂයෙන්ම පළමු වරට මව්කිරි දෙන මවුවරුන් මේ අත්දැකීමට වැඩිපුර මුහුණ දෙනවා.

පුරුද්දක් ලෙස රුදීරය දැකීමෙන් අපි තැති ගන්නවා, එය බිය වීමට කාරණාවක් බව සළකනවා, නමුත් “ස්ට්‍රෝබෙරි කිරි” (සමහර අම්මලා ලේ මිශ්‍ර කිරි මෙලෙස හඳුන්වනවා) දැකීමෙන් සාමාන්‍යයෙන් කලබල වීමට අවශ්‍යතාවයක් නැහැ.

ඇත්ත වශයෙන්ම, බොහෝමයක් අම්මලා කිරි දොවාගත්තොත් මිසක්, කිරි වලට ලේ මිශ්‍ර වූ බවක් දකින්නේත් නැහැ. මවුකිරි පොවන අම්මලා දරුවාගේ කට වටේ ඉහිරුනු මව්කිරි වල ඇතැම් විට ලේ මිශ්‍ර වූ බව දකිනවා.

මව්කිරි සමඟ ලේ මිශ්‍රවීම සිදුවන්නේ ඇයි?

1. තනපුඩු තුවාල වීම නිසා

තන පුඩු වලට හානි වීම සාමාන්‍යයෙන් ඔබේ මව්කිරි වල රුධිරය එක්තු වීම වඩාත් බහුල ලෙස දකින්නට පුළුවන් තත්වයක්පො. තුවාල වුණ තන පුඩු බොහෝමයක් මව්වරුන් අත්දකින තත්වයක් වන අතර මෙය මූලික හේතුව වන්නේ කිරි උරා බීමට බිළිඳා නිසියාකාර ලෙස ස්ථානගත නොකිරීමයි (latching).

බිළිඳාගේ මුඛය වැරදි ලෙස ස්ථානගතව තිබුනත්  ඔබේ දරුවා දැඩි ලෙස උරා බොන විට, තන පුඩු තුවාල වී ලේ ගලන්නට පටන් ගන්නවා.

ඔබේ ළදරුවාගේ මුඛය පියයුරු මත ස්ථානගත කිරීම වඩාත් සාටර්ථකව කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් සහ තොරතුරු සඳහා වින්නඹු මාතාවකගෙන් හෝ මව්කිරි දීම පිළිබඳ උපදේශකවරයකු හෝ හෙදියක් හෝ අමතන්න පුළුවන්.

එමඟින් ඔබේ තනපුඩු වලින් වන රුධිර වහනය නවත්වා, ඊට වලට වන හානිය සුව කිරීමටද හැකි වනු ඇත

blood in breastmilk

නිවැරදි ලෙස දරුවාගේ මුඛය පියයුරු මත ස්ථානගත කිරීම මගින් තන්පුඩු තුවාළ වීම වලක්වාගන්නට පුළුවන්

2. ධමනි වල රුධිරය පිරීම (Vascular engorgement)

මව්කිරි වල මලකඩ පැහැයක් දිස වන තත්වයක් වන රස්ටි පයිප් සින්ඩ්‍රෝමය (Rusty Pipe syndrome) ලෙසද හැඳින්වෙනවා.

මෙම තත්වය දරු ප්‍රසූතියෙන් පසු අම්මලා තුළ ඇති වන අතර මුල් වරට මවුපදවිය ලැබූ කාන්තාවන් අතර වඩාත් බහුලව දක්නට ලැබේනවා.

එය සිදු වන්නේ උපතින් පසු පියයුරු වලට රුධිරය වැඩි වීම නිසා ගර්භනී මවගේ කිරි නිපදවන පටක වේගයෙන් වර්ධනය වීමත් සමඟ ඔබේ පියයුරු වල කිරි නාල සහ කිරි සාදන සෛල වර්ධනයට වීම නිසායි.

සතියකට පමණ පසු මෙම වාහිණී යළි යතා තත්වයට පත් වන අතර එය නැවත් නැවතත් උද්ගත වන තත්වයක් නොවන බැවින් ප්‍රතිකාර අවශ්‍ය වන්නෙ නැහැ.

එසේම, විශේෂඥයින් මෙම තත්වය ඇති මවුවරුන්ට නිර්දේශ කරනුයේ දිගින් දිගටම මව්කිරි දීමටයි.

කෙසේ වෙතත්, මෙම රුධිර වහනය සතියක් ඉක්මවා පවතී නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි.

3. ඉන්ටර්ඩක්ටල් පැපිලොමා (Intraductal papilloma)

මේ තත්වය නම් කිරි නළයක කුඩා ප්‍රණාල බිත්තියක හට ගන්නා කුඩා ඉන්නන් වැනි වර්ධනයකි.

මෙය හීන වී යනුයේ රුධිරවහනයකුත් සමඟයි. මෙම තත්වය සාමාන්‍යයෙන් එක් පියයුරක මපමණක් දක්නට ලැබෙන අතර  දෑතින් පිරිමැදීමෙන් එය අතට නොදැනේ.

පියයුරු පැපිලෝමා (Breast papilloma) තත්වයක් ඉබේම පහව යන තත්වයක් නිසා  ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවේ.

4. හානි වූ කේශනාලිකා (Broken capillaries)

පියයුරු රළු ලෙස හැසිරවීම, අතින් මව්කිරි දොවාගැනීමෙදී පමණට වඩා දැඩි තෙරපුමකට ලක් කිරීම හෝ පියයුරු පොම්පය වැරදි ලෙස භාවිතා කිරීම ආදිය නිසා මෙම තත්වය ඇති විය හැක.

විශේෂයෙන් පියයුරු පොම්පය භාවිතා කිරීමේදී මෙම තත්වය ඇති වුවහොත් එහි මව්කිරි උරාගන්නා පීඩනය අඩු කිරීමට වගබලාගන්න. (මව්කිරි වල දීප්තිමත් රතු රුධිරය පෙන්නුම් කරයි නම් ඉන් කියැවෙන්නේ හානි වූ ප්‍රභවය බොහෝ විට ඔබේ තනපුඩු ආසන්නයේම ඇති බවයි). එම නිසා එම ප්‍රදේශයේ පීඩනය අඩු කරගැනීමෙන් ඉක්මන් සුවයට ඉඩ සැලසෙනු ඇත.

blood in breastmilk

බොහෝ අවස්ථා වල රුධිරය මිශ්‍ර වූ මව්කිරි දරුවාට දීමෙන් හානියක් වන්නේ නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මෙලෙස මව්කිරි සමඟ ලේ මිශ්‍රවීම තුළින් අවපැහැ වූ මව්කිරි දරුවාට පෙවීම සුදුසූද?

ඔවෙ. වෛද්‍ය විශේෂඥයින්ට අනුව ඇතැම් අවස්ථා වලදී හැරුනුකොට, මෙම මව්කිරි දරුවාට පෙවීමෙන් කිසිඳු ගැටළුවක් ඇතිවන්නේ නැහැ.

වෛද්‍ය විශේෂඥයින් තවදුරටහ් පවසන්නේ, ලේ මිශ්‍ර මව්කිරි දරුවාට දීමෙන්, දරුවා මව්කිරි ඉවතට කෙල ගැසීමේ සම්භාවිතාව වැඩි බවයි.

ඇතැම් විට දරුවාගේ මළපහ සමඟ රුධිරය දැකිය හැකි බවත් ඔවුන් පවසනවා.

නමුත් මේවා දරුවාට මව්කිරි දීම නැවැත්වීමට හේතුවක් නොවන බවය.

මෙම රුධිර වහනයෙන් දරුවාට හානියක් නොවන අතර මව්කිරි දීම දිගින් දිගටම සිදු කිරීම නිර්දේෂ කෙරෙනවා.

කෙසේ වෙතත්, දරුවාගේ මළපහ සමඟ රුධිර මිශ්‍ර වීමක් පෙනෙන්නට තිබේ ද?

එසේ නම්, එය මව්කිරි සමඟ මිශ්‍ර වූ ලේ වල ප්‍රතිඵලයක් බව තහවුරු කරගත යුතුයි.

මේ ගැන සැකයක් තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වනවා.

ලේ මිශ්‍ර මව්කිරි දරුවාට නොදිය යුත්තේ කුමන අවස්ථා වලදීද?

මව්කිරි වලට ලේ මිශ්‍ර වන බව දුටුවත්, දිගින් දිගටම මව්කිරි දීමට නිර්දේෂ කෙරුනත්, එසේ නොකළ යුතු අවස්ථාද නැතුවා නොවෙයි.

  • එච්.අයි.වී / ඒඩ්ස් (HIV/AIDS) රෝගයට ලක්වූ මව්වරුන් ලේ මිශ්‍ර මව්කිරි තම බිළිඳාට පෙවීමෙන් වැළකිය යුතුයි.
  • හෙපටයිටිස් (hepatitis), සෙප්සිස්  (sepsis) හෝ එවැනි වෙනත් බරපතල රෝගයකට ලක්ව ඇති  මව්වරුන් ලේ මිශ්‍ර මව්කිරි තම බිළිඳාට පෙවීමෙන් වැළකිය යුතුයි.

මෙවැනි තත්වයකට මෑත ඉතිහාසයේ ගොදුරුව ඇති මවක් නම්, මව්කිරි සමඟ ලේ මිශ්‍ර වීමක් දුටු විට තම වෛද්‍යවරයා හමුවී උපදෙස් ගැනීම වඩාත් සුදුසු වනවා.

ඔබේ රුධිරය හරහා දරුවාට රෝග ආසාදනය වීමේ අවදානමක් තිබේද යන්න තීරණය කිරීමට ඔබේ වෛද්‍යවරයාට හැකි වනු ඇත.

ඒ අනුව ඔබ දිගින් දිගටම දරුවාට ලේ මිශ්‍ර වීම අතරතුර දරුවාට මව්කිරි දීමේ සුදුසු හෝ නුසුදුසු බව වෛද්‍යවරයා විසින් නිර්ණය කෙරෙනු ඇත.

blood in breastmilk

ලේ මිශ්‍ර මව්කිරි ගබඩා කිරීමේදී එහි අඩංගු රුධිර රසය දැඩි වන්නට ගන්නවා. මේ නිසා එය ඉක්මනින් ශරුවාට ලබාදීම වඩාත් සුදුසුයි.

ලේ මිශ්‍ර මව්කිරි ගබඩා කිරීම

මව්කිරි වල මිශ්‍ර වූ රුධිර සාන්ද්‍රණය අධික නම්, ඇතැම් දරුවන් මව්කිරි බීම ප්‍රතික්ෂේප කරනු ඇත.

මෙම මව්කිරි දොවා ගබඩා කිරීමෙන් එහි අඩංගු රුධිර රසය තවත් වැඩි වනු ඇත.

මේ නිසා, දොවාගත් මව්කිරි වල ලේ මිශ්‍ර බව ඔබට පෙනෙන්නට තිබේද?

එසේ නම්, එය ගබඩා නොකර හැකි ඉක්මනින් දරුවාට පෙවීම වඩාත් සුදුසු වනු ඇත.

මව්කිරි සමඟ ලේ මිශ්‍රවීම: තනපුඩු වලින් රිධිරය ගැලීම නවත්වන්නේ කෙසේද?

බොහෝ විට මෙම තත්වය කාලයාත් සමඟම පහවී යනු ඇත.

කෙසේ නමුත්, මව්කිරි දීම පමණට වඩා වේදනාකාරී වුවහොත්, දිනකට 8 හෝ 10 වරක් කිරි දොවාගෙන ගබඩා කරගන්න.

නමුත්, රුධිරය වහනය වූවත් දිගින් දිගටම දරුවාට මව්කිරි පෙමීම ඔබේ අධිෂ්ඨානය නම්, වේදනාව තුරන් කරගැනීමට අවශ්‍යද?

එසේ පහත දැක්වෙන මේ උපක්‍රම ඔබට ප්‍රයෝජනවත් වේවි.

  • තුවාල නොවූ පියයුරෙන් මව්කිරී දීම ආරම්භ කරන්න.

පැටියාගේ තිබහ සහ බඩගින්න මදක් අඩු වූ පසු අනෙක් පියයුරෙන් කිරි උරා බීමේ වේගය සාපේක්ෂව වඩාත් අඩු වනු ඇත.

  • මව්කිරි දීමට ප්‍රථමයෙන් තුවාල වූ තනපුඩු මත යන්තමින් අයිස් තබාගන්න.

කිරි උරන්නට පටන් ගත් මොහොතේ වේදනාව අධික වන බැවින් මෙමගින් එම ප්‍රාථමික වේදනාව සමනය වේවි.

  • මව්කිරි දීමේදී විවිධ ඉරියව් අථදා බලන්න. ඔබටත්, දරුවාටත් වඩාත් පහසු ඉරියව්ව සොයාගත් හැකි වේවි.

සැළකිය යුතුයි: තනපුඩු වලින් රුධිරය වහනය වීම සති දෙකකට වඩා කාලයක් ඇවතුනහොත් වහාම වෛද්‍ය සහය පතන්නට වගබලාගන්න.

එමෙන්ම ඔබේ තනපුඩු වලින් රුධිරය වහනය වීම ගැන හෝ මව්කිරි වලට ලේ මිශ්‍ර වීම ගැන ඔබට සැකයක් හෝ අපැහිදිළිතාවක් තිබේද?

එසේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වනවා.

සමහර අවස්ථාවලදී, බුරුළු ප්‍රදාහය (mastititis) සහ තනපුඩු තෙරපීම (nipple thrush) වැනි ආසාදන නිසා රුධිරය හා සැරව ඔබේ කිරි වලට කාන්දු වනු ඇත.

මෙවැනි ආසාදනවලට සෑම විටම පාහේ හැකි ඉක්මනින් ප්‍රතිජීවක ඖෂ්ධ සමඟ ක්ෂණික ප්‍රතිකාර අවශ්‍ය වේ.

මෙවැනි තත්ව නොසලකා හැරීමෙන් හා නිසි වේලාවට ප්‍රතිකාර නොගැනීමෙන් මව්කිරි නාල තාවකාලිකව අවහිර වීම නිසා මව්කිරි දීම විශාල අභියෝගයක් විය හැකියි.

*මෙම කරුණු ලේඛිකාවගේ ස්වාධීන දත්ත ගවේෂණය ආශ්‍රයෙන් ලියැවී ඇත. ඔබ හෝ දරුවා අත්දැකිය හැකි සියළු සෞඛ්‍යය ගැටළු සඳහා නිරන්තරයෙන්ම ඔබ යොමු විය යුත්තේ  වෛද්‍යවරයෙකු වෙතට බව කරුණාවෙන් සළකන්න. 

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්කිරි දීම ආශ්‍රිත ගැටළු
  • /
  • මව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්න
බෙදාගන්න :
  • මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

    මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

  • මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

    මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

  • මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

    මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

  • මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

    මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it