theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීම

7 අවම කියවීම
ගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීමගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීම

ගැබිණි මවක් බෝධි පූජා සිදු කල යුතු ආකාරය ඔබ දැනුවත්ද?

ගැබිණි මවට බෝධි පුජා කරන ආකාරය දැනගන්න ගොඩාක් මව්වරු කැමති ඇති.

මේ ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන මහතා අතින්  ලියවුන ලිපියක් වෙන අතර එය ගැබිනි මව්වරුන් සදහා ලියවුන ලිපි පෙළක කොටසකි.

සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් වැනි අති දුෂ්කර කාලයක් මුල්ලේ පතන ලද බුද්ධත්වය උන්වහන්සේට ලැබුණේ බෝධි වෘක්‍ෂය මුලදීය.

උන්වහන්සේ බුද්ධත්වය ලද පසුව සතියක්ම එහි ගත කළ සේක. (පඨමංබෝධි පල්ලංකං) ඉන් පසුව සතියක්ම ඇසිපිය නොහෙළා බෝධිය දෙස බලා සිටිමින් අනිමිස ලෝචන පූජාව කළ සේක.

(තියංච අනිම්මිසං) ලෝකයේ ඉහළම තත්ත්වයට පත් බුහිමියන් මෙබඳු පූජාවන් කළේ මක් නිසාද යන්න වටහා ගැනීම කාලෝචිතය.

නිවන අවබෝධ කිරිම නිසා තත්ත්වයන් තුනකට පත්විය හැකිය. ඒ රහත් බව, පසේබුදුබව හෝ සම්මා සම්බුදුබවයි. මෙයින් රහත් බව හෝ පසේ බුදු බව ඕනෑම තැනකදි ලැබිය හැකිය. ඊට බාධාවක් නැත.

එහෙත් සම්මා සම්බුදු බව ලබන්නේ බෝධියක් (ගසක්) මුලදි පමණි.

මේ ගසට බෝධි වෘක්‍ෂය යැයිද බෝ ගස යැයිද කියනු ලැබේ.

ගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීම

එසේ කියනු ලබන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබීමට උපකාර වූ ගස යන අර්ථයෙනි.
මේ අනුව කකුසඳ බුදුරජාණන් වහන්සේ මහදි ගසක් මුලද, කෝණාගම බුදුන් වහන්සේ දිවුල් ගසක් මුලද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නුග ගසක් මුලද, පදුමුත්තර බුදුන් වහන්සේ සල්ගසක් මුලද ආදි වශයෙන් බුද්ධත්වය අවබෝධ කරගෙන ඇත්තේය.

බුදුවරුන් විසි අටදෙනාට බුදුවීමට උපකාර වූ ගස් වලට අටවිසි බෝධි යැයි කියනු ලැබේ.

දැනටමත් බොහෝ විහාරස්ථානවල මේ අටවිසි බෝධි රෝපණය කර තිබේ.

යම් ගොඩනැඟිල්ලක් තුළ හෝ හිස් භූමියක් තුළ බුද්ධත්වය නොලැබෙන්නේත් ඊට වෘක්‍ෂයක් උපකාර වන්නේත් වෘක්‍ෂයක විශේෂ බලයක් ඇති නිසාය.
මිනිසෙකු විසින් රෝපණය කරන ලදුව ඉතිහාසයේ සඳහන් වන පැරණිතම වෘක්‍ෂය ජය ශ්‍රී මහා බෝධිය බව මෙහිදි සඳහන් කළ යුතුවේ.

එදා සිට අද දක්වා විවිධ කරුණු සාර්ථක කර ගැනීම උදෙසා බෝධිපූජා පැවැත්වීමට සැදැහැවත් බෞද්ධයෝ පෙළඹී සිටිති.

බෝධි පූජාව බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ බව ද මෙහිදි සිහිපත් කිරිම වටී.

උන්වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ වදාළහ.

“ආනන්ද… ශාරිරික, පාරිභෝගික, උද්දේසික යැයි චෛත්‍යයෝ තිදෙනෙක් වෙති. ශාරිරික චෛත්‍ය කළ හැක්කේ බුදුවරු පිරිනිවීමෙන් පසුවය. බුදුවරු පාරිභෝග කළ මහාබෝධිය වනාහි බුදුවරු ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක්ම වන්නේය”

මේ අනුව බෝධි පූජාව යනු බුදුන් වහන්සේ විසින් කරන ලද්දා වූද අන් අයට එය කිරිමට අනුදැන වදාළා වූද පූජාවකි.

බෝධි පූජාවෙන් ලැබිය හැකි ආනිශංස බොහෝය. ඒ බව බෝධි වන්දනා ගාථා වලින් ද ප්‍රකට වේ.

ආයුං ආරෝගතං වණ්ණං
යසං කිත්තිං ධනං බලං
වඞ්ඪෙන්තං පූජයන්තානං
වන්දේතං බෝධිමුත්තමං
පුදන්නවුන්ට ආයුෂ නිරෝගි බව, ශාරිරික වර්ණය, යසස, කීර්තිය, ධනය හා බලය යන මේවා වර්ධනය කරන්නාවූ උත්තම බෝධින් වහන්සේට වඳිමි. යනු එහි තේරුමයි.

සසර දුක නිවා දැමීම සම්පූර්ණ වන්නේ නිවන් දැකීමෙනි.

එහෙත් එතෙක් සසර ගමන් ගන්නා අපට නිරෝගි බව, ආයුෂ, ධනය, බලය වැනි දේ අවශ්‍ය වේ.

මේවා ලබා ගැනීමට හෝ වෙනක් ලෞකික ප්‍රාර්ථනා සඵල කර ගැනීමටත්, උතුම් නිවන අවබෝධ කර ගැනීමටත් බෝධි පූජාව උපකාර වනු ඇත.

මෙසේ බෝධි පූජාව කරන සැදැහැවතුනට කුශල ශක්තිය රැස්වේ. කුශල ශක්තිය යනු වාහනයක ඉන්ධන මෙන් ගෙවී යන දෙයකි.

කුශල ශක්තිය මත ලැබෙන සැප, ලාභ, ප්‍රශංසා, කීර්තිය ආදිය කුශල ශක්තිය ගෙවී යනවාත් සමඟම ආපසු පෙරළී දුක, අලාභ, අපකීර්තිය, නින්දා ආදි දේ වලට මුහුණ පෑමට සි≥වේ. මේ නිසා නිතර කුශලය රැස්කළ යුතුවේ.

එසේ බෝධිපූජාව මගින් ලද කුශලය දෙවියන්ට අනුමෝදන් කළ විට දෙවියන්ගේ ආරක්‍ෂාව හා රැකවරණය ද ලැබේ.

ගැබිණි මවට බෝධි පුජා තැබිය යුතු ආකාරය

ගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීම

ගැබිණි මවක් සදහා අපි බෝධි පූජාවක් පවත්වන ආකාරය සාකච්ඡා කරමු.
මෙහිදී අපට දරුවෙක් ලැබිමට පෙර, දරුවා ලැබෙන්න සිටින විට සහ දරුවා ලැබීමෙන් පසු යන අවස්ථා තුනේදිම බෝධි පූජාවක් සිදු කල හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවන් නොමැති කාන්තාවන් සඳහා බෝධි පූජාවක් සිදු කිරීම

  • කායිකව එක් වීමට පෙර දින 3 ක් බෝධි පුජා තැබීමට බෝධිය පිරිසිදු කර පිරිසිදුව නොඉදුල්ව එළකිරි වලින් සාදන ලද කිරිබත් කෑලි 9 ක් බෝධියට පුදා බෝධි පුජාව පවත්විය යුතුය.
  • මෙය පාන්දර 3 -4 අතර කිරීම සුදුසු අතර ධජග්ග පිරිත ද කියා දෙවියන්ට පින් පමුණුවා මෙසේ අයැද සිටිය යුතුය.
  • මෙම බෝධි වෘක්ෂයට අරක්ගෙන මනුසත් කයක් ලැබීමට බලාපොරොත්තුවෙන් යම් දෙවියෙක් හෝ දේවතාවියක් සිටින්නේ නම් එම දේවතාවාට ‍හෝ දේවතාවියට ඉතාම සතුටින් මවක් වීමට කැමති බැවින් මාගේ කුසේ පිළිසිද ගන්නා මෙන් පින් දිමෙන් යුතුව ආරාධනා කරන්නෙමි යනුවෙන් ශබ්ද නගා බෝධිය දෙසට නෙත් යොමා 7 වරක් කියන්න.
  • මෙසේ එක දිගට දින 3 කල යුතු අතර සැමියාද පෙර පරිදි පියකු වන බවට ආරාධනා කරන්නේ නම් ඉතා යහපත් ප්‍රතිළුල අත්වන බව දක්වා ඇත. ඉන්පසු ඒ ආරාධනාව සිහි කර කායිකව එක් විය යුතුය.
  • නිතරම මට දරුවෙකු ලැබෙනවායි ධනාත්මකව සිතන්න. දරුවෙකුගේ රූපය සිත තුල මවා ගන්න.
  • දරුවෙකු සමඟ ගත කරන ආකාරය සිතින් මවාගන්න. දිගින් දිගටම එසේ සිතද්දී ඔබේ අහිංසක පැතුම තිසරණ සරණින් ඉටු වන්නේමය.

ගැබිණි මවට බෝධි පුජා: අපි දැන් බලමු නිවරදිව බෝධි පූජාවක් සිදු කරන්නේ කොහොමද කියලා.

ගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීම
බෝධි පූජාවකදි මුලින්ම කළ යුතු වන්නේ තමන් ඊට සුදුසු පරිදි සූදානම් වීමය. ඇඳුම විශේෂය.

බෝධිය අභියසට යා යුත්තේ ඊට ගැලපෙන ඇඳුමෙනි.

වසාගත යුතු තැන් පෙනෙන සේ අඩනිරුවත් ඇඳුමක් ද, නිල් කලු වර්ණ වලින්ද සැරසීම පාවහන් හිස් වැසුම් පැළඳීම නොකළ යුතුවේ.

ගැබිණි මව ශරිරය පිරිසිදු කරගෙන සුදුවතින් චාම්ව සැරසීම වඩාත් සුදුසු වේ.

මීළඟට තමන් පූජා කරන දේ කුමක් වුවද ඒවා ඉතා පිරිසිදුව, ධාර්මිකවත් සපයාගත යුතු වේ.
දහඩිය මහන්සියෙන් සපයා තමන් විසින්ම සකසාගත් පූජා භාණ්ඩ සෑම පූජාවකටමත්, දානයකටත් සුදුසු වේ.

බෝධි පූජාව සඳහා පහත සදහන් දෑ අවශ්‍ය වේ.

මල්, පහන්, සුවඳ දුම්, චතු මධුර,ගිලන්පස, ඖෂධ වර්ග,අෂ්ට පාන, ඔසු පැන්.

● මුලින්ම ඉතාම පිරිසිදුව බෝධි රාජයාණන්වහන්සේ අසලට ගොස්, ප්‍රථමයෙන් ඉදල ගෙන, බෝධි රාජයාණන්වහන්සේ වැඩ සිටින පරිසරය හොදින් පිරිසිදු කරන්න.
මේ කටයුත්තට අඩුම තරමේ පැය භාගයක්වත් යොදාගන්න. හදිස්සියෙන් කරන්න එපා.

ඉන්පසු, තමන් රැගෙන ආ නිල්මල් නානා විධ මල් මාලයක් මෙන් සකසා බෝධින්වහන්සේගේ ශාඛාවන් අතර රැදවීමට කටයුතු කරන්න.

● එසේම සමහරුන් අධි ශ්‍රද්ධාව නිසා, බෝධින්වහන්සේ එලකිරෙන් දෝවනය කරයි.

එය සුදුසු ක්‍රියාවක් නොවෙයි. මන්ද කිරි වලින් ඇති කරන්නාවු බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජිවින් හේතුවෙන් බෝධි රාජයාණන්වහන්සේගෙ චර්මයට සහ මූලයන් වලට යම්කිසි හානියක් සිදුවිමට හේතුවන බැවිනි.

● පිරිසිදුව පෙරාගත් පැන් කල, රැගෙන දක්ෂිණාවර්ථව බුදුගුණ සජ්ජායනා කරමින් සිතින් බෝධි රාජයාණන්වහන්සේගේ ගුණ සිහි කරමින්(එදා මාර දිව්‍ය පුත්‍රයා ගිරි මේඛලා නැමති හස්ති රාජයාගේ පිට නැගී බුදුරජාණන්වහන්සේගෙ අභිමුවට පැමිණ කල තර්ජනය ගණනකටවත් නොගෙන සම්බුද්ධත්වය අවබෝධ කරගත් බලමහිමයෙදි අප බුදුරජාණන්වහන්සේට ශක්තියක් වුනු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! ) යන්න සිත්හි දරාගෙන එම පැන් වලින් ශ්‍රද්ධාවෙන් යුතුව බෝධින් වහන්සේ ධෝවනය කරන්න.

● ඉන්පසු ගෙන ආ මල් පහන් පූජා කරන්න.

ඊලගට බෝධින්වහන්සේට තරමක් දුරින් හදුන්කූරු සහ පහන් දල්වන්න. මෙම බෝධින්වහන්සේගේ පූජාව උදෙසා චතු මධුර, ඔසු පැන්, ඖෂධ,ගිලන් පස,අෂ්ට පාන පූජා කරන්න.

● ඉන්පසු ත්‍රිවිධ රත්නය නැමදීම කොට, බෝධි පූජාව පවත්වන අවස්ථාවෙදි බෝධින්වහන්සේගේ 4 කොනේ, සතර වරම් දෙවියන් වෙනුවෙන් පහන් 4ක් දල්වන්න. උන්වහන්සේලාට පින් අනුමෝදන් කර බෝධි පූජාවේ වැඩ කටයුතු ආරම්භ කරන්න.

මෙහිදී අපට ජය ශ්‍රී මහා බෝ සමිදුන් උදෙසා බෝධි පූජාවක් තැබිය හැකිය.

ජය ශ්‍රී මහා බෝ සමිදුන් තුන් වරක් දක්ෂිණාවර්තව පැදකුණු කර මල්, පහන්, සුවද දුම්, ආලෝක, ගිලන්පස පුජා කර තෙරුවන් වන්දනා කල යුතුයි.

ඉන් පසු බෝධි වන්දනා ගාථා වලින් වන්දනා කල හැකිය.
බෝධි පූජාවේ දී නොදන්නා ගාථා රාශියක් කීම අත්‍යවශ්‍ය නොවන නමුත් අර්ථය දැනගෙන ගාථා කීම ප්‍රතිඵලදායක වේ.

පහත සඳහන් වන්නේ ඊට සුදුසු ගාථා දෙකකි.
යස්ස මූලේ නිසීදි ත්වා – සන්තාහං ලෝකනායකෝ
විමුක්ති සුඛ සංවේදි – වන්දේ තං බෝධි මුත්තමං

ලෝක නායක වූ තථාගතයන් වහන්සේ යම් බෝධියක් මුල වැඩ සිට සතියක් මුල්ලේ විමුක්ති සුවය වින්දේ ද ඒ උත්තම බෝධීන්වහන්සේට වඳිමි.

මහාදයෝ මහාසත්තෝ – බෝධි මූලේ නිසීදිය
පංචමාරෙදි පරාජෙත්වා – පත්තෝ සම්බෝධි මුත්තමං
ඒතේන සච්චේන – සොත්ථි මේ හෝති සබ්බ දා

පූජාව අවසානයේ දෙවියන්ට පින් දීම අවශ්‍ය වේ.
මේ ආකාරයට නිවරදිව බෝධි පුජාවක් පැවැත්වීමෙන් ගැබිණි මවට මහත් ඵල මහත් ආනිශංස ලැබේ.

  • ගැබිණිය සහ ගැබේ සිටින දරැවා ඉතාමත් නිරෝගීතාවයට පත් වෙයි.
  • ගැබිණියගේ මානසික ඒකාග්‍රතාවයට ඉතාමත් වැදගත් වෙයි.

ගැබිණි මවට දරුවා ලැබීමෙන් පසුවද අපිට බෝධි පූජා පැවැත්වීම සිදු කල හැකිය.

බෝධි පූජාව මගින් අවට ලෝකයේ සියල්ල සමග අන්තර් වීමක් සිද්ධ වෙනවා.

ගැබිණි මවට බෝධි පුජා ගැන වු  වෛද්‍යතුමන්ගේ මේ ලිපිය ඔබට වැදගත් වේවි යැයි අප සිතනවා.

ගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීම

ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන
BAMS ( University of Kelaniya )
Dip in Yoga and Relaxation (kelaniya)

ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව

අංක 67/68,

5 වන මාවත පොදු වෙළඳ සංකීර්ණය

අම්පාර

දු. ක. අංකය - 0719853514

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීම
බෙදාගන්න :
  • දස මාසයක් වු අපූරු චාරිකාව: හත්වන මාසය

    දස මාසයක් වු අපූරු චාරිකාව: හත්වන මාසය

  • කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

    කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

  • දස මාසයක් වු අපූරු චාරිකාව: හත්වන මාසය

    දස මාසයක් වු අපූරු චාරිකාව: හත්වන මාසය

  • කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

    කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it