theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සාමාන්‍ය දරු ප්‍රසුතිය සිදුවෙන විට ඔබේ සිරුර හැසිරෙන්නේ මෙහෙමයි

5 අවම කියවීම
සාමාන්‍ය දරු ප්‍රසුතිය සිදුවෙන විට ඔබේ සිරුර හැසිරෙන්නේ මෙහෙමයිසාමාන්‍ය දරු ප්‍රසුතිය සිදුවෙන විට ඔබේ සිරුර හැසිරෙන්නේ මෙහෙමයි

ඔබේ දරුවා මෙලොවට බිහි කිරීමට ඔබේ සිරුර වෙනස් වන්නේ මෙහෙමයි

දරු ප්‍රසුතිය යනු බොහොමයක් කාන්තාවන් මුහුණ දෙන අභියෝගාත්මක සංසිද්ධියකි. දරු ප්‍රසූතියේදී ශරීරය වෙනස් වීම එයට හේතුවයි.

නමුත් කාන්තා සිරුර ඒ සදහා උපතේ පටන් සකස් වී ඇති අතර දැරියක් බිහිවීමේ සිට මල්වරවීම දක්වා ඇයව ක්‍රමයෙන් ඒ සදහා සුදානම් කරනු ලබනවා.

ගැහැණු දරුවෙකුගේ් ඩිම්බ කෝෂ වල ඩිම්බ සකස් වන්නේ ඇය මව් කුස තුල සිටියදීමයි.

පසුව ඇය ක්‍රමයෙන් වැඩිවිය පැමිණිමත් සමග ඩිම්බ මෝරා මාසිකව පිට කරනුයේ පිළිසිද ගැනීමක් බලාපොරොත්තුවෙනි.

මේ ඩිම්බයකට ශුක්‍රාණුවක් මුණ ගැසුන විට එය සංචේනය වී අලුත් ජිවය ආරම්භය සනිටුහන් කරනු ලබනවා.

ඉතින් දරු උපතකට පෙර , දරු උපත අතරතුර හා දරු උපතට පසු  කාන්තාවකගේ සිරුරේ ශ්‍රෝණිය, හෝමෝන, ප්‍රබල මාංශ පේශි සහ තවත් බොහෝ දේ විවිධ වෙනස් කම් වලට මුහුණ දෙනු ලබනවා.

අපි අද ඔබේ සිරුර දරු ප්‍රසුතිය තුල වෙනස් වෙන ආකාරය දැනුවත් වෙමු.

දරු ප්‍රසූතියේදී ශරීරය වෙනස් වීම: දරු ප්‍රසුතිය සදහා සිරුර සුදානම් වීම

සාමාන්‍ය දරු උපත

1. බ්‍රැක්ස්ටන් හික්ස් සංකෝචන

  • සැබෑ ප්‍රසුතියට දින හෝ සති කිහිපයකට පෙර ඔබ සංකෝචන කිහිපයක් අත්විදින්න පුළුවන්.
  • මේවා බ්‍රැක්ස්ටන් හික්ස් සංකෝචන ලෙස හැදින්වෙනවා.
  • මෙහිදි ඔබේ ගර්භාෂය තද වීම්  හා ලිහිල්වීම් ඇතිවෙන අතර සාමාන්‍යයෙන් මේවා හානිකර නැහැ.
  • මේ මගින් ඔබේ ගර්භාෂය හා ගැබ්ගෙල දරු ප්‍රසූතියට සූදානම් වීමක් වෙනවා.
  • ඔබේ ප්‍රසුතිය වීමට නියමිත දිනය ලං වෙන විට  මෙම  බ්‍රැක්ස්ටන් හික්ස් හැකිලීම් වඩාත් විධිමත් වෙනවා. 
  • නමුත් ප්‍රසව සංකෝචන මෙන් ඒවා ගැබ්ගෙලෙහි හැඩය වෙනස් කරන්නේ නැහැ. එය ව්‍යාජ ප්‍රසුතිය ලෙසද හදුන්වනු ලබනවා.
  • ඔබේ වෛද්‍යවරයාට හෝ මිඩ් වයිෆ් මිස්ට ඔබේ යෝනී පරීක්ෂණයක් (පිවී කිරීමෙන්)ගැබ්ගෙල නිරීක්ෂණය කර මෙය බ්‍රැක්ස්ටන් හික්ස් සංකෝචනයද නැතිනම් සැබෑ ප්‍රසුතියද යන්න හදුනාගන්න පුළුවන්.

2. ගැබ්ගෙලෙහි ඇතිවෙන වෙනස්කම්

  • දරුවාට යෝනි මාර්ගයට ඇතුළු වීමට ඉඩ සැලසීමට පුළුල් වීම සදහා  දරු ප්‍රසූතිය ළං වන විට, ඔබේ ගැබ් ගෙල මෘදු වී සිහින් වෙනවා.
  • මෙහිද සමහර විට රෝස පාට ස්‍රාවයක් ඔබේ යෝනී මාර්ගයෙන් පිටවෙන්න පුළුවන්.

3. ඇතුල්වීම

සාමාන්‍ය දරු ප්‍රසුතිය සිදුවෙන විට ඔබේ සිරුර හැසිරෙන්නේ මෙහෙමයි

  • ප්‍රසුතිය සදහා  දරුවාගේ හිස ඔබේ ශ්‍රෝණිය  පහළට ගමන් කරනු ලබනවා.
  • මෙහිදි කාන්තාවන්ට ආශ්වාසය පහසුවෙන අතර එය සැහැල්ලු වීම නමින්ද හැදින්වෙනවා.

4. වතුර බෑගය බිදි යාම

  • සමහර කාන්තාවන්ගේ දරු ප්‍රසූතියට පෙර මෙම වතුර බෑගය බිදි යන අතර  සංකෝචනය ආරම්භ වීම සමගම එහි ඇති ඇම්නියොටික් තරලය  යෝනි මාර්ගයෙන් පිටවීමට පටන් ගන්නවා.
  • එම තරලය සාමාන්‍යයෙන් ලා කහ පැහැයක් ගන්නා අතර  එය කොළ හෝ රතු පැහැයක් ගනී නම් වහාම වෛද්‍යවරයාට දන්වන්න. 
  • එය දරුවා අනතුරුදායක තත්වයක ඉන්න බවට සලකුණක් වෙන්න පුළුවන්.
  • ඔබේ වතුර බෑගය බිදි පැය 24 ක් ඇතුලත් සංකෝචන ආරම්භ නොවු වුයේ නම් ඔබට කෘතිම ප්‍රසුතිය සදහා උත්තේජය කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්.
  • මෙහිදි වෛද්‍යවරයා විසින් අදාල තත්වය ගැන ඔබව දැනුවත් කරනු ලබනවා.

ප්‍රසුතිය ආරම්භ වි ඇති බවට ඔබ දැනගන්නේ මෙහෙමයි

ගබ්සාවීමට ‌හේතු

සාමාන්‍යයෙන් ප්‍රසුතිය ආරම්භ වු විට ඔබට පහත ලක්ෂණ පෙන්වන්න පුළුවන්.

  • ඔබට මහන්සියක් ඇතිවීම
  • කොන්දේ වේදනාවක් හෝ ඔසප් වේදනාව වැනි වේදනාවක් හෝ 
  • පාචනය වැනි උදරාබාධ

සංකෝචන සමග ප්‍රසුතිය ආරම්භ වීමත් සමග ඔබේ ගැබ් ගෙල විවෘතවීම ආරම්භ වෙනවා.

ඔබ ඔබේ මිඩ් වයිෆ් මිස්ට මේ ගැන දැනුම් දී වහාම ප්‍රසුතිය සදහා පහසුකම් ඇති ලගම රෝහල වෙත යන්න.

දරු ප්‍රසූතිය සඳහා ඔබේ ශ්‍රෝණිය නිර්මාණය වී ඇති ආකාරය

ඔබේ ශ්‍රෝණිය ඔබේ උකුල් ඇටකටු අතර පිහිටා තියෙනවා.

කාන්තාවන්ට සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා පුළුල්, පැතලි ශ්‍රෝණියක් හා  ශ්‍රෝණි කුහරයක් පිහිටා තියෙනවා. ඒ දරු උපතේදී දරුවාට ගමන් කිරීම සදහායි.

කාන්තාවකගේ ශ්‍රෝණිය තුළ ට ගර්භාෂය, ගැබ්ගෙල සහ යාේනි මාර්ගය යන අවයව  මාංශ පේශි සමූහයක් විසින් එකට තබා ගෙන සිටිනවා.

දරුවා බිහිවීමේදි ඔබේ ගර්භාෂයට ඉහලින් ඇති  මාංශ පේශි දරුවා පහළට තල්ලු කරනු ලබනවා.

ඔබේ දරුවාගේ හිස ඔබේ ගැබ්ගෙල මත තදවීමත් සමග එය  ඔක්සිටොසින් හෝමෝනය මුදා හරිනු ලබනවා.

එහිදි සංකෝචන ඇති වී හැකිලීම් ඔබේ ගැබ් ගෙල පුළුල් වී ඔබේ දරුවාට එය හරහා යාමට ඉඩ සලසනවා

ඔබේ ශ්‍රෝණිය තුළ අස්ථි හා බැදීම්  දරුවාට යෝනි මාර්ගයට ගමන් කිරීම පහසු කරනවා.

දරුවාගේ හිස් කබලේ රන්ධ්‍ර නමින් හදුවන්වන පරතර  ඇති අතර  ඒවා ලංවී දරුවාගේ හිසට පටු යෝනී මාර්ගය හරහා ගමන් කිරීමට සහය ලබා දෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මෙම රන්ධ්‍ර උපතින් පසු පළමු අවුරුදු කිහිපය තුල හා වෙන අතර ඔබ එය උපතින් පසු තෙල් වල නමින්ද හදුන්වයි.

දරු උපත සදහා හෝමෝන වල ක්‍රියාකාරිත්වය

දරු ප්‍රසූතියට පෙර, පසුව  ඔබේ ශරීරයේ වෙනස්කම් ඇති කරන හෝමෝන ඔබේ ශරීරය මගින්  නිපදවනු ලබනවා.

  • ප්‍රොස්ටැග්ලැන්ඩින්  (prostaglandin ) 

ගැබ්ගෙල විවෘත කිරීමට සහ ඔබේ ශරීරය තවත් වැදගත් හෝමෝනයක් වන ඔක්සිටොසින් වලට වඩාත් පිළිගැනීමට ඔබේ සිරුර  සකස් කරයි.

  • ඔක්සිටොසින්

දරු ප්‍රසූතියේදී හා  දරුවා ඉපදුණු පසු වැදෑමහ පිට කිරීමට අවශ්‍ය සංකෝචන ඇති කරයි. මව්කිරි එරීම උත්තේජනය කරයි.

  • රිලැක්සින් 

මේ මගින් උපත් සඳහා ගැබ්ගෙල මෘදු කිරීමට හා දිගු කිරීමට උපකාරී කරයි.

ඔබේ වතුර බෑගය බිදි යාමට ඔබේ ශ්‍රෝණියෙහි ඇති අස්ථි කොටස් ඈත් කර දරුවාට ඇතුළුවීමට ඉඩ සලසයි.

  • බීටා-එන්ඩොර්ෆින් 

දරු ප්‍රසූතියේදී මෙම වර්ගයේ එන්ඩොර්ෆින් වේදනාව අඩු කරයි.

දරු උපතින් පසු සමහර කාන්තාවන් සදහා හෝමෝන අසමතුලිත වී පසු ප්‍රසව විෂාදිය නම් තත්වය ඇතිවෙනවා.

ඔබටත් එවන් ආතති තත්වයක් ඇති නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙන්න.

දරු උපතින් පසු ඔබේ වෛද්‍යවරයා හා මිඩ් වයිෆ් මිස් පවා ඔබේ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනු ඇත.

ක්‍රමාණුකූලව නොවන දරු උපත්

සමහර විට, දරු ප්‍රසූතියට පෙර හෝ පසුව සංකූලතා ඇතිවෙන්න පුළුවන්.

එවිට අපි ඉහත විස්තර කරන ලද පියවරයන් ඒ විදියෙන් සිදු නොවීමේ ගැටළු මතු වෙන්න පුළුවන්.

සමහර දරු උපත් වල සංකෝචන ඇති කිරීමට ප්‍රේරණයක් අවශ්‍ය වෙනවා.

සමහර විට දරුවාගේ හිස යෝනී මාර්ගයේ සිර වු විට වැකුම් කර දරුවා එලියට ගනු ලබනවා.

ඔබට සාමාන්‍ය දරු ප්‍රසූතියේදී ශරීරය හැසිරෙන ආකාරය ගැන යම් අදහසක් ඇතිවෙන්න ඇති බව අප සිතනවා.

මුලාශ්‍ර -  www.pregnancybirthbaby.org.au

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • සාමාන්‍ය දරු ප්‍රසුතිය සිදුවෙන විට ඔබේ සිරුර හැසිරෙන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

    දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

  • ප්‍රසුතිය පහසුවෙන් හා ඉක්මනින් කර ගන්න රහස් ඉඟි 9ක්

    ප්‍රසුතිය පහසුවෙන් හා ඉක්මනින් කර ගන්න රහස් ඉඟි 9ක්

  • දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

    දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

  • ප්‍රසුතිය පහසුවෙන් හා ඉක්මනින් කර ගන්න රහස් ඉඟි 9ක්

    ප්‍රසුතිය පහසුවෙන් හා ඉක්මනින් කර ගන්න රහස් ඉඟි 9ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it