හොටු ලාටු වලින් බබාගේ ප්‍රතිශක්තිය වැඩෙනවාලු

හොටු ලාටු වලින් බබාගේ ප්‍රතිශක්තිය වැඩෙනවාලු

කුඩා දරුවන් නාසය සෑරීම, හොටු කෑලි කෑම අප්‍රසන්නයි නේද? ඒ උනත් එය දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරන්නට සමත් කිව්වොත් ඇත්තටම මොකද හිතන්නේ?

ළමයින්ට තියන සමහර පුරුදු, ළමයි සමහර විට කරන දේවල් ඉතා පිළිකුල් සහගත විය හැකිය.

නමුත් ඔවුන්ගේ පිළිකුල් සහගත පුරුදු වලින් එකක් හරි  ඔවුන්ගේ සෞඛ්‍යයට යහපත් විය හැකි බව කවුද දැන සිටියේ? විශේෂයෙන්ම මේ නහය හාරා හොටු කෑලි කෑම වගේ දෙයක්. එයින් දරුවාගේ ප්‍රතිශක්තිය වැඩෙනවාලු.

කියද්දිත් අප්පිරියාවක් එන එක ස්වාභාවිකයි.

ඔව් ඇත්ත. එය පිළිකුල් වුවත් තවදුරටත් කියනවා නම් එය ඔබේ දරුවාගේ සෞඛ්‍යයට නම් ඉතාම හොඳයි.

හාවඩ් විශ්ව විද්‍යාලය සහ සස්කැච්වන් විශ්ව විද්‍යාලය ඇතුළු බොහෝ විශ්ව විද්‍යාල පවසන්නේ ඔබේ දරුවන්ගේ නාසය හාරන එක හෝ ඒවා කෑමට ගැනීම නතර නොකළ යුතු බවයි.

දරුවාගේ ප්‍රතිශක්තිය

 

හොටු කෑම දරුවාගේ  ප්‍රතිශක්තිය වැඩි කරන්න හොඳයි  කියන්නේ කොහොමද?

ඔබේ දරුවාගේ සෞඛ්‍යයට මේ නාසය සෑරීම සහ හොටු කෑලි කෑම හොටු කෑලි කෑම හොඳය යන න්‍යාය පැමිණෙන්නේ සනීපාරක්ෂක කල්පිතයෙන්ය. එයින් කියැවෙන්නේ දරුවන් පිරිසිදුව සිටිනවා නම් එය මේ වගෙයි.

පිරිසිදු දරුවෝ බැක්ටීරියා වලට නිරාවරණය නොවීම නිසා වැඩි අසාත්මිකතා ඇති බව පිළිබිඹු වෙනවා. එම නිසා රෝගී වීමට වැඩි නැඹුරුවක් ඇති බවත්ය.

මෙම කල්පිතයට ලොව පුරා අධ්‍යයන ගණනාවකින් සහය ලැබී ඇත. ළමයින්ගේ නාසයෙන් හූරා ගන්නා පිළිකුල් සහගත දේවල් විශේෂයෙන්ම හොටු කෑලි සත්‍ය වශයෙන්ම ඔවුන්ව නිරෝගීව තබා ගනී යන න්‍යායට සහාය වේ.

මොකද මේ නිසා දරුවාගේ ප්‍රතිශක්තිය වැඩෙනවා.

කැනඩාවේ සස්කැච්වන් විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්කොට් නැපර් මෙසේ අදහස් දක්වයි.

ඔබේ නාසය හාරන්නට ඕනි උනොත් එය කරන්න. එයින් එන ඝන කොටස්, ඒ කියන්නේ හොටු කෑලි කන්නට හිතුනොත් කන්න.

ස්වභාව ධර්මයට අනුකූලයි. ඒ වගේම එය සාමාන්‍ය දෙයක්. එයින් නිරෝගී වෙන්නත් පුලුවන්. නොමිලයේම ලැබෙන ප්‍රතිශක්තියක් තමයි ඒක අපිට අප්‍රසන්න උනාට.

හොටු ලාටු වලින් බබාගේ ප්‍රතිශක්තිය වැඩෙනවාලු

හොටු කෑලි වල මොනවාද තියෙන්නේ?

මොකද පරිසරයේ තියන විෂබීජ ශරීරයට ගිහින් ඒ එලියට එන හොටු කෑලි වලත් ඒ විෂබීජම තියෙනවා.

තමන්ගේ ඇඟෙන් නිපදෙන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වෙන හොඳම දේ තමයි ලෙඩ රෝග අඩු වෙනඑක.

ඕස්ට්‍රේලියානු පෙනහළු විශේෂඥ මහාචාර්ය ෆ්‍රෙඩ්රික් බිස්චින්ගර් තවදුරටත් මෙසේ පවසයි. එය කළ යුතු ස්වාභාවික දෙයකි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ගත් කල, නාසය යනු විශාල බැක්ටීරියා එකතු කරන පෙරණයක් වේ.

තවද මෙම මිශ්‍රණය බඩවැල් තුළට පැමිණි විට එය ඖෂධයක් මෙන් ක්‍රියා කරයි.

ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට වෙනත් ක්‍රම තිබේ.

ඒ කෙසේද කියනවා නම් අපි පවත්වාගෙන යන පවිත්‍රතාවය මත පදනම්ව අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වන අතර, අප නිරාවරණය වන බැක්ටීරියා වල තරමට, ශක්තිමත් ප්‍රතිශක්තියක් අප විසින් ගොඩනඟා ගන්නවා.

එවිට සනීපාරක්ෂක කල්පිතය සැබවින්ම අර්ථවත් කරයි.

සමහර එන්නත් අපිට ලබා දෙන්නේ අඩපණ කරපු බැක්ටීරියා විදියට. ඒකෙන් අපිට ඒ රෝගය සමඟ සටන් කරන්න ප්‍රතිශක්තිය ලැබෙනවා.

ඒ රෝගයට ප්‍රතිරෝධීතාවයක් ස්වභාවයෙන්ම හට ගන්නවා. නාසයේ ඇති ද්‍රව්‍ය කෑමේ න්‍යාය ඇත්ත වශයෙන්ම තවත් සනාථ කර ඇත්නම්, වෛද්‍යවරුන් එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රමයක් ලෙස නිර්දේශ කරනු ඇත.

නමුත්, ඔබට යම් අස්වැසිල්ලක් ලබා ගත හැකිය. මන්ද ප්‍රතිශක්තිය ලබා ගැනීමට තවත් බොහෝ ක්‍රම තිබේ.

ඔබ සහ ඔබේ පවුලේ අයගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දියුණු කරන්නට මෙහෙම කරන්න.

නාසයේ හට ගන්න දේවල් ආහාරයට නොගෙන ඉදුණු පලතුරු හා අලුත් එළවළු ආහාරයට ගන්න. අමු සුදුළූණු ආහාරයට ගන්න.

ජලය විශාල ප්‍රමාණයක් පානය කරන්න. ඒ වගේම ප්‍රමාණවත් නින්දක් සහ විවේකයක් ලබා ගන්න. ඔබව නිරෝගීව තබා ගැනීමට මේ ක්‍රම කිහිපයක් පමණි.

දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කර ඔවුන්ව   තවත් නිරෝගීව තියන්නේ කොහොමද?

මීට අමතරව, ඔබේ දරුවන්ට සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න. පිටත අපිරිසිදුකම ඇත්තෙන්ම ඔවුන්ට හොඳයි.

එය හොඳ ව්‍යායාමයක් සපයනවා පමණක් නොවේ. සොබාදහමට නිරාවරණය වීම සහ පරිසරය හා ගැටී ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වේ.

එමෙන්ම රෝග වලට වඩාත් ප්‍රතිරෝධී වේ.

දරුවාගේ ප්‍රතිශක්තිය

ඊළඟ වතාවේ ඔබේ දරුවා ඔවුන්ගේ නහය හාරා කනවා දකින විට, ඔවුන්ට ඉඩ දුන්නාට කමක් නැහැ.

ඔබ ඉදිරියෙහි එය නොකරන ලෙසත්, ඔවුන්ගේ නාසය සාරා ඒවා ආහාරයට ගැනීමෙන් පසු ටික වේලාවක් ඔබව සිප නොගන්නා ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න!

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Written by

annnirmani

කතන්දර ලිපි