අම්මගේ කිරි වල රසට උණුසුමට හුරු වුන පැටියට කිරි බෝතලය පුරුදු කරන එක ලේසි පහසු කාර්යක් නොවෙයි. නමුත් අම්මලට නිමක් නැති රාජකාරි වගකීම් අතර පැටියා බෝතලේට හුරුවෙන එක පහසුවක් වෙනවා. ඉතින් මේ අපහසුතාවයන් මැද පැටියා බෝතලය ප්‍රතික්ෂේප කරනවා නම් මේ ඉඟි ගැන සිතා බලන්න.
1. මව් කිරි වලට සමානම රසයෙන් කිරි සාදා දෙන්න
හැකියාවක් ඇත්නම් පිටි කිරි වෙනුවට මව් කිරිම භාවිතා කරන්න. ඒ වගේම මව් කිරි නිවැරදි උණුසුමින් දරුවාට ලබාදෙන්න. බෝතලයේ අත්ලේ උණුසුම දෙයාකාර වන නිසා උවමනාවට වඩා සීතල හා රස්නයට දරුවා කැමති නැති බව.
2. තනපුඩු වලට සමාන සූප්පු තෝරා ගන්න
සමහර දෙමාපියන් තනපුඩු වලින් කිරි ශ්‍රාවය වන වෙනසට සමාන ලෙස කිරි නිකුත් වෙන සූප්පු සහිත බෝතල් සොයා යනවා. දරුවා සූප්පුවක් උරණවා නම් ඊට සමාන බෝතලයක් වුවත් සුදුසුයි. ඒ වගේම සූප්පුව මත මව් කිරි ගැල්වීමක් කළ හැකි නමුත් අවුරුද්දට අඩු දරුවන්ට මී පැණි ආලේප කිරීම වැනි දේවල් නම් නොකළ යුතුයි.
3. තරමක් දුරස්ථව සිටින්න
ඔබ බෝතලය දෙනවට වඩා වෙනත් අයෙකු ලවා එය කළ හැකියි. නමුත් ඔබෙන් ලැබෙන කිරි ගැන දරුවා ඉන් ව්‍යාකූල විය හැකියි. ඒ නිසා ඒ කාර්ය මග හැරීම මගින් දරුවා ඉක්මනින් බෝතලයට පුරුදු වෙනවා වගේම කිරි බීමට ඔබේ උණුසුම සෙවීම අඩු වෙනවා. දරුවන්ට අම්මගේ සුවඳ දැනෙන නිසා හැකි තරම් මේ අවස්ථාව මග හැරීම සුදුසුයි.
4. විවිධ වෙනස් කාලයන් තුළ කිරි බෝතලය ලබා දෙන්න
දරුවට බෝතලය හුරු කරන්න බොහෝ විට රාත්‍රී කාලය සුදුසුයි. දරුවා නින්දෙන් අවදිවූ විගසම කිරි ලබාදීමෙන් දරුවා ඊට හුරුවීම පහසු කරනවා.
5. ඊට බලකරන්න එපා
දරුවාට බෝතලයෙන් කිරි බීම ගැන ධනාත්මක ආකල්පයක් නොදිය යුතුයි. දරුවා තුන් වරක් පමණ එය ප්‍රතික්ෂේප කරයි නම් නැවත දරුවාට එය අමතක වන්නට ඉඩ හරින්න. නැතිනම් තනපුඩු වලින් දෙතොල් කිති කවා දෙතොල් තුළට බෝතලයේ සූප්පුව ලබා දෙන්න.
5. ඉවසීම
අලුතෙන්ම ක්‍රමයක් කල්පනා කරන්න පෙර දරුවාට ඊට හුරු වෙන්න යම් කාලයක් ලබාදෙන්න. විවිධ වෙනස් කම් සිදු කිරීම දරුවා ව්‍යාකූල කරන්නට ඉඩ තිබෙන නිසා ඔබේ ඉවසීම වැදගත්.
මව් කිරි වලින් බෝතලයට දරු පැටියා හුරු කරන එක අභියෝගයක්. නමුත් පුරුදු ආදරෙන් මේ ක්‍රමයට දරුවා නම්මවා ගන්න ඔබේ වගකීම් ඉටු කරන්න උත්සාහ කරන්න. මේ පණිවිඩය theAsianparent Sri Lanka වෙතිනුයි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ